Saturday 10 December 2016

ජාන තාක්ෂනය සහ මානව වර්ගයාගේ අනාගතය

සොබාදම් මාතාවගේ උදහසට ලක්වූ අපේ ආහාර

අදවනවිට හැම පවුලකම කෙනෙක්  හෝ දෙන්නෙක් දියවැඩියාව, හෘදයාබාධ​, පිළිකා එහෙමත් නැත්නම් ජාන විකෘතිතා රෝග වලින් පෙලෙනව. මීට හේතුව ලෙස හැමෝම දොස් නගන්නෙ අප ගන්නා ආහාර වලට.
‘’නිරෝගී ආහාර රටාවකට පුරුදුවෙන්න , එළවලු පළතුරු කන්න ‘’
තමයි හැමෝගෙම අවවාද. නමුත් අප ගන්නා එළවලු ,පළතුරු සහ අනිකුත් ආහාර වර්ග මොනතරම් දුරට ආරක්ෂිතද ?
මීලඟට ඔබට නිරන්තරයෙන්ම මතක්වන්නේ පළිබෝධනාශක. එහෙමත් නැත්නම් රසායනික පොහොර , කල් තබාගැනීමට යොදන රසායන හෝ ඉක්මනින් පළතුරු ඉදවන්නට යොදන රසායන වර්ග. මේ සියල්ලෙන්ම මිදී ගෙවත්තෙන් එළවලු සහ පළතුරු සපයාගත්තත් අපට ගැලවීමක් ඇද්ද? අප ආරක්ෂිතද ?
මේ සියල්ලටම වඩා භයානක සෞක්‍ය​ ගැටළුවක් තුල වර්තමානයේ අප ජිවත් වෙන්නේ..අද මා  ඔබ වෙත ගෙන එන්නේ අපට  නොදැනී  ජාන තාක්ෂණය  හරහා  බත් පිඟානෙන්, රස කැවිල්ලෙන්පලතුරු ගෙඩියෙන් මාරයා ඔබ සොයා එන අයුරු පිලිබඳ කුඩා සටහනක්.

ස්වභාවධර්මය අභිබවා යාහැකිද?

 විසිවන සියවසේ අවසාන භාගය වනවිට ලොව මුහුනපෑ විශාලම ගැටලුව වූයේ ජනගහන වර්ධනයට සාපේක්ෂව අවශ්‍ය​ ආහාර නැතිවීමයි.මෙයට පිළියමක් ලෙස විද්යාඤයින්   අපූරු සොයාගැනීමක් කලා . තමා ජාන තාක්ෂනය මාර්ගයෙන් අපූරු ආහාර වර්ග නිපදවීම.

මොකක්ද මේ ජාන තාක්ෂනය කියන්නෙ ?
ශාකවල ඩී එන්   (DNA)මිනිසුන්ගේ සහ මියන් හාවුන් වැනි වෙනත් සතුන්ගේ ඩී එන් ඒ (DNA) සමඟ මිශ්‍ර කර අලුත්ම ජීව විද්‍යාත්මක ශාකමය නිර්මාණයක් බිහි කිරීම තමා මේ ජාන තාක්ෂනය හරහා සිදුකෙරුනෙ.
මේ නිර්මාණ තුල මින් පෙර ශාක වල නොතිබුණු අපුරු ගුණාංග රාශියක් කෘතිමව ඇතුලුකරන්න විද්‍යාඤයින්   සමත් වුනා.

අලුත් ගුණාංග කිව්වෙ?
 උදාහරණයක් අරගෙන බලමු. ඉස්සර අපි අඹගෙඩියක් ගහෙන් කඩල, දවස් දෙකක් තුනකදි ඉදිලා කුණුවෙලා යනව.නමුත් මේ ජාන තාක්ෂනයෙන් පුලුවන් පැසුනු  පලතුරු ගෙඩියක් ඉදෙන එක සතිගානකට පමාකරන්න. එතකොට ලොවපුරා ගෙනියන්න කොපමණ කාලයක් ගත උනත් පාරිභෝගිකයා එය පරිභෝජනයට ගන්නාතුරු නරක් නොවී කල් තියාගන්න පුලුවන්. මේ අනුව ජාන විද්‍යාත්මක වෙනස්කිරීමෙන්  කල පළමු නිර්මාණය උනේ අපූරු තක්කාලි වර්ගයක්. 1990 දි.

තවත් ගුණාංගයක් තමයි අස්වැන්න විශාල කරගැනීම. ඒ කියන්නෙ සහල් හෝ තිරිඟු  කරලක ඇති වෙන ඇට සංඛ්‍යාවෙන්  වැඩිකිරීම, එහෙම නැත්නම් ගසකින් හදන ගෙඩියක ප්‍රමාණාත්මක විශාල කිරීමක් කිරීම.
 උදාහරණ විදිහට අද අපිට ගන්නපුලුවන් කිලෝ පේර, එතකොට ඔය තද රතුපාට, ඇට විශාල වශයෙන් තියෙන දෙළුම් වගේ දේවල්. නවසිය අසූව දශකයේ අග කාලයේ වී පර්යේශන මණ්ඩලය මගින් සහල් ගොවියාට හඳුන්වාදුන් අලුත් වී වර්ග වලිනුත් සිදු උනේ මේවගේ දෙයක්. වී බුසලක් ගන්න පුලුවන් කුඹුරෙන් , වී බුසල් දෙක තුනක් ගන්න පුලුවන් කියල තමයි මේ බීජ වී ගොවීන්ට හඳුන්වල දුන්නෙ.
මේ ආකාරයටම කල තවත් වෙනස්කමක් තමයි , ඇට නැති පළතුරු එළවලු නිෂ්පාදනය කිරීම. උදාහරණයක් විදිහට ඇටනැති ඇපල්, දොඩම්, මිදි, කොමඩු වැනි  වර්ග  පළතුරු ගන්න පුලුවන්.

තවත් වෙනස්කමක් තමයි ඇට තියෙන පළතුරු එළවලු වර්ග වල   ඇටය ප්‍රමාණයෙන් කුඩා කිරීම. උදාහරණයක් විදිහට මට හඳුන්වල දෙන්න පුලුවන්, බ්‍රසීලයෙන් ලන්ඩනයට ආනයනය කරන අඹ වර්ගයක්.මේ අඹ ගෙඩිය ලංකාවේ ඉස්සර තිබුණු පොල් අඹ වගේ ඉතා විශාලයි. උනාට එහි ඇටය හරිම කුඩායි.
 ඒ වගේම  අප ලන්ඩනයෙදි මිළදී ගන්නා අලිපේර වල ඇට  ජිල් බෝලයකටත් වඩා කුඩායි. ඒ අපේ රටේදී වගේ ස්වභාවිකව හැදෙන අලිපේර නොවෙන නිසා.
මීලඟට ජාන තාක්ෂනයෙන් ඔවුන් උත්සාහ කලේ අඩු කාලයකින් වැඩි පලදාවක් ලබාගැනීම. උදාහරණයකට  යල සහ මහ  කන්න දෙක විතරයි අතීතයෙදි අපේ රටේ වී වගාකලේ. නමුත් දැන් වීවගාව වසරකට තුන්වරක් කරන්න පුලුවන් .වී වගාවට පමනක් නෙවෙයි සාපේක්ෂව  ලොවපුරා සියලුම රටවල ප්‍රධාන වගාවන් වෙනස් කරන්න ඔවුන් සමත් වුනා.
ආසියාවෙදි වී වලට මෙන්, යුරෝපයෙදි සහ ඇමරිකාවෙදි තිරිඟු පිටි වලටත් , අප්‍රිකාවේදි මිලට් වගාවටත් මේ ඉරණමම අත් වුනා.

ස්වභාවධර්මයට සහ පරිසරයට අතිශයින්ම අහිතකර මීලඟ වෙනස තමයි මේ ඇතිකල අපූරු ශාක වලට, කෘමීන්ට සහ වල් පැළෑටි වලට ඔරොත්තු දීමේ අමුතු ශක්තියක් ලබා දීම.
ස්වභාවධර්මයේ පැවැත්මට කෘමි සතුන් ,ගහකොල ,ඇල දොල ජලය, ඉර එළිය , සුලඟ මේ හැමදෙයක්ම අත්‍යාවශ්‍යයි. මේ  සාධක එකිනෙකට බැඳිල සමතුලිතව පවතින්නෙ. අවසන් වතාවට මා සඳහන්කල කෘමීන්ට ඔරොත්තු දීමට හැකියාව සහ වල්පැල විනාශකිරීමේ හැකියාව ඇති මේ අමුතුම ශාක වර්ගය නිසා ස්වභාවධර්මයේ සමතුලිතතාවය සම්පුර්ණයෙන්ම වාගේ බිඳ වැටීමකට ලක් වුනා..

ශාකයකට කොහොමද, කෘමිනාශක සහ වල්පැළෑටි නාශක හැකියාවක් එකතුකලේ?

ජාන තාක්ෂනයෙන් නිපදවූ මේ ශාකවලට Bascillus Thuringiensis කියන රසායනය නිපදවීමේ හැකියාව  ඇතුළු කිරීමයි ඔවුන් කලේ. Bascillus Thuringiensis මගින් ශාක වලට ඇදෙන කුඩා කෘමීන්ගේ ආහාර මාර්ගය විනාශකරනව. එතකොට කීඩෑවන් කෘමීන් වගේ සත්තු වගාවන්ට ඇදී ඒම වලකිනවා.
විවිධ වර්ග වල කෘමින් විනාශ කරන්න Bascillus Thuringiensis වර්ග 100 කට වඩා නිශ්පාදනය කරන්න බහුජාතික සමාගම් වලට හැකියාව ලැබුනා. උදාහරණයක් විදිහට Bascillus Thuringiensis Cry 1A කියන වර්ගයෙන් සිද්ධවෙන්නෙ සමනලුන් විනාශ කිරීම.


 මේ විදිහට විවිධාකාර කෘමීසතුන් විනාශවීම නිසා ස්වභාවධර්මයේ සමතුලිතතාව බිද වැටි  සමනළයින්, මීමැස්සන් විනාශවීම නිසා මල්වල පරාගනය අඩු වුනා. අපේ ගෙවත්තක වගාකරන පළතුරක එළවලුවක ඉස්සර වගේ ඵලදාව ලැබෙන්නේ නැත්තේ   මල් පරාගණය වෙන්න ඕනකරන කෘමිසතුන් තවදුරටත් අපේ පරිසරයේ නැති නිසා.


එතකොට වල්  පැලෑටි වලට මොකද වුනේ?
මුල් කාලයේ මේ අලුත්ම වගාවේ ඇති Bascillus Thuringiensis නිසා බෝග වගාවට අහිතකර වගා බිමේ වල් පැළෑටි  විනාශ වෙලා ගියා.. නමුත් ඊළඟ වගා වාරය වන විට මේ බෝග වල පරාග ස්වාභාවික වල් පැළෑටි  සමඟ පරාගනය වීමෙන් අනුව අනුරූපණය වුනු එවකට තිබුණු වල් පැළෑටි නාශක වලට විනාශ කල නොහැකි දරුණු වල් පැළෑටි  වර්ග බිහි වෙන්න ගත්තා. මේවා හැඳින්වුයේ  ''super weed '' කියලා..

''super weed '’ විනාශ කරන්න ලොව මෙතෙක් නොතිබුණු උග් විෂ අඩංගු  වල් පැළෑටි  නාශක සොයා ගැනීමයි ඊළඟ පියවර උනේ.. නමුත් මේ උග් විෂ වල් පැළෑටි නාශක මගින් පසේ සිටින සියලුම ස්වභාවිකව පස සරු කරන පාංශු ජීවින් ගැඩවිලුන්, හිතකර පාංශු  බැක්ටීරියා දිලිර වර්ග සමුල ඝාතනය වුනා..මේ හේතුවෙන් ස්වභාවික පස සම්පුර්ණයෙන්ම මිය ගියා..
ඊළඟට සිදු වුනේ පස සරු කරන්නට රසායන පොහොර පෙරට වඩා අධි සංයුතියකින් භාවිතා කිරීමට සිදුවීම..අවසානයේ අපට ලැබෙන අස්වැන්නේ  රසායන පොහොර වාගේම උග්‍ර විෂ වල් පැළෑටි  නාෂකත් හරි හරියට අඩංගු වෙනවා..අද රජරට අප දකින වකුගඩු රෝගය දක්වා කරුණු දුර දිග ගියේ මේ සියල්ලේ අවසාන ප්‍රතිපලයක් ලෙස..


යල මහ කන්න දෙක වෙනුවට කන්න තුනක් වගා කරන්න ගිහින් අප කර ගත්  විනාශයක මහත???

ජාන තාක්ෂනය මගින් විකෘති කල ආහාර මිනිසාට බලපාන්නේ කෙසේද ?
අලුත්ම පර්යේශන වාර්තා අනුව කෘමීන් සහ වල පැලෑටි නසන්නට කියා ශාක තුලට ඇතුලුකල Bascillus Thuringiensis විෂ වර්ගය දැන් කෘමීන්ට නෙමෙයි ඵලදාව අහාරයට ගන්නා මිනිසාටම වසවෙන්නට, පිළිකා ඇතිකරන්නට සමත්වෙලා.

මෙය මොනතරම් භයානක විදිහට පැතිර ගිහින් තියනවද කියනවනම්, මිනිසුන්ගේ රුධිරයේ පමණක් නෙවෙයි, මේ රසායනය ගර්භනී මවකගේ කලලයටත් ඇතුළු වී තිබෙන බව  කළලයෙන් ගන්නා රුධිර සාම්පල වලින්  තහවුරුකර තිබෙනවා. ස්වභාවිකව දරු උපතකදී වැදෑමහ සකස්වෙලා තියෙන්නෙ සියලුම වස විස දරුවාට ඇතුළුවීම වලක්වන පෙරහන්කඩක් විදිහට. නමුත් මේ Bascillus Thuringiensis කියන විෂ වර්ගය ඉදිරියේ මිනිස් වැදෑමහ අසරණ වෙලා . කියන්නෙ දරුවෙක් උපදින්නට කලින් අම්මා මේ එලවලු පළතුරු වර්ගය ආහාරයට ගත්තම උපදින්නට පෙර දරුවාගේ ඇඟට පිළිකාකාරක සහ රසායන ඇතුළු වෙනවා.


දියවැඩියාව ලොවපුරා වේගයෙන් පැතිරෙන නිසා මේ වනවිට සීණි ආදේශක භාවිතය ඉතාමත් ජනප්‍රිය​ වෙලා. මොහොතක් නැවතී සීණි ආදේශකවල සුදුසුතාවය සලකා බලන්නට කාලය ඇවිත්. Aspartame නම්  සීණි ආදේශකය නිපදවෙන්නෙ ජානතාක්ෂනය උපයෝගී කරගෙනAspartame රසායනය ස්නායු ධූලකතා ඇතිකරන අතර ලොවපුරා බහුල ලේ පිළිකා (Leukaemia) සහ වසා ග්‍රන්ථි පිළිකා (Non- Hodgekins Lymphoma) වලට හේතුවක් බව සොයාගෙන තිබෙනව.

ඇමරිකානු තිරිඟු පිටි වලින් නිපදවන පාන් , බනිස්, කේක් ආදී මෙකී නොකී සියලු ආහාර ගන්නා අයටයි මේ පණිවුඩය. ඇමරිකානු තිරිඟු පිටි නිශ්පාදනයෙන් 90%ක්ම ජාන තාක්ශනයෙන් වෙනස්කර විකෘති කරනලද තිරිඟු වලින් සිදු වෙන්නේ. විශේෂයෙන්ම අප වැනි තුන්වැනි ලෝකයේ රටවලට යැවෙන්නෙ මේ නිශ්පාදන . තිරිඟු වල සිදුකල ජාන  වෙනස්කම නිසාඑය මිනිස් ශරීරයේ වකුගඩු ,අක්මාව , ප්ලීහාව , හදවත සහ ඇඩ්රිනලින්  ග්‍රන්ථියේ ඇති විෂ නැසීමට සෘජු බලපෑමක් සිද්ධ කරනබව පර්යේෂන වලින් සොයාගෙන තියෙනවා. මේ හේතුව නිසා ආහාරමාර්ගයේ විවිධ ආසාත්මිකතා නිසා ඇතිවෙන රෝග මේවනවිට ලොවපුරා බහුල වශයෙන් පවතිනව. උදාහරන: Chrone’s Disease, Irritable Bowel Disease.
ලෝකයේ සීණි නිශ්පාදනයෙන් 35% සිදුවන්නේ Sugar Beet නමින් හඳුන්වන  පොළවයට ඇතිවන සුදුපාට රාබු වැනි අලවර්ගයකින්. මේ අලවර්ගය අදවනවිට ජානතාක්ෂනයේ කීපවතාවක් විකෘති මට්ටමට පත්කර තිබෙනව. ඔබ ගන්නා තේ කෝප්පයක සීණි හැන්දත් එක්ක, මේ සීණි වර්ගයේ අඩංගු සියලුම පිළිකාකාරක රසායන වර්ග ඔබේ ශරීරයට ඇතුල්වෙනව. පිටරටින් ගෙන්වන සීණි වෙනුවට අපේ රටේ හදන කාබනික උක්සීණි , එහෙමත් නැත්නම් මීපැණි භාවිතයට කාලය ඇවිත් .
අයිස්ක්‍රිම් නිශ්පාදනයේදී , මාෂ්මෙලෝෂ් වැනි රසකැවිළි වර්ග, චොකලට් සහ කෙක් වර්ග බොහොමයක් නිශ්පාදනයට නැතුවම බැරි අමුද්‍රව්‍යයක් තමයි Corn Syrup. කෝන්සිරප් හදන්නෙ ඇමරිකන් තිරිඟුපිටිවලට තවදුරටත් බැක්ටීරියා එන්සයිම සහ දිළීර වර්ග මිශ්‍රකරලයි

ඇමරිකාවේ තිරිඟුපිටි ජානමය විකෘතිතා මගින් ඇති කරන බව දැනටමත් ඔබ දන්නවනේ. ඊට අමතරව කෝන්සිරප් හදන්න එකතුකරන බැක්ටීරියා සහ දිළීර එන්සයිම වර්ගත් ජානමය තාක්ෂනයෙන් අමුතුවෙන්ම සාදපු එන්සයිම වර්ග.මේ දෙකම එකතුව කෝන්සිරප් කියන්නෙ අතිශයින්ම සිරුරට අහිතකර, බොහෝ පිළිකා කාරක අඩංගු ආහාර රස කාරකයක්.

මෑතකදී කල පර්යේශන වලින් ඔප්පුකර තියෙනව කෝන් සිරප්වල රසදිය තියෙනබවට. විතරක් නෙවෙයි Corn Syrup අඩංගු  ආහාර ගැනීමෙන් ශරීර බර වැඩිවීමත්  , දියවැඩියාව සහ හෘද රෝග ඇතිවීමත්  සිදුවෙන බව ඔප්පු වී තිබෙනවා

මස්මාලු නොගන්නා අයට ප්‍රෝටින් ලබාගැනීමට අතීතයේ පටන් භාවිතා කල ආහාරයක් සෝයා බෝංචි . පසුකාලීනව සෝයා බෝංචි වල විවිධාකාර නිශ්පාදන අප අතරට ආවා. අදවනවිට ලෝකයේ සෝයා බෝංචි  නිශ්පාදනයෙන් 100% ක්ම  සිදු වෙන්නේ ජාන තාක්ෂනයෙන් විකෘති කල බීජ යොදාගෙන..මෙහි ප්රථිඵලයක් ලෙස මෙම එළවලුවේ අඩංගුවන Soy Lecithin නමැති රසායන වර්ගය මිනිස් සිරුරට අතිශයින්ම අහිතකරයි. මේ මගින් මිනිස් සිරුරේ අසාත්මිකතා වලට ඔරොත්තුදීමේ ශක්තිය නැතිකරනව. එහි ප්රථිඵලයක් ලෙස තමයි ,අදවනවිට ලෝකයේ ශ්වසන රෝග සහ සුවකල නොහැකි සමේ රෝග වේගයෙන් පැතිරී යන්නෙ.
හන්දියක්ගානෙ පළතුරු ලෑලි වලයි , එළවලු කඩවල  අපිට දකින්න තියෙන විශාල  කිලෝපේර ,දෙළුම් වර්ග,එතකොට ඇටනැති ගස්ලබු වර්ග වගේ අපි ගන්නා බොහොමයක් පලතුරු එළවලු තවදුරටත් ඔබ සිතන ලෙස ස්වාභාවික නැහැ. පර්යේශන වලට අනුව සාමාන්‍යයෙන් පළතුරු වල තියෙන  ප්‍රතිඔක්සිකාරක ගුණ හෝ පෝෂනීය ගුණ මේ පළතුරුවල අඩංගුවෙන්නෙ නැහැ. මේ පළතුරු  රස නැතිවීමටත් අප බලාපොරොත්තුවන ගුණ නොලැබීමටත් හේතුව ඒකයි.
එළවලු පළතුරු පමණක් නෙවෙයි , අදවනවිට අප භාවිතාකරන මස් සහ මස් නිශ්පාදනත් ජානතාක්ෂනය මගින් වෙනස්කරලයි තියෙන්නෙ. කලකට පෙර සති 20 පමණ ගිය කුකුල්මස් නිශ්පාදනයට දැන් ගතවෙන්නෙ සති 12ක් වගෙ කාලයක්. ඒවගේම වසර 2-3 ක් ගතවෙච්ච ඌරුමස් නිශ්පාදනය වසරකින් පමණ කරන්න පුලුවන්වෙලා
මේ සියලුම මස් සහ සොසේජස්, මීට් බෝල්ස්, බිත්තර වැනි මස් නිශ්පාදන ආහාරයට ගැනීමෙන් , ජානතාක්ශනය නිසා ඇතිඋනු විෂ රසායන වර්ග , පිළිකා කාරක ශරීරයට ඇතුල්වෙනව.

සත්ව පාළනයෙදි ,ජාන තාක්ෂනයෙන් විකෘති කල සතුන් විතරක් නෙවෙයි ඔවුන්ට දෙන ආහාරත් විකෘති කරල තියෙනව.උදාහරණයක් විදිහට නවසීලන්තය වගේ විශාල වශයෙන් කිරි නිශ්පාදනය කරන රටවල්වල ගවයින්ට ආහාරයට දෙන තණකොල පවා ජානතාක්ෂනයෙන් වෙනස්කරල.. මේ කිරිවලින් නිශ්පාදනය කරන බටර් ,චීස්, ළදරු ආහාර වර්ග මේ සියල්ලේම විෂ රසායන වර්ග , විකෘති ජාන වගේම පිළිකා කාරක අඩංගුවෙනව.


අපොයි දෙයියනේ ,හැම එකේම ජාන විකෘති කරල නිසා අපි විටමින් ගත්තොත් මේකෙන් ගැලවෙන්න පුලුවන්ද ?

මොන පිස්සුද ? අද අපි ගන්න සියලුම විටමින් නිශ්පාදනය කරල තියෙන්නෙ ජාන තාක්ෂනයෙන් විකෘති කල එළවලු සහ පළතුරු උපයෝගී කරගෙන. විතරක් නෙවෙයි ඒවයේ පැණිරස ලබාදෙන්න පිට ආවරනය හදල තියෙන්නෙත් Aspartame නමින් මා මුලින් සඳහන්කල සීණි ආදේශකයෙන් . අනුව බලනකොට අපි විටමින් ගත්තත් සිදුකරන්නෙ අපේ ශරීයරට විෂ ඇතුල්කරගන්න එක.
90 දශකයේ මුල්කාලයෙදි , පොල්තෙල් වෙනුවට පාම්තෙල් භාවිතාකරන්න කියල අපේ රටේ හදවත් රෝග විශේසඥවරු පුවත්පත් හරහා අපට බල කළා ඔබට මතකඇති. පාම් අස්වැන්න වැඩිකර තෙල් නිෂ්පාදනය වැඩි කරන්නත් ජාන තාක්ෂනය යොදා ගන්නවා. පාම්තෙල් වල අසංතෘප්ත මේදය පොල්තෙල්වලට සාපේක්ෂව විශාල ප්රතිශතයකින් වැඩිවීමට අමතරව දැන් බලාගෙන යනකොට විකෘති ජාන සහිතව වෙනත් පිළිකාකාරක රසායනත් අඩංගු වෙනව.
 
සොබාදම් මාතාවගේ හදවත පාරවා, ස්වාභාවධර්මය ඉක්මවායාමට මිනිස් දරුවන් දැරූ උත්සාහයේ අහිතකර විපාක දැන් ඔබට වැටහෙනවා ඇතිනේද?
 ලොවපුරා පරිසර හිතකාමීන් මේ වෙනුවෙන් විශාල රාවයන් ගෙනයාමය හැදුවත් අධික ලෙස මුදල් ඇති බහුජාතික සමාගම් ඉදිරියේ ඔවුන් අසරණ වෙලා.සමගාමීව ලෝක දේශපාලකයිනුත් මේ වෙනුවෙන් කිසිම උපකාරයක් කරන්නෙ නෑ. මිනිස් වර්ගයාගේ වඳවීම ඔබ සිතනවට වඩා පියවර දහසකින් ඉදිරියට ඇවිල්ලා.

මුහුදින් වටවූ කුඩා දූපතක් වන ලංකාව වගේ රටකට මෙවන් අභියෝගයක් ජයගැනීමට ඇති හැකියාව ඉතා ඉහලයි. විශේෂයෙන්ම අපේ රටේ කාලයක් පුරා පැවති දේශීය වෛද්‍ය​ ක්‍රම​ සහ මේ වනතුරුත් බටහිර ලෝකය අඳුනා නොගත්  සිංහරාජ වැනි වනාන්තර තුල සැඟවී ඇති ශාක නිශ්පාදන උපයෝගී කරගෙන අපට මේ අභියෝගය ජයගැනීමට නොහැකියාවක් නෑ.
නමුත් අපේ රටේ පවතින දේශපාලන ක්‍රම​වේදයේ අක්‍රමවත් බව​ සහ  දේශපාලඥයන්ට මේ පිළිබඳ අංශුමාත්‍ර​ හැඟීමක්වත් නොමැති කම නිසා  එය කවදාවත් ඉටු නොවෙන සිහිනයක් වගේ...සිතා වැලපෙන්නට නොව..ඔබේ යුතුකම ඉටු කිරීමට මේ කාලයයි..
විශේෂ ස්තුතියපරිගණක අකුරුකරවිම කල නිමලවංශ දසනායක මහතාට
රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන් ( නම නොදත් ශිල්පීන්ට සියලු ගෞරව හිමි වේ)

References



8 comments:

  1. ස්වාභාවික නිර්මාණ වලට අත තැබීමේ ඵලවිපාක ලැබෙන විට නැවත නිවැරදි කරගන්න බැරිතැනකට පත් වන බව තේරුම් නොගැනීම ක්‍රි.ව. 1500 පමණ සිට අද දක්වාත් දකින්න ලැබෙන ලොකුම දුබලකමක් යයි සිතෙනවා. දළ වශයෙන් 16 වන සියවසෙන් පසුව පැතිරයන්නට වූ නව ආල්ප ඇගයුම් රටාව ඔරොත්තු නොදෙන මට්ටමට පැමිණ ඇති දැයි ඔබේ ලිපිය කියවන විට ඇතිවන මුල්ම හැඟීම ලිපිය ගොඩක් වටිනවා. ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. 21 වන සියවස අවසන් වෙද්දී අපේ රටවලට මොනවයින් මොනවා වෙයිදා කියා හිතා ගන්නත් බහ..අනාගතය අප හිතනවාට වඩා බොහෝ භයානකයි..ස්තුතියි ඔබේ අගය කිරීමට..

      Delete
  2. බොහෝම හොඳ ලිපියක්. ස්තූතියි ඔබට ගොඩක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුමනේ අයියා හැමදාමත් වාගේ ඔබේ අගය කිරීමට..

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. ජාන තාක්ෂණයෙන් නිශ්පාදිත ආහාර ගැන යම් දැනුවත් වීමක හිටියද එය මෙතරම් අපට බලපෑම් සහගත ලෙස සමීපවෙලා කියලා දැනන් හිටියේ නෑ. මට මේක කියවද්දි හිතුනෙම අපි මේ මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා සහ මේ ගැන පුලුල්ව දැනුවත් කිරීම් කරන්නේ කොහොමද කියලා. වටිනා ඉදිරිපත් කිරීමක්. බොහොම ස්තුතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත, කොහෙන් කොහොම බේරෙන්නද කියන එක අද වන විට විශාල ගැටළුවක්..මේ ලිපිය සම්බන්ධව මිතුරෙක් ලියා තිබුනා..''කොහොමින් කොහොම හරි පරමායුෂ 10-12 වෙන්න ක්‍රමවෙධයක් හැදෙන්නත් ඕනෙනේ'' කියලා.. මටත් ඒ කියමනට තමයි එකඟ වෙන්න තියෙන්නේ..ස්තුතියි ඔබගේ අවධානයට..

      Delete
  5. මේව ගැන ලියන එක ලොකු දෙයක්.

    ReplyDelete