Sunday 11 September 2016

මෙල්ල කල නොහැකි බැක්ටීරියාව නොහොත් 'සුපර් බග්' MRSA BACTERIA


ලොව දියුණුම රටවල් වල සෞක් අධිකාරීන් පවා මෙල්ල  කල නොහැකිකම නිසාවෙන් බියපත් කරඇති මේ බැක්ටීරියාව කුමක්ද?

දැනට ලොව පවතින බොහෝ ප්රතිජීවක ඖෂධ වලට විනාශ කල නොහැකි සේ හැඩගැසුණු ස්ටෆිලොකොකස් වර්ගයේ බැක්ටීරියාවක්. මෙහි සම්පූර්ණ නම වන්නේ Methicillin Ressisstance Stahylococcus Aurius. භාවිථා කිරීමේ පහසුවට සියලු දෙනා හඳුන්වන්නේ MRSA Bacteria යනුවෙන්. එක්සත් රාජධානියේ මෙය හඳුන්වන්නේ ‘’Super Bug’’ යනුවෙන්. සුව කිරීමට ඇති අපහසුතාවය නිසා මේ රෝගය වලක්වා ගැනීමට සෞක් සේවයේ වැඩ කරන කම්කරුවාගේ සිට  වෛද් විශේඤ වරයා දක්වා සියලුදෙනාට  නීති රෙගුලාසි ජාලාවකට බැඳී කටයුතු කිරීමට සිදු වෙනවා.

මොනවද මේ Staphylococci වර්ගයේ බැක්ටීරියා ?

සාමාන් දිවියේ අපට හමුවන බොහෝ ආසාධන හැදෙන්නේ Staphylococcus බැක්ටීරියාවේ විවිධ ප්රභේධ නිසා. සමේ ඇතිවන කුඩා කිරි බිබිලේ සිට පෙනහළු වල ඇතිවන නියුමෝනියාව (Pneumonia), හදවතේ පටල තුල ඇතිවන දරුණු ආසාධන (Endocarditis)දක්වා විශාල පරාසයක ලෙඩ රෝග ඇති කිරීමට මේ Staphylococcus පවුලේ බැක්ටීරියා සාමාජිකයන්ට පුළුවන්. නමුත් බහුල වශයෙන් මේ රෝගවලට හේතුකරණ මේ පවුලේ සිටින චන්ඩියෝ  තමයි Staphylococcus aureus කියන කණ්ඩායම.

මේ අතරිනුත් භයානකම වන්නේ ප්රතිජීවක වර්ගයන්ට අභිභවා යන දාමරික ගති පැවතුම් ඇති MRSA කණ්ඩායම. මේ භයානක කමට හේතු වන්නේ ප්රතිජීවක අභිභවා යාමම පමණක් නොවෙයි. මේ කණ්ඩායමේ සිටින PVL-Staphylococcus aureus නමැති වර්ගය ධූලක නිපධවනවා. මේ විෂ ධූලක ආසාධන වලට විරුද්ධව සටන් කරන  සුදු රුධිර සයිල  මරා දමන නිසා සමේ ඇතිවන ආසාධන සුව කිරීම ඉතාමත් අපහසු වෙනවා..

පොදුවේ Staphylococcus වර්ගයේ බැක්ටීරියා වලින් නිතර ඇතිවන ආසාධන මොනවාද?



බහුලවම මෙම වර්ගයේ ආසාධන ඇති වන්නේ සමේ. උදාහරණ කියනවානම්..
  • ·       කිරි බිබිලෙන් පටන්ගෙන සමේ ඇතිවන ගෙඩි විසප්පු දක්වා ගෙඩි වර්ග (boils) කිහිල්ලේ, ඉකිලි වල, ගුද මාර්ගය ආශ්රිතව, ගෙල වැනි ස්ථාන වල බහුලයි
  • ·       කුරුලෑ (Pimples)
  • ·       කුඩා දරුවන්ගේ මුහුණේ සහ මුඛය වටා ඇතිවන බෝවන සමේ ආසාධන (Impetigo)
  • ·       කූඹින්, මදුරුවන් ධෂ්ඨ කිරීමෙන් ඇතිවන සමේ ආසාධන (Cellulitis)
  • ·       කැපුම්, සිරීම් නිසා ඇතිවන තුවාල ආසාධන (wound infections)


මේ බැක්ටීරියාවෙන් ඇතිවන බරපතල ආසාධන මොනවාද




සන්ධි ප්රධාහ (septic arthritis), අස්ථි ආසාධන (osteomyelitis), නියුමෝනියාව (pneumonia), හදවතේ පටල ආසාධන (endocarditis) වැනි දරුණු ආසාධන මෙන්ම රුධිරය තුලට පැතිරීමෙන් ඇතිකරන රුධිර විෂ වීම (septicaemia) දක්වා බොහෝ ආසාධන ඇති කරන්නට staphylococcus බැක්ටීරියා වර්ග සමත්.

කොහොමද MRSA බැක්ටීරියා ආසාධනයක් අපට ඇති වන්නේ?



පළමු හේතුව තමයි සමෙන් සම ගැටීම. කියන්නේ ආසාධනය ඇති කෙනෙක්ගේ සම  (ආසාධනය ඇති ස්ථානය)ඔබේ සම හා ගැටුණු විට එමගින් ඔබේ සමට බැක්ටීරියාව ගමන් කරනවා. මේ රෝගියකු භාවිතා කරන තුවා, ඇඳ ඇතිරිලි, පමණක් නොවේ ඔහු හෝ ඇය භාවිතා කල ජල කරාමය නැතිනම් දොරේ අගුල ඇල්ලීමෙන් පවා ඔබ වෙත ප්රවේශ වීමේ හැකියාව තිබෙනවා.

රෝහලක නැවතී ප්රතිකාර ගන්නා රෝගීන්  මේ ආසාධනයට  හසු වීමේ ප්රවනතාවය වැඩියි.



  • ·       මූලික හේතුව නම් රෝහලක ගැවසෙන මිනිසුන් ප්රමාණය වැඩිවීම . එක අයකු ගෙන් තව අයකුට ප්රවේශ වීමේ අවස්තාව වැඩි වීම
  • ·       රෝහලක සිටින අයකුගේ සම විවර වී තිබීමේ හැකියාව වැඩිවීම. උදා: හදිසි අනතුරු තුවාල (wounds), ශල් විවර (surgical wounds), ඉඳිකටු  (Cannula), කැතිටර් (Catheters), අන්ත් විවර (Stoma) වැනි හේතු
  • ·       සම තුලට බාහිරින් ඇතුල් කල වෛද් හේතු ඉඳිකටු (Cannula),, කැතිටර් (Catheters),, අන්ත්  (Stoma)
  • ·       වෙනත් රෝග අබාධ නිසා ශරීරයේ ඇති ප්රතිශක්තිය දුර්වල වීම






රෝහල් කාර්ය මණ්ඩලය මේ ආසාධනයට  හසු වීමේ ප්රවනතාවය වැඩියි. එයට හේතුව ගැවසෙන මිනිසුන් ප්රමාණය වැඩිවීම සහ ආසාධනය සහිත අය සමඟ නිතර ගැටීමට ඔවුන්ට ප්රතිකාර සාත්තු කිරීම.


වලක්වා ගන්නේ කෙසේද?


  • ·       ඉතාම පහසුයි. තමා ඔබේ සාමාන් සෞක්යය පිරිසින්දුව පවත්වා ගැනීම සහ සබන් සහ ජලය දමා හොඳින් අත් පිරිසිඳු කර ගැනීම
  •  
  • ·       රෝහලකදී රෝගියාගේ ඇඳන් මත වාඩිවීම, නිදා ගැනීම, රෝගියාගේ උපකරණ තුවා වැනි දෑ භාවිතයෙන් වැලකීම
  •  
  • ·       රෝගියාගේ තුවාල, ඉඳිකටු, මුත්රා බට වැනි දේ ඇල්ලීමෙන් වැලකීම
අත් පිරිසිඳු කිරීම (සාමාන් මහජනතාව)
  •  



  • ·       ඔබ අත් අපිරිසිඳු ඕනෑම වෙලාවක
  • ·       ආහාර පිසීමට පෙර
  • ·       ආහාර ගැනීමට පෙර පසු
  • ·       වැසිකිලි භාවිතයෙන් පසු
  • ·       රෝහලකට ඇතුළුවීමට පෙර
  • ·       රෝහලින් පිටවීමට පෙර
  • ·       පොදු ප්රවාහන, පොදු වෙළඳ පොළ වැනි ජනයා බහුල තැන වල ගැවසීමෙන් පසු ..



රෝහල් කාර්ය මණ්ඩලයට

·       රෝහලට, වාට්ටුවකට ඇතුළු වීමට පෙර /පසු
·       රෝගි ප්රතිකාර වලට  පෙර /පසු
·       දැත් අපිරිසිඳු ඕනෑම අවස්තාවක



ප්රතිකාර

ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න

Reference: https://www.nhs.uk/Conditions/MRSA/Documents/RCN%20MRSA%20guidelines.pdf

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට 

චායාරූප : අන්තර්ජාලයෙන් 




1 comment:

  1. කෙටි පිළිතුරක් අපේක්ෂාවෙන් විමසූ පැනයකට සවිස්තරාත්මක ලිපියකින්ම පිළිතුරු සපයමින් මෙම රෝගය ගැන අපව දැනුවත් කළ ඔබතුමියට බොහොමත්ම ස්තුතියි. බොහොම පිං.

    ReplyDelete