ඒ කාලේ අත්තම්ම මෙහෙම ඇහුවොත් දෙකක් නැහැ
ඒකා අමුම අමු පිස්සුවක් කෙලලා.. ඒ කියන්නේ
ඉවසන්න බැරි තරමටම අත්තම්මට මල පැනලා..අද භාෂාවෙන් තවදුරටත් විස්තර කලොත් කියන දෙයක් කනකට ගන්නේ නැතිව ඌ මගුලක් කතා කරනවා..
භාෂාවේ විකසනයත් සමඟ අමු කැවීම මඤඤන්, අංඥ කොරොස් වගේ වෙනස් වචන වලට පරිවර්තනය වෙද්දී..කාලයේ වෙනස් වීමත් සමඟ අමු, තල මෙනේරි කෑ අපි කොත්තු ෆ්රයිඩ් රයිස් කන්න පුරුදු
වුනා..
ඇත්තටම මොනවද මේ අමු ..?
අමු තණකොළ වලට සමාන අඩියක් පමණ උසට හැදෙන පඳුරක්. අමු හැදුනේ
සාමාන්‍යයෙන් වගා නොකරන කාලයේ සාරය රහිත වියලි කලාපයේ හේන් වල. පොලවේ එතරම් සාරයක් හෝ වැඩි සාත්තුවක් අවශ්‍ය නොවුන නිසා ගොඩ මඩ සරු කාලවල එතරම් වටිනාකමක්
නොලැබුණු 'අමු' ආහාර දුලබ නියං කාල වලදී දිවි රැකදෙන ආහාරයක් බවට පත් වුනා..
අත්තම්ම කි විධියට දෙවන ලෝක යුද්ධ සමයේ ඇතිවූ
ආහාර අහේනියේදී තෙත් කලාපයේ මිනිසුන් පුරන් වූ කුඹුරු වල ඉබේ හැදුනු බජිරි ආහාරයට ගනිද්දී වියලි කලාපයේ හේන් ගොවියා රැකුණේ අමු
කෑමෙන්..
ධාන්‍යයක් ලෙස දුර්භික්ෂ කාලයේදී පන නල රැකදුන් අමු තවත් සමහර කාල වලදී
කෑවාම
අංඥ කොරොස් වුනේ මෙන්න මෙහෙමලු..
අමු කාලා පැය කීපයකට පස්සේ මොලේ සම්පුර්නයෙන්ම කචල් වීම.. ඒ කියන්නේ කියන දෙයක් තේරුම් ගන්නට බැරි කම, යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ හතර බිරි උත්තර දීම, මං ලොක්කා අනිත් අය ඔක්කොම සොක්කෝ..එහෙම නැත්නම් මං සුදනා ඔක්කොම හොරු වගේ මානසික මට්ටමකට පත් වීම එහෙමත් නැතිනම් හැම කෙනෙකු ගැනම සැක පහල වීම වැනි මධ්‍යම ස්නායු පද්ධතියට බලපාන ලක්ෂණ (delirium)..
ඒ තමා මුලිකම ලක්ෂණය....
තවත් සමහර අයට
තදබල නිදිමත (sedation) වේදනාව
නොදැනීම (analgesia) වැනි ලක්ෂණ පහල වෙද්දී..
පොඩි ළමයින්ට සහ වයසක අයට වමනය, කැසීම, හුස්ම ගැනීමේ අපහසුතා..
මේ
ලක්ෂණ පොදුවේ ගත්තාම අයිති වෙන්නේ පොපි මලෙන් නිස්සරණය වෙන narcotic වර්ගයේ ඖෂධ එහෙමත් නැතිනම් හෙරොයින් විස වීමේදී ඇතිවන ලක්ෂණ ගොඩට...
සහල් ආකාරයට කරලක හැදෙන, ප්‍රමාණයෙන් තල ඇටයක් තරමේ දුඹුරු පාට අමු ලෝකයේ දුප්පත් රටවල මිනිසුන්ගේ පමණක් නෙමෙයි බොහෝ සත්තුන්ගේත් පන රැක
දෙන ආහාරයක්.
කලකදී රහ වෙලා තව කලකදී වහ වෙන මේ අරුම පුදුම ආහාරය ගැන පර්යේෂකයන්ට ඇති වුනේ කුතුහලයක්.
ඔවුන්ට අනුව මේ දුප්පත් ආහාරය පෝෂණ ගුණ වලින් නම් බොහොම පොහොසත්. 60%ක සෙමෙන් දිරවන පිෂ්ඨය අඩංගු අමු වල 40%ක් ම තියෙන්නේ ප්‍රෝටීන.. ඒ නිසා මස් මාංශ ආහාරයට නොගන්නා අයට අගනා ආහාරයක්.
මිට අමතරව අමු බි වර්ගයේ විටමින්, ෆෝලික් ඇසිඩ්, කැල්සියම්, මැග්නීසියම් සහ යකඩ වලින් පිරිපුන්..
දුප්පතාගේ ආහාරයේ වටිනාකම වැඩියෙන්ම ගැලපෙන්නේ පොහොසතාගේ
රෝගයක් වන දියවැඩියාවට වීම තමා අමු වල ඇති ඊළඟ වැදගත්කම.
උදෑසන ආහාරයට
එකතුකර ගැනීමෙන් දවස පුරා රුධිරගත සිනි මට්ටම පාලනය කල හැකි අමු ශරීර බර අඩු කර ගැනීමට සහ කොලෙස්ටරෝල් අඩු කර හදවතේ සෞක්‍යය රැක
ගැනීමටත් උපකාරී වෙනවා.
මල බද්ධය නැති කිරීමේ හැකියාව නිසා බඩවැල් වල පිළිකා සහ අර්ශෂ් රෝගය ඇතුළු වෙනත් ගුද මාර්ගය ආශ්‍රිත රෝග වැලක්විමටත් හැකියාවක් අමු වලට තිබෙනවා.
මල බද්ධය නැති කිරීමේ හැකියාව නිසා බඩවැල් වල පිළිකා සහ අර්ශෂ් රෝගය ඇතුළු වෙනත් ගුද මාර්ගය ආශ්‍රිත රෝග වැලක්විමටත් හැකියාවක් අමු වලට තිබෙනවා.
මිට අමතරව මානසික ආතතිය නැති කර ගැනීමටත්, කාන්තාවන්ගේ ආර්තවය ක්‍රමවත්ව පවත්වා ගැනීමට මෙන්ම යකඩ ඌනතාවයට පිළියම් යොදන අමු ඇතැම් කාලවලදී ආහාරයට ගන්නා අයට විස වීම පර්යේෂකයන්ට නොවිසඳෙන ගැටළුවක් වුනා..
ආයුර්වේදයේදී සහ දේශීය වෙදකමේදී අමු භාවිතා කල බව අසා ඇතත් මොන වාගේ ප්‍රතිකර්ම වලටද කියා නිට්ටාවටම දන්නා කෙනෙකු සොයා ගන්න නම් බැරිවුනා
මෑතකදී විද්‍යාඤයන් සොයාගෙන ඇති පරිදි කට්ටියට ''අමු කැවෙන්නේ'' අමු වල ඇති වරදකින් නොවේ..අමු වර්ගයේ ධාන්‍ය වල ඇටයට වැලඳෙන ''Ergot'' නමැති ධූලක සාදන පුස්
වර්ගය තමයි ''අමු කැවීමට'' හේතු වෙන්නේ.
මේ පුස් වර්ගයේ නිපදවෙන ධුලක වල විස ''narcotic'' වර්ගයේ ඖෂධ අධි මාත්‍රාවලට සමානයි..මේ ධුලක අමු අහාරයට ගැනීමට සකස් කිරීමේදීවත් විනාශ වෙන්නේ නැහැ..ඒ නිසා තමයි අමු කෑවාට පස්සේ
කන අයට
අමු කැවෙන්නේ ..
ලංකාවේදී මෑතකදී අමු දැක නැතත් ඉන්දියාව සහ ඉතියෝපියාව වැනි අප්‍රිකා රටවල අමු අදටත් ජනප්‍රිය ආහාරයක්. ඒ වගේම දැන්නම් අමු වගාවට දිලිර නාශක එකතු කරනවලු ''අමු කැවෙන්නේ'' නැති වෙන්න..
වවා ගැනීම පහසු වුනාට අමු අස්වැන්න ගෙට ගෙනාවට ඒවා කන්න ගන්න එක හිතන තරම් ලේසි නැහැලු.. අමු ඇටයෙ සහල් ඇටයට පිටින් පොතු හතක් තියෙනවලු . අමු වලට අලු මිශ්‍ර කරලා වංගෙඩියේ දාගෙන සෑහෙන වෙලාවක් කොටන්න ඕනලු සහල් ගන්න. වේගයෙන් කෙටුවොත් අමු ඇට වංගෙඩියෙන් පිටට විසිවෙන නිසා ප්‍රවේසමෙන් කරන්න ඕන වැඩක්ලු.
මුල් කාලයේ ''අමු කැවිල්ලට'' හේතුව ලෙස කවුරුත් සැක කරලා තියෙන්නේ අමු පොත්තේ ඇති ඖෂධිය බලවේගයක් ලෙස..
සහල් මෙනේරි වැනි ධාන්‍ය අඩු කාලවලදී අමු ආහාර වේලට එකතු වුනේ අද කුරක්කන් හෝ බත් ආහාරයට ගන්න විධියට.
අමු බත් හෝ කිරිබත් ලෙස පිසින්න පුළුවන්..පිරිසිඳු කර පිස ගත අමු හිම මෙන් සුදු පාටයි.. මෘදුයි ... පැණිත් එක්ක ඕනතරමක් කන්න පුලුවන්. ඕනෑම කිරිබතක් කෑවම එන නිදිමතට අමතරව අමු කිරි බත් ඕනාවට වඩා කෑවම ලබූ කිරිබත් කෑව නරියට වෙන දේත් වෙනවලු.. ඒ නිසා රාජකාරි සඳහා යන දවසක නම් අමතරව පොල් මුඩ්ඩක් ගෙන යන්න අමතක කරන්න එපා.
මුල් කාලයේ ''අමු කැවිල්ලට'' හේතුව ලෙස කවුරුත් සැක කරලා තියෙන්නේ අමු පොත්තේ ඇති ඖෂධිය බලවේගයක් ලෙස..
සහල් මෙනේරි වැනි ධාන්‍ය අඩු කාලවලදී අමු ආහාර වේලට එකතු වුනේ අද කුරක්කන් හෝ බත් ආහාරයට ගන්න විධියට.
අමු බත් හෝ කිරිබත් ලෙස පිසින්න පුළුවන්..පිරිසිඳු කර පිස ගත අමු හිම මෙන් සුදු පාටයි.. මෘදුයි ... පැණිත් එක්ක ඕනතරමක් කන්න පුලුවන්. ඕනෑම කිරිබතක් කෑවම එන නිදිමතට අමතරව අමු කිරි බත් ඕනාවට වඩා කෑවම ලබූ කිරිබත් කෑව නරියට වෙන දේත් වෙනවලු.. ඒ නිසා රාජකාරි සඳහා යන දවසක නම් අමතරව පොල් මුඩ්ඩක් ගෙන යන්න අමතක කරන්න එපා.
මිට අමතරව අමු පිටි වලින් රොටි, පිට්ටු වැනි උදෑසන ආහාර, තලප වැනි දවල් ආහාරත්, නව තාලයට බැදපු එළවලු බත් ආකාරයට හෝ අතුරුපස ලෙස සව් /රුලං මෙන් සකසා ගන්නත් පුළුවන්.
අදටත් ඉන්දියාවේ ආගමික උත්සව වලදී අමු කිරිබත වරදින්නේ නැහැ. ඊට අමතරව ඔවුන් අමු පිටි වලින් ඉඩ්ලි තෝසේ වැනි ප්‍රධාන ආහාරත් මුරුක්කු සහ වෙනත් රස කැවිලිත් හදනවා.
අදටත් ඉන්දියාවේ ආගමික උත්සව වලදී අමු කිරිබත වරදින්නේ නැහැ. ඊට අමතරව ඔවුන් අමු පිටි වලින් ඉඩ්ලි තෝසේ වැනි ප්‍රධාන ආහාරත් මුරුක්කු සහ වෙනත් රස කැවිලිත් හදනවා.
බටහිර රටවල සෞක්‍යමත් ආහාරයක් ලෙස නම දිනා ඇති ''කුස්කුස්'' (couscous) වලට ඇති තැන එදා අපේ රටේ ලැබුනේ ඒ හා සමාන ධාන්‍යයක් වන අමු වලට.
ඕනෑම හොඳ කෙනෙක් නොගැලපෙන ඇසුරින් විනාශ වීමට අමු කැවීම
හොඳම උදාහරණයක්..
අමු කැවුණු ලක්ෂණ පෙන්වමින් අමු ගැන ලියන්නට මතකය අවධි කල හිතවතුන් කීප දෙනෙකුට ස්තුතිවන්ත වෙමින් අමු කතාව අවසන් කරමි..
විශේෂ ස්තුතිය: අමු ගැන ජිවිත අත් දැකීම් බෙදා ගත් නිමලවන්ශ දසනායක මහතාට..
විශේෂ ස්තුතිය: අමු ගැන ජිවිත අත් දැකීම් බෙදා ගත් නිමලවන්ශ දසනායක මහතාට..
References:
රේණුකා විමලරත්න:ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්
අමුය කිව්වට මෙහෙම විස්තරයක් දැනගෙන හිටියේ නැහැ නෙව. දැකලවත් නැහැ කන්න තියා. අමු කැවෙන කතාවත් දැනගත්තා. සෙවිල්ලෙන් ඉඳල හොයාගන කන්න හිතුන ඒකෙ ගුණ දුටුවම. හැංගිලා තියන ආහාර හා ඒවායේ අපුරු ගුණ අගුණ එලියට අරන් කාටත් පෙන්වල දෙන ඔබට තෙරුවන් සරණයි.
ReplyDeleteකවුරුත් හොයන්නේ ඉදිච්ච ඒවා නිසා අමු හෙවිල්ල ලේසි වෙන එකක් නැහැ සහෝදරි..
Deleteඇත්තටම අමු ගැන මේ විස්තරය දැන ගත්තෙ අද
ReplyDeleteහුඟක් අය දන්නේ නැහැ ..ලිපිය කියවීම ගැන ස්තුතියි
Deleteඅමු කාලද කියල අහල තිබුනට වෙන දේ දැනගත්තෙ අදයි
ReplyDeleteඑකනේ.. ඊළඟ වතාවේ දන්නවා එහෙනම්..අරුත් දැන කතා කරමු...
DeleteEththatama amu gena godak vistara dena gattha istuthi obata
ReplyDeleteඊළඟ පාර අමු කැවිලද කියලා කවුරු හරි ඇහුවොත් ..තේරුම දන්නවද කියලා අහන්න පුළුවන් :D
DeletePerfectly very good article. I will get this for my journal Renu. How could you be such a elegant journalist. You are the SINHALA PEASANT IN London.
ReplyDeleteHa Ha thank you Aiyaa..I will email you word doc..
Deleteඅප්පටසිරි මේක දිග කතාවක්නෙ
ReplyDeleteඒකනේ..මිට පස්සේ අමු කැවිච්ච අය හම්බ වුනොත් ඩෝග් ගාලා අදුනගන්න පුළුවන් නේ?
Deleteරසවත් ලිපියක් ! අවාසනාවකට අපේ කෑම මේසයේ අද දකින්න නැතත් පෝෂ්‍යගුණය පිරි ආහාරයක් ! ඒ වගේමයි කොල්ලු ! අමිරස උනත් ඉඳහිට කැවෙනවා.... :) වෙලාවක් ලැබුණාම ලියන්න හණ ඇට (Flax seeds) ගැනත් !
ReplyDeleteකියෙව්වට පස්සෙ අමු කන්නම හිතුණා !!!
ReplyDeleteobata thuthi wewa!!! me durlaba de gana kiya deema pilibada.
ReplyDelete❤️
ReplyDeleteඅමු බීජ තිබෙන කෙනෙක් මටත් ටිකක් දෙන්න බලකරන්න.
ReplyDeleteමමත් අමු ඇට පැකට් එකක් ගෙනවා අහම්බෙන් food city එකක තිබිලා නෙත ගැටිලා! අමු කාලා ගුණ අගුණ දාාන්නම්!
ReplyDelete