Wednesday 28 September 2016

සැදෑ සමයයි ජිවිතේ- ගෙවන්නේ මා අද දිනේ... දෘෂ්ඨි ආබාධ

සැරයටියෙන් යනෙන තුරාවට සංසාරේ එක මඟ යන්නට පැතූ  අපේ දෙමව්පියන්ගෙන් බොහෝ දෙනෙක් අද දිවි ගෙවන්නේ තනියම..තමන්ගේ  ආදරබර බිරිඳ හෝ සැමියා ඔවුන් දමා ගොසින්. තරුණ වියේ දහසක් දිවි කම්කටොලු මැද දරුවන් ලොකු මහත් කරන්නට වෙහෙසුණු ඔවුන් බොහෝදෙනෙකුට කම්කටොලු වලින් මිදෙන්නටත් පෙර තම ජිවන සහකරුවා හෝ සහකාරිය නැතිවෙලා

වනයේ වේදනාව දැනෙන්නේ වනේ ඇති එකාට කීවාක් මෙන් මේ දුක පාළුව දැනෙන්නේ ඔවුන්ටම මිස පිටතින් බලන අපට නොවේ. මානසිකව ඇතිවන මේ හුදකලාව, භෞතිකව ශරීරයේ ඇතිවන දිරායාම් සහ ආර්ථිකව අනුන් මත යැපෙන්නට වෙන වයසක දෙමව්පියන්ගේ අසරණ බව අද දරුවන් කි දෙනෙකුට වැටහෙනවා දැයි  සිතෙන්නේ මහමඟ අතරමන් කර යන දෙමාපියන්ගේ කතා මාධ් තුලින් දකින විටයි.

 ජිවිතයේ සැදෑ සාමය ගෙවන ඔවුන්ට ශාරීරිකව ඇතිවෙන වෙනස්කම් ගැන තරුණ දූ දරුවන්ට ඇති දැනුම හා අවබෝධය අඩුයි.. ගැන ඔවුන්ට දැනෙන්න පටන් ගන්නේ ඔවුන් දිනෙක වයසට පැමිණි දිනෙක පමණයි. නිසා ඔවුන් තවමත් සිතන්නේ ජිවිතේ මෙච්චර දේ කර ගත් අයට ඔය බෙහෙත් ටික ගන්න බැරිද වැනි සුළු අදහසකින්.. 

ගඳ සුවඳ දැනීමේ වෙනස් කම් සහ රසේ වෙනස අඳුනා ගැනීමේ අපහසුව සමඟම ඇස පෙනීමේ වෙනස්කම් නිසා කල්ගතවූ ආහාර ගැනීමේ අවධානයට ඔබේ තනිවුනු  දෙමව්පියන් ලක්වන බව ඔබට යන්තම්වත් සිතුනාද? අසරණ දෙමව්පියන්ට මේ සම්බන්ධව දොස් නැගීමට පෙර මොහොතක් නැවතී මේ ලිපි මාලාව කියවන්නට මා ඔබෙන් ආයාචනා කරනවා. මේ ලිපි පෙලෙන් මා උත්සාහ කරන්නේ වයසට යන දෙමව්පියන්ට ඇති ඔබට නොතේරෙන අපහසුතා පිළිබඳව පහදා දිමටයි.


 වයසට යාම පටන් ගන්නේ අවුරුදු 40 පසුවනවාත් සමඟමයි. සෙමෙන් ඇතිවන ශාරීරික වෙනස්කම් ගැන අවධානය යොමු කරන්නට මේ වයසේදී බොහෝ අයට කාලය නැහැ. ජිවිතයේ දරුවන්ගේ ගැටළු සහ අනෙකුත් සාමාජිය සහ වුර්තිය වැඩපල අතර තවමත් කාර්ය බහුල නිසා

නමුත් වයස 50 පසුවන විට සාමාන් ජිවිතයේ ඇතිවන අවිවේකි කම අඩු වීමත් සමඟ තමයි මේ ගැන පෞද්ගලිකව දැනෙන්නට පටන් ගන්නේ. තවත් අයට මෙය දැනෙන්නේ විශ්රාම ගියාටත් පසුවයි. අපට දැනී හෝ නොදැනී වයසට යාමේ ක්රියාවලිය සෑම තත්පරයකදීම සිදු වෙනවා.

මේ ක්රියාවෙදී  සම රැලි වැටීම හිස කෙස් සුදු වීම වැනි පියවි ඇසට පෙනෙන දේට වඩා ඉක්මනින්ම සිදුවෙන්නේ පියවි ඇසට නොපෙනෙන දැනීම් වල වෙනසයි. දෙමව්පියන් සම්බන්දව ඇතිවන කාරණාවලදී දරුවන්ට තේරුම් ගන්නම බැරි හේතුවත් මෙයයි. උදාහරණයක් ලෙස වයසක දෙමව්පියන් ආහාර අඩුවෙන් ගැනීම ගන්න පුළුවන්. දරුවන් සලකන්නේ මෙය ඔවුන්ට කරදර කිරීමට සිතා මතා සිදු කරන දෙයක් ලෙස.

 ''රාජ භෝජන දුන්නත් මේගොල්ලෝ කන්නේ නැහැනේ, අපි මොනවා කරන්නද?'' 

මැසිවිල්ලෙන් මෙලෙස කියන දරුවන් මන් අනන්ත වාරයක් අසා තිබෙනවා. නමුත් මිට සත්යමය හේතුව වයසත් සමඟ ඔවුන්ට දිවේ රස දැනීම අඩුවීම හා සමගාමිව ආහාර රුචිය අඩුවීම බව ඔබ දැන  සිටියාද? ඇස් පෙනීම සහ කන් ඇසීම, යමක් තේරුම් ගැනීමට දෙතුන් වරක් සිතන්නට සිදු වීම නිසා ප්රතිචාර දැක්වීමේ ප්රමාදය, අමතක වීම, සමේ දැනීමේ සන්නිවේදනය  අඩු නිසා ඇතැම්අබාධ දුරදිග යනතුරු ප්රතිකාර නොගැනීම තවත් උදාහරණ ලෙස දක්වන්න පුළුවන්.

මේ ලිපි මාලාවේ අද මා මුලින්ම සාකච්චා කරන්නේ  ඇස් පෙනීම වයසට යාමත් සමඟම වෙනස් වන ආකාරය


සාමාන්යයෙන් වයස හතලිහ පසු වන විටම ඇස පෙනීමේ වෙනස්කම් පටන් ගන්නවා. හතලිස් ඇඳිරිය නමින් හඳුන්වන මේ ආබාධයට හේතුව ඇසෙ කාචය වයසත් සමඟ ඝනකම් වීම නිසා එය අවශ් ලෙස හසුරුවීමේ හැකියාව අඩු වීමයි. මුලින්ම දැනෙන්නේ කියවීමේ අපහසුතා. ඇස් කණ්ණාඩියකින්  මේ වැරැද්ද නිවැරදි කල හැකි වුවත් කාලයත් සමග මේ නොපෙනීම වර්ධනය වන නිසා නිතිපතා ඇස් පරික්ෂා කිරීමෙන් හා සමගාමිව කන්නාඩි වෙනස් කර දීම අවශ්යයි




ආර්ථික හේතුන් මත සහ දරුවන්ට කරදර කිරීමට ඇති අකමැත්ත මත මේ අපහසුතාවය ලොවෙන් සඟවන ඔබේ දෙමව්පියන් විඳින අපහසුතා ගැන මදකට හිතන්න. ඔබ දෙමව්පියන්ගේ ඇස් කන්නාඩි අවශ් ලෙස වෙනස් කර දෙන්න අමතක කරන්න එපා. එය ඔවුන්ගේ ස්වාධිනත්වය පවත්වා ගැනීමට උපකාරී වීමෙන් ඔබෙත් ඔවුන්ගේත් බොහෝ ගැටළු අවම කර ගන්නට උදව් වේවි.



මේ තත්වය තවත් වර්ධනය වීමෙන් වයස 50 පසුවන විට දුර සහ ළඟ දෙකම නොපෙනී යාමේ අවධානය මතු වෙනවාඅ. එවිට ඔවුන්ට කන්නාඩි කුට්ටම් දෙකක් භාවිතා කිරීමට පවා අවශ් වන්න පුළුවන්. වයසක අය වැටීම  නිසා අස්ථි බිඳීමෙන් රෝහල්ගත කල අවස්තාවලදී වැටීමට හේතුව තමා ඔවුන්ට යන මාර්ගය නොපෙනීම. වයසට ගිය විට වැටීමෙන් මියයන තුරු ආබාධිත වීමේ, වේදනා වීමේ අවධානය අධිකයි. නිසි අවස්ථාවේ ඇස් කන්නාඩි සපයා දීමෙන් මේ අවධානය අඩු කර ගැනීමට පුළුවන් බව ඔබ මිට පෙර සිතුවාද?

කාලයත් සමඟ ඇසේ කාචය තව තවත් ඝන වීමෙන් තන්තුමය පටකයක් බවට හැරෙන්නට පටන් ගන්නවා. මේ අවස්ථාවේදී පෙනීම සම්පූර්ණයෙන් නැති වී අන්ධ බාවය ඇති වෙනවා. කියන්නේ ඇසේ සුද මතුවීම . ඔබට නුවණැස පැදීමට මුළු දිවියම කැප කල දෙමව්පියන් අන්ධ වෙන්නට හරින්න එපා

මේ අවස්ථාවේදී කාචයක් බද්ධ කිරීමෙන් ඔවුන්ට පෙනුම ලබා දෙන්න පැකිලෙන්න එපා. සුද ඇති වීමට අතීතයේ ප්රතිකාර කල අති දක්ෂ දේශීය වෙදදුරන් සිටි කාලයේ අපේ අත්තම්මලාගේ කාලයේ නම් දෙමව්පියන් අන්ධ වීමට දරුවන් ඉඩ හරියේ නැහැ. තවමත් පරම්පරාවල වෙදැදුරන් ඉතිරි වී ඇතැයි මා විශ්වාස කරනවා. කාච බද්ධය ඔබට ආර්ථිකව සිදු කල නොහැකි නම් එවන් අයෙක් වෙත හෝ  ඔබේ දෙමව්පියන් ගෙනයන්න.

වයසට යාමේදී ඇසේ කඳුළු ග්රන්ථි වල ඇතිවන වෙනස් කම් නිසා ඇස විජලනය වීමෙන් දෘෂ්ඨි පථය අඩු වීම නිසා අන්ධ භාවයට පත්වීම (macular degenaretion ) ඊළඟට ඔබේ දෙමව්පියන් ලක්වන පෙනීමේ අවධානය. මේ තත්වයේදී ඇස් කාචයේ මද ඇති ආලෝකය හඳුනා ගැනීමේ ශයිල විනාශ වී යනවා


මේ රෝගයේදී ඔවුන්ට ඇස බොඳ වීමෙන් හඳුනාගැනීම අපහසු වෙනවා. නැතහොත් පෙනෙන්නේ තිත් වැටුමක් ලෙස හෝ දර්ශනය මැද ඉරක් වැටි බෙදුණු ආකාරයට. හරියටම කියනවානම් රුපවාහිනි තිරයක තිත් මතුවීම හෝ මදි ඉරක් යාම වගේ. එවන් පෙනුමක් ඇති අයෙකුට ඇතිවන අපහසුතා ගැන කුමන කතාද

දහසක් ඔබේ ගැටළු අමතක කර මදකට නැවතී දෙමව්පියන් සමඟ කතා කරන්න. ඔවුන්ට පෙනීමේ අපහසුවක් ඇතිනම් එය කුමන ආකාරදැයි අසා වයිද්යවරයෙකු වෙත ගෙන යන්න.


ඔබේ දෙමව්පියන්ට දියවඩියා රෝගය ඇතිනම් රෝග පාලනය සිදු නොවූ විට ප්රතිකාර කල නොහැකි ලෙස සධාකාලික අන්ධබාවය (Diabetic Retinopathy )ඇති වීමේ  අවධානය තිබෙනවා. සම්බන්ධව ඔබේ අවධානය යොමුකරන්න. දියවැඩියාවට අවශ් ඖෂධ සහ ආහාර සම්පාදනය කරන්න

ඔවුන් අධික රුධිර පීඩනයෙන් පීඩා  විඳි නම් ඇසේ පීඩනය වැඩිවීමේ අවධානය (Glaucoma ) තිබෙනවා. රුධිර පිඩනයට ප්රතිකාර ලබා දෙන්න.

කඳුළු ග්රන්ථි වියලිමක් නම්  ඇසට වැලි වැටුනා මෙන් කැවීමක් සහ පිලිස්සෙන්නක් වැනි අපහසුවක් දැනෙනවා


නිතිපතා ඇස දෝවනය කිරීම අවශ්යයි. ෆාමසියෙන් බෙහෙත් අරන් දීමම පමණක් මදි. ඔවුන්ට එය ඇසට දමා ගැනීමට පුලුවන්ද? ඔවුන්ට නිසි අයුරින් සඳහා අතැඟිලි හසුරුවා ගත හැකිද? (dexterity ) ගැනත් අවධානය යොමු කරන්න.


මිට අමතරව ඇසේ කාචය කුඩා වීම, වර්ණ අන්ධතාවය, ඇස වියලීම වෙනුවට කඳුළු අධි ශ්රාවය නිසා නොකඩවා කඳුළු ගැලීම, නිතර ඇස් ආසාධන වලට ලක්වීම වැනි මෙකි නොකී බොහෝ ආබාධ වයසට යන ඔබේ දෙමව්පියන්ට ඇති වන්නට පුළුවන්.

පෙර කීවාක් මෙන් ඔබේ නුවණැස පැදු ආදරණිය දෙමව්පියන්ගේ දෑස රැක ගැනීමට ඔබට සිදුවන අවස්ථාවයි මේ. එය අපතේ යවන්න එපා. දිනෙක ඔබේ දරුවාට ඔබේ ඇස රැක ගැනීමට ගෙනෙන ආදර්ශයක් වන්න. දෙමව්පියන්ගේ ස්වාධිනත්වය බොහෝ කලක් පවත්වා ගන්න මෙයම  හේතු වේවි.

Reference: Age Related Eye Diseases (Vinod B Voleti 2013)

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
 චායාරූප අන්තර්ජාලයෙන්