Friday 2 September 2016

ඔබත් අවුරුදු 40ට වැඩි අවිවාහක/ දික්කසාද පිරිමියෙක්ද?


 එසේනම් ඔබ පහත සඳහන් සෞක්‍ය අනතුරු ඉදිරිපස සිටි.






1 පර්යේෂණ දත්ත වලට අනුව වයස අවුරුදු 40ට ඉහල අවිවාහක හෝ දිකසාද වූ පිරිමින් හර්දයාබාධා  වලින් මිය යාම විවාහක අයගේ සම්භාවිතාවයට වඩා ඉතා ඉහලයි. මෙයට හේතුවන සමාජ කාරනා බොහොමයක් ඇතත් ඉන් පළමු වන්න වන්නේ විවාහකයින්  සමාජය ඇසුරු කිරීම අවිවාහකයින්ට වඩා වැඩිවීමයි. එනක කාරනාව අවිවාහකයින්ගේ ආහාර, දුම්බීම සහ මත් පැන් පානය විවාහකයින්ට වඩා සෞක්‍යයට අහිතකර වීමයි.




2 අද ලොව අලුත්ම මානසික ගැටලුව ලෙස හඳුන්වන්නේ ''අන්තර්ජාල ඇබ්බැහිවීමේ ආබාධය '' (Internet addiction disorder ). මේ රෝගය වැඩිවශයෙන්ම පවතින්නේ වයස අවුරුදු හතලිහට වැඩි අවිවාහක හෝ දික්කසාද වූවන්ට. මේ නිසා මානසික අත්තතිය, මිට අමතරව එකතැන දිගුකලක් හිඳගෙන සිටීමෙන් ඇතිවන ගෙලෙහි ආබාධ, කොන්දේ ආතතිය, බර වැඩි වීම, දියවැඩියාව, හර්දයාබාධ වැනි රෝග වලට ලක් වීමත්, අත්වල ඇඟිලි පුරුක් වල ඇතිවන සන්ධි ප්‍රධාහයටත් ලක්විය හැකියි.




3 ලොව දැනට වාර්තා වන පරිදි වැඩිපුරම සමේ පිළිකා ඇතිවීම වන්නේ වයස 40ට වැඩි අවිවාහක පිරිමින්ටයි. පර්යේෂණ දත්ත වලට අනුව අවිවාහක පිරිමින් අනවශ්‍ය ලෙස හිරු එලියට ලක්වීම, සම ගැන උනන්දුවක් නැතිවීම මෙයට හේතුවයි.



4 අධික දුම්පානය සහ ඒ හා සම්බන්ධ ලය පිළිකා, ස්වසන පද්ධතිය අවහිර වීමේ රෝගය සහ ඇදුම ඇතිවීමේ දීම අවධානය ඇත්තේ වයස අවුරුදු 40ට වැඩි අවිවාහක පිරිමින්ටයි.



5 සෞක්යමත් නොවන ආහාර රටාවන්ට හුරු වීම නිසා බර වැඩිවීම, දියවැඩියාව සහ හර්දයාබාධ බහුල අවුරුදු 40ට වැඩි අවිවාහක පිරිමින්ට සහ දික්කසාද වූවන්ටයි



6. සමාජ රෝග වැඩිපුරම ඇතිවන්නේත් මේ කොටසටම වන බව සඳහන් වේ. හේතුව පැහැදිලි කල යුතු නැත.


7 ප්රෝස්ටේට් ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාවය වයස අවුරුදු 40ට වැඩි පිරිම්න්ගේ සම්භාවිතාවය විවාහක පිරිමින්ට වඩා සාපේක්ෂව වැඩි බවකුත් කියවෙනවා.



8 සොයා නොගත් සහ ප්‍රතිකාර නොකරන ලද  'මානසික අවපිඩනය' Mental Depression බහුල වන්නේ වයස අවුරුදු 40ට වැඩි අවිවාහක පිරිමින්ටයි. මිනිස් මනසට ලැබිය යුතු නිරන්තර වෙනස් වීම නැතිවීමෙන් මානසික ඒකාකාරී බව අධික වීම මෙයට ප්‍රධාන හේතුවයි.

9  ප්‍රවේසම් නැතිව සිදුකරන යන්ත්‍ර භාවිතය හෝ රිය පැදවීම නිසා හදිසි අනතුරු වලට ලක්වීමේ සම්භාවිතාවය වැඩි වයස අවුරුදු 40ට වැඩි අවිවාහක හෝ දික්කසාද පිරිමින් අතරයි.


10. අක්මාවේ පිළිකා සහ අක්මාව ක්‍රියාකාරිත්වය අකාලයේ අඩුවීමට භාජනය වන්නේත් වයස අවුරුදු 40ට වැඩි අවිවාහක පිරිමින්, පාලනයක් රහිතව මත්පැන් හෝ ඖෂධ වර්ග භාවිතය මිට හේතුවයි.

ඔබත් වයස අවුරුදු 40ට වැඩි අවිවාහකයෙක්ද? දිගු කල් ජීවත්වෙන්නට හෙටම විවාහයක් කර ගන්න.

ඔබේ විවාහය අසතුටුදායකද? අපහසුවෙන් වුව එය රැක ගතගොත් ආයු කාලය දික්වේවි

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදන්නා ශිල්පීන්ට ගෞරවය හිමිවේ)


No comments:

Post a Comment