Tuesday, 30 August 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 21 : කොච්චි

                           අත්තම්මාගේ අත් බෙහෙත් 23
                                     කොච්චි



 මංපුංචි කාලේ අපේ ගෙදර අය මට කිව්වේ චූටි කියලා.. කොච්චර ලොකු වුනත් තවම කියන්නෙත් චූටි කියලම තමයි. හැබැයි අත්තම්මා නම් මට කිව්වේ කොච්චි කරල කියලා. කොච්චි කියන්නේ අර මිරිස් කරලේ චූටි එක. විධියට ලිව්වේ අද ඉන්න අය මිරිස් අඳුනනවද කියල එතරම් විශ්වාසයක් නැති නිසා. පිටරටකින් ගෙන්වලා අල්මාරියක දාලා අර පරිස්සමට අරන් තිබ්බ දෙයක් යන්තම් පෙන්වන්න දාන්නේ. වගේ තමයි අද කාලේ කෑමකට ගියාම මිරිස් පෙනෙන්නේ.




 කෑම කිව්වට ඒවා කෑමම නෙමෙයි. මෙලෝ රහක් නැති බෙහෙත් බොන්න වගේ යන්තම් උගුර පහලට දාගන්න ඒවා. දැන් දැන් මෝස්තරේටත් මෙහෙම කරනවා කියලා මට හිතෙන්නේ. අපේ එක්කෙනාට ''ගැස්ට්රයිටිස්'' කියල උජාරුවට කියන්නත් පුළුවන් එහෙම කලාම. ඉංගිරිසි ලෙඩක් තියෙන එකත් කොයි තරම් ලොකු දෙයක්ද ඉතිං හැබෑටම. අපි ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ කෙල්ලන්ට කිව්ව තව නමක් තමයි ''කොච්චි කරල''. කාලේ කොල්ලෝ දැනගෙන ඉඳල තියෙනවා කොච්චි වල වටිනාකම. අපේ අත්තම්මත් මට ''කොච්චි කරල'' කියල තියෙන්නේ ඇයි කියල හරියටම තේරෙන්නේ දැන් තමයි. ඔන්න අද මන් ඔබට කියන්න යන්නේ සැර වුනාට බොහොම ගුණ ''කොච්චි'' කතාව.

කොච්චි වර්ග නම් ගණන් කරන්න බැරි තරම්. කුරුළු කොච්චි, හීන් කොච්චි, සුදු කොච්චි, දම් කොච්චි, කැවුම් කොච්චි, බටු කොච්චි . ඔය වගේ නානා ප්රකාර කොච්චි වර්ග තියෙනවනේ. මේ ඔක්කොම '' capsicum '' කියන උද්භිද විද්යාත්මක පවුලේ වෙනත් වෙනත් සාමාජිකයන්. ලොව වටා පැතිරුණු මේ සාමාජිකයන් සිය ගණනක් ඉන්නවා. මේ ඔක්කොමලාගේම පොදු ලක්ෂණය තමයි ඉහ මොළ රත් වෙන්න තියෙන සැර. මේ සැර මනින ක්රමයකුත් තියෙනවා. ක්රමයට කියන්නේ ''scoville heat units'' කියලා. ලෝකයේ වැඩිම සැර කොච්චි වර්ගය කියලා කියන්නේ ලංකාවේ බටු කොච්චි වලට සමාන කොච්චි වර්ගයක්. එහි සැර ප්රමාණය මෙම ඒකකයෙන් 750,000කටත් වැඩියි කියලයි කියන්නේ.

අප කුඩා කාලයේ හැම ගෙදරකම වගේ කොච්චි වර්ග කීපයක් වැරදුනේ නැහැ. වගේම ඒවා ආහාරයට වරදින්නෙත් නැහැ. අත්තම්මා උදේ ආහාරයට හදන කුරක්කන් රොටි, පිට්ටු කන්න දෙහි උම්බලකඩ යහම්න් දාපු ලුණු මිරිසක් වැරදුනේම නැහැ. අලුත උගුල්ලපු මයියොක්කා හෝ බතල තම්බපු දවසට අලුත් පොල් සමඟ කොච්චි සම්බෝලයක් නොතිබුනොත් ආහාරය සම්පූර්ණ නැහැ වගේ.

 කෑම සැර මදි වගේ දැනුනොත් අපේ අත්තට සුදු කොච්චි කරල් කීපයක් යන්තම් පලලා ලුණු වතුරේ දාලා තෙලේ බැඳලා ඕනේ. අනිත් සේරම කෑම වල අඩුපාඩු එයින්ම මැකිලා යනවා. කොස් තම්බන දාට හොඳට කොච්චි දාපු කරවල හොද්දක් වරදින්නෙම නැහැ. අත්තම්මා නම් බත් පතට නිකනුත් කොච්චි කරලක් දෙකක් දාගෙන හපන හැටි මන් අනන්තවත් දැක තිබෙනවා. මාළු මස් පිසින විටත් කොච්චි කරලක් එක්කරන්න අපේ වැඩිහිටියන් පුරුදු වෙලා හිටියා. අච්චාරුවටත් අමු මිරිස් වෙනුවට කොච්චි දමන්න පුළුවන්. ලුණු දෙහිරස වන්නට කුරුළු කොච්චි අහුරක් දෙකක් නැතිවම බැහැකීවොත් තමා හරි.

කොච්චි කොහොමද බෙහෙතක් වන්නේ? තමයි අප දැනගත යුතු වැදගත්ම කරුණ. කොච්චි වල ඉතා ඉහල ප්රමාණයකින් විටමින් සි අඩංගු වෙනවා. පර්යේෂකයන් විස්තර කරන ලෙස කොච්චි වල ඇති විටමින් සී ප්රමාණය 404%ක්. අදහන්නත් බැරි තරම් විශාල ප්රමාණයක්. වගේම විටමින් සහ බි6 විශාල වශයෙනුත් මැග්නීසියම්, කැල්සියම් සහ යකඩ අඩංගු වෙනවා. විටමින් සි වලින් සිරුරට ඉටුවන මෙහෙය විස්තර කල නොහැකි තරම්.
හර්දයේ, ස්වසන පද්ධතියේ, මුඛයේ සෞක්යය ආරක්ෂා කිරීම, පිළිකා, දියවැඩියාව, රුධිර පීඩනය, ස්වසන රෝග වැලැක්වීම, පටක අලුත්වැඩියාව, ආහාර රුචිය වැඩි කිරීම, සම රැක ගැනීම, දුලකහරණය, ආයු වැඩි කිරීම, ක්ෂුද්ර ජීවින්ගෙන් රැකවරණය ආදී මෙකි නොකී දහසක් කාර්යන් විටමින් සි මගින් සිදු වෙනවා. නිසා කොච්චි ආහාරයට ගැනීමෙන් මේ සියලුම ප්රතිපල අපට ලබා ගන්න පුළුවන්.

ආයුර්වේදයේ සහ සිංහල බෙහෙතේ කොච්චි වැඩි වශයෙන්ම භාවිතා වී තිබෙන්නේ වේදනා නාශකයක් සහ ක්ෂුද්රජීවී නාශකයක් ලෙසින්. මිට අමතරව සන්ධි ප්රදාහ ඇති රෝගීන්ටත්, ශල්යකර්ම වලින් පසුවත්, කල් ගත වූ තුවාල සහ වන සුවකිරිමටත් කොච්චි බහුලව යොදාගෙන තිබෙනවා. සමේ ඇතිවන වේදනාවන්ට බාහිර ආලේපනයක් ලෙස සකස් කිරීම මුලින්ම යොදාගෙන ඇත්තේ සිංහල වෙදකමේ වූවත් අද නම් දැනුම සම්පූර්ණයෙන්ම වාගේ නැති වී ගිහින්.


  මුවට ගත් විගස දැනෙන සැර නිසා මුඛයේ ඇති සියලුම ග්රන්ථින් උත්තේජනය වී ඒවායේ ශ්රාවයන් වැඩි වෙනවා. මේ නිසා තමයි කොච්චි මිරිස් නිතර ආහාරයට ගන්නා අයට වැරදිලාවත් සෙම් ගෙඩි හැදෙන්නේ නැත්තේ. ග්රන්ථි වල සිදුවන මනා ක්රියාකාරිත්වය නිසා සේදී යාමක් වීමෙන් වයිරස/බැක්ටීරියා නිසා ඇතිවන අසාධන වැලක්වෙන අතරම ජීරණ යුෂ ශ්රාවය වැඩි වීමෙන් ආහාර දිරවීම සහ අවශෝෂණය මනාව සිදුවෙනවා. මෙමගින්ම ආහාර මාර්ගය තුල ධූලකහරණය සිදුවී ශරීරය පිරිසිදු වීමත් සිදුවෙනවා.
 
මත්පැන් පානයට ඇබ්බැහිවුවන්ට ප්රතිකාර කිරීමටත් ආයුර්වේදයේ කොච්චි යොදාගෙන ඇති බවයි කියවෙන්නේ. රුධිර නාල විස්තාරණය වී ශරීරය පුරා රුධිර ගමනය වැඩි කරන හෙයින් අත් පා වලට රුධිරය ගමන් කිරීම අඩු වීම හේතුවෙන් ඇතිවන පර්යන්ත ශීතල (peripheral coldness ) ඇති රෝගීන්ට කොච්චි මනා ප්රතිකාරයක්. දියවැඩියා රෝගීන්ගේ ස්නායු වේදනා (diabetic neuropathy ) අඩු කිරීමටත්, කොලෙස්ටරෝල් අඩු කර ගැනීමටත් කොච්චි උපකාර වෙනවා.

කොච්චි වලින් අතීතයේ සාදා ගත් වේදනා නාශක ආලේපන ගැන වැඩි විස්තර සොයා ගත නොහැකි වුවත් මේ දැනුම අපෙන් සහ ආයුර්වේදයෙන් සොරා ගත් බටහිර ලෝකය කොච්චි පැච් සහ කොච්චි ක්රීම් (capsaicin patches and cream ) ස්නායු වේදනා සඳහා යොදා ගන්නවා. විශේෂයෙන් භාවිතා කරන්නේ පැපොල සහ ඒඩ්ස් (chicken pox, shingles and aids ) නිසා හට ගන්නා ස්නායු වේදනා වලට. ආලේපනය සන්ධි ප්රදාහය (artharitis ) නිසා ඇතිවන වේදනාවන්ට බටහිර වෛද්යවරුන් අනුමත කරනවා. හැබැයි මේවා අහස උසට ගණන්. ගෙවත්තේ ඇති කොච්චි විසි කර දමා මේ බටහිර බෙහෙත් වර්ග භාවිතයට අපේ අය පෙළඹුණහොත් එහි අරුමයක් මා නම් දකින්නේ නැහැ. කොච්චි පෙති විදියටත් ලබා ගන්න පුළුවන්

මෙතරම් ගුණ කොච්චි සහ මිරිස් වල ඇති එකම අතුරු අභාධය ලෙස කියවෙන්නේ වැඩිපුර ගැනීමෙන් ආමාශයේ තුවාල ඇතිවීමයි. අද gastritis ලෙස ලොකු කුඩා සැවොම අතර ඇති මේ රෝගය අපි කුඩා කාලයේ නම් අසන්නට දකින්නට තිබුනේ නැහැ. අත්තම්මා කියන හැටියට නම් මෙහෙම වෙන්නේ මිරිස් සැර දිවට නොපෙන්නා සිටියාම. නිසා කාලයේ පොඩි ළමුන්ට කියා වෙනම ආහාර පිසීමක් සිදු වුනේ නැහැ. වැඩිහිටියන්ට පිසින ආහාරයම සමහර විට වැඩිපුර කිරි හොදි ටිකක් වැනි යමක් එකතු කර කන්නට දීමයි කලේ. මුලින් කඳුළු පෙර පෙර කෑවත් ටික කලකින්ම මිරිස් සැරට හුරුවන ආහාර මාර්ගය සැරට හැඩ ගැසීම නිසා අතුරු අබාධ ඇති වන්නේ නැහැ.

 අදට වඩා දහස් වාරයක් කොච්චි සහ මිරිස් අහාරයට ගත්  එදා බඩේ දැවිල්ල ඇති කෙනෙක් අපට අහන්න දකින්න  ලැබුනේ  කලාතුරකින්. ශරීරයේ ඇතිවන වෙනත් අබාධ වගේම කොත්තු සංස්කෘතියත් සමඟ අද කාලේ  දකින හැම කෙනෙකුන්ම මේ රෝගවලින් පෙලෙන නිසා ප්රායෝගික ගැලපීම ගැන සාධාරණ ගැටළුවක් පැන නගිනවා.

භූගෝලීය සම්භවය ගතහොත් දකුණු ඇමෙරිකාවේ මෙක්සිකෝව සහ එම මහද්විපයේම අනිකුත් රටවල තමයි වැඩිම කොච්චි වර්ග ගණනාවක් ඇතිව තිබෙන්නේ. ක්රිස්තු වර්ෂ 7500කට පෙර සිට මක්සිකොවේ මිනිසුන් භාවිතා කර ඇති කොච්චි අද වන විට ලොව පුරාම පැතිර ගොස් තිබෙනවා. කොච්චි ලොව පුරා පැතිරවීමේ වගකීම බාර ගත යුත්තේ ක්රිස්ටෝපර් කොලොම්බස් . කොච්චි කෑමට ප්රියකළ කොලොම්බස් ඔහු ගමන් ගත් මාර්ගය පුරා කොච්චි බිජ පතුරුවාගෙන ගිය බවයි කියවෙන්නේ. කොච්චි වලින් ලොව වැඩිම ආදායමක්ලබන රට වන්නේත් මෙක්සිකෝව.


 දැන් ඉතින් මිරිස් කන්න බැරි අය කොහොමද කොච්චි කන්නේ? එදා අත්තම්මා කිව්වේ මුන් මිරිස් නොකා සුද්දෝ වෙන්න යනවා කියලා. නමුත් අත්තම්මලාගේ කාලයේ වගේ නෙමෙයි.අද ඉන්න සුද්දෝ අපේ මිනිස්සුන්ට වඩා මිරිස් කන්න පුරුදු වෙලා කිව්වොත් තමයි හරි. ලන්ඩනයේ හැම විදියකම වගේ තියෙන ''peri peri chicken '' අවන්හල් පිරිලා තියෙන්නේ සුද්දන්ගෙන්. පෘතුග්රීසි ජාතිකයින්ගේ ආහාර වර්ගයක් වන මේ විශේෂිත කුකුළු මස් පිළියෙළ කරන්නේ කොච්චි, සුදුලූනු, ළූණු මිශ්රනයක කුකුළු මස් පැය 24ක් ගිල්වලා තියලා. මේ නිසා තමයි මිරිස් නොකන අපේ අය දැක්කාම සිනහ පහළ වෙන්නේ.


දිනපතාම පාහේ කොච්චි ආහාරයට ගත අත්තම්මාට කිසි දිනක බඩේ දැවිල්ලක්, සන්ධි වේදනාවක් හෝ මියයන තුරු සෙම්ප්රතිශ්යාවක් හැදෙනවා මා නොදැක්කේ මේ කොච්චි කරලට පින් සිදු වන්නට විය නොහැකිද? පිළිතුර ඔබට බාර කරමින් අදට සමු ගනිමි. ඔබ සැමට ආයු බෝ වේවා!
රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදන්නා ශිල්පීන්ට සියලු ගෞරවය අයිති වේ)


5 comments:

  1. ස්තූතියි ගුණ ගැන දැනුවත් කලාට.

    ReplyDelete
  2. මමත් ඕනම ව්‍යංජනයකට කොච්චි ටිකක් දාල කන්න මනාපයි. ගුණ විතරක් නෙමෙයි, කොච්චිවගින් ව්‍යංජනයට දෙන වෙනස්ම රසය නිසා ආහාරවල ඒකාකාරී රසය වෙනස් කරන්නත් හොඳ විසඳුමක් කියලා තමයි මට නම් කොච්චි පෙනෙනේනේ.

    ReplyDelete
  3. අපූරු ලිපියක්. අපේ ගෙදරත් කොච්චි වර්ග කීපයක්ම තියෙනවා. තැල්කොල මාලුවට කෙහෙල්මුවට එහෙම අම්මා කොච්චි කරල් පිටින් දාන්නේ. ඒ වගේම තමයි අමු කොච්චි ලුනු වතුරෙන් පොගවලා බැදලා ගත්තම සැරත් එක්ක හොද රසයකුත් තියෙනවා. ඇයි තම්බපු මඤ්ඤොක්කා එකට ගැලපෙන්නෙත් කොච්චි සම්බෝලෙ තමයි.

    ජයවේවා!!!

    ReplyDelete
  4. මෙච්චර ගුණයි කිව්වත් කන්නේ කොහොමද එලෝ පොල් පේනවා එක කටක් කෑවම...

    ReplyDelete