සහලෝල උණ අරං ..ඒ මදිවට කැස්ස. ශීත කාලේ යුරෝපයට ආවේනික '' Winter Flu'' කියන වයිරස උණ. ලොකු බ්ලැන්කෙට්ටුවක් පොරෝගෙන ගේ මැද්දේ උඳුන ලඟට වෙලා ගිනි තපිද්දී උණ විකාරෙටදෝ මන්දා මගේ හිතටත් ලොවෙත් නැති ලොවි ගහෙත් නැති සිතිවිලි පාත් වෙනවා..
මේ කාලේ අපේ ඈයොන්ට තදේටම
දේශපාලන උණ..ඒ අතරේ ජනාධිපති ලොක්කටත් හොඳටෝම උණ. මේ දිනවල එතුමාගේ බොහෝ ප්රකාශන උණ විකාරෙන් මිස, රටක නායකයෙක් පියවි සිහියෙන් කියන කරන දේවල් නොවෙයි. එතුමා පෙනෙන තරු ගනිද්දී,
අනෙක් අය ඊයේ රෑ හඳ නොපෙනුන
උණෙන් දුක් ගී ගයනවා..
අවශ්‍ය කෙනෙකුට ගන්නවානම් උණ වර්ග ගණනින් අපමණයි. කවුරුත් අම්බානකට බය ඩෙංගු උණ, මි උණ මේ දවස්වල ලාබෙට
තිබ්බට,
අපි හිච්චි කාලේ ඒ වගේ බහුලව ගන්න තිබුනේ මැලේරියා උණ, බරවා උණ වගේ මේ කාලේ වැඩිය නැති උණ
වර්ග.
යුරෝපයේදී මා දුටු ලොකුම උණ නම් සවාරි උණ (Holiday Fever). සුද්දන්ට එක තැන හිඳීන්නට බැරි මේ උණ මෙවන් රටවලට සංක්රමණය වන අපටද පහසුවෙන් බෝවන මිල අධික ප්රතිකාර නැති උණක්. ජනප්රිය වීමේ උණ, වේදිකා ගත වීමේ උණ, මෝස්තර උණ, තල් උණ වැනි මෙකී නොකී උණ වර්ග අතර මතක පොතේ සදා අමරණිය වන්නේ
කිරිහාමිගේ කැත්තට වැළඳුන උණයි..
වෙල් නියරේ ඉර අව්වේ තිබුන කිරිහාමිගේ උණ ගැනුණු කැත්ත සුව කරන්නට වෙදමාමා කැත්ත දොළට විසි කල නිසා නැන්දම්මාට උණ ගත් කල ඔසවාගෙන ගොස් දොළට විසි කිරීම ගැන උඩ පැන පැන හිනා වුනු අපි, බටහිර දොස්තර මහතා උණ බහින්න සිසිල් ජලයෙන් සෝදා, සිසිල් පැන් පානය කර, විදුලි පංකාවක් යට හුළං වදින්නට ඉන්නට යයි කී විට සුවච කීකරු බලු කුක්කන් සේ ඒ අවවාද ඉස් මුදුනින් පිළිගත්තෙමු..
කිරිහාමි මෝඩයෙකු වී හන්දියේ බටහිර දොස්තර මහතා උණෙන්
වීරයෙකු වුයේ එකම තියරියකටය…
දොස්තර මහතා මොනවා කීවත් අපට නම් උණට ප්රතිකාර කෙරුනේ කිරිහාමිගේ වෙදමාමා කිරිහාමිගේ නැන්දම්මාට ප්රතිකාර කල හැටියටමය..
වැහි කාලයට වතුර එකතුවන වෙල් මිදුල් වල තෙමි නටන කුඩා අපට උණ ගැනීම එදිනෙදා ජිවිතයේ
සුලබ දෙයක්. හච්චිම් දෙක තුනක් හැර, රෑ කෑම පෙරැත්ත නොකර ඇඟමැලි කැඩෙන අප දෙස බලා රෝග නිර්ණය කරන අත්තම්මා රෑ බත පිසීමෙන් පසු කසාය හිඳින මුට්ටියට කොත්තමල්ලි, බටුමුල්, පත්පාඩගම්, ඉඟුරු, තිප්පිලි සහ වතුර පොල්කටු හතක් එක්කර ලිප තබන්නේ නිරායාසයෙන්..
නළලට අත තබා උණ ගණනය කරන ඇය වැඩිපුර රෙදි කීපයකින් හිස සිට පා තෙක් පොරොවා, තවත් සිතල නම් ලිප අයිනට වී ගිනි තපින්නට සලසනවා මිස ඇල් වතුරෙන් ඇඟ මුණ සේදීම, ඇල් වතුර පානය, සිහිල් සුළඟට නිරාවරණය වීම ඊළඟ දින කීපයේ අපට තහනම්ය.
සිතල යයි සම්මත බණ්ඩක්කා, වම්බටු වැනි ආහාර ඒ දින කීපය තුල නිවසේ පිසීම තහනම් වන අතර සිසිල් පැන් හෝ තැඹිලි කුරුම්බා ගස් දෙස බැලීමත් අපට අකැපය. හොඳට දෙහි දමා හදන ලුණු මිරිසක්, කිරිහොද්දක් සමඟ පිසෙන
බෙරි බතක් හෝ අත්තම්මාගේ කෝකටත් තෛලය වන තැම්බුම් හොද්ද සහ කොත්තමල්ලි කසාය වඩි දෙක තුනකින්
ඊළඟ දිනයේ පාසැල් යන්නට තරමට සියලු
රෝග සමාරණය විය.
අත්තම්මාට සුව කරන්නට බැරි උණ අපට හැදුනේ ඉතාම කලාතුරකින්. එහෙව් විටක උණ ගැනුමට හේතුව දුර දිග ගොස් ඇති බව සහ සුද්ධෙන් දැන ගත් ඇය ගමේ වෙද මහත්තයා ලඟට අප ගෙන යාමට ඇයම
ඉදිරිපත් වීම හෝ බොරැල්ලේ නෝනා වාට්ටුවට
අප ගෙන යන්නට දෙමව්පියන්ට අවසර දීම සිදුවේ..
විවුර්ථ ආර්ථිකය අළු ගසා දමා අප ආක්රමණය කිරීමත් සමඟ, අත්තම්මලාගේ, වෙද සියලාගේ
උණ ප්රතිකාර ලිප් බොක්කට
තල්ලු වී යන්තම් කිඹුහුමක් යද්දීම හන්දියේ දොස්තර මහතාගෙන් මුදල් ගෙවා කැත්තට උන හැදුනු විට කල
ප්රතිකාර ගන්නට තරම් අපි මොඩ් වුනි..
සිතල වතුරෙන් නෑම- ඇඟ මුණ
සේදීම, සිසිල් පැන්
පානය, පංකාවක් යට සිටීම වැනි අවවාද පෙළක් සමඟ වයිරස උණට දවස් පහක් පමණ ගන්නට නිල්-කහ පොෂ් පෙනුමක් ඇති ප්රතිජීවක කරල් අහුරක්ද ලැබුණි..
අපි මොඩ්
වෙලා කොච්චර මෝඩ වෙලාද කියලා හිතෙන්නේ සුද්දා අංශක තුන්සිය හැටක් කැරකිලා ආපහු හිටපු තැනටම ඇවිත් අපට කියනවා
උණ ගැනුනාම
උණුසුමෙන් තියන්න, උණුසුම් පානයන් දෙන්න ඒ වගේම සිසිල් ජලයෙන් සෝදන්න එපා කියලා. (Keep Warm, warm drinks, No more cold sponge or cold drinks)
පෙරලුනු පොට හොඳයි කියලා ඒ කතාවට ඉතිහාසයේ කල පරික්ෂනයකුත් එකතු කරනවා. 1857-1940 කාලයේ ජිවත් වුනු ජුලියස් වැග්නර් කියන බන්ධනාගාර වෛද්යවරයා ඔහු යටතේ සිටි සිපිලිස් ආසාධනයෙන් පෙලෙන රෝගීන් සුව කරන්න උණ යොදාගත්තළු.
මේ වෛද්යවරයා සිෆිලිස් රෝගීන්ට මැලේරියා පරපෝෂිතයා
එන්නත් කර ඔවුන්ට කෘත්රිමව මැලේරියා උණ හදනවා..ඔවුන්ට සහලෝලා මැලේරියා උන හැදෙන්න සලස්වා මැලේරියාවට ක්වීනින් ප්රතිකාරය ලබා දී සුව කල පසු සිපිලිස් ඉබේම සුව වෙලාලු. පරීක්ෂණයේ නිගමනය උනේ රුධිරය
අධික උණුසුමකට පත් වීමෙන් සිපිලිස් රෝගකාරකය පිලිස්සී මිය ගොස් සිපිලිස් සුව වීම වගේ දෙයක්. මේ කාලයේ මේ වෛද්යවරයා වෙනත් ආසාධන හොඳ කරන්නත් උණුසුම් තටාක වල ගිල්වා තැබීම, සෝනා ප්රතිකාර යොදා ගත්තලු..එයා හරිලු..දැන් අපිත් එහෙම කරමුලු...
උණ කියන්නේ රෝග ලක්ෂණයක් මිස රෝගයක් නොවෙයි. සිරුරට ඇතුළුවන ආගන්තුක ජිවියෙකුගෙන් සිරුර
බේරා ගන්න ස්වභාවිකව ඇතිවන අභ්‍යන්තර යුද්ධයේ උණුසුම ..ආසාධනයේ ප්රමාණය අනුවඋණ අඩු වැඩි වෙනවා.
සහලෝලා උණ ගන්නේ තදබල ආරක්ෂාවක් අවශ්‍ය නිසා. යන්තම් උණ ගන්නේ එච්චර ලොකු අසනීපයක් නැති නිසා..යන්තම් උණ ගත්තත්, සහලෝලා උණ ගත්තත් ඒ උණ අවශ්යතාවයක්. කැති ප්රතිකාරය කරලා උණ අඩු කිරීමෙන් ස්වභාවික ආරක්ශාව නැති
වෙනවා කියලා ඔන්න දැන් සුද්දා කිව්වා..
සිතල වතුරෙන් සෝදලා උණ බැස්සුවාම
පුංචි දරුවන්ට උණ වලිප්පුව හැදෙන එක වලක්වගන්න පුළුවන් කියලත් හන්දියේ දොස්තර මහත්තයා කිව්වා...නමුත් දැන් සුද්දත් කියන්නේ අත්තම්මලා කිව්වා වගේම උණ
වලිප්පුව වලක්වන්න උණ බැස්සුවත්
බැහැ කියලම තමයි.. මොකද උණවලිප්පුව හැදෙන්නේ උණ හින්දා නෙමෙයි උණ ගැනෙන්න හේතු වුන ආසාධනය ශරීරයේ සාමාන්‍ය ප්රතිශක්ති පද්ධතියට පාලනය කරන්න බැරි තරම් දුර දිග ගියාම නිසා..
දැන්නං මේක හරි යන්න ඕනේ..අත්තම්මලා මෝඩ කමට කිව්වා වගේද හම්මට සුද්ද කිව්වම :D :D
අත්තම්මා අපට දුන්නු ආහාරමය උණ ප්රතිකාර කීපයක්
2 ඉඟුරු තේ
කිතුල් හකුරු සමඟ
4 දෙහි දොඩම් නාරන් යුෂ
8 ලිපේ පුළුස්සපු සුදුළූණු
9 පුළුස්සපු අමු පොල්
10 රණවරා, බෙලි මල් වැනි පාන වර්ග
උණ බහින්න මේ ප්රතිකාර උපකාරී වු හැටි කෙටියෙන් කිවොත්..
ඉඟුරු කොත්තමල්ලි දෙක
වෛරස සහ බැක්ටීරියා මර්ධනයට ඉදිරියෙන්ම
සිටින මුලුතැන්
ගෙයි පහසුවෙන් සොයාගත හැකි
දේ. උගුරේ සහ මුඛයේ ශ්රාවයන් ඝන
කර බැක්ටීරියා/වෛරස දැලක් එලන්න සමත් මේ දෙවර්ගයම සමත්. දෙහි දොඩම් සුවකිරීමේ ගුණ ඇති විටමින් සි අධික ආහාර.
පොල් ආසාධන වලින් වැලක්වීමට, සිරුර පිබිදවීමට සමත්. තේ සහ ඖෂධිය පාන ප්රති ආසාත්මක, ඔක්සිකාරක ගුණ සහිතයි. මීපැණි, හකුරු උගුරේ ආසාධන වලක්වා පහසුව සැලසීමට. සුදුලූණු, උළුහාල් , කරපිංචා සහිත ඖෂධිය තැම්බුම්
හොද්ද ආහාර මාර්ගය පිරිසිඳු කර ශරීරයෙන් ධුලක ඉවත් කරනවා.
බත් කැඳ, බෙරිබත් දිරවීම පහසු කර ආහාර මාර්ගයට අඩු ශක්තියක් යොදවා ආසාධනය සුවවීම සඳහා ශක්තිය ඉතුරු කිරීමට උදව් වෙනවා..
රේණුකා විමලරත්න
ඔටුන්න හිමි කුමරුන්ගේ දේශයේ සිට..
චායාරූප අන්තර්ජාලයෙන්
References
Great
ReplyDeletethank you
ReplyDeleteAn excellent post !
ReplyDeleteThank you
Delete❤️❤️🙏
ReplyDeleteThank
ReplyDeleteස්තුතියි 🙏
ReplyDelete