Tuesday, 6 March 2018

වඳ වීම සහ වඳ කිරීම

                                       


බැලු
බැලු අත වඳ පෙත්ත ගැන පි එච් ඩී මට්ටමේ  ටෝක්ස්ය.  ගෙවල් වලට වෙලා බකන් නිලාගෙන බඩ උලාගෙන හිටි ගෑනු - පිරිමි දෙපක්ෂයම වඳ පෙත්ත ගැන ලොරි ටෝක්ස් දුන්නේ ඔක්ස්ෆර්ඩ් හෝ හාවර්ඩ් විශ්ව විද්යාලයේදී තමන් මහාචාර්ය උපාධියකට වඳ පෙති ගැන රිසර්ච් එකකින් සොයා ගත්  තොරතුරු හෙළි කරන්නා වාගේය. මින් සමහරු වඳ පෙති යයි කියා දෙයක් ඇති බවද, අනෙකුන් එහෙව් පෙති නැති බවටද පර සක්වල ගැසුහ. වඳ පෙති ඇති හෝ නැති බවක් මා නොදන්නා නිසා මින් එක පැත්තකට හෝ සහයෝගය නොදෙන නමුත් ජාතියක් ලෙස අපි වේගයෙන් මේ වනවිටත් වඳ වීගෙන යන බව නම් නොකියා නොහැකිය.

පාරේ යන වහු පැටියෙකුට ගොම බෙට්ටක් ගියත් එයත් රාජපක්ෂගේ හෝ වික්රමසිංහගේ ගොඩට එකතුවන තරමට දේශපාලනීකරණය වූ රටක මොනම මාතෘකාවක් වත් දේශපාලනයෙන් තොරව සාකච්චා කිරීම අපහසුය. යම් මට්ටමකින් දේශපාලනය ගෑවුනේ නම් හේතුව නිසා මිස මෙය දේශපාලන ලිපයක් නොවන බව කරුණාකර සලකන්න..

හැත්තෑව  දශකය අග බාගය වන තුරු සෑම සිංහල පවුලකම අඩුම වශයෙන් දරුවන් හතරක් වත් සිටි අතර බොහෝ පවුල් වල දරුවන් 7-8ක් වත් සිටියා. 70දී බලයට පත්වූ සිරිමා බණ්ඩාරනායක රජයට මෙය වහා විසදුම් යෙදිය යුතු ගැටළුවක් ලෙස පෙනුනේ

අන්තගාමි ආර්ථික ප්‍රතිපත්තියකින් ජනතාව හෙම්බත්  කිරීමෙන් දරුවන්ට කන්න අඳින්න දීම විසාල ගැටළුවක් ලෙස උලුප්පා පෙන්වමින් හොරගොල්ලේ සිංහලයෙකු වීම ලැජ්ජාවක්  වූ මුණුපුරාගේ ආච්චි අම්මා ''පුංචි පවුල රත්තරන්'' සංකල්පය කරලියට ගෙන ආවා. මුල් කාලයේදී මෙය වැඩි දියුණු කර ජනතාව අතරට  ගෙන යාම මන්දගාමි  මට්ටමක පැවතුනත්, 1977දී බලයට පත්වූ අද රට කරවන අගමැතිතුමාගේ ජයවර්ධන මාමා හොඳ ගැම්මකින් වැඩ පිළිවෙල ඉදිරියට අරගෙන ගියා. 77න්  පසු මතු වුන විවෘර්ථ​ ආර්ථිකය සමග වූ සමාජ පෙරලිය මේ වැඩ පිළිවෙල ශක්තිමත් කරන්නට විවිධ  ආකාරයෙන් දායක වූ අයුරු මේ ලිපිය අවසානයේදී ඔබට වැටහේවි.

අවාසනාවට මේ දිරපු ලනුව කාගෙන කාගෙන යන්නට ඉදිරිපත් වුනේ සිංහල අප පමණි. ජේ ආර්ට හෝ සිරිමාවෝට ආගමික වශයෙන් දැඩි නීති රෙගුලාසි ඇති අනෙකුත් මුස්ලිම් ද්‍රවිඩ වැනි  ජාතිකයින්ට මේ ලනුව ගිල්ලන්නට ක්‍රමයක් නොතිබුණි.. වඳ කිරීමේ  සහ වඳ වීමේ කතාවේ මුල් පරිච්චේදය පටන් ගැනුනේ ඔන්න ඔය ආකාරයටය..
යුනිසෙෆ් සංවිධානයට සහ එකල පිටරටින් විවීධ NGO නඩ වලට අපේ පවුල පුංචි කරන්නට තිබූ උනන්දුව පුංචි පහේ එකක් නොවෙයි..පවුල පුංචි කිරීමේ කාර්‍යභාරය ඔවුන්ගේ රාජකාරි මට්ටමට ඇද  දමා සෞක්‍ය අමාත්‍යංශය හරහා පැවරුනේ පවුල් සෞක්‍ය නිලධාරිනින් සහ වින්නඹු සේවිකාවන් වෙතයිකාට හෝ ගෙම්බර් පෙන්වා ලොකු කම ගන්නට බලා සිටි ඇතැම් නිලධාරිනින්ට මෙය කටුස්සා කර  රත්තරන් බැන්දා සේ වූවා යයි කීවාට වරදක් නැත

ගමෙන් ගමට ගොස් වැඩිම පිරිසක් එල් ආර් ටි සැත්කමට කැමති කරවා ගැනීමේ රාජකාරියේ ඔවුන් යෙදී සිටිද්දී රෝහල් වල වින්නඹු සේවිකාවන් හොඳින් හෝ නරකින් දුප්පත් අම්මලා මේ සඳහා කැමති කර ගත්හ.

මේ සම්බන්ධව ඇති මගේ මතකය 1995දී වින්නඹු පුහුණුව ලද හෙද නිලධාරිනියක ලෙස පළමු පත්වීම ලද කළුබෝවිල රෝහලේ 17 වැනි මාතෘ වාට්ටුව හා සම්බන්ධයි.

වන විට එම වාට්ටුවේ වැඩ කල එවකටත් විශ්‍රාම යාමට ආසන්නව සිටි වින්නඹු සේවිකාවන් දෙදෙනෙක් ඔවුන්ගේ ලොකුම සේවය ලෙස සිතා සිටියේ අම්මලා සැත්කමට කැමති කරවා ගැනීමයි. ඉතා නපුරු දරුණු ගති ගුණ තිබු  මේ සේවිකාවන් දෙදෙනා රෝහලේ හෙද වින්නඹු සියලු සේවකයන් බිය ගන්වාගෙන සිටි යක්ෂණියන් වැනි ගැහැනුන් දෙදෙනෙකි.


මේ දෙදෙනාටම ඔවුන්ටම යයි කියා දරුවන් නොසිටි අතර, තමන්ගේ යෝජනාවට අකමැති වන අම්මලාට ප්‍රසුතිය වෙලාවේදී දරුණු ලෙස පහර දීම පවා සිදුවුනි. උස මහත සිරුරකින් හෙබි මින් එක් අයෙකුගෙන් පහරක් කෑ පසු අම්මලා නැවත දරුවන් හදන්නට සිතන්නේ නැත

පළමු පත්වීම ලබා බෙහෙවින් තරුණ අවධියේ සිටි මාත් මා සමඟ සිටි මගේ මිතුරියත් (ඇය දැන් නවසීලන්තයේ රැකියාව කරයි) මේ සම්බන්ධව කල පැමිණිලි එකල කිසිඳු විභාගයකට නොගැනුණි. (මා දන්නා බොහෝ වින්නඹු සේවිකාවන් ඉතාමත් කරුණාවන්ත ආදර බර කාන්තාවන්, මේ ලිපිය ඔවුන් වැනි අය ගැන නොවන බව කරුණාවෙන් සලකන්න) 

වඳ වීම සහ වඳ කිරීම  ප්‍රාදේශීය වශයෙන් එක්  එක් ආයතන සහ පළාත් හරහා ඉදිරියට ගියේ ඕන්න ඔහොමයි.

වැලේ ගෙඩිය වැලට බර නැති අම්මලා සිටින බව වටහා ගත් මේ සංවිධාන වල​ ඊළඟ පියවර  වුයේ පියවරුන් වාසෙක්ටමිය කර වඳ කිරීමයි.මේ වලට වැටුනේද සිංහලුන් මිස විජාතිකයින් නොවන බව නොකියා නොහැක.වාසේක්ටමිය කිරීමෙන් පසුව ඔවුන්ට රුපියල් සියයක් වැනි ගාස්තුවක් මුල් කාලයේදී ගෙවූ බව මට මතකය..(පසුව මෙය රුපියල් 500ක් දක්වා වැඩි කර තිබේ )

කුලිය සොයාගැනීමට නොහැකි වූ කම්කරුවා ගෙදරට පහේ මල්ල ගෙනියන්න වාසෙක්ටමිය කල අවස්ථා මෙන්ම හවසට තැබෑරුමෙන් අඩියක් ගහන්නටද මේ වාසේක්ටමිය කරගත් මූසල පිරිමින් මේ රටේ බිහි වන්නට පටන් ගත්තේ ඔන්න ඔය විධියටය..

එකල වාසේක්ටමි උගුල අටවා තිබු අනෙක් ස්ථාන නම් කොළඹ බෞද්ධ පිරිමි පාසැල් අවටයි. ගැහැණු ලමයා සමඟ චිත්‍රපටියක්  බලන්නට යන්නට වාසේක්ටමිය කරගත් මෝඩ තරුණයන් වාගේම මරදාන පුංචි බොරැල්ල ආසන්නයේ ආරම්භ වූ මත්කුඩු ජාවාරමේ දඩයම් බවට පත්වූ සිංහල බෞද්ධ පුතුන් කුඩු පැකට්ටුවට වාසේක්ටමිය කර ගත් කතාද එකල පුවත් පත්වල නිතර පල වුනි..

නිදහස් වෙළඳ කලාප සඳහා ගමෙන් නගරයට සිංහල ගැමි කාන්තාවන් ඇදෙන්නට වුයේද අසුව දශකය මුලදීය. නගරයට ඇදුනු තරුණ කාන්තාවන් විව්ධාකාර ලිංගික අපයෝජන වලට ලක්වීම, නිතර ගබ්සා කිරීම, ගබ්සා වලදී ඇතිවන අතුරු ආබාධ ලෙස නැවත  පිලි සිඳ ගැනීමට නොහැකි වීම, කාලයක් 'මිතුරි' සමඟ මිතුරු වී මිතුරි නතර කල විට  පිළිසිඳ නොගැනීම/පමාවීම , සමාජ රෝග වලට භාජනය වීම වැනි වෙනත් හේතු  හරහා වඳ වෙන්නට පටන් ගත්තේද අපේම සිංහල ජාතියය.



සෙමෙන් වඳ වෙමින් කාලය ගතවී අසුව දශකය අවසානයට අපි පිය නගමින් සිටියෙමු. 83 කළු ජූලියෙන් ආරම්භ වූ යුද්ධයෙන් අපේ වයසේ තරුණයින්ගේ මල කඳන් දිනපතා නිවෙස් වලට ගෙනෙමින් තිබියදී  ඊට අඩු ලුහුඩු සපයන්නට සහෝදර වරුන්ගේ ලේ වැකුණු 88/89 මහා ව්‍යසනය ආරම්භ  වුයේ දරුවන් සාදන වයසේ සිටි සියලු පිරිමි ළමයින් ටයර් සෑ වල දවාලමින් සහ ගංගා වල පාකර හරිමින්

මා සමඟ පාසල් ගිය ගැහැණු ළමයින්ගෙන් 50%ක් පමණ අදටත් අවිවාහක වුයේ මරා දැමු සැට දහසක් තරුණයන්ගේ අඩුපාඩුව නිසාවෙනි. 30 වසරක යුද්ධය සහ 88/89 භිෂණය  අප ජාතියක් ලෙස වඳ වීමේ වේගය 200%කින් පමණ වැඩි කර ලෝකයේ වේගයෙන් වඳ වී යන ජාතින් අතරට ඇතුලත් කළේය.

උසස් අධ්‍යාපනය සඳහා දරුවන් සෑදීම කල් දැමීම තවත් සමාජ මට්ටමක වඳ බවට හේතුවක් වී තියෙනවා. විශේෂයෙන්ම 88/89 ව්‍යසනයෙන් පසු විශ්ව විද්‍යාලයට යාම වසර 4-5පමා වූ ගැහැණු දරුවන් විශ්ව විද්‍යාලය අධ්‍යාපනය නිමා කරන විට වසර 30කට පමණ ආසන්න වුනා. ඔවුන් රැකියා අවස්ථා සකසා විවාහ වන විට දරුවන් සැදීමේ සරු වයස පහු වෙලා.අපේ  සහෝදර පක්ෂය සමාජයේ තවත් කොටසක් වඳ බාවයට පත් කිරීමේ සම්මානය හිමි කර ගන්නේ අන්න විධියට.


අපි මොඩ් වී මෝඩ වී අපේ ආහාර කොත්තුකරණය වුයේද මේ කාලයේමය. චීනයට වඩා චීන අවන්හල් ලංකාවේ විදි වල බිහි වුනේ 90 දසකය ආරම්භයේදීය. තුන් වේලට එළවලු මාළු සමඟ බත් කෑ අපේ මිනිසුන් තුන්වේලට ලෝබ නැතිව යහමින් අජිනෝ මොටෝ දමා කොත්තු හෝ ෆ්‍රයිඩ් රයිස් කන්නට පටන් ගත්තේය. පාර  අයිනේ කඩල ගොට්ටටත්, වඩයටත්, ගෙදර හදන පොල් සම්බෝලයටත් ඉවක් බවක් නැතිව අජීනොමොටෝ දැමුණි

අජීනොමොටෝ නොහොත් MSG ලුණු සිරුරේ හෝමෝන වල විවිධ  බලපෑම් කිරීමට සමත් රසායනයක් වන අතර ලිංගික හෝමෝන අවුල් කර දරුපල ඇතිවීමේ වෙනස් කම් කිරීමට සමත් රස කාරකයක්.




මෝඩ තර්ක ගෙන එන යමෙක් දැන් අපි විතරද මේවා කන්නේ යයි අසන්නට පුළුවන.. ඇත්තත් එයමය..ඉස්ලාම් භක්තිකයින් හලාල් ආහාර පමණක් ගන්නා නිසා ඔවුන් චීන අවන්හල් වලින් ආහාර  නොගන්නා  අතර ඔවුන්ගේ ආහාර බොහෝවිට ඔවුන් නිවසේදීම සකසා ගන්නවා මිස අවන්හල් කරා අප තරම් ඇදෙන්නේ නැත
ඔවුන්ගේ සරු භාවයට නොව  අපේ වඳ භාවයට අජිනෝමොටෝ හේතුවෙන්නේ ඒ නිසායි.



කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් සංස්කෘතිය සමඟ දියවැඩියාව, හෘද​රෝග, පිළිකා, අධි රුධිර පීඩනය, තරබාරුව  වැනි රෝග තරුණ කාලයේදීම වැළඳීම අපි වඳ වෙන්නට ඊළඟ හේතුව බව නොකියා නොහැක. අසුව දශකයේ මංගල චායාරුපයක විවාහ යුවල නොපෙනෙන තරමේ සිහින් සිරුරු ඇති අය වුවද අද මංගල චායාරූප වල අපට පෙනෙන්නේ ඇතුන් මෙන් විසල් යුවල් නොවේද? විවාහ වන්නටත් පෙර මෙකි නොකී රෝග වලින් පෙලෙන බොහෝ දෙනෙකුගේ ඊළඟ දුක්ගැනවිල්ල දරුවන් නැති කම බව කොපමණක් නම් අසා ඇද්ද?


21 වන සියවසේ අදටත් දරුවන් නැති වීම අපේ රටේ බිරිඳගේ  වරද ලෙස සැලකුවද, නිසි දත්ත එකතු කළහොත් වඳ වී ඇත්තේ පිරිමි බවට අටුවා ටීකා අවශ්‍ය නැත. කෙනෙකුගේ නිසරු  භාවයට මුලිකම හේතුව දුම්පානය සහ මත්පැන්  පානයයි..පංච ශිලයෙන් ඈත්ව සුරා සුදුවෙන් මත්  වූ  ජාතියක් වඳ වීම අහන්නත් දෙයක්ද..මරණෙට, මගුලට, දානෙට, චාරිකාවට, දුකට සතුටට බී තමුන්ගේ  මිනිය කරගසන්නට දරුවකුවත්  නැති අනාගතයක් සකසා ගන්නා  ඔබට ජාතියක වඳ බව ගැන කතා කරන්නට ඇති අයිතිය කීම?


කාන්තාවන්ගේ වඳ භාවයට හේතු වන කාන්තා රෝග අතර අද මුලින් සිටින්නේ Endometriosis  නමැති හෝමෝන අසමතුලිතතා රෝගය. අපේ ආහාර රටාව අද වන විට මුළුමනින්ම වෙනස් වී ඇති බව නැවත නැවතත් කිව යුත්තක් නොවෙයි. එදා තිබු  මුහුදු මාළු - එළවලු ආහාර නොව අප අදවන විට මස් ආහාරයට ගන්නා ජාතියක් වෙලා.

සත්ව
පාලනයේදී පාලනයක් නැතිව යොදාගන්නා Oestrogen/ Progestern  වැනි ලිංගික හෝමෝන නිසා දවස් 28න් ලොකු වන්නේ කුකුලාම පමණක් නොවෙයි. අඩු වයසෙන් ගැහැණු දරුවන් වැඩිවිය පැමිණෙන්නට, කුඩා පිරිමි දරුවන්ගේ පවා පියයුරු එල්ලා වැටෙන්නට ලොකුවිමට හේතුවන්නේ මස් වර්ග සමඟ ශරීරයට ඇතුළුවන අනවශ්‍ය  හෝමෝන වර්ග. පසුකාලීනව Endometriosis වැනි රෝගවලට හේතුවත් මෙයයි.

රැල්ලට ගිහින් රැඩිකල් වීම ඊළඟ පරම්පරාව වඳ වෙන්නට හේතුව ලෙස කිවොත් බොහෝ දෙනෙක්  මා සමඟ එකඟ වේවි. දරුවන් නොසෑදීම රැඩිකල් චින්තනයේ එක් නැඹුරුවක් වන අතර සම ලිංගික සේවනය රැඩිකල් බව පෙන්වන අනෙක් විධියයි. පසුගිය අවුරුදු තුන ඇතුලත ලංකාවේ සම ලිංගික ජනගහනය 10%කින් වැඩි වී ඇති බව කියවන්න ලැබුනා.ඉතින් අපි වඳ නොවී සිටියිද?

ඇත්තටම අපි වඳ වුනාද? වඳ කලාද? පිළිතුර ඔබෙන්ම අසන්නට කාලයයි..ඔබේ දුව පුතා  හෙට දිනයේ නිසරු නොවෙන්නට ඔවුන්ගේ ආහාර සහ චර්යා රටාව නිවැරදි කරන්නට කාලයයි.



අනුන් වෙත ඇඟිලි දිගු කිරීමට පෙර...
වඳ කලාද? අපි වඳ වුනාද? සිතන්නට යමක්...

රේණුකා විමලරත්න
ඔටුන්න හිමි කුමරුන්ගේ දේශයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන්

15 comments:

  1. Replies
    1. ඔන්න ඔහොම ටික ටික වඳ වෙලා, අනුන්ට අත දික් කලාම හරි යාවිද?

      Delete
  2. පුරානයේ බුලත් උපත්පාලන බෙහෙතක් විදිහට යොදාගත්තේ කොහොමද කියල දන්නවනං ලියන්ඩකො

    ReplyDelete
    Replies
    1. මේ ගැන මට දැන ගන්න හිටි කෙනා දැන් ජිවතුන් අතර නැහැ. මේක 'වැඩිහිටි' සබ්ජෙක්ට් එකක් නිසා අත්තම්මාගෙන් අනිත් දේවල් විපරම් කරමින් ඉගෙන ගත්ත මම ඒ කාලේ 'පොඩිහිටි' නිසා දැනගන්න ලැබුනේ නැහැ.. නමුත් යන්තම් එහෙන් මෙහෙන් ඇහුන විධියට ගෑනු පිරිමි දෙපාර්ශ්වයටම බුලත් කොලයේ නැට්ට තලලා යුෂ අරගෙන තේ හැන්දක් දෙකක් බොන්න දීම තමයි කෙරුනේ..මේකට තව අනුපාන දානවද කියලා නම් මම දන්නේ නැහැ..

      Delete
    2. දන්න තරමට බොන්ඩ නෙමෙයි

      Delete
  3. I just want to let you know, that Sri Lankan family planning program not started by JR's government in 1977. It was started by Mrs Bandaranayaka's government in 1970, and by 1972 ""PUNCHI PAWLA RATHTHARAN"' posters covered CTB buses, trains, railway stations, bus halting places in fact, whole of Sri Lanka. That was the time government introduce all the family planning methods free of charge. Due to government restrictions on essential food, clothing, baby formula etc, and free availability of family planning methods make every family to think twice, before make a child. My comment also not politically motivated, just reminding the bad old times.

    ReplyDelete
    Replies
    1. අප හැම දේට ම 77 විවෘත ආර්ථික ප්‍රතිපත්තියට පහර ගහන්න අන්ධයන් සේ පුරුදු ව සිටිනවා. මේ ලිපියේ උපත් පාලනය පිළිබද වැරදි කරුණුත් ඒ පදනම මත ලියැවිලා තියෙන්නේ. 1977 ජේ ආර් ජය ගත්තේ සිරිමා රජයේ දූෂිත පාලන ප්‍රතිපත්ති නිසා ය. රෙස්ට්හවුස් පත්වීම්-අල්ලස් පත්වීම් එක උදාහරණයක් පමණී. අනෙක විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මුලින් ම යෝජනා කළේත් වාමාංශිකයන් රජයෙන් පන්නා දැමූ සිරිමා රජයේ ම පීලික්ස් ඩයස් බණ්ඩාරානායක බව මතක් කරන්න කැමතියි.

      Delete
    2. ගොඩ්වින් කොඩිතුවක්කු මහත්මයාටත්, සෑම් පෙරේරා මහත්මයාටත් දෙදෙනාටම බොහොම ස්තුතියි. මාත් 70 දශකයේ උපන්නේ. ඔය පාන් පෝලිම්, හාල් පොලු වගේ දේවල් යාන්තමින් ළමා කාලේ මතක තියෙන්නේ.. මේ ලිපිය ලියන්න පෙර මන් මගේ වැඩිහිටි කීපදෙනෙකුට කතා කරලා පුංචි පවුල රත්තරන් වුනේ කොයි කාලේද ඇහැව්වාම හැමෝම කිව්වේ 77න් පස්සේ කියලා. ඒ අනුව තමයි ලිපිය ගැලපුවේ. මගේ පියා සිටියානම් නිට්ටාවට දින වකවානු දන ගන්න තිබුනා. නමුත් ඔබතුමන්ලා දෙදෙනාම නිසි දින වකවානු සහතිකයට දෙන නිසා ලිපිය ඒ අනුව වෙනස් කරන්නම්..නැවතත් ස්තුතියි..

      මෙතැනදී වැඩේ පටන්ගත්තේ ජයවර්ධනද, සිරිමාවෝද යන්න ගැටළුවක් නැහැ..මට අවශ්‍ය වුනේ මේ වඳ කිරීම කාලයක් මුළුල්ලේ සැලසුම් සහගතව සිදු වුන අයුරු සහ එයට අපේ ආහාර සහ පැවතුම් රටාවන්ගෙන් සිදුවූ අනුබලය හුවා දක්වන්න..එකිනෙකා මරා ගැනීමට වඩා ඇත්තටම සිදු වුනේ කුමක්ද කියලා ඇස් ඇරවන්න.

      Delete
    3. අපි පුංච් කාලේ රෝහලේ හැම තැනම ලස්සන ලොකු පෝස්ටරයක් තිබුන, කහ පාට වහලයක් තියන මොරිස් මයිනර් ටැක්සියක යන්න හදන ලොකුපවුලක් හිටියා, ඩ්‍රයිවර් මට රැගෙන යාහැක්කේ පුංච් පවුලක් පමණි කියා ලස්සනට ඇඳ පැළඳි ළමුන් දෙදෙනෙක් පමණක් සිටී පවුලක් රැගෙන යනවා. මේ පෝස්ටරය තිබුනේ 77ට පෙර,මම පවුල් පාලනය කියන වචනය අහුලා ගත්තේ එකෙන්. අම්ම ලග තිබ්බා ප්‍රජනක පද්ධතිය සහ උපත් පාලන ක්‍රම ගැන ලස්සන සිංහලින් ලස්සන පින්තුර අඩංගු ලියු හාර්ඩ් බයින්ඩ් පොත් පිංචක්, එහි ෆිමෙල් කොන්ඩම් විදිහට යොදාගත් මුඩු හැත්තක් පවා තිබ්බ, එය ඇයට ලැබී තිබුන 1960 ගණන් වල ඇය සහභාගී වූ පුහුනුවකදී.

      Delete
  4. 1. ලිපිය බොහොම අගය කරමි.

    2. පුංචිපවුල රත්තරන් කතාව බණ්ඩාරනායක කාලයේ අලුතින් හදපු පාඨයක්. ඒත් ඒ ඉලක්කය ඊට බොහෝ කලකට පෙර සිට එක්තරා පිරිසක් විසින් මේ පුංචි රට ඉලක්ක කරගෙන ගෙන ගිය දෙයක්. උදාහරණයක් කියන්නම්. ධර්මපාලතුමා දිගින් දිගටම කිව්වෙ තොපි ලමයි හදනවා වැඩියි වල්ඌරො වගේ ළමයි හදන්න එපා කියලා. එයා ඒක කිව්වෙ එයාගෙ ශෛලියකින්. ඒ දේ එයාට කියන්න සැලැස්සුවෙ ළග හිටපු එයාව රවට්ටන් හිටපු කිහිපදෙනෙක්. අපි හිතන්නෙ එයාලා රුසියන් හෝ ඇමරිකන් හෝ නෝර්වේ ජාතික කියලා. ඒ අයගේ සැබෑ නම් ගම් අදටත් හොයාගන්න බැහැ. හැබැයි ඔවුන්ගේ සැබෑ සම්භවය ජර්මන්. පුංචිපවුල රත්තරන් සංකල්පය බිහිකල නෝර්වේ වල තියෙන එන්ජීඔ් එකත් සැබවින්ම ජර්මන්. ඒ ජර්මානුවන් තමා ලංකා ඉතිහාසය 2500ට සීමා කරලා අපේ සියලු දැනුම පුස්කොල පොත් හොරකම් කලේ. අදටත් පන්සල්වල ඉන්න ජර්මානු භික්ෂූන් ගැන දන්න සිංහළයො දන්නවා. හොයනවනම් සිහියෙන් හොයලා බලන්නකෝ. බලන්න අපේ සියලු පාසැල් පොත් ලියලා තියෙන්නෙ එයාලා. අපේ දැනුමට උන් ගැහුවෙ එහෙමයි. මේ රටේ පුරාවිද්යා විෂයේ ඒකාධිකාරයත් ජර්මනියටම තමයි තියෙන්නෙ.
    අනේ ඉතින් කොටින්ම එංගලන්ත මහරැුජින මොකෝ බි්රතාන්යජාති කාන්තාවක්යැ. එයත් ජර්මන්. ට්රම්ප් කියන්නෙත් ජර්මන් තමයි.
    අපිට වැරදුනේ අද ඊයෙ නෙවෙයි. දුක අදටත් වරද්ද ගනිමින් ඉන්න එකයි. සර්වෝදයත් උන්ගෙ.
    මේ සිංහළ රටේ අපේ අහිංසක සිංහළයො දැනුමින් ජර්මනියටත් ආර්ථිකයෙන් යුදෙව්වන්ටත් අහුවෙලා ඉවරයි. මේ යුදෙව් ජර්මානු ලෝක බල අරගලයේ ප්රධානම ඉලක්කයක් තමා මගේ පුංචි රට. පුලුවන් නම් නැහැ කියන්න. වික්ටෝරියා ඩෑම් එක හැදුවෙ එංගලන්තෙන් නෙවෙයි. ජර්මනියෙන්. ඒකෙන් සිදුවුණු සේවය ගැන අපි කතා කරාවි. ඒත් ඒකෙන් යට කල සිදුහත් කතාවේ ඇත්ත අපිට පේන්නෙ නෑ. හේතුව අපට තිබුණු මහාවංශෙ මුල් පරිච්ඡේද උන් අයින් කරලා බියුටි ඇන්ඩ් ද බීස්ට් කතාව රිංගවපු නිසා. එහෙමයි උන් අපට සක්විති රජවරු බුදුවරු අහිමි කරලා දැම්මෙ. නේපාලයේ එහෙම කරන බෞද්ධ කැණීම් ගැන සිහියෙන් හෙව්වානම් සේරම අහුවෙනවා. කතා කරලා වැඩක් නෑ. මේක නරකම කාලයක්. නිහඬවීම වඩා යහපත් වෙලා තියෙන්නේ.
    ඔය ඔබ පලකල බ්රොයිලර් කුකුල් ජාවාරමත් ඇත්ත. ඒකෙ සැබෑ හිමිකාරයො කවුද බලන්න. කුකුල් කතාවෙ ඔබේසේකර නාමය සහිත ජර්මානු මිශ්ර පිරිස මේ රටට කරන විපතත් හොයලා බලන්න. ලංකාවට පේරන්ට්ස් කුකුල් පැටවු ආනයනය කරන්නෙ කොහෙන්ද කියලත් බලන්න.
    ඒ සේරම කරලත් අන්තිමට අපි හොඳම තාක්ෂනික සහ වෛද්ය උපකරණ ගේන්නෙත් ජර්මනියෙන් හෝ ජර්මානු කම්පනියකින්. අපි උන්ටමයි ඒකටත් ගෙවන්නෙ. අපෙන් නැතිකල දැනුම අරන් අපිටම ගහනවා.
    අවුලක් නෑ. කොමන්ටුව අවුල් නම් මකලා දාන්න. හැබැයි විතණ්ඩවාදීන් වෙන වෙන බයිලා ගහාවි මේක කියවලා. මොකද උන්ගෙම හෙංචයියො මේ හැමතැනකම රිංගගෙන වෙස්මූණු දාගෙන ඉන්නවා.

    ReplyDelete
  5. මම අසාවෙන් කියවන බ්ලොග් අඩවියක් ඔය සහෝදරියට ගොඩක් පින් කරන සමාජ මෙහෙවරට.
    මට දැනගන්න පුලුවන්ද Endometriosis හෝ ඒ වගේ හෝමෝන අසමතුලිතතාවයක් තියෙන ගැහැණු කෙනෙකුට ස්වාබවිකව හෝමෝන සමතුලිත කරගන්න උදව් වෙන කෑම වර්ග ගැන? මගේ බිරිදගේ හෝමෝන සමතුලිත නැහැ කියල ලංකාවේ ඉන්න ප්‍රසිද්දම ආයුර්වේද doctor කෙනෙක් කිව්වා නමුත් ඒ doctor දෙන බෙහෙත් එක දිගට බොන්න අමාරුය්.
    ස්තුතිය්!
    jaknperera @gmail.com

    ReplyDelete
  6. Terrific work! That is the type of information that should
    be shared across the net. Disgrace on the seek engines
    for now not positioning this post higher! Come on over and consult
    with my web site . Thank you =)

    ReplyDelete
  7. I think the admin of this web site is truly working hard for his
    web page, for the reason that here every data is
    quality based stuff.

    ReplyDelete