අද ළමයින් දැකල නැති
සල්ලි
වලට ගන්න නැති
මේ
පල වැල සෙමින් සෙමින් වඳ වී යනවා...
''ගම හරිම සුන්දරයි.. දෙවැට දිගේ ඇවිදගෙන මුල්වල හැපී හැපී,
නාමල් අහුලගෙන ඒ සුවඳ විඳ විඳ බාලොලියා මල් ඇට, පැසුනු එරමිණියා ගෙඩි කඩාගෙන,
වෙරළු ඇහිඳ ගෙන ගෙවුණු අපේ බාල විය හරිම සුන්දරයි ''
අරුනාලෝකයේ ආදරණියයන්ගේ සංවාදයකින් මේ කතාව මට ඇසුනේ ….
''ඒ ගමට පාරක් තිබුනෙ නෑ . ඉතින් ඉස්කෝලෙ ඇරිල එද්දි නොයෙක්
දේ... මී වද , දන් , හිඹුටු , මොර , මොනර පහුරු කියන දම්පාට ගෙඩි..'' තව කෙනෙක් අත්වැල් අල්ලනවා…
''ගඟ ඒ කාලේ හරි පටුයි අපි ගඳපාන කැලේ මැදින් ගිහින් එහා
ඉවුරට පිනනවා.. ගොඩ වෙන්න තියෙන්නේ හෙන කැලැවකට..දන්, හිඹුටු, එරමිනියා, පඩ, පේර පිරිලා................මැරෙනකන්
කනවා....
රස බර මතක එකින් එක පෙළ ගැසෙන්න පටන් ගද්දි තව තව සාමාජිකයින්
මේ කතාවට හවුල් වෙනවා....
''ඒ කාලේ මතක් වෙනකොට ආයෙමත් ජංගිකොටයක් ඇදගෙන ගමෙි බැද්ද පුරා දුවන්න හිතෙනව.....''
''අපි නොකාපු දෙයක් තියෙනවද . මදි පාඩුවක් වුනහම නාබිරිත්ත
කොලත් කනවා .කිසි ලෙඩකුත් නැහැ.. ෆුල් මාවලස් ''😄😄😄😄
''ඔය ඔක්කම කෑමට වඩා හොඳම කෑම ගුටි කෑමයි''
''කහඹිලියා ගෑවුනාම
කොහොමද ෆන් එක?? ''😂😂😂😂
''අපි සේරටම සුන්දර අතීතයක් තිබිල තියෙනවා ........ යන්න ඇත්නම් ආයෙත් කබල් බයිසිකල් කට්ටක් අරන් පොල්ල යටින් කකුල දාල පැඩල් කරගෙන
එකෙක් පස්සෙන් දුවන් එනවා . අනෙකා පොල්ලේ එල්ලිලා හප්පේ මතක් වෙනකොටත් සතුටුයි ''
ඒත් අද ළමයින්ට කොහෙන්ද මේ වගේ සතුටක් නිදහසක්..????මේ සුන්දර
කතාබහ අවසන් වුනේ හැමෝගෙම හදවත ඒ සිතුවිල්ලෙන් බර කරලා....
එදා අප ඇතිවෙන්න රස බැලූ පලවැල බොහොමයක් අද වනවිට නැති වී
යමින් තිබුනත් ආයාසයක් කළහොත් තවමත් ගම්බද පළාත් වලින් සොයා ගැනීමටත් බැරි කමක් නැහැ..
මේ
ලිපියෙන් මා ගන්නා වෑයම වඳ වී යන පල වැල අද
කාලේ දෙමව්පියන්ට හඳුන්වාදීමයි..
ස්වභාවික පලවැල වල සියල්ලේම පාහේ අඩු වැඩි වශයෙන් අඩංගු පෝෂක
ගුණ :
1 100%ක් ස්වාභාවිකයි
2 ප්‍රතිශක්තිය වැඩිම
3 ප්‍රතිඔක්සිකාරක වලින් පිරිපුන් වීම
4 පණු රෝග වැළක්වීමේ හැකියාව
5 විටමින් ඒ , බි, සී
සහ සියලුම වර්ගවල විටමින් අඩංගු වීම
6 ක්ෂුද්‍රජීවී නාශක ගුණ
7 මලබද්ධය, දියවැඩියාව, ළමා රුධිරපිඩනය වැනි කාලික රෝග වැලැක්වීම
8 පිළිකා වැළක්වීමේ හැකියාව
9 ධූලකහරණය
10 විෂ බිජ නිසා නිතර ඇතිවන රෝගවලින් ආරක්ෂාව
ගැස්ට්‍රයිටිස් සහ වෙනත් ආහාර මාර්ගයේ රෝග වලටද, ලේ කැටි
ගැසීම් හැකියාවක්ද, තරබාරුව මට්ටු කිරීමේ හැකියාවක්ද ඇති බවට බෝවිටියා අද වෙන විට ඔප්පු කර පෙන්වා
දී ඇති පළතුරක්..
ඒ කාලේ කොච්චර කටු ඇනුනත් ජීවිතේට ලේ ගලන්නේ නැති වෙන්නත්, අපි හද්ද
කෙට්ටු වෙන්නත් හේතුව දැන්නේ දන්නේ :)
දං
අනිත් අයටහොරෙන් කාල හංගන්න බැරිම පලතුර..කට, දිවවිතරක් නෙමෙයි දතුත් දම් වෙනවා..ප්‍රතිඔක්සිකාරක ගුණ මෙතරම් ඇති පළතුරක් තවත් නැති තරම්..අදටත් සති පොළවල් වලට ගම් වලින් ගෙන එන මේ පලතුර දුටු තැන වලක්වන්නේ නැතිව ගෙදර ගෙනයන්න..කහට , පැණිරස, ඇඹුල් සහ තිත්ත රස මිශ්‍ර අපුරුම රසයක්..
කුරුඳු කොළ
කැලේ නටල බඩගිනි වෙලාවට කුරුදු කොලේ නැට්ටේ තියෙන පැණි රසත් රසම කෑමක් අපට..පැණිරස මුසු අපූරු සැර සිරුර ප්‍රබෝධමත් කරනවා..කුරුඳු වල ඇති ගුණ නොදන්නේ නම් කවුරුන්ද? නමුත් සකස්විමේදී සිදුවන ඖෂධිය කොටස් විනාශ නොවීම අපේ බඩට ගිය නිසාදෝ මන්දා හෙම්බිරිස්සාවක් වත්
ඒ කාලේ හැදුනේ නැත්තේ..
ඕළු ගෙඩි
වෙල් පැත්තේ යන්න එපා කියලා අම්මලා මොනතරම් කෑගැහුවත් නෙළුමක්, ඕළු මලක් නෙලන්න
විතරක් නෙමෙයි ඕළු ගෙඩියක රස බලන්නත් අමතක නොකරන අපේ දඟකාර කම් කොහොම අමතක කරන්නද?
ශරීරය ධුලකහරණය සහ තව බොහෝ ගුණ ඇති ඕළු /නෙලුම් ගෙඩියක රස නොබලා කොහොමද?
මොණර පෙතන්
ප්‍රති ඔක්සිකාරක සහ පිළිකා නාශක ගුණ ඇති වේගයෙන් වඳ වී යන
අපේ කාලයේ රසවත් පළතුරක්.
පඩ ගෙඩි
නම කෙසේ වෙතත් රස සහ ගුණ නම් කියා නිම කල නොහැක..බි වර්ගයේ
විටමින් අධික පළතුරක්
නලල් බටු
මැද්දේ කොළ පාට ඉදුනාම කහවෙන මේ ගෙඩියට සමහර පළාත් වල කියන්නේ
ඩෝන් ඩෝන් කියලලු..මැද ගෙඩිය ජෑම් ගෙඩියට සමාන රසක්..
ඩෝන් ගාලා නළලේ මැද පුපුරන රස කෑමක්..
කරඹ
ඉදුනාම දම් පාට රසබර මේ පලතුර ප්‍රති ඔක්සිකාරක ගුණ අධික
තවත් කැලෑ ගෙඩියක්..රසයි ගුණයි..
නාඹීරිත්තා කොල
ඇඹිල්ල
සර්ප විෂට අගනා ඇඹිල්ල ප්‍රති ඔක්සිකාරක සහ තවත් බොහෝ ගුණ සහිත රසවත් පලතුරකි..
එරමිනියා
කහට රස මිශ්‍ර පැණි රැසක් ඇති එරමිනියා අද වන විට සොයාගෙන
ඇති පරිදි වේදනා නාශක සහ අසාධන වැළක්වීමේ ගුණ වලින් යුක්තයි
ඇඹුල් ඇඹිලියා
කොළ
තුන්පෙති පත්‍රයක් සහිත ඇඹුල්ඇඹිලි කොළ පාට ඇසට ප්‍රිය බිම දිගේ යන මේ කුඩා
පානදුරේ කොළ වල අපුරු ඇබ්බැහි වන සුළු ඇඹුල් රසයක් තිබෙනවා..
කිරිල්ල
කැටපෝලයට නැතිවම බැරි වුනු කිරිල්ල ගෙඩිය අපේ බඩටත් නොවැටුනේම නැහැ..හෝඩි පොතේ නම් කිරිල්ල ගෙඩි කන්නට ආවේ කිරිල්ලියයි..
ලෝලු
ඇදුම රෝගයට සුවදෙන තවත් එවැනිම ඖෂධිය ගුණ සහ ප්‍රති ඔක්සිකාරක ගුණ ඇති රසවත් කැලෑ ගෙඩියක්.
හිඹුටු
දියවැඩියාවට සහ තවත් බොහෝ ඖෂධිය ගුණ ඇති හිඹුටු අපි නම් කෑවේ බත් වෙනුවටය..අද ළමයින්ට මේ රසවත් පලතුර දකින්නට නැතිවීම අවාසනාවකි.
ගඳපාන
පාට පාට මල් පිපෙන සුවඳ මලක් ඇති කැලේට පායපු හඳපාන වැනි
ගඳපාන.. කළු පාට රසබර ගඳපාන ගෙඩිය කොහොම අමතක කරන්නද??
ඇඹුල් පේර
කැලේ හැදෙන පේර වර්ග නම් බොහොම ගොඩයි..ඒ අතරින් අද වන විට නැති වී යන ඖෂධිය ගුණ බහුල ඇඹුල් පෙර කොහොම අමතක කරන්නද..
මුඛ රෝග වලට බොහෝ ගුණයි..රතු, කහ, කොළ යනාදී විවධ පාට සහ හැඩ වලින් එදා දකින්නට ලැබුනා.
මසං
වඳවී යන තවත් රස බර පළතුරක්..අපේ කාලේ කැලෑ ඇපල්. සි වර්ගයේ විටමින් අධික පලතුරකි.
පැණි මොර
පැණි මොර නම් අදටත් කලාතුරකින් සොයා ගන්නට පුළුවන්..රඹුටන්,
කෝන් පවුලට අයත් විටමින් බහුල බව නිසාම උෂ්නාධික යයි සම්මත පළතුරක්.
කෝන්
චුට්ටක් ඇඹුල් වුනත් කවුද එපා කියන්නේ..තවත් විටමින් බෝම්බයක්..කණ්ඩායමේ ගස් යන කොල්ලෙක් හිටියොත් සහ පැණි කෝන් ගහක් පළාතේ තිබුනොත් ගොඩේ ගොඩ..
කොට්ටන්
පණුවන්ට අගුණ බව කියමින් ළමයින්ට නොදෙන කොට්ටන් කවුද නොදන්නේ? කතාව ඇත්ත ..පණුවන්ට අගුනයි..ළමයින්ට නම් ගුණයි..
කජු පුහුලන්
ඇඳුම් පුරා කහට ගා ගන්න..කොච්චර කෑවත් එපා නොවන විටමින් මල්ල..කිරි කජු සහ පැල
කජුත් මේ අතරේ වරදින්නෙම නැහැ..
බකිනි ගහේ
බකිනි මලෙන් පාර අසන්නේ...එහෙම කිව්වේ දිග යන්න ළඟ අක්කලා..අපි නම් බැලුවේ බකිනි ගෙඩියේ රස..ආයුර්වේද ගුණ ඇති විශාල වශයෙන් ඇති පලයක්..
අන්දරේ අවසන් හුස්ම යැව්වේ පලු ගහ යටලු..අපිටත් ඒවගේ තමයි..නිවාඩු කාලේ ඈත පළාත් වල නෑගම් ගියාම අන්තිම හුස්ම නැතත් කාපු ගෙඩි දිරවනකන් දපලා හිටියේ පලු ගස් යට ...බි වර්ගයේ විටමින් වලින් අනුන රසබර පළතුරක්..
පිනි ජම්බු මල්/ගෙඩි
බකිනි
බකිනි ගහේ
බකිනි මලෙන් පාර අසන්නේ...එහෙම කිව්වේ දිග යන්න ළඟ අක්කලා..අපි නම් බැලුවේ බකිනි ගෙඩියේ රස..ආයුර්වේද ගුණ ඇති විශාල වශයෙන් ඇති පලයක්..
පලු
අන්දරේ අවසන් හුස්ම යැව්වේ පලු ගහ යටලු..අපිටත් ඒවගේ තමයි..නිවාඩු කාලේ ඈත පළාත් වල නෑගම් ගියාම අන්තිම හුස්ම නැතත් කාපු ගෙඩි දිරවනකන් දපලා හිටියේ පලු ගස් යට ...බි වර්ගයේ විටමින් වලින් අනුන රසබර පළතුරක්..
වීර
අන්තර්ජාලය පුරා සැරි සැරුවත් පින්තුරයක් සොයාගන්න බැරිවුණා පලතුරු වර්ගයකි ..
අන්තිමේ බ්ලොග් එකට ආදරය කරන කෙනෙක් එවලා තිබුනා මේ පින්තුරේ..රතුපාට ලස්සන වීර ගෙඩි
අන්තිමේ බ්ලොග් එකට ආදරය කරන කෙනෙක් එවලා තිබුනා මේ පින්තුරේ..රතුපාට ලස්සන වීර ගෙඩි
පිනි ජම්බු මල්/ගෙඩි
විටමින් සි සහ ප්රතිඔක්සිකාරක බහුල පිනි ජම්බු කාලෙට වන රොද රෝසපාට පලසකින් වහලා වගේ..කුඩා පඳුරු මත වැටෙන මල් රේණු රසවත් ආහාරයක් බව කෑ අය මිස කවුරු දනීද?
ගෙඩි හැදෙන කාලෙට ගස් යන්න පුළුවන් කොලු පැටවුන්ට සෙල්ලම කරන්න යන්න බොහොම ඉල්ලුමක් එනවා..
ජම්බු
චීන පේර
ඇඹුල් පෙර වැනිම කුඩා පේර
විශේෂයකි..පෙර වර්ග කොයිකත් විටමින් සී පැකට් ලෙස හැඳින්විය හැක.. නිවැරදි පින්තුරයක් ඇති කෙනෙක් වෙත්නම් මා වෙත එවන්න..කාටත් හඳුනා ගැනීම පිණිස මේ ලිපියට එකතු කල හැක.
වෙරළු
මිදී ඇපල්
වැනි පලතුරු වලට වඩා බොහෝ ගුන ඇති වෙරළු දියවැඩියාව වලක්වන වටිනා ඖෂධයක්..අවුරුදු එන බව අපට අඟවන පලතුරු අතර වැජඹෙන වෙරළු ගෙඩියේ ගුණ මෙතනින් කියවන්න.
වැල් කොහිල ගෙඩි
අත්තම්මේ වැල් කොහිල දළු ඕනෙද කියලා ගෙදරට පොතක් පෙරලලා එලියට පනින්නේ ඇත්තටම කොහිල දළු ගෙනෙන්න තිබෙන වුවමනාවට නොවෙයි..හතර අතේ කරක් ගහලා ආපහු එන ගමනේ දළු කඩන ගමන් වැල් කොහිල ගෙඩි කීපයක් බඩට නොවැ ටෙන්නේමත් නැහැ..පුංචි කාලේ එහෙම කාපු අපට ජිවිතේටම
මල බද්ධයක් හැදෙන එකක් නැහැ..
මී අඹ/ඇටඹ
අද වෙනකොට මුදලට වත් ගන්න නැති විව්ධාකාර අඹ වර්ග කැලේ කොලේ ඕනේ පදම් තිබුනා..ඒ අතරින් කවුරුවත් ගණන් නොගන්න පුංචිම පුංචි ඇටඹ /මි අඹ අපේ බඩවල් වල කඳු ගැහුනා..මේ රස නොබලපු පුංචි එවුන් ගැන සැබෑ අනුකම්පාවක් දැනෙනවා..
තවමත් සොයාගන්න එතරම් අපහසුවක් නැති නිසා වැඩි විස්තර නොලියමි..දුටු තැන කුඩා වුන්ට ඇති පදම් කන්න දෙන්න..රස ගුණ පිරි අදටත් විස නැති රස පලතුරු..
අසෝකා මල් පැණි
ඖෂධිය ගුණ සහිත අශෝකා පුෂ්ප මන්ජරියෙන් අපට තිබුණු වැඩ දෙකකි..පළමුවැන්න
ඇති පදම් මල් පැණි බීම. දෙවැන්න ඉරිදා දහම් පාසැලට මල් ගෙනයාමට..එක පොකුරෙන් වට්ටියම
පිරෙන පාට පාට මල් සහ රස පැණි බීම.
හිබිස්කස් වර්ගයට අයත්
සුරුට්ටු මලත් රසබර පැණි පිරුණු මලක්..හැඩය නිසා උරා බිමත් පහසුයි..චායාරුපයක්
සොයා ගැනීමට නැත..
නමිනම්
බිමට එනතුරු කඳේ ගෙඩි හැදෙන නිසා කඩා ගැනීම හරිම පහසුයි..ඉදුණු ගෙඩි මිහිරි පැණි රසකුත්, පැසුණු ගෙඩි කහට, තිත්ත, ඇඹුල් සහ පැණි රස එකතුවකින් යුතු විටමින් බහුල රසවත් පළතුරක්..පණු රෝග වලට ගුණ නිසා වෙන්නැති සෝදන්න මහන්සි නොවුනේ අපි..
හීන් නාරන්, ඇඹුල් නාරන් යනාදී ලෙස කැලෑවේ හැදුනු නාරම් වර්ග බොහොමයි..පිපාසය නිවන විටමින් සි මලු..රසයි ගුණයි
ලොවි
අද වන විට වතු ආශ්‍රිතව වැවෙන ලොවි..කට්ට ඇඹුල් වුනත් මග නොහරින පළතුරක්.
උගුරැස්ස
ඇඳුම් පුරා කහට තවරන..අත පුරා කටු ඇනෙන කටු ලොවි..රස ගැන නම් කුමන කතාද? ගුනත් ඒ වාගෙමයි
ගොරකා මද
මැන්ගුස් නම් කාලෙට විතරයිනේ..හැමදාම වගේ සොයා ගන්න අවාරෙත්
හැදෙන ගොරක ගස් තිබුණු අපෙ මැන්ගුස් වුනේ ගොරකා ගෙඩියේ මද..ඇඹුල් වුනත්, පැණි රස වුනත්
අපිට මොකෝ..දැන්නේ දන්නේ කොලෙස්ටරෝල් නසන බෙහෙතක් බව..
පැණි සියඹලා ගහක් දෙකක් ගමේ අනිවාර්යෙන්ම තිබුනා..ඇඹුල්
වුනත් අපේ මොකෝ..බඩේ තව ඉඩ තියෙනවා..
කොහොල්ලෑ ලාවුළු
ලාවුලු වර්ග දෙකක් තියෙනවා එකක් ඉදුනාම ලෙල්ල කහපාට වෙන එක අනික ඉදුණු ගෙදියේත් ලෙල්ල කොළ පාට මේ දෙකම බි වර්ගයේ විටමින්, ප්‍රති ඔක්සිකාරක පිරුණු පළතුරක්..අමුගේදියේ සුදුපාට කිරි සහිතයි ඉදුණු ගෙඩියේ ඇලෙන සුළු ගතියක් තිබෙනවා..ගස් අනුව රස වෙනස් වෙනවා..ගමේ තියෙන රස ගස් ගැන හොඳ අවබෝධයක් ඒ කාලේ අපට තිබුනා .. පැසුණු ගෙඩි එළවළුවක් ලෙස උයන්නත් පුළුවන්..පරිප්පු වගෙයි.
රත්මල් ගෙඩි
රතුපාට ලස්සන රත් මලේ අනාගතය බිහිකරන්න තියෙන චුටි දම්පාට ගෙඩිය කුරුල්ලොත් කෑවා ..අපිත් කෑවා ..ළඳු කැළෑ වල යායට පඳුරු තිබුණු නිසා අපි ගෙඩියක් දෙකක් කෑවට එතරම් ලොකු පරිසර හානියක් සිදු වුනේ නැහැ.
මාදං
මාදං කඩන්න නම් ගස් නගින එකෙක් ඕනේ මයි..ගස් නගින කොල්ලන්ට තැන තියෙන්නේ එහෙම වේලාවට්.. තවත් කට දම් කරන රසවත්, ඒ වගේම ප්‍රති ඔක්සිකාරක පිරුණු ඖෂධිය පළතුරක්.
එල දං
දං වර්ග බොහොමයක් තිබුනා..මේ කට දම් පාට නොවෙන වර්ගය..
කිරල

කඩොලාන අසල සිටින දරුවන්ගේ පළතුරක්..එළවළුවක් ලෙස පිසින බවද අසා ඇත
අට්ටික්කා
අට්ටික්කා ගහ හැදෙන්නේ ගං ඉවුරු වල ගඟට නැමිලා. කඳ පුරා දොඹ ගෙඩි තරම් කොළ පාට ගෙඩි හැදෙනවා. අමුවෙන් කහට රසයි. අපි ගඟේ නාන්න ගියාම බාල්දියට කඩාගෙන ගෙදර ගේනවා. ගෙනාපු ගමන් තම්බලා ලුණු දාලා අමු පොල් එක්ක කනවා. බඩ පිරෙනවා. හොදට මලපහ යනවා.ඇඟ පත ප්‍රබෝධමත් වෙනවා. කහට ගතිය නිසා අනිවාර්යෙන් ප්‍රති ඔක්සිකාරක පිරුණු ගෙඩි වර්ගයක්.
පලුකන්
බෝවිටියා දං "පළුකන් " වාරේ මේ නොවැ සුදු නංගෝ....අය්යලා නංගිලා කලේ පැනලා කාපු තවත් ගඩාගෙඩි වර්ගයක්..සොයන්නාට සම්බේ වේ කියා පින්තුරෙකුත් ලැබුනලු ඉතින්...
දමින්න
තවත් ඉතා රසවත් ගඩා ගෙඩියක් දමින්න ..මේ වන විට නම් සොයා ගැනීමට නැති තරම්..ප්රථිඔක්සිකාරක ගුණ පිරි පලතුරකි.
කොහොල්ලෑ ලාවුළු
ලාවුලු වර්ග දෙකක් තියෙනවා එකක් ඉදුනාම ලෙල්ල කහපාට වෙන එක අනික ඉදුණු ගෙදියේත් ලෙල්ල කොළ පාට මේ දෙකම බි වර්ගයේ විටමින්, ප්‍රති ඔක්සිකාරක පිරුණු පළතුරක්..අමුගේදියේ සුදුපාට කිරි සහිතයි ඉදුණු ගෙඩියේ ඇලෙන සුළු ගතියක් තිබෙනවා..ගස් අනුව රස වෙනස් වෙනවා..ගමේ තියෙන රස ගස් ගැන හොඳ අවබෝධයක් ඒ කාලේ අපට තිබුනා .. පැසුණු ගෙඩි එළවළුවක් ලෙස උයන්නත් පුළුවන්..පරිප්පු වගෙයි.
රත්මල් ගෙඩි
රතුපාට ලස්සන රත් මලේ අනාගතය බිහිකරන්න තියෙන චුටි දම්පාට ගෙඩිය කුරුල්ලොත් කෑවා ..අපිත් කෑවා ..ළඳු කැළෑ වල යායට පඳුරු තිබුණු නිසා අපි ගෙඩියක් දෙකක් කෑවට එතරම් ලොකු පරිසර හානියක් සිදු වුනේ නැහැ.මාදං
මාදං කඩන්න නම් ගස් නගින එකෙක් ඕනේ මයි..ගස් නගින කොල්ලන්ට තැන තියෙන්නේ එහෙම වේලාවට්.. තවත් කට දම් කරන රසවත්, ඒ වගේම ප්‍රති ඔක්සිකාරක පිරුණු ඖෂධිය පළතුරක්.
එල දං දං වර්ග බොහොමයක් තිබුනා..මේ කට දම් පාට නොවෙන වර්ගය..
කිරල

කඩොලාන අසල සිටින දරුවන්ගේ පළතුරක්..එළවළුවක් ලෙස පිසින බවද අසා ඇත
අට්ටික්කා
අට්ටික්කා ගහ හැදෙන්නේ ගං ඉවුරු වල ගඟට නැමිලා. කඳ පුරා දොඹ ගෙඩි තරම් කොළ පාට ගෙඩි හැදෙනවා. අමුවෙන් කහට රසයි. අපි ගඟේ නාන්න ගියාම බාල්දියට කඩාගෙන ගෙදර ගේනවා. ගෙනාපු ගමන් තම්බලා ලුණු දාලා අමු පොල් එක්ක කනවා. බඩ පිරෙනවා. හොදට මලපහ යනවා.ඇඟ පත ප්‍රබෝධමත් වෙනවා. කහට ගතිය නිසා අනිවාර්යෙන් ප්‍රති ඔක්සිකාරක පිරුණු ගෙඩි වර්ගයක්.පලුකන්
බෝවිටියා දං "පළුකන් " වාරේ මේ නොවැ සුදු නංගෝ....අය්යලා නංගිලා කලේ පැනලා කාපු තවත් ගඩාගෙඩි වර්ගයක්..සොයන්නාට සම්බේ වේ කියා පින්තුරෙකුත් ලැබුනලු ඉතින්...
දමින්න තවත් ඉතා රසවත් ගඩා ගෙඩියක් දමින්න ..මේ වන විට නම් සොයා ගැනීමට නැති තරම්..ප්රථිඔක්සිකාරක ගුණ පිරි පලතුරකි.
විශේෂ ස්තුතිය: ඇනට් ෆොන්සේකා, බුද්ධිනි රුහුණුවැව මහත්මීන්ට, නිමලවංශ දසනායක සහ ටි බි විජේතුංග මහත්වරුන් ඇතුළු මතක පොතේ පිටු පෙරළු අරුණාලෝකය පිටුවේ සාමාජික සාමාජිකාවන්ට
රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන් සහ බණ්ඩාර වරකාගොඩ මහතා













































