රස පලතුරකින් පිළිකා මාරයා දුරලමු
මතක හැටියට මේ සිදුවීම වනවිට මා හිටියේ පාසලේ හයේ හතේ පන්තියේ පමණ . ඒ වාර විභාග කාලය.. එදා අපට තිබුනේ සෞක්‍ය විද්‍යාව සහ ගණිතය. කැලේ පනිමින් දඟ වැඩ ගණනාවකට වැරදිකාරිය වී තිබුන නමුත් වාර විභාගයේ ලකුණු එනතුරු දඬුවම් පරිවාස කාල සීමාවකට යටත් කර නැවත නඩු ඇසීම රිපෝට් පොත බැලීමෙන් පසු සිදුකරන්නට තාත්තාගේ උසාවියෙන් නියම කර විශේෂ සමාවක් යටතේ ගෙවුණු කාලයක්.
අන්තිම මොහොතේ කල පාඩම් වල
වැඩි අවධානය ගණිතයට යෙදුනු නිසා සෞක්‍ය විද්‍යාව මුළුමනින්ම උගන්වද්දී කනට ඇසුණු මතකයට පමණක් සිමා විය..වඩා වැදගත් වන්නේ ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව වැනි විෂයන්ට ලැබෙන ලකුණුය. අත්වැඩ, සෞක්‍ය විද්‍යාව වැනි විෂයන් වලට ලකුණු මදි වීම අම්මා පෙරකදෝරු කමේ යොදවා ජාමේ බේරා ගත හැකි මට්ටමේ ඒවාය.
වමෙන් චිත්‍ර ඇඳ
දකුණෙන් ලිවීමේ අරුම පුදුම සතෙකු වූ මාගේ චිත්‍ර ඇඳීමේ හැකියාව පන්තියේ ළමයෙකු කාටුනයකට හැරවීමෙන් එහා දියුණු වූවේම නැත. මේ නිසා සෞක්‍යය සහ විද්‍යා පාඩම් වලදී අඳින්නට වෙන රූප සටහන් හඳුනා ගැනීමට ගුරුතුමියට වෙනත් ග්‍රහලෝක වල ජිවින්ගේ සහයෝගය ලබා
ගන්නට සිදු වුනු අවස්ථා බොහෝමය.
මේ කියන දවසේ මාගේ පුරුවේ කරුමයක් පලදී ඇමිබා, බැක්ටීරියා සහ වයිරස වල රුප සටහන් ඇඳ ඔවුන් අතර ඇති වෙනස් කම් සන්සන්සදනය කිරීමට ප්‍රශ්න පත්‍රයේ අසා තිබුණි.
ඔලුවෙන් හිටගෙන මතක් කෙරුවත් බැක්ටීරියාව සහ ඇමිබාව අඳින හැටි හිතට නම් එන්නේ නැත..අරුමයක මහත.. හිටි හැටියේම මගේ හිතට වයිරසයේ හැඩය මතක් විය. ඒ අන් කිසිවක් නිසා නොව පෙරදින ගෙවත්තේ ඉදි රස බැලු කටු ආත්තා ගෙඩියට පින්සිදු වන්නටය.
එදා සිට අද දක්වා වයිරස ගැන කතා කරන හැම මොහොතකම මට මතක් වෙන්නේ කටු අනෝදා ගෙඩියකි. අමිහිරි ප්‍රතිපල ගෙනෙන වයිරසය මිහිරි රසැති සුව ගෙනෙන අනෝදා ගෙඩියේ හැඩය ගැනීම එක්තරා ඛේධවාචකයක් යයි මට සිතුනු වාර ගණන අනන්තය.
මේ ලිපියෙන් මා ඔබ වෙත ගෙන එන්නේ අද වන විට පිළිකා නාශකයක් ලෙස ලොව මවිත කර ඇති ඒ සුන්දර පලතුර කටු අනෝදා පිළිබඳවයි.
කටු අනෝදා ගෙඩියේ ඇති පිළිකා නාශක හැකියාව ගැන අන්තර්ජාලයේ, බකවාහිනියේ මෙන්ම පුවත් පත් වලද ලැබී තිබු ආන්දෝලානාත්මක ප්‍රචාරය නිසා පසු ගිය සංචාරයේදී බලන බලන අත කටු අනෝදා දැක ගැනීමට ලැබෙතැයි මම බලා පොරොත්තු වූවෙමි. නමුත් කොළඹ, මාතර, රත්නපුරය,
අනුරාධපුරය, යාපනය, ත්‍රිකුණාමලය වැනි දිගු සංචාර පුරාවට කටු අනෝදා අපට සොයා ගන්නට ලැබුනේ එකම තැනකදී පමණි..
රට විසාලාවක් වන පමණට හැම පවුලකම පිළිකා හෝ දියවැඩියා
මාරයා ගිලගෙන තිබුනද, අවාසනාවට
දිවා රාත්‍රී ෆාමසි සහ රෝහල් පෝලිමේ ප්‍රතිකාර යදින්නන් මිස රෝගය වලක්වා ගැනීමට රාජ්‍ය මට්ටමෙන් හෝ පෞද්ගලිකව කිසිවෙකු වෑයමක් දරන බවට සේයාවක් වත් දකින්නට නැත.
මේ පිළිබඳව වැඩිහිටියෙකු සමඟ මා කල කතා බහකට ලද පිළිතුරක් මේ..
''එයාට අපි කටු අනෝදාත් ගෙනිච්චා මහරගමට..කෝ වැඩක් නැහැ..ඕවා හරියන දේවල් නොවේ..''
පිළිකාවක් ශරීරය පුරා පැතිරී, ඒ වෙනුවෙන් බටහිර විකිරණ සහ කිමෝ ප්‍රතිකාර වල අතුරු ආබාධ වලින් මරණ මංචකයේ සිටින කෙනෙකුට ''කටු අනෝදා’’ යුෂ වලින් පන පොවන්නට නොහැක..එය කල හැක්කේ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාට පමණි.
නමුත් නිතර ආහාරයට ගැනීමෙන් සිරුරු තුල පිළිකා
ශයිල වැඩිම වලක්වා අනාගත පරපුර නිරෝගී කිරීමේ හැකියාව කටු අනෝදා තුල ඇත. අවාසනාවට අපේ අය සර්පයා අල්ලාගෙන ඇත්තේ වැරදි පැත්තෙනි.
දියුණු වෙමින් පවතින අපේ රට වැනි වැසි වනාන්තර සහ ජෛව විවිධත්වය
සහිත ඝර්ම කලාපිය රටවල ශාක ඇසුරින් රෝග සුව
කිරීමේ ඇති හැකියාව ගැන ඉව අල්ලමින් සිටින බටහිර ලෝකය, ඇස ගැටෙන සියලු ශාක පර්යේෂණ වලට
ලක් කරමින් ඒවායේ ඇති ඖෂධිය ගුණ සොයා යමින් සිටි.
ඔවුන්ගේ ඉව කටු අනෝදා ශාකය
වෙත හැරුනේ කටු අනෝදා නිතර ආහාරයට භාවිතා කරන මෙක්සිකෝවේ ඇතැම් පලාත්වල පිළිකා අඩු බව ඉව වැටීමෙන් පසුයි.
ශාකයේ විවිධ කොටස් නිස්සරණය
කිරීමෙන් අධි සංයුතියකින්
acetogenins, quinolones යන ස්වභාවික
පිළිකා ශයිල නාශක, ප්‍රතිඔක්සිකාරක වාගේම
alkaloids සොයා ගන්නට ඔවුන් සමත් වී තිබෙනවා. පිළිකා වැලැක්වීම පමණක් නොව පැතිරී යාමට පෙර මුල් කාලයේ
පිළිකා සුව කිරීමේ හැකියාවක්ද කටු අනෝදා වලට ඇති බව තමා ඔවුන් පවසන්නේ.
මේ පිලිබඳ සොයා යාමේදී හමුවූ ඇතැම් තොරතුරු වලට අනුව මැක්සිකොවේ පිළිකා රෝගය සඳහා කටු අනෝදා
ආශ්‍රිතව නිපදවා ඇති එක්තරා ඖෂධයක් ඖෂධ මාෆියාව නිසා වෙළඳ පොලට එක්
කිරීමට බලධාරීන් අසමත් වී තිබෙනවා.
ඖෂධ මාෆියාවට අනුබල දෙන ලොව පුරා පිළිකා මර්ධන ව්‍යාපාර (cancer research charities ) සතර අත දිවුරමින් පවසන්නේද කටු අනෝදා වල මොන ආකාරයක වත් පිළිකා මර්ධන හැකියාවක් නැති බවක්.. ඒ පිළිකාව දුරලූ දා වුන්ගේ බඩ ගෝස්තරයට පහර වැදෙන නිසාවෙනි..දී කිරට බළල්ලුත් සාක්කිලු......
ඖෂධ මාෆියාවට අනුබල දෙන ලොව පුරා පිළිකා මර්ධන ව්‍යාපාර (cancer research charities ) සතර අත දිවුරමින් පවසන්නේද කටු අනෝදා වල මොන ආකාරයක වත් පිළිකා මර්ධන හැකියාවක් නැති බවක්.. ඒ පිළිකාව දුරලූ දා වුන්ගේ බඩ ගෝස්තරයට පහර වැදෙන නිසාවෙනි..දී කිරට බළල්ලුත් සාක්කිලු......
පිළිකා මර්ධනයට අමතරව කටු අනෝදා වල ඇති වෙනත් සෞක්යමය ප්රතිලාභ
ලියා නිම කිරීමට බැරි තරම්ය. විටමින් සි අධික කටු අනෝදා සිරුර ධුලකහරනයටත්, ප්‍රතිශක්තිය
වර්ධනය කිරීමටත් සමත්. ලවන අධික නිසා පාචනය, වමනය වැනි
දියර පිටවන අවස්තාවලදී ලවන සමතුලිත තාවය පවත්වා
ගැනීමට (Electrolyte Balance)උදව් වන කටු අනෝදා හදවත් රෝග සහ වෙනත් හේතුන් මත ඇතිවන ඉදිමුම් වලදී ශරීරයෙන් දියර
පිටකර (Diuretic) ඊට ප්‍රති විරුද්ධව ක්‍රියා කරයි.
ආහාර මාර්ගයේ රෝග වලට ඉතා ගුණැති කටු අනෝදා බොහෝ අය පිඩා විඳින ගැස්ට්‍රයිටිස් රෝගයටද
කදිම විසඳුමකි.
මල බද්ධය වළක්වාලීමටත් අන්තර පිරිසිඳු කර ආහාර මාර්ගය පිරිසිඳු කිරීම නිසා වෙනත් ආකාරයකින් අන්තර පිළිකා වලක්විමටද දායක වේ.
මල බද්ධය වළක්වාලීමටත් අන්තර පිරිසිඳු කර ආහාර මාර්ගය පිරිසිඳු කිරීම නිසා වෙනත් ආකාරයකින් අන්තර පිළිකා වලක්විමටද දායක වේ.
වේදනා නාශක ගුණ සහිත කටු අනෝදා පාප්පයක් සාදා තුවාල, වේදනා දෙන අස්ථි සන්ධි වල ආලේපයෙන් වේදනාවන් සමනය කර ගත හැක. ප්‍රති ආසාධන සහ ප්‍රති ජිවකමය ගුණ බහුල කම නිසා නිතර ආහාරයට ගැනීමෙන් බැක්ටීරියා, වෛරස මෙන්ම දිලිර ආසාධන වලින්ද වැළකීමට පුළුවන්.
වකුගඩු සහ මුත්‍රාශයේ ගල් ඉවත් කිරීමට සමත් අපේ දේශීය ආහාර විසල් ගොන්න අතරට එක්වන තවත් සුපිරි යෝධයෙක් ලෙසත් කටු අනෝදා හඳුන් වන්නට පුළුවන්. හේනේ කුඹුරේ තද හිරු රැසේ වැඩ කල අත්ත මුත්තලා අතර මෙවන් ආබාධ සොයා ගැනීම නැති තරම් දුලබ වුයේ ගෙවතු වල යහමින් පැවති නිතර අතුරුපසට එක්වුණු කටු අනෝදා වලට පින්සිදු වන්නට නොවෙන්නට යයි කිව හැක්කේ කාටද?
කටු අනෝදා වල ආහාරයට ගන්නා පලතුරට වඩා ගුණ ඇති බව පැවසෙන්නේ ශාක පත්‍ර, කඳේ පොතු සහ ඇට වලයි. ඇතැම් පර්යේෂණ වාර්තා වලට අනුව දැනට භාවිතා කරන කිමෝ තෙරපි වලට වඩා සිය ගුණයක පමණ පිළිකා නැසීමේ බලයක් කටු අනෝදා පත්‍ර වල තිබෙනවා.
කටු අනෝදා කොළ 10ක් පමණ වතුර දමා හිදෙන්න තම්බා ගන්නා තේ ඔප්පයක ප්‍රමාණයේ සාරය මසකට දෙතුන් වතාවක් පානය කිරීමෙන් පිළිකා ඇතුළු බොහෝ රෝග වලින් වැලකි සිටිය හැකි බව කියවෙනවා.
වේදනාකාරී ගවුට් (Gout ) රෝගය උග්‍ර වනඅවස්ථා වලදී මෙන්ම Rheumatoid Arthritis රෝගයට ඉහත සඳහන් ප්‍රතිකාරය දවසට දෙපාරක් දින කීපයක් භාවිතා කිරීමෙන් රෝග ලක්ෂණ අඩු කර ගැනීමට පුළුවන්. වේදනා නාශක ගුණ කොලයේ බහුලව ඇති නිසා සන්ධි ප්‍රධාහ සහ
නිදන්ගත කොන්දේ වේදනා වලටද මේ ප්‍රතිකාරය භාවිතා කරන්නට පුළුවන්.
හිසකෙස් වලට ගුණැති කටු අනෝදා කොළ ඇල්දියෙන් අඹරා හිසේ ගැල්වීමෙන් උකුණන් සහ හිස්හොරි වඳ කර , අකලට හිසකෙස් ගැලවීම වලක්වා නිරෝගිමත් කෙස් කළඹක් පවත්වා ගන්නටත් පුළුවන්.
අපට වටින්නේ නැතිවාට කටු අනෝදා වල අගය බටහිර ජාතිකයින් හොඳින් වටහාගෙන ඇත. තමන්ගේ වටපිටාවෙන් සොයා ගත නොහැකි මේ ඖෂධය වියලු පත්‍ර , වියලා කුඩු කරන ලද පත්‍ර, පෙති, කරල් වශයෙන් හෝ මදය පාප්පයක් ලෙස සකසා (Frozen Pulp)අධි ශීතකරණ තුල තබා ගෙන පරිහරණයට ගැනීමට අද වෙන විට ඔවුන් පෙළඹිලා.
මේසා ගුණ ඇති කටු අනෝදා අද වන විට අපේ ගෙවතු වලින් අතුරුදහන්වීම කනගාටුවට කරුණකි. පළතුරක් වශයෙන් පමණක් නොව පවස නිවන බිමක් හෝ වෙනත් රසවත් අතුරුපස සඳහා යොදා ගනිමින් ඕනෑම වයසක කෙනෙකුගේ ආහාරයට කටු අනෝදා පහසුවෙන් එකතු කල හැක. එතරම් ඉඩක් නොයන මේ පලතුරු ගස මතු පරපුරේ ඉරණම
වෙනස් කල හැකි විශ්මකර්ම ඖෂධයකි...
කටු අනෝදා රැක ගැනීමේ සටනට එක්වන්න..ඔබත් අදම ගෙවත්තේ කටු අනෝදා පැලයක් සිටුවන්න..
කටු අනෝදා රැක ගැනීමේ සටනට එක්වන්න..ඔබත් අදම ගෙවත්තේ කටු අනෝදා පැලයක් සිටුවන්න..
References:
රේණුකා විමලරත්න :ලන්ඩනයේ සිට
චායාරුප අන්තර්ජාලයෙන්