Friday 16 December 2016

හිස්හොරි (Dandruff)

                කරදරකාරී හිස් හොරි වලින් මිදෙමු




ගැහැණු පිරිමි භේදයක් නැතිව තරුණ වයසේ ළමයින් මානසික බිඳවැටීමකට ලක් කරන , රූපසොබාවට හානි කරන අප්‍රසන්න රෝගයක් හිස්හොරි.
බොහෝ අය මේ නිසා සමාජයෙන් සැඟවී සිටීමට පවා උත්සාහ කරනවා.
ඉස්හොරි හැදෙන්නේ කොහොමද?

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව ඉස් හොරි හැදෙන ප්‍රධාන ක්‍රම කීපයක් තිබෙනව. 
1    හිස්කබලේ ඇතිවන ඊස්ට් වර්ගයේ ක්ශුද්‍ර ජීවී ආසාදන නිසා. (Seborrhoeic Dermatitis)
2    පටිපනු වර්ගයේ දිළීර ආසාදන නිසා. (Tenia Caopitis)
3    වියලි සමක් ඇතිකරන ,අධික කැසුම් සහිත දද වර්ගයේ සමේ ආසාදන නිසා. (Eczema)
4    භාවිතාකරන සබන් , ෂැම්පු ,හෙයා ජෙල් , තෙල් වැනි දේවල්වලට අතිවන ආසාත්මික තත්වයන් නිසා. (Allergic Contact Dermatitis)
5    සමේ ඇතිවන කුෂ්ඨ වර්ග නිසා. (Psoraisis)

ආයුර්වේදයට අනුවනම් හිස් හොරි හැදෙන්නේ ශරීරයේ අම්ල හෝ වාත කෝපවීමක් ලෙසයි



මේ හේතු ලෙස කියවෙන්නේ,


  • ·       මානසික ආතතිය .
  • ·       අධික ලෙස ඇඹුල් වර්ග ආහාරයට ගැනීම.
  • ·       දිගු කාලයක් ශීතල ජලය පානයට /ස්නානයට භාවිතා කිරීම.
  • ·       අධිකලෙස දුහුවිල්ලට හෝ ඉර එළියට නිරාවරනය වීම.
  • ·       නින්ද මදිකම.
  • ·       අධිකලෙස දහදිය දැමීම.
  • ·       මළමුත්‍රා පහකිරීම පමා කිරීම(මළබද්ධය/මුත්‍රා ආසාදන).
  •  හිස්කබල තෙල් යොදා නිසි පරිදි සම්බාහනය නොකිරීමෙන් වියළි බවට පත්වීම.

රෝග ලක්ෂන
  • ·       කැසීම හිසකෙස් ගැලවී වැටීම.
  • ·       හිස්කබලේ ඇතිවන හිරිවැටීම හෝ ඇනෙනසුලු ස්වභාවය.
  • ·       හිසේ සම ඉරිතැලීම.
  • ·       හිස්කබල අධිකලෙස වියලීමට පත්වීම.
  • ·       හිස්කබලේ දැවිල්ල.
  • ·       හිස්කබලේ සම කුඩු හෝ පතුරු ලෙස ගැලවී යාම.
  • ·       දරුණු අවස්තා වලදී බැක්ටීරියා ආසාදන හෝ ලේ ගැලීම ඇතිවීම.

බටහිර ප්‍රතිකාර


බටහිර ප්‍රතිකාරවලදී සිදුකරන්නේ හිස්කබලට බාහිරින් ආලේපකරන ෂැම්පු ප්‍රතිකාර පමනි
නිවසේ කරන ප්‍රතිකාරවලින් සුවනොවූ අවස්ථාවලදී සමේ රෝග විසේශඥයෙකු වෙත යාමෙන් ඔබේ රෝග තත්වයට අනුව අවශ්‍ය ෂැම්පු වර්ගයක් හෝ  නියම කරනු ඇති.

උදාහරන : 
  • ·       Zinc Pyrthione
  • ·       Salicylic Acid
  • ·       Selenium Sulphate
  • ·       Ketoconazole
  • ·       Coal Tar

 දේශීය හෝ ආයුර්වේද ප්‍රතිකාර:


රෝගියාගේ ඉතිහාසය සහ අනිකුත් රෝග ලක්ෂන අනුව බාහිර තෙල් වර්ග වලින් ප්‍රතිකාර කෙරෙන අතර වාත හෝ අම්ල කිපීමක් නිසා අතිවූ අභ්‍යන්තර හේතුවක් ලෙස සොයාගත් අවස්ථා වලදී අභ්‍යන්තර ප්‍රතිකාර කරනු ලබයි. මේ සඳහා විවිධ කෂාය සහ ක්වාත වර්ගඇති මුත්ඒවා නිසිපරිදි වෛද්‍යවරයෙකු ලවා නියම කරගත යුතු වෙයි.
ආයුර්වේදයෙදී  මූලික සිද්ධාන්තය ලෙස භාවිතාකරන්නේ රුධිරය සහ අක්මාව පිරිසිදු කිරීමයි (Blood and Liver Detoxification).

ආයුර්වේදයේ හිස් හොරි සුවකිරීමට ගන්නා මූලික ඖෂධ​ වර්ග

  • ·       කීකිරිඳිය
  • ·       නෙල්ලි
  • ·       නිල් අවරිය
  • ·       සුදුහඳුන්
  • ·       වැල්මී
  • ·       වද
  • ·       අත්තන ( අධික විෂ සහිත නිසා නිවසේදී පිලියෙල කිරීමට ගනු නොලැබේ )
  • ·       මදුරුතලා


නිවසේදී සිදුකලහැකි අත් බෙහෙත් කීපයක්
1    මදුරුතලා , වදමල් , අමු නෙල්ලි සම කොටස් ගෙන වාගේ 4 ගුනයක් තලතෙලෙන් සහ 8 ගුනයක් පොල්වතුරෙන් මිශ් කර මද ගින්නේ ,ජලය වාශ්ප වනතුරු හින්දවන්න. පසුව පිරිසිදු පෙරහනකින් පෙරා දවසට දෙවරක් හිස්කබලේ ආලේප කරන්න

2  පිරිසිදු පොල්තෙල් මේසහැඳි දෙකකට කොහොඹකොල 5-10 අතර ප්රමාණයක් සහ කරපිංචා අහුරක් දමා විනාඩි 5ක් රත්කරන්න. නෑමට විනාඩි 20 කට පෙර  මේ තෙල් හිස්කබලේ තවරා හොඳින් සම්බාහනය කරන්න. එදිනෙදා හිසකෙස් සඳහා භාවිතාකිරීමටත් මේ තෙල සුදුසුයි
3  උළුහාල් තේහැඳි 2ක් රැයක් පුරා ජලයේ පොඟවා පසු දින හොඳින් අඹරා හිස්කබලේ ගල්වා සම්බාහනය කර සෝදාහරින්න.
4   උළුහාල් සහ දෙහි තම්බා පොඩිකර, ඉස්කබලේ ගල්වා සම්බාහනය කර සෝදාහරින්න.
5 පේරකොල සහ කොහොඹකොල කොටා ඉස්ම ඉස්කබලේ ගල්වා සෝදාහරින්න.
ගොඩපර ගෙඩි තම්බා පොඩිකර ඉස්කබලේ ගල්වා සෝදාහරින්න.
7   උළුහාල් සහ කොහොඹකොල කොටා මුදවපු කිරි මිශ්‍රකර හිස්කබලේ ගල්වා සෝදාහරින්න.
8    පොල්තෙල් හිඳිනවිට අලුපුහුල් ඇට සහ පොත්ත සිහින්ව ලියා එකතුකර සාදාගන්නා තෙල, නෑමටපෙර ඉස්කබලේ අතුල්ලා සෝදාහරින්න. මේ තෙල සාමාන්‍යයෙන් හිසකෙස් වල ආලේපකරන්නත් නිවසේ භාවිතාකරන්න පුලුවන්
9    පේර සහ වෙරළු කොල යුෂ හිස්කබලේ ගල්වන්න.
10     මුදවපු කිරිවලට වැල්දෙහි යුෂ  මිශ්‍රකරඉස්කබලේ අතුල්ලා සෝදාහරින්න.
11 කොහොඹකොල යුෂ ,දෙහියුෂෙන් මිශ්‍රකර ඉස්කබලේ ආලේපකර සෝදා හරින්න.
12     ඇපල්සයිඩර් විනාකිරි මේසහැඳි 4ක් ජලය ලීටර් බාගයකට එකතුකර ලිපතබා නටනවිට මින්ට් කොල කීපයක් එකතුකරන්න.එය නිවුනපසු පෙරා හිස්කබලේ ආලේපකර සෝදාහරින්න.  
13    සඳුන්තෙල් දෙහි ඇඹුලෙන් මිශ්‍රකරහිස්කබලේ ගල්වා සෝදාහරින්න.
 14කෝමාරිකා මද මිශ්රනයක් ඝනට සාදා හිස්කබලේ ආලේපකර සම්බාහනය කර සෝදාහරින්න.
15 උකුවට සෑදූ බත් කැඳ නිවුනුපසු ඉස්කබලේ ආලේපකර සෝදන්න.
16  රත්කල පොල්තෙල් මේසහැඳි 4කට කපුරුතෙල් එක මේසහැන්දක් එක්කරන්න.මද උනුසුමින් නින්දට පෙර ඉස්කබලේ ආලේපකර උදෑසන සෝදාහරින්න.

ප්‍රතිකාර කිරීමේදී විශේෂයෙන් මතක තබාගතයුතු වැදගත් කරුනු:
1 ඉස් හොරි සඳහා ඔබ ෆාමසියෙන් විවිධ ආලේපන මිළදී ගත්තත්  හැම එකක්ම ඔබට ගැලපුනේ නැහැ නේදඔබට ගැලපෙන වර්ගය හමුවනතෙක් සියල්ල අත්හදාබැලූ සේ  මේ අත්බෙහෙත් අතරිනුත් ඔබට වඩා ගැලපෙන සුදුසු ප්‍රතිකාරය තෝරාගන්න.
තෝරාගත් ප්‍රතිකාරය අඩුතරමින් මාස 3ක්වත්ප්‍රථිපල ලැබෙනතුරු භාවිතාකරන්න. උදාහරණයකට ප්‍රතිජීවකයක එක පෙත්තක්කරලක් ගත් පමණින් ඔබේ රෝගය සුව නොවන්නාසේ මේ ප්‍රතිකාරයත්  යම් කාල පරාසයක් තුල සිදු නොකර ප්රථිඵල බලාපොරොත්තු වෙන්න එපා.
3 රෝගය අධිකලෙස පැතිරී දිගුකාලීනව පැවතුනේනම් ඔබේ කැමැත්ත පරිදි දේශීය හෝ බටහිර හෝ ආයුර්වේද සම සම්බන්ධ විසේශඥ වෛද්‍යවරයෙකුට පෙන්වාගන්න.

විශේෂ ස්තුතිය: පරිගණක අකුරු කරණය කල නිමලවංශ දසනායක මහතාට

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්
References:











No comments:

Post a Comment