Wednesday 28 September 2016

හිරිවැටීම (Parasthesia)




 ජිවිත කාලය තුලදී අත  පය හිරි වැටීමකට ලක් නොවුණු කෙනෙක් නැති තරම්. දිගු වෙලාවක් එක ඉරියව්වෙන් සිට නැවත අවයව සාමාන් ලෙස ක්රියාකිරීමට උත්සාහ ගත්  අවස්තාවක් ගැන සිතන්න. මේ අවස්ථාවේදී ඇතිවන ඉඳිකටු තුඩකින් අනින්නා වැනි අපහසුතාවය ඔබට මතකද? මේ හිරි වැටුමට හේතුව වන්නේ එක ඉරියව්වකින් සිටීමේදී අතකට හෝ පයකට  සැපයෙන ස්නායුවක්  තාවකාලිකව පීඩනයකට ලක්වීම නිසාමේ හිරිවැටුම එම පීඩනය ඉවත් වූ වහාම සුළු මොහොතකින් යතා තත්වයට පත් වෙනවා.

නමුත් මෙවැනි හිරි වැටුමක්  දිගටම පවතීනම් එයට බලපාන හේතුව කුමක්දැයි ඉක්මනින්  සොයා බැලිය යුතුයි. හේතුව ඔබ සිතනවාට වඩා සංකීර්ණ වීමට ඇති ඉඩකඩ වැඩි නිසා.


දිගටම පවතින හිරිවැටුමක් නම් බොහෝ විට එයට හේතුව වන්නේ ස්නායු පද්ධතිය ආශ්රිත රෝගයක් හෝ ස්නායුශයිල  වලට සිදු වී ඇති හානියක් නිසාවෙන්. සමහර විට මෙය සිදු වන්න පුළුවන් මධ්යම ස්නායු පද්ධතියට බලපාන හේතුවක්  නිසා . උදාහරණයක් ලෙස මොලයට රුධිරය ගෙන යන නාලයක ඇතිවන අවහිරතාවයක් නිසා මොලයේ පැත්තක ක්රියාකාරිත්වය නතරවීම ( stroke ), මොලයේ ඇතිවන ආසාධන (Enchephalitis), චාලක නියුරෝන ආශ්රිත රෝග (Motor neurone diseases) වැනි තත්ත්ව හඳුන්වන්නට පුළුවන්

එසේ නැතිනම් කල් පවතින ස්නායුවක් තද වීමක් නිසා වෙන්නත් පුළුවන්. වයසත්  සමඟ බොහෝ අයට ඇතිවන අත්වල හිරිවැටුම (Carpel  Tunnel  Syndrome )මෙයට උදාහරණයක්. එය සිද්ධවෙන්නේ අතට සැපයෙන ස්නායුවක් (median nerve ) එය ගමන් කරන කුඩා උමන් මාර්ගයේ (Carpel Tunnel ) ඇතිවන ඉදිමුමක් නිසා තදවී පිඩනයට පත්වීමෙන්.

 නිතර පරිගණකය භාවිතා කරන අයට පසු කාලීනව සැදෙන්නට පුළුවන් ස්නායු රෝගයක් ලෙස මෙය හඳුන්වන්නත් පුළුවන්.

මේ විධියට හිරි වැටුම ඇතිවීමට විශාල පරාසයක විහිදුනු හේතු බොහොමයක් තිබෙනවා. පහලින් මා නම් කරන්නේ එවැනි හේතූන් ලැයිස්තුවක්.


  • ·       ස්නායු ආශ්රිත හිසරදය (Migraine)
  • ·       අධික ලෙස මත්පැන් පානය කිරීම (Alcoholism )
  • ·       ස්නායු ශයිල වල ඇතිවන හානි (Neuropathy )
  • ·       පෝෂණ ඌනතා (malneutrition )
  • ·       ආර්තවය නතර වීම (Menapause)
  • ·       විජලනය (dehydration)
  • ·       දියවැඩියාව
  • ·       අස්ථි පද්ධතියේ ඇතිවන කාලින රෝග (fibromyalgia)
  • ·       හර්පීස් සොස්ටර්
  • ·       රුධිරගත සිනි ප්රමාණය අඩු වීම
  • ·       ස්නායු ඇවිලීම (nerve  irritation )
  • ·       රුධිරනාල බිත්ති අවහිරවීම (athelesclerosis )
  • ·       ඔක්සිජන් වැඩි වීම (hyperventilation)
  • ·       ප්රතිශක්තිය දුර්වල වීම
  • ·       පිළිකා වැනි තත්වයන් මගින් ස්නායු තද වීම
  • ස්නායු පද්ධතිය සම්බන්ද විවිධ රෝග eg: multiple sclerosis, motor neurone disease




රෝග විනිශ්චය:
 හිරි වැටුම කියන්නේ රෝග ලක්ෂණයක් මිස රෝගයක් නොවේ. නිසා නිසි පරීක්ෂණ සිදු කර රෝගයට හේතුව සොයා ගත යුතුයි.



ප්රතිකාර :

  1. තාවකාලික හිරි වැටුමකදී ආශ්රිත අවයවය සම්බාහනයෙන් නැවත යතා තත්වයට පත් කිරීම
  2. කල් පවතින තත්වයකදී හේතුව සොයා හේතුවට ප්රතිකාර කිරීම. උදාහරණ: දියවැඩියා පාලනය, පිලිකා තත්වයකදී රේඩියෝ කිරණ ප්රතිකාරආසාධනයකදී ප්රතිජීවක ලබා දීම
  3. තද බල සහ පාලනය කල නොහැකි අවස්තාවලදී ආතතිය අඩු කරන ඖෂධ වර්ග (anti- deppressants eg: Amytryptalin)
  4. පෝෂක ප්රතිකාර උදා: විටමින් බි ප්රතිකාර ( අතිශයින්ම වයිද්  උපදෙස් මත පමණක් සිදු කල යුතුයි )
  5. මත්පැන් වැලකීම
  6. චීන කටු චිකිත්සාව
  7. කොච්චි වර්ග වලින් සාදන පැච්/ ක්රීම් ආලේප ප්රතිකාර



ස්නායු සෞක්යයට හිතකර අපේ ආහාර සහ ඖෂධ  :
විටමින් බි බහුල ආහාරයට ගැනීම උදා: කජු, රටකජු, සොයා, ධාන් වර්ග, කුරක්කන්, බණ්ඩක්කා, කොළ පාට එළවලු, කහ පැහැති එළවලු පලතුරු 

ඖෂධ : අබ , කොච්චි වර්ග, නෙල්ලි, සාදික්ක පුවක්, පුස්වැන්න, රසකිඳ

මේ පිළිබඳව දන්නා සිංහල වෛද්යවරුන් තවත් විස්තර සපයතැයි බලාපොරොත්තු වෙනවා.

References: Parasthesia (Badal pal 2002) (BMJ)


රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන්





3 comments:

  1. හැමදාමත් වගේ ඔබතුමියගේ ලිපිය අදත් වටිනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මටත් දැන් මාසෙක විතර ඉඳලා වම් අපේ සුලැඟිල්ල හිරිවැටෙනවා විඩෙන් විඩේ. ඉක්මනට ගිහින් බලව ගන්න ඕන .
    ස්තූතියි මේ ලිපියටත්

    ReplyDelete
  3. සුපුරුදු ලෙස අගනා ලිපියක්..කොච්චි වර්ගවලින් කෙරෙන ආලේප ප්‍රතිකාර කියන එක විස්තර කරන්න පුලුවන්ද?

    ReplyDelete