Sunday 6 November 2016

අත්තම්මාගේ මහාචාර්ය උපාධිය

          අත්තම්මාගේ මහාචාර්ය උපාධිය





හදිසියේ මට ලොකු අවශ්යතාවයක් ඇති වුනා..වෙන මොනවත් නොවේ..අත්තම්මාගේ කොලිෆිකේෂන් මොනවද කියා හොයන්න...එයා කොහොමද ගෙදර අයටයි ගමේ ඉන්න අනිත් දන්නා කියන හැමෝටමයි අත් බෙහෙත් දුන්නේ? හප්පට එතකොට අපේ ගමේ හිටි වෙද මහත්තුරු දෙන්න? බිත්තියේ උපාධිය ගහලා තිබුණු බවක් මතක්  වෙන්නෙම නැහැනේ..අම්මප අද හිටිය නම් ඔය තුන් හතර දෙනාම එෆ් සි අයි ඩී ගෙනිහින් මිසක් මන් නතර වෙන්නේ නැහැ....උපාධි නැතිව ප්රැක්ටිස් කලාට..

කොයි එකටත් කියලා තව ඩිංගක්  හොයාගෙන හොයාගෙන ගියා..අම්මට කතා කළා..''අත්තම්මා වැඩි පුර හිටියේ ඕවිටේ පොඩ්ඩක් ඕවිටේ හංගල තිබුනද කියලා හොයාපන්..'' ඕවිටට කොහේ යන්නද අම්මපා..හැමතැනම කටු ඇනෙනවා..හතරවටේ එරබදු වවලා..පස සරු වෙන්නලු, පණු බෙහෙතළු, හන්දි කැක්කුමටලු, හැම මල ඉලව්වටම එරබදු..ඕව හොයා හොයා තමයි අත්තම්ම ඕවිටේ ලැග්ගේ..

 අත්තම්මා  කොහෙද ඕව දන්නේ..මොකෝ විශ්ව විද්යාලේ ලඟින් යන බස් එකේවත් අත්තම්ම කොහෙවත් ගිය එකක් යයි..පස සරු කරන්න පුළුවන් කිව්වේ පිමෙන්ටල් ඩේවිඩ් කියලා එංගලන්තේ හාදයෙක්..එතුමා මහාචාර්ය වරයෙක්..1997දී එතකොට පණු බේතට ගන්න පුළුවන් කිව්වේ..තව ඩේවිඩ් කෙනෙක් බොලේ..ඩේවිඩ් හොක්ස්වත් (David Hawksworth 1974)..හප්පට තවත් මහාචාර්යවරයෙක්..අත්තම්ම දන්න කෙහෙල්මල....



කෙහෙල්මල කිව්වම මතක් වුනේ..අත්තම්මගේ වැඩේම කෙහෙල් ගස් වටේ..අනුමානයක් නැහැ ඕක හංගලා ඇත්තේ කෙහෙල් ගහක් අස්සේ..මන් හොඳයි ඕක අතාරින්න..මෙන්න බොලේ කෙහෙල් මල් රතුපාටට බැබලෙනවා.. මේවා හරිම ගුණයිලු..අත්තම්මා කිව්වේ මල බද්දෙට හොදයි කිරි එරවන්න හොඳයි ..ගෑනුන්ගේ සුද යන ලෙඩේට හොඳයි අරකට මේකට අනිකට  හොඳයි කියලා..


අත්තම්මා දන්නා බම්බුව..Mumtaz Jahan සහ Fehmeeda Khatoon කියන ඉන්දියන් පර්යේෂකයෝ දෙන්නෙක් තමයි ගැන හොයලා තියෙන්නේ, බොරු නම් බලහල්ලකෝ Journal of Chemical and Pharmaceutical Research කියන සඟරාවේ අපුරුවට ලියලා තියෙන්නේ..2010දී..කෝ මේ සහතිකේ මෙතන නැහැනේ..

බලහන් කෙල්ලේ ඔය ඉඟුරු පාත්තියේ පොල් ලෙල්ලක් යට  හංගලාවත්ද  කියලා..අත්තම්මත් ඉතින් ගෙයක් ඇතුලේ හිටිය කෙනෙක් යයි..හාරපන්කෝ ඉඟුරු කහ පාත්තිය..ඔය කොච්චරවත් චුරු චුරු ගෑවේ ඉඟුරු බඩේ ගායට  හොඳයි, ඇඟේ කැක්කුමට හොඳයි, වමනෙට හොඳයි  කියලා.. මදිවට අපිටත් පෙව්වේ..චීයා මේ මඩ වලෙන්ද ගත්තේ..ඊටත් අත්තම්මා ඉඟුරු ගැන මොනවා දන්නවද ?

 Keith Singletary (2010)කියලා යුරෝපයේ මහත්තයෙක් නම් ලියලා තිබ්බ මහා ලොකු විස්තරයක්,.. එක නම් තක්කෙට හරි දෙකක් නැහැ..අත්තම්මා වගේ යයි ඒගොල්ලෝ කතා කරන්නේ ඉන්ජිරිස්නේ..හමත්  සුදුයිනේ..ඊටත් හප්පට බලන්න එපැයි තියෙන උපාධි ගොඩ..කතාවෙන් තව ඩිංගට  අමතක වෙනවා..තව නෑනේ මේ සහතිකේ..හ්ම්ම්ම්...දැන් කොහෙද හොයන්නේ..

බලහන් ඔය අට මගලේ වත්ත පහළ වට්ටක්කා පුහුල් වැල් ගොඩේ හංගලාද  කියලා..සහයට ලොකු අයියත් ඇවිත්..ලබ්බේ තොවිලේට හරියන අලි පුහුල තල්ලු කරලා ඉන්න එපාය ඔක්කොටම කලින්..ඊයා මගේ අතේ අලුත් ගෑවුනා..මේ පුහුලේනේ අර අත්තම්මා කිව්වේ බඩේ ගැස්ට්රයිටිස් වලට හරියන බෙහෙත් තියෙනවා කියලා..

දැන්නේ මතක් උනේ..සංදීප් සහ ප්රකාශ් කියලා ඉන්දියාවේ ආයුර්වේද මහාචාර්ය වරු දෙන්නෙක් නම් නියමෙට පුහුල් ගැන ලියලා තියෙනවා.. දෙන්නම මදුරාසියේ ආයුර්වේද විශ්ව විදායලවල උගන්වන දෙන්නෙක්..ආයුර්වේද වුනත් උපාධි තියෙනවනේ මෙයා..මොකෝ අත්තම්මලා අයුර්වෙදේ ඉගෙන ගත්තු එකක්යැ . ශික් තව බැරි වුනානේ මේක හොයාගන්න...

මන් කියන්නම් හරියටම තැන..අප්පේ දෙයියා වගේ මගේ ගැලවුම්කාර පුංචි අම්මා..අපේ අම්මණ්ඩි ( කියන්නේ මගේ අත්තම්මන්ඩි) ඔය තුන  පහ කඩේ යනවනේ කොයි වෙලාවෙත් ඩිංගක් ගිහින් බලාපන් සුදුරු  මාදුරු ගෝනියක් යටද කියලා..කිව්වත් වාලේ..සුදුරු කිව්වමනේ මතක් වුනේ..යන්තම් බඩේ කැක්කුමක් හැදුනොත් ඉතින් ඕක කෝපි  කරලා අපිට පොවනවා..

කොත්තමල්ලිත් එහෙමයි..කොයි ලෙඩේ කිව්වත් ඕවා  තම්බල, කෑම හදල, තැම්බුම් හොදි කියයි..ඒක මේක මොන කරුමයක්ද මන්දා..නැත්නම් ඉතින් වර්ණනා කොර කොර අග්ගලයක්වත් කොටයි මහදුරු දාල..ඒකයෑ වැඩේ..මන් දැක්කනේ මේ ඇමෙරිකන් මහාචාර්යවරු වගයක් මේ තුනපහ  හොඳ පරීක්ෂණ කරලා..එහෙ මෙහෙ නෙමේ හාවඩ් කියන විශ්ව විදය්යාලේ මහාචාර්යවරු කාණ්ඩයක්. ..සෙල්ලන්ද නේ..හපොයි..කෝ මේ අත්තම්මගේ උපාධි සහතිකේ..

තව එක තැනයි තියෙන්නේ..එතනත් බලාපන්.අල්ලපු ගෙදර මන්ගෝ  නැන්දා ...''ගිහින් බලාපන් බුදු ගෙයි ඉලත්තට්ටුවේ..උඹලයි අත්තම්මට බුලත් පෙන්නන්න බැහැනේ..'' කතාවත් ඇත්තනේ..හෆෝයි බුලත් කිව්වම..ගෙඩියක් පැසවන්න නම් ඕන බුලත් වලින් තවනවා..කන් කැක්කුමට ඔලුව කැක්කුමට බුලත් තෙල්..අනේ මන්දා මොනවා දැනන් කොලාද කියලා..

ඒකටත් එක්ක  ඔය ඕස්ට්රේලියාවේ පර්ත් කියන විශ්ව විද්යාලේ ''ලී''(Dr Lee) කියලා ලොක්කෙක්..එයාගේ යාලු මහාචාර්යවරු එක්ක බුලත් ගැන හොයලා කියලා තියෙන එව්වා..Antimicrobial effect, anti-oxidant effects සෙල්ලන් නැහැ හොඳේ..

කොහොමින් කොහොමින් හරි උපාධි සහතිකේ තාම හොයා ගන්න බැරිව ආයි මන් ගාටනවා... අපේ පරණ මහ වත්තටම..වතුර බොන ලිඳ ලගින් ගොඩ වෙලා..සිංහල උළු දාපු මහ ගේ පැත්තට හැරෙනකොටම ..මේන් අහු වුනා ..

ලිඳ ළඟ කළු අල කොලේක ලියලා..අත්තම්මගේ මහාචාර්ය උපාධිය..ළඟ තියෙන කරපිංචා ගහේ  කොළ වලින් වටේ සරසලා..වැල් දොඩම් වැලේ කැරලි වලින් උස්සලා..කොහොඹ ගහේ අත්තක එල්ලලා..අව්වට දිලිසි දිලිසි..ගහ කොලෙන් ළිං ජලයෙන්, අත්තා මුත්තාගෙන් බුද්ධදාස රජ පරම්පාරාවෙන් ..රාවනා රජුගෙන් පැවත  ආයුර්වේදයට කලින් අපේ රටේ තිබුන .. දේශීය වෙදකමේ අත්තම්මාට හිමි මහාචාර්ය උපාධිය...



මොරාල් ඔෆ් ස්ටෝරි: දේශීය වෙද ඇදුරන් ගහ කොළ ගැන ඇති දැනුම ඔක්ස්ෆර්ඩ් හාවර්ඩ් විශ්වවිධ්යාල වල මහාචාර්යවරුන්ට වඩා බොහෝ ඉදිරියෙන් තිබෙන්නේ..ආයුර්වේද හෝ බටහිර වෙද විදුහලකින් ඊයේ පෙරේදා ගත්  උපාධියක් නිසා දේශීය වෙදමහතාට (හොර නොවන) නිගා කරන්න එපා..පොතේ පතේ ලියවුනු පාඩම් කියවා ඔබ ගත් දැනුමෙන්  කාලයත් සමඟ අත්  දැකීමෙන් සහ ගහ කොළ සතුන් මිනිසුන් අතර ජිවත් වී මහත්මා වයිද්යවරයකු වෙන්න.. එදාට ලොවම පසසාවී.

ඊයේ පෙරේදා ලද අත්  දැකීමක් නිසා හදවතේ ඇතිවූ සිතුවිල්ල..අකුරු කලේ..

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරුප අන්තර්ජාලයෙන්




16 comments:

  1. සහෝදරිය ඔබේ උත්සාහය ඉතාමත් සාර්ථකයි. මෙය ඉතා වටිනා ලිපියක්. ඉදිරියටම යන්න.your success is unlimited. Wish you all the best

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුමනේ අයියා..

      Delete
  2. බුලත් තෙල් නං අහල නෑ

    ReplyDelete
    Replies
    1. බුලත් තෙල් හදන විධිය මේකෙන් කියවන්න http://aththammageathbeheth.blogspot.com/2016/07/5.html

      Delete
    2. http://aththammageathbeheth.blogspot.com/2016/07/5.html

      Delete
  3. මේ ලිපියට එන්නලැබුණේ අහම්බෙන් ඇත්තටම අරුණාලෝකය පිටුවෙන් මෙතැනට මග පෙන් වූ ඒ පිටුවටත් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි මගේ ලිපි කියවන්න මේ පිටුවට ගොඩ වැදුනාට

      Delete
  4. ඇත්ත. වටිනාකම දන්නෝ දනිති. ඒ දැනුම අරුම පුදුමයි කියල හිතෙනෙ වෙලාවල් එහෙමත් නැතුවම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ දැනුම අරුම පුදුමයි අත් දුටුවයි..ඔබට ස්තුතියි අදහස් දක්වා කල දිරි ගැන්වීමට

      Delete
  5. යම් ශේෂ්ත්‍රයක විධිමත් දැණුමක් ලබාගත්තු කෙනෙක් ඒ දැණුම දෙස විවේචනාත්මකව බලනවා බොහොම අඩුයි. එහෙම කරන්න ලොකු ධෛර්යක් තියෙන්න ඔනේ. බොහෝ පිරිසක් කරන්නේ තමන් උගත් දැණුමේ තියෙන අඩුපාඩු වහලා වටිනාකම් ඉස්මතු කර පෙන්වීම පමණයි. ඒ අතින් ඔබතුමිය බොහොම ධෛර්යසම්පන්නයි. තමන් බටහිර වෛද්‍ය ශේස්ත්‍රයේ ඉහලම තැනක හිදිමින් තමන්ගෙ ශේස්ත්‍රයේ ගැටළු සඳහා අපගේ පාරම්පරික ඥාණය මත පදනම්ව විසඳුම් යෝජනා කිරීම කලාතුරකින් වෙන දෙයක්. මේ ලිපියෙන් කියලා තියෙනවා වගේ බටහිර දැණුමෙන් උගතුන් බවට පත්වුනු බොහෝ දෙනෙක් යමක් විශ්වාස කරන්නේ බරහිර සහතිකයකින් ප්‍රමාණික උගතෙක් බව තහවුරු කළ කෙනෙක් කී දේ පමණයි. එය අප ලබා ගන්නා බටහිර දැණුම තුලින්ම අපේ ඔලුගෙඩිවලට කාවද්දන විෂබීජයක් බව දන්නේ සුලු පිරිසක්. අපගේ සාම්ප්‍රදායික දැණුමින් නුතනත්වයේ සංකීර්ණ ගැටළුවලට සරල විසඳුම් ලබා ගන්න තියෙන හැකියාව වලක්වලා තියෙන්නේ ඒ විෂබීජ ඔලුවෙ පුරවාගත් බටහිර සහතික හොයන අවිචාරවත් අනුකාරක උගතුන් තමයි.

    අප හිතවත් බටහිර වෛද්‍යවරයක් වරක් කී කථාවකින් මේ සටහන අවසන් කරන්නම්. ඔහුගේ මව පාරම්පරික සර්ප විෂ වෙදකම කරන කෙනෙක්. "පොළඟෙක් කෑවා කියන්නේ ඉංශ්‍රිසි වෙදකමට මහ බරපතල දෙයක්. බෙහෙත්වලට අඩුම තරමින් රු.20000 ක්වත් යනවා. ඒත් අපේ අම්මට විෂ බස්සන්න ඔනේ දෙහි අත්තක් විතරයි. අපේ වෙදකම හාස්කමක්"

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බණ්ඩාර මහත්මයා..

      ඔය සර්ප වෙද්කකම නම් හාස්කමක්ම තමයි..නමුත් අද ඉන්න බොහෝ බටහිර වෛද්‍යවරු මේ ගැන කියන්නේ හුඟක් සර්පයෝ විස නැහැ ඒ නිසයි හොඳ කරන්න පුළුවන් වුනේ කියලා මෝඩ පහේ පටු අදහසක්..

      අද වන විට අපේ දේවල් බොහොමයක් විනාශ වී ගිහින් තිබෙන්නේ ඒ වගේ අදහස් නිසා

      Delete
    2. බොහොම වටිනා post එකකට බොහොම වටිනා අදහසක් Bandara මහතාගේ.

      Delete
  6. මාගේ හද පිරි ප්‍රණාමය ඔබතුමියට කාලෝචිත ලිපියක් ලිවීම ගැන. දේශීයත්වය අගයන අයයි ඒ ගැන දන්නේ.තවමත් අපේ දේශීය දැනුම අපේ ගම්බිම් වල තිබෙනවා මොකක්දෝ හේතුවක් නිසා ඒවා ඉස්මතු වෙනවට සමහරු කැමති නැහැ. මා දන්නා දේශීය වෛද්‍යවරියක් පොතුකබර සුව කරනවා මා යොමු කල බොහෝ රෝගීන් සුව වූවා කිසිදු ලියාපදිංචියක් ඇයට අවශය නැහැ.ඔවුන් එයින් ලබන්නේ ආත්ම තෘප්තිය පමණයි. ලියාපදිංචි නොවූ වෙද මහතුන් අල්ලනවා නම් අපේ ගමෙන් බාගෙටත් වැඩි දෙනාට ලගින්න වෙන්නේ හිරේ තමයි.අන් රටක සිට දේශීයත්වය රැක ගැන්මට උර දෙන ඔබතුමියට ආයු වර්ණ සැප බල ප්‍රඥා අත් වේවා.

    ReplyDelete
    Replies
    1. පොතුකබර සුව කරන වෛද්‍යවරියගේ ලිපිනය හෝ දුරකථන අංකය දෙන්න පුලුවන්නම් පිං.....

      Delete