Saturday 24 September 2016

රක්තහීනතාවය නොහොත් නීරක්තිය (Anaemia)






 කවුරුත් දන්නා භාෂාවෙන් කීවොත් ලේ මදිකම. මේ රෝගය හැදෙන්නේ ශරීරයට අවශ් කරන  යකඩ ප්රමාණය අඩු වීම හේතුවෙන්. අප ගන්නා ආහාර වල ඇති යකඩ උපකාරී කරගෙන තමා රතු රුධිර ශයිල නිපදවීම සිදුවෙන්නේ. රතු රුධිර ශයිල වල උපකාරයෙන් තමයි ශරීරයයේ පැවැත්මට අවශ් ඔක්සිජන් සිරුර පුරාවට ප්රවාහනය කෙරෙන්නේ. ඉතින් රතු රුධිර ශයිල  ප්රමාණය අඩු වූ විට ශරීරයට ඔක්සිජන් මද වීමෙන් තමයි රක්තහිනතාවයේදී අපට දැනෙන අපහසුතා මතුවන්නේ.


නීරක්තියේ ප්රභේද නැතහොත් වර්ග ගණනාවක් තිබෙනවා. නමුත් බෙහෙවින් බහුලම වර්ගය තමයි යකඩ මද වීම නිසා ඇතිවන නිරක්තිය. විටමින් බී අඩුවීම නිසා සහ වෙනත් පිළිකා වැනි සංකූල රෝග හේතුවෙනුත්, ජානමය හේතු නිසා ඇතිවන නිරක්ති විශේෂත් තිබෙනවා. නමුත් අප මුලින්ම මේ බහුල හේතුව වන යකඩ ඌනතාවය ගැන අවධානය යොමු කරමු.

ප්රධාන රෝග ලක්ෂණ :



  • ·       අධික වෙහෙස සහ ශක්තිය මදකම, නිදිමත හෝ අලසබව. (Lack of energy, lethargy, tiredness)
  • ·       ස්වසන අපහසුව නැතහොත් ඉක්මනින් හති වැටීම. (Shortness of breathing)
  • ·       සුදුමැලි බව (Pale complexion)
  • ·       හදවත ගැහෙන බව තමන්ට දැනීම (Palpitation)


වෙනත් රෝග ලක්ෂණ:


  • ·       නිතර හිසරදය (Headache)
  • ·       රසය දැනීමේ වෙනස්කම් (Altered taste)
  • ·       සමේ කැසීම (Itchiness)
  • ·       හිසකෙස් ගැලවීම (Hair Loss)
  • ·       ගිලීමේ අපහසුතා (Swallowing Difficulty)
  • ·       මුඛයේ ඇතිවන තුවාල (Angular stomatitis)
  • ·       නියපොතු හඬක ආකාරයට හැඩය වෙනස් වීම (Spoon shaped nail)


යකඩ අඩු නිරක්තියට හේතූන් මොනවාද?


  • ·       දරුවන් සාදන වයසේ පසුවන ගැහැණු අයට නම් ප්රධානම හේතුව වන්නේ අධික ලෙස මාස් ශුධ්ධියේදී රුධිරය පිටවීම, ප්රසවයේදී රුධිර වහනය හෝ  දරුවන්ට කිරි දීම.
  •  
  • ·       මාස් ශුද්ධිය නතර වුනු වයසේ ගැහැනුන්ට හෝ පිරිමින්ට මිට හේතුව වන්නේ බොහෝවිට ආහාර මාර්ගයේ ඇතිවන තුවාල සහ ලේ ගැලීම්. උදාහරණආමාශයේ තුවාල, අර්ශෂ් වැනි රෝග
  •  
  • ·       දිනපතා ආහාරයේ යකඩ මද බව හෝ ආහාරයෙන් ලබා ගන්න යකඩ අවශෝෂණයට ශරීරයේ ඇති නොහැකියාවන් නිසාත් නිරක්තිය ඇතිවිය හැකියි.

  • තද බල ලෙස ඇති වන පණු ආසාධන නිසා, විශේෂයින්ම පටි පණු ආසාධන වලදී 


බහුල නොවන හේතු:


  • ·       ස්ටිරොයිඩ් වර්ගයේ නොවන ආසාධන වලට සහ වේදනාවට දෙන ඖෂධ  Non-steroid anti-inflammatory medicine example: Ibuprofen, Naproxen
  •  
  • ·       නිදන්ගත වකුගඩු රෝග Chronic Kidney Disease
  •  
  • ·       ආහාර මාර්ගයේ පිළිකා Gastro-intestinal cancers
  •  
  • ·       හදිසි අනතුරකදී හෝ ශල් කර්මයකදී වන ලේ ගැලීම. Blood loss
  •  
  • ·       ලේ පරිත්යාග කිරීම Blood donation


ප්රතිකාර කිරීම:

·       දරුණු ලෙස රුධිරය මද වීමකදී රුධිරය ලබාදීම ඉක්මනින් කල හැකි ප්රතිකාරයයි


  • ·       හේතුව සොයා හේතුවට ප්රතිකාර කිරීම ඉතා වැදගත්
  •  
  • ·       යකඩ පෙති - මෙය තමන්ගේ රුධිර මට්ටම අනුව වෛද් නියමය අනුව පමණක් කල යුතුයි
  •  
  • ·       නිතිපතා රුධිරය පරික්ෂා කිරීමෙන් ප්රතිකාර වල ප්රගතිය සොයා බැලීම
  •  
  • ·       යකඩ අඩංගු ආහාර දිනපතා ආහාරයට එක්කිරීම.



යකඩ අඩංගු ආහාර වර්ග:

·       කොළ වර්ග: නිවිති, සාරන, ගොටුකොල, මුකුණුවැන්න, කතුරුමුරුංගා , මුරුංගා කොළ ,තම්පලා වැනි අප භාවිතා කරන කොළ වර්ග වල යකඩ බහුලව අඩංගුයි.

\


·       කොළ පැහැති  එළවලු. දඹල, බණ්ඩක්කා , මෑ කරල්, බෝංචි, අවර, ගෝවා, කරවිල 



      ධාන් වර්ග: මුංඇට , පරිප්පු, කඩල, කව්පි,කොල්ලු, කුරක්කන් පිටි  


   ඇට  වර්ග : රටකජු, කජු·      





·       බිත්තර

·       මාළු වර්ග

මස් වර්ග


    පලතුරු  වර්ග. දෙහි දොඩම්, ගස්ලබු, අඹ, දෙළුම් , ගමේ ගොඩේපලතුරු වර්ග  





රතුපාට දේශීය සහල් වර්ග 


    




යකඩ අවශෝෂණයට බාධා කෙරෙන ආහාර වර්ග :


 ප්රධාන ආහාරය දිරවා අවසන් වන තුරු හැකිනම් මේ ආහාර ගැනීමෙන් වලකින්න

  • ·       තේ සහ කෝපි
  • ·       කැල්සියම් බහුල ආහාර උදාහරණ : කිරි
  • ·       ආම්ලිකතාවය වලකන ඖෂධ example: Gaviscon


සිංහල වෙදකමේදී රක්තහීනතාවයට ප්රතිකාර පිණිස ගත් ඖෂධවර්ග :


අළු පුහුල් , නෙල්ලි, උළුහාල්, තිප්පිලි, සූදුරු, කලාඳුරු, කෝමාරිකා, රසකිඳ, අරළු, ඉඟුරු, වෙනිවැල්ගැට

මේ දේවල් තනි තනිව භාවිතයෙන් වුව ලේ මද බව  සුව කල හැකි බව මගේ අත්තම්මාගෙන් අසා තිබෙනවා. මේ පිලිබඳ දන්නා වේද මහත්තුරුන් මිට නිසි පිළිතුරු ලබා දෙති බලාපොරොත්තු වෙනවා

Reference: Iron Deficiency Anemia (Eric Ogden 2014)

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට

චායාරූප : අන්තර්ජාලයෙන්
















2 comments:

  1. මෙය සැලකිය යුතු පිරිසකට ඇති ප්‍රශ්නයක් වුවත් රෝගය ගැන නිවැරදි අවබෝධයක් නොමැති නිසා ප්‍රතිකාර ගැනීමට පමා කිරීම සහ නොසලකා සිටීම නිසා ගැටළු රැසක් ඇති කර ගන්නවා. එ ගැන කාහටත් ප්‍රයෝජවත් වන ලෙස මෙවැනි සවිස්තාරමක ලිපියක් සකසා පලකල ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි. බෙහෙවින්ම පිං. නිරෝගී බව ලැබේවා !

    ReplyDelete
  2. සුපුරුදු පරිදි දැනුම රැසක්.. රෝගය, වැළඳීමට හේතු, අපේ විදියට වැලැක්වීම හෝ බෙහෙත් .. වටිනා ලිපියක්.

    ReplyDelete