Friday 18 November 2016

රුව වඩන හෙළ ඔසු 3 (Beauty Secrets)

              සීගිරි ළඳුන්ගේ රූ වැඩවූ රහස්

පංච කල්යාණය ගැන අද කාලයේ බොහෝ දෙනෙකු නොදන්නා බවකුයි මට නම් හැඟෙන්නේ. දික්ව වැඩුනු නිල්වන් කෙස් කලඹ, පැහැපත් නිරෝගී සම, මනාව පිහිටි ස්වේත වර්ණ දත් දෙපල, ශරීරයේ අංග වලට සරිලන සේ සැකසුනු මාංශ පේශි සහ වයසට වඩා තරුණ පෙනුමක් තිබීම තමා මේ පංච කල්යාණය ලෙස එදා හැඳින්වුයේ.

අද වගේ රුපලාවන්යගාරයට ඇතුළුවී ක්ෂණිකව පංච කල්යාණය මුදලට ලබා ගන්නට හැකියාවක් එදා ළඳුන්ට තිබුනේ නැහැ. එසේ වුවත් දහස් ගණනින් මුදල් ගෙවා උදේට උලා හවසට ඉවත්කර ගැනීමට නොව, කල්යාණය දිගටම පවත්වා ගත හැකි බොහෝ වටිනා රුපලාවන්ය ක්රම අත්තම්මලා දැන සිටියා.
 අද දවසේත් බොහෝ ගෙවතුවලින් සොයාගත හැකි, පංච කල්යානය වඩවන, එදා සීගිරි ලලනාවන් සුන්දර කල එදා සීගිරි ලලනාවන් සුන්දර කල රූ රහස් වට්ටෝරු තුන් වන කොටසයි  අද අත් බෙහෙත් තුලින් ඔබ වෙත ගෙන එන්නේ.

රෝස 

කටු ඇතත් රෝස මලට බඹරු ඇදෙන්නා සේ රෝස මලේ ගුණ නිසි ලෙස යොදා ගැනීමෙන් රූ සපුව වඩවා සිකුරාගේ බැල්ම ඔබට ලබා ගන්නා අයුරුයි මේ කියවෙන්නේ. රෝස පෙති වලත් සම පිරිසිඳු කර සුන්දර කිරීමේ, වෙහෙස නැති කිරීමේ, ශරීර දුර්ගන්ධ නැති කිරීමේ මනා හැකියාවක් තිබෙනවා.

රෝස පෙති, මීපැණි, සඳුන් කුඩු මිශ්ර කර මුහුණු සහ ගෙල ආවරණයක් ( Face and neck mask ) සාදාගන්න. වියලෙන තුරු තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.
රෝස පෙති පෙගවූ ජලයේ බැස සිටින්න (rose petal bath ) මනස සන්සුන් කර සුව නින්දක් ලැබේවි.
රෝස පෙති පයක් පමණ ජලයේ පොඟවා මීපැණි සහ යෝගට් සමඟ මිශ්ර කර මුහුණේ ගලවන්න. තෙල් සහිත සමක් ඇති අයගේ සමේ අනවශ්ය තෙල් ඉවත් කර තෙල් සමතුලනය කරනවා.

රෝස පෙති ජලයේ පොඟවා අඹරා, කුරක්කන් පිටි සමඟ මුහුණේ අතුල්ලන්න, සම මනාව පිරිසිඳු කරාවි. (clenser exfoliater effect )
 රෝස පෙති විනාඩි 20ක් පමණ නටන ජලයේ දමා ඔසු පැනක් ලෙස පානයට ගන්න


කොහොඹ 


සම සහ හිසකෙස් සුන්දර කිරීමට භාවිතා කල හැකි තවත් ඉතා වටිනා ඖෂධයක් කොහොඹ. සම සිසිල් කිරීමට, පැහැපත් කිරීමට, හිරුරැසෙන් පිළිස්සුනු සම පිළිසකර කිරීමට, වියලි සම ආරක්ශා කිරීමට, කුරුලැ ලප කැළැල් නැති කිරීමට සහ හිස කෙස් වර්ධනය කිරීමට කොහොඹ පත්රයට ඇති හැකියාව ඉතා අපූරුයි. ස්වභාවික කෘමිනාශක වර්ගයක් වන කොහොඹ පත්ර හිසේ ගැල්වීමෙන් ඉස්හොරි සහ උකුණු ආසාධන සුව කර ගැනීමට පුළුවන්.


මසකට වරක් දෙවරක් කොහොඹ තෙල් සමේ සහ හිස් කබලේ ආලේප කර සෝදා හරින්න
කොහොඹ පත්ර යුෂ ෂැම්පු වර්ගයක් ලෙසින් දිය නැමේදී හිස ගලවන්න
හැකිනම් කොහොඹ යුෂ බිඳක් දෙකක් කිරි වීදුරුවකට දමා පානය කරන්න

මුං ඇට


ලස්සන වෙන්න දකින දකින ආලේපන ගාවත් අන්තිමේදී මුදල් වැයවෙන පරිප්පුවක් මිස රූපයට  එකතු වන කිසිම ගුණයක් අත් විඳ නැති තරුණ ළමයින්ට අඩු මිලකින් කල් පවතින රූ සපුවකට අගනා රහස් ඖෂධයක් මුං ඇට..බාහිර රූ අපුව පමණක් නොව ශරීර අභ්යන්තරයද පිරිසිඳු කරන අගනා ඖෂධයක් මුං ඇට.

දිදුලන සමකට: රාත්රියේ එන්ගවූ මුන් ඇට අහුරක් දෙකක් උදැසන අඹරා මීපැණි සහ පොල්තෙල් ස්වල්පයක් එක්කර මුහුණු ආවරණයක් සාදා ගන්න. විනාඩි 20කින් සිස්ල් ජලයෙන් සෝදා හරින්න. දවසක් හැර දවසක් මේ ප්රතිකාරය දින පහක් පමණ එක දිගට කර බලන්න..වෙනස ඔබටම පෙනේවි..


වියලි සමට: මුං ඇට රැයක් පොඟවා අඹරා ඉකිරි සමඟ මිශ් කර මුහුණේ සහ ගෙලේ ආලේප කරන්න..ඔබේ සමේ තෙතමනය නැවත රැදෙන ප්රතිකාරයක්. එපමණක් නොවෙයි මේ ප්රතිකාරයෙන් හිරු රැසින් පිලිස්සී අව පැහැ ගැන්වුණු සමේ පිලිස්සී ගිය කොටස් ඉවත් වී අලංකාර නව පෙනුමක් ලබාදේ.
කුරුලෑ සහ වෙනත් ගෙඩි: රැයක් පෙඟවූ මුං ඇට  අඹරා එළඟි තෙලෙන් මිශ්රකර මුහුණේ උඩු අතට ආලේප කරන්න..දවසක් හැර දවසක් ප්රතිපල ලැබෙන තුරු  ප්රතිකාර කරන්න..සතියට දෙවරක් පමණ මුං ඇට කැඳ බොන්න..ශරීර අභ්යන්තරය පිරිසිඳු කර කුරුලැ හට ගැනීම අඩු කරයි.



කිසකෙස් පිළිසකර කිරීමට: අඹරා ගත්  මුං ඇට පිරිසිඳු පොල්තෙලෙන් මිශ් කර හිසකෙස් වල සහ හිස් කබලේ හොඳින් ගලවා පැයක් පමණ තබා සෝදා හරින්න..සතියකට වරක්වත් ප්රතිකාරය කරන්න..

 ලස්සන වෙන්න දකින දකින ආලේපන ගාවත් අන්තිමේදී මුදල් වැයවෙන පරිප්පුවක් මිස රූපයට  එකතු වන කිසිම ගුණයක් අත් විඳ නැති තරුණ ළමයින්ට අඩු මිලකින් කල් පවතින රූ සපුවකට අගනා රහස් ඖෂධයක් මුං ඇට..බාහිර රූ අපුව පමණක් නොව ශරීර අභ්යන්තරයද පිරිසිඳු කරන අගනා ඖෂධයක් මුං ඇට.

දිදුලන සමකට: රාත්රියේ පෙඟවූ  මුන් ඇට අහුරක් දෙකක් උදැසන අඹරා මීපැණි සහ පොල්තෙල් ස්වල්පයක් එක්කර මුහුණු ආවරණයක් සාදා ගන්න. විනාඩි 20කින් සිස්ල් ජලයෙන් සෝදා හරින්න. දවසක් හැර දවසක් මේ ප්රතිකාරය දින පහක් පමණ එක දිගට කර බලන්න..වෙනස ඔබටම පෙනේවි..

වියලි සමට: මුං ඇට රැයක් පොඟවා අඹරා මී කිරි සමඟ මිශ් කර මුහුණේ සහ ගෙලේ ආලේප කරන්න..ඔබේ සමේ තෙතමනය නැවත රැදෙන ප්රතිකාරයක්. එපමණක් නොවෙයි මේ ප්රතිකාරයෙන් හිරු රැසින් පිලිස්සී අව පැහැ ගැන්වුණු සමේ පිලිස්සී ගිය කොටස් ඉවත් වී අලංකාර නව පෙනුමක් ලබාදේ.


කුරුලෑ සහ වෙනත් ගෙඩි: රැයක් පෙඟවූ මුං ඇට  අඹරා එළඟි තෙලෙන් මිශ්රකර මුහුණේ උඩු අතට ආලේප කරන්න..දවසක් හැර දවසක් ප්රතිපල ලැබෙන තුරු  ප්රතිකාර කරන්න..සතියට දෙවරක් පමණ මුං ඇට කැඳ බොන්න..ශරීර අභ්යන්තරය පිරිසිඳු කර කුරුලැ හට ගැනීම අඩු කරයි.

කිසකෙස් පිළිසකර කිරීමට: අඹරා ගත්  මුං ඇට පිරිසිඳු පොල්තෙලෙන් මිශ් කර හිසකෙස් වල සහ හිස් කබලේ හොඳින් ගලවා පැයක් පමණ තබා සෝදා හරින්න..සතියකට වරක්වත් ප්රතිකාරය කරන්න..

 සිගිරි ලලනාවන් බඳු සුන්දර රූ සපුවක් ලබා ගැනීමට එදා භාවිතා කර ඇති දහසක් ක්රම විධ වලින් ඉතා ස්වල්පයක් තමා මේ විස්තර කලේමිල අධික කොතරම් භාවිතා කලත් කිසිම ප්රතිපලයක් දැකිය නොහැකි ආලේප වලින් මදක් ඉවත් වී නිවසේ ඔබටම සාදාගත හැකි මේ පහසු ප්රතිකාර අත් හදා බලන්නයි ඔබට මේ ඇරයුමතවත් මෙබඳු රූ ඖෂධ වට්ටෝරුවකින් හමුවන තුරු පංච කල්යාණය වැඩේවා ! ආයු බෝ වේවා!


රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට

 චායාරූප අන්තර්ජාලයෙන්