අද පෙබරවාරි මාසේ 06 වෙනිදා .. ලන්ඩනයේ අපට තාමත්ශිත කාලය.. මේ කාලයේ දැනෙන සිතලටත් වඩා ඉවසන්න අපහසුම දේ තමා වලාකුළු වලින් වැසුණු මුසල අඳුරු බව.. ලංකාවේදී නම් කාටත් අගයක් නැතිව බැනුම් අහ අහා ඉන්න ඉර දෙයියෝ මතක් වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවටලු..
අද කාලේ මිනිස්සු ඉරට බැණ බැණ හිටියට මන් උපන්න කෝපි කාල්දී නම් ඉර එලියට නිකන්ම පායලා බැහැලා යන්න අවසරයක් තිබුනේ නැහැ..ඉර දෙයියන්ට උදේ පාන්දර අත්තම්මාගෙන් අම්බානක රාජකාරි ගොඩක් පැවරෙන හින්දා..
මට මතක කුඩා කාලයේ අත්තම්මාගේ මුළුතැන් ගෙදර මුල්ලක රාත්‍රියේ පමණක් ගොඩ ගසා තිබු පන් කොළ,පොල්කොළ වට්ටි සහ පුවක් කොළපත් අට්ටිය මේ මොහොතේ මගේ සිහියට නැගෙනවා..
වැසි දිනකදී හැර හැම උදෑසනම ඉර තපින්නට එලියට බහින මේ උපකරණ නැවත සුපුරුදු තැනට පැමිණෙන්නේ ඉර හැරෙන සවස් ජාමයෙයි.
පොල් අතු රටාවට ඇමදෙන වැලි මිදුලේ ඊළඟට ඇතිරෙන පොල්කොළ වට්ටි හෝ පුවක් කොලයේ ඇතිරි වියලි, පසුව මෝසම් වැසි කාලයේ බඩ පුරවන කෑම වර්ග වල මතකය තවමත් ඔබ සැමගේ හිත්වල ඇතිවාට කිසි සැකයක් නැහැ..
මේ එක්කම මට මතක් වෙනවා තවත් කුඩා කාලේ සිදුවීමක්..
" ඉස්කෝලේ ඇරිලා කට්ටියම එකට එකතු වෙලා ගෙදර එන්න ඕනේ රංචුවට තනියම එහෙම එනවා නෙමෙයි ..තේරුනාද? ඊයෙත් ළමයෙක් අල්ලන් ගිහින් කරවල වාඩියකට පත්තරේ තිබුනා..'’
මේ අපේ අම්මා හැමදාම උදේට පාසල් යන්න අපිව සූදානම් කරන ගමන් කරපු මැතිරිල්ලක්..අපි දන්නා ඉතිහාසයේ කරවල වේලුවේ ලුණු වතුරෙන් සෝදා ලුණු කැට ඔබ්බවා අවුවේ වේලීමෙන්.. ඒ කාලේ කරවල වේලන දුපත් වලට ළමයින් පැහැරගෙන යාම තරමක භීතියක් ඇති කර තිබු සිදුවිමක්..
මේ සිදුවීම යලි මතක් වුනේ පහු ගිය සිංහල අවුරුදට ලංකාවට ගිය වෙලාවේ..ආපහු එන ගමනට ලැස්ති වෙන්න කළමනා ගන්න අක්කන්ඩිත් එක්ක බෝකුන්දර හන්දියේ රෑ පොලට ගියා...ගමේ මුදලාලිගෙන්ම කරවල ටික ගන්න කියලා මාවත් කැන්දන් දන්නා කියන මුදලාලි ලඟටයි ඇය ගියේ..
"මිස්ටම හරියන කරවල ටික..ගඳ ගහන්නේ නැහැ ..බය නැතුව බැගෙජ් වල දාගෙන යන්න පුළුවන්.." දත් තිස් දෙකම පෙන්නලා මුදලාලි කියාපි...හතිලව්වයි දැන් ඉතින් කරවල ගඳ නැහැලුනේ ..අපේ රටේ ඉර එලිය අඩු පාඩු හින්දදෝ නැත්නම් වෙලන්න ළමයි අල්ලන් යන්න අපහසු හින්දදෝ මන්දා දැන් වේලන්නේ රසායන වර්ගයක් දාලාලු..
මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී දැනගන්නට ලැබුනේ මාළු වියලන්න ෆොර්මලින් වැනි මෘත ශරීරාගාර රසායන වර්ග සහ ඩී ඩී ටී, හෙපටෝක්ලෝ වැනි කෘමිනාශක අඩු පාඩුවක් නැතිව එකතු කරන බවක්.. විශේෂයෙන්ම ලංකාවට කරවල ගෙන්වන රටවල් වන ඉන්දියාවේ සහ බංගලිදේශයේ මේ විෂ ව්‍යාපාරය බොහොම තදින් සිදු කෙරෙන බවක්..
කරවල වලටත් විස එක් වුනු කාලේ අනිත් ආහාර ගැන කවර කතාද?
ශීතකරණ, ටින් වල ඇසිරිම වැනි පහසුකම් නොතිබුන කාලයක වස විස වලින් තොරව, ස්වභාවිකව, රස ගුණ සහ හැකි හැම විටම පැහැයද රැඳෙන සේ අත්තම්මලා ආහාර කල් තබා ගත් ක්‍රම ඔබට මතකද?
එවැනි ස්වභාවික ක්‍රම සොයා යලි ඇදෙන්න කාලය ඇවිත්.. ස්වභාවිකව අත්තම්මලා ආහාර කල් තබා ගත් අයුරු මදකට විමසා බලමු..
ඉර එළියේ වේලා ගැනීම
ඇතැම් ආහාර බාගෙට තම්බා පසුව අව්වේ වියලු අතර ඇතැම් ඒවා කෙලින්ම අව්වේ තබා වේලයි. ඒ සඳහා ප්‍රසිද්ධ ආහාර කිහිපයක් මේ..
පැසුණු කොස් මදුළු
පැසුණු දෙල්
මංඤෝක්කා
කරවිල පෙති
වම්බටු තීරු
අළු කෙසෙල් පෙති
ලේන හතු
තම්බපු කොස් ඇට
අමු මිරිස්
ඉදුණු මිරිස්
ඉදුණු මිරිස්
ගොරකා
ගම්මිරිස්
ඉතුරු වුනු බත් දන්කුඩ
ඉඟුරු
කහ
වරකා
අඹ
ඉදුණු දෙල්
පොල් කුඩු/ පොල් කෑලි /කොප්පරා
ඔසු පැන්
වර්ග
බෙලි මල්
බෙලි කටු
රණවරා මල් /කොළ
පොල්පලා ශාකයේ කොටස්
වැල් පෙනෙල
දෙළුම් ලෙල්ල
දෙළුම් ඇට
කෝපි ඇට
ලුණු දැමීම
මාළු කරවල දැමීම(මාළු බහුල කාලයේදී නිවසේම තම අවශ්‍යතාවය සඳහා කරවල සාදා ගැනීම අතීතයේ ගෘහනියන් අතර සුලබ දෙයක් විය)
ජාඩි දැමීම
මස් වර්ග වේලීම
අඹ
ලුණු දෙහි
සියඹලා
ලුණු වතුරේ දැමීම
පැසුණු අඹ/ ඇඹරැල්ලා
තම්බපු/පැසුණු අමු වෙරළු
ලොවි
වැරණිය මිරිස්
කොච්චි
වැලි යට දැමීම
දෙහි
කොස් ඇට
ඉඟුරු
කහ
ලුණු ගොරකා දැමීම
සුදු ළූණු (ලුණු ඇට කීපයක් සහිත ගොරක මුට්ටියේ දමා තැබීමෙන් අවශ්‍ය කලක් බොල් නොවේ)
ජාඩි දැමීමේ පදනමද මෙය වේ
මාළු ඇඹුල් තියල්..සාස්තරේ නිවැරදිව
දනී නම් මාසයක් පමණ මාළු කල් තබා ගත හැකි ක්‍රමයකි
ලිප් බොක්කේ වැළලීම
බොහෝ අය නොදන්නා සාස්තරයකි. අලගොඩුවා, කුම්බලාව, බල පැටව් වැනි මාළු වර්ග කල් තබා ගන්න ක්‍රමයකි.
බඩවැල් ඉවත් කර ලුණු වතුරින් සෝදා ලුණු ඇට සමඟ අමු කහ කැබැල්ලක් ගලේ අඹරා මාළුවා කහ මිශ්‍රණය ගල්වයි. පසුව පිරිසිඳු කෙසෙල් දල්ලක ඔතා ලිප් බොක්ක අඟල් හයක් - අඩියක් පමණ යටට හාරා මාළුවා වල දැමේ. මතුපිට ලිප වැඩි පැය ගණනක් දල්වා ගෙදර සාමාන්‍ය වැඩ කටයුතු කෙරේ..
බඩවැල් ඉවත් කර ලුණු වතුරින් සෝදා ලුණු ඇට සමඟ අමු කහ කැබැල්ලක් ගලේ අඹරා මාළුවා කහ මිශ්‍රණය ගල්වයි. පසුව පිරිසිඳු කෙසෙල් දල්ලක ඔතා ලිප් බොක්ක අඟල් හයක් - අඩියක් පමණ යටට හාරා මාළුවා වල දැමේ. මතුපිට ලිප වැඩි පැය ගණනක් දල්වා ගෙදර සාමාන්‍ය වැඩ කටයුතු කෙරේ..
සති දෙකකට පමණ පසු මේ මාළුවා ගොඩ ගන්න විට දියර සියල්ල සිඳී උම්බලකඩ වලට සමාන නමුත් එතරම් තද නැති කල් තබා ගත හැකි කරවල විශේෂයක් බවට පත්වේ.
අමු බිලින් සහ රතුලූනු දමා තෙල් දමා ගත්
විට රාජකීය ආහාරයකි.
දුමේ දැමීම
කජු ඇට
කොස් ඇට
ගොරකා
පැසි ගහෙන් වැටෙන දිවුල් : අවුරුද්දක් වුව තබා ගෙන ඕනෑම විටෙක යුෂ සෑදීමට ගත හැක)
ගොරකා නිසි ලෙස වේලා ගැනීමේ සාම්ප්‍රධායික ක්‍රමය :
මන් ඉගෙන ගත්තේ හිත මිතුරු විජේතුංග මහතාගෙන්..මේ තියෙන්නේ එතුමා විස්තර කල හැටි. ස්තුතියි විජේතුංග මහතා.
ඉදුණු ගොරක එකතුකරගන්න
පිරිසිදු වන්නට සෝදාගන්න
බිකි හෙවත් ලෙිලි වෙන් කරගන්න...
ලොඩි හෙවත් මදුලු.මදය වෙනම බදුනකට දමාගන්න.
ලෙලි අවිවට දමන්න. එකතුකරගත් මද වෙනම බදුනකට දමා පොලිතින් කවරයකින් වසා බදින්න
දින කිහිපයකින් බලන්න විනාකිරි වැනි දියරයක්හැදිල ඇති.එයට මොකද කරන්නෙ කියල පසුව කියන්නමි.
අවිවෙි වෙිලාගත් ගොරක වලට දැන්මොකද කරන්නෙ?
අලුත් ගෙඩි වලින් ගන්නා මද(එක් දිනක් ඇතුලතඒවා) අතින් පොඩිකරගන්න
ඒ බොරය..වෙිලි කලුපැහැතිවුණු ගොරකා සමග කලවමි කරන්න
පොලිතින් උරයක දමා තදකර...දින දෙකක් තබන්න
ඒව නැවත අවිවෙ දමා වෙිලන්න...මෙලෙසින්.වට කිපයක් කිරිමෙන්
ගොරකවල ගුණාත්මකභාවය වැඩිවෙනව
අවසානයේ..මමකලින් පැවසු දියරයේ දමා කලවමිකරන්න
ගොරකා දියරයදැමිමෙන් මෙලෙක් බව ඇතිවෙනව
ඔබ කැමතිනමි දුමි වදින්නට සලස්වන්න...
පොලොස්
කෙසෙල් මුව
රතු ළූණු
කැරට්
අමු ගස් ලබූ
මෑ කරල්
බෝංචි
දෝසි දැමීම
ඉඟුරු
චව් චව්
පුහුල්
ඇඹරැල්ලා
අඹ
දුම් ගැසීම
මස් මාළු වර්ග
මි පැණි වල ගිල්වීම
ආදී වාසීන්ගේ ක්‍රමයකි. ගස් කඳක් තුල අමු දඩ මස් මි පැණියෙහි ගිල්ලවා විජලනයට පත් කිරීම හෝ අව්වේ වේලු දඩ මස් මි පැණියේ ගිල්වා කල් තබා ගැනීම
ඔබ දන්නා තවත් ක්‍රම ඇත්ද? රසායන වලින් තොරව පවුලේ ආහාර කල්තබා ගැනීමට සැමදෙනාගේ දැනුම පිණිස කොමෙන්ටුවකින් දැනුම් දෙන්න.
විශේෂ ස්තුතිය: අරුණාලෝකය පිටුවේ හිත මිතුරන්ට
විශේෂ ස්තුතිය: අරුණාලෝකය පිටුවේ හිත මිතුරන්ට
රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප: තනු හෙට්ටිආරච්චි සහ අන්තර්ජාලයෙන්
අව්ව නං තියනවා වේලන්ඩ ජාති කෝ අපිට ...පේර කොලයි ජම්බු කොලයි තමා
ReplyDeleteඇයි අප්පේ ගහේ කොලේ වත්තේ පිටියේ මුකුත්ම නැද්ද? එතකොට ඔය එළවලු පලතුරු වල වාරයක් කියලා සුලබ කාලයක් අද වෙනකොට ඇත්තෙම නැද්ද?
Deleteමේ අව්ව අඩු රටවල ඇපල් , කෙසෙල් පෙති ගහල වේලලා පැකට් කරලා තියනව දකිනවා. අටම් මලයත් පටන්ගන්නකො.
Deleteජම්බු කොලයි පේර කොලයිද??? :D
Deleteඅනෙ මට කියා ඩෙන්න කොහොමද ඩෙහි වඑලියාට ගහන්නේ
Deleteස්තුතියි ඔබතුමියට අමතක වෙලා කිබුණු ගොඩක් දේවල් මතක් උනා. කොහෙන් කැරකිලා අවත් වහ කන කතවක් නම් මුණගැහෙනවාමයි. මේ කන වහ තොගේ හැටියට මෙහෙම හරි පණ බේරිලා ඉන්න එකත් පුදුමයක් එක අතකට.
ReplyDeleteඅද වෙනකොට අපි කන හැම දෙකටම ව්‍යාපාරිකයෝ ලාභ ලබන්න පහසුවට වහ එකතු කරනවා..අපේ රටේ ආහාර පිළිබද ප්‍රමිතියක්, නීතියක් නැති නිසා තමයි මේ සේරම..තම තමන් දැනගෙන ප්‍රවේශම් වෙන්න මේ ලිපි උපකාරී වෙයි කියා සිතනවා.
Deleteස්තුතියි ඔබට
මටත් කියන්න වෙන්නෙ අටම් කියපු දේමයි. පර්චස් 6 මොනව වවන්නද.
ReplyDeleteGreat.. thanks
ReplyDeleteGood
ReplyDelete