Monday 27 February 2017

අත්තම්මාගේ අත් බෙහෙත් 34: කටු අනෝදා

    රස පලතුරකින් පිළිකා මාරයා දුරලමු
   

මතක හැටියට මේ
සිදුවීම වනවිට මා හිටියේ පාසලේ හයේ හතේ පන්තියේ පමණ . වාර විභාග කාලය.. එදා  අපට තිබුනේ සෞක්‍ය විද්‍යාව සහ ගණිතය. කැලේ පනිමින් දඟ වැඩ ගණනාවකට වැරදිකාරිය වී තිබුන නමුත්  වාර විභාගයේ ලකුණු එනතුරු දඬුවම්  පරිවාස  කාල සීමාවකට යටත් කර නැවත නඩු ඇසීම රිපෝට් පොත බැලීමෙන් පසු සිදුකරන්නට තාත්තාගේ උසාවියෙන් නියම කර විශේෂ සමාවක් යටතේ ගෙවුණු කාලයක්

අන්තිම මොහොතේ කල පාඩම් වල  වැඩි අවධානය ගණිතයට යෙදුනු නිසා සෞක්‍ය විද්‍යාව මුළුමනින්ම උගන්වද්දී කනට ඇසුණු මතකයට පමණක් සිමා විය..වඩා වැදගත් වන්නේ ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව  වැනි විෂයන්ට ලැබෙන ලකුණුය. අත්වැඩ, සෞක්‍ය විද්‍යාව වැනි විෂයන් වලට ලකුණු මදි වීම අම්මා පෙරකදෝරු කමේ යොදවා ජාමේ බේරා ගත හැකි මට්ටමේ ඒවාය

වමෙන් චිත්‍ර ඇඳ  දකුණෙන් ලිවීමේ අරුම පුදුම සතෙකු වූ මාගේ චිත්‍ර ඇඳීමේ හැකියාව පන්තියේ ළමයෙකු කාටුනයකට හැරවීමෙන් එහා දියුණු වූවේම නැත. මේ නිසා සෞක්‍යය  සහ විද්‍යා පාඩම් වලදී  අඳින්නට වෙන රූප සටහන් හඳුනා ගැනීමට ගුරුතුමියට වෙනත් ග්‍රහලෝක වල ජිවින්ගේ සහයෝගය ලබා  ගන්නට සිදු වුනු අවස්ථා බොහෝමය.

මේ කියන දවසේ මාගේ පුරුවේ කරුමයක් පලදී ඇමිබා, බැක්ටීරියා සහ වයිරස වල රුප සටහන් ඇඳ ඔවුන් අතර ඇති වෙනස් කම් සන්සන්සදනය කිරීමට ප්‍රශ්න පත්‍රයේ අසා තිබුණි

ඔලුවෙන් හිටගෙන මතක් කෙරුවත් බැක්ටීරියාව සහ ඇමිබාව අඳින හැටි හිතට නම් එන්නේ නැත..අරුමයක මහත.. හිටි හැටියේම මගේ හිතට වයිරසයේ හැඩය මතක් විය. අන් කිසිවක් නිසා නොව පෙරදින ගෙවත්තේ ඉදි රස බැලු කටු ආත්තා ගෙඩියට පින්සිදු වන්නටය.

එදා සිට අද දක්වා වයිරස ගැන කතා කරන හැම මොහොතකම මට මතක් වෙන්නේ කටු අනෝදා ගෙඩියකි. අමිහිරි ප්‍රතිපල ගෙනෙන වයිරසය මිහිරි රසැති සුව ගෙනෙන අනෝදා ගෙඩියේ හැඩය ගැනීම එක්තරා ඛේධවාචකයක් යයි මට සිතුනු වාර ගණන අනන්තය

මේ ලිපියෙන් මා ඔබ වෙත ගෙන එන්නේ අද වන විට පිළිකා නාශකයක් ලෙස ලොව මවිත කර ඇති සුන්දර පලතුර කටු අනෝදා පිළිබඳවයි.


කටු අනෝදා ගෙඩියේ ඇති පිළිකා නාශක හැකියාව ගැන අන්තර්ජාලයේ, බකවාහිනියේ මෙන්ම පුවත් පත් වලද ලැබී තිබු ආන්දෝලානාත්මක ප්‍රචාරය  නිසා පසු ගිය සංචාරයේදී බලන බලන අත කටු අනෝදා දැක ගැනීමට ලැබෙතැයි මම  බලා පොරොත්තු වූවෙමි. නමුත් කොළඹ, මාතර, රත්නපුරයඅනුරාධපුරය, යාපනය, ත්‍රිකුණාමලය වැනි දිගු සංචාර පුරාවට කටු අනෝදා අපට සොයා ගන්නට ලැබුනේ එකම තැනකදී පමණි..

රට විසාලාවක් වන පමණට හැම පවුලකම පිළිකා හෝ දියවැඩියා  මාරයා ගිලගෙන තිබුනද, අවාසනාවට  දිවා රාත්‍රී ෆාමසි සහ රෝහල් පෝලිමේ  ප්‍රතිකාර යදින්නන් මිස රෝගය වලක්වා ගැනීමට රාජ්‍ය මට්ටමෙන් හෝ පෞද්ගලිකව කිසිවෙකු වෑයමක් දරන බවට සේයාවක් වත් දකින්නට  නැත.

මේ පිළිබඳව වැඩිහිටියෙකු සමඟ මා කල කතා බහකට ලද පිළිතුරක් මේ..

''එයාට අපි කටු අනෝදාත් ගෙනිච්චා මහරගමට..කෝ වැඩක් නැහැ..ඕවා හරියන දේවල් නොවේ..''

පිළිකාවක් ශරීරය පුරා පැතිරී, වෙනුවෙන් බටහිර විකිරණ සහ කිමෝ ප්‍රතිකාර වල අතුරු ආබාධ වලින් මරණ මංචකයේ සිටින කෙනෙකුට ''කටු අනෝදා’’ යුෂ වලින් පන පොවන්නට නොහැක..එය කල හැක්කේ  විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාට පමණි.

නමුත් නිතර ආහාරයට ගැනීමෙන් සිරුරු තුල පිළිකා ශයිල වැඩිම වලක්වා අනාගත පරපුර නිරෝගී කිරීමේ හැකියාව  කටු අනෝදා තුල ඇත. අවාසනාවට අපේ අය සර්පයා අල්ලාගෙන ඇත්තේ  වැරදි පැත්තෙනි. 

දියුණු වෙමින් පවතින අපේ රට වැනි වැසි වනාන්තර සහ ජෛව විවිධත්වය සහිත ඝර්ම කලාපිය  රටවල ශාක ඇසුරින් රෝග සුව කිරීමේ ඇති හැකියාව ගැන ඉව අල්ලමින් සිටින බටහිර ලෝකය, ඇස ගැටෙන සියලු ශාක පර්යේෂණ වලට ලක් කරමින් ඒවායේ ඇති ඖෂධිය ගුණ සොයා යමින් සිටි. 

 ඔවුන්ගේ ඉව කටු අනෝදා ශාකය වෙත හැරුනේ කටු අනෝදා නිතර ආහාරයට භාවිතා කරන මෙක්සිකෝවේ ඇතැම් පලාත්වල පිළිකා  අඩු බව ඉව වැටීමෙන් පසුයි. 

ශාකයේ විවිධ කොටස් නිස්සරණය කිරීමෙන් අධි සංයුතියකින්  acetogenins,  quinolones යන ස්වභාවික පිළිකා ශයිල නාශක,  ප්‍රතිඔක්සිකාරක වාගේම alkaloids සොයා ගන්නට ඔවුන් සමත් වී  තිබෙනවා.   පිළිකා වැලැක්වීම පමණක් නොව පැතිරී යාමට පෙර මුල් කාලයේ පිළිකා සුව කිරීමේ හැකියාවක්ද කටු අනෝදා වලට ඇති බව තමා ඔවුන් පවසන්නේ.

මේ පිලිබඳ සොයා යාමේදී හමුවූ ඇතැම් තොරතුරු  වලට අනුව මැක්සිකොවේ පිළිකා රෝගය සඳහා කටු අනෝදා ආශ්‍රිතව නිපදවා ඇති එක්තරා ඖෂධයක් ඖෂධ මාෆියාව නිසා වෙළඳ  පොලට එක්  කිරීමට බලධාරීන් අසමත් වී තිබෙනවා. 

 ඖෂධ මාෆියාවට අනුබල දෙන ලොව පුරා පිළිකා මර්ධන ව්‍යාපාර (cancer research charities ) සතර අත දිවුරමින් පවසන්නේද කටු අනෝදා වල මොන ආකාරයක වත් පිළිකා මර්ධන හැකියාවක් නැති බවක්.. ඒ පිළිකාව දුරලූ දා වුන්ගේ බඩ ගෝස්තරයට පහර වැදෙන නිසාවෙනි..දී කිරට බළල්ලුත් සාක්කිලු...... 

පිළිකා මර්ධනයට අමතරව කටු අනෝදා වල ඇති වෙනත් සෞක්‍යමය  ප්‍රතිලාභ ලියා නිම කිරීමට බැරි තරම්ය. විටමින් සි අධික කටු අනෝදා සිරුර ධුලකහරනයටත්, ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටත් සමත්. ලවන අධික නිසා පාචනය, වමනය වැනි දියර පිටවන අවස්තාවලදී ලවන සමතුලිත තාවය  පවත්වා ගැනීමට (Electrolyte Balance)උදව්  වන කටු අනෝදා හදවත් රෝග සහ වෙනත් හේතුන් මත ඇතිවන ඉදිමුම් වලදී ශරීරයෙන් දියර පිටකර (Diuretic) ඊට ප්‍රති විරුද්ධව ක්‍රියා කරයි.

ආහාර මාර්ගයේ රෝග වලට ඉතා ගුණැති  කටු අනෝදා බොහෝ අය  පිඩා විඳින ගැස්ට්‍රයිටිස් රෝගයටද කදිම විසඳුමකි. 

මල බද්ධය වළක්වාලීමටත් අන්තර පිරිසිඳු කර ආහාර මාර්ගය පිරිසිඳු  කිරීම  නිසා වෙනත් ආකාරයකින් අන්තර පිළිකා වලක්විමටද දායක වේ.

වේදනා නාශක ගුණ සහිත කටු අනෝදා පාප්පයක්  සාදා තුවාල, වේදනා දෙන අස්ථි සන්ධි වල ආලේපයෙන් වේදනාවන් සමනය කර ගත හැක. ප්‍රති ආසාධන සහ ප්‍රති ජිවකමය  ගුණ බහුල කම නිසා නිතර ආහාරයට ගැනීමෙන් බැක්ටීරියා, වෛරස මෙන්ම දිලිර ආසාධන වලින්ද වැළකීමට පුළුවන්.

වකුගඩු සහ මුත්‍රාශයේ ගල් ඉවත් කිරීමට සමත් අපේ දේශීය ආහාර විසල් ගොන්න අතරට එක්වන තවත් සුපිරි යෝධයෙක් ලෙසත් කටු අනෝදා හඳුන් වන්නට පුළුවන්. හේනේ කුඹුරේ තද හිරු රැසේ වැඩ කල අත්ත මුත්තලා අතර මෙවන් ආබාධ සොයා ගැනීම නැති තරම් දුලබ වුයේ ගෙවතු වල යහමින් පැවති නිතර අතුරුපසට එක්වුණු කටු අනෝදා වලට පින්සිදු වන්නට නොවෙන්නට යයි කිව හැක්කේ කාටද?


කටු
අනෝදා වල ආහාරයට ගන්නා  පලතුරට වඩා ගුණ ඇති බව පැවසෙන්නේ ශාක පත්‍ර, කඳේ පොතු සහ ඇට වලයි. ඇතැම් පර්යේෂණ වාර්තා වලට අනුව දැනට භාවිතා කරන කිමෝ තෙරපි වලට වඩා සිය ගුණයක පමණ පිළිකා නැසීමේ බලයක් කටු අනෝදා  පත්‍ර වල තිබෙනවා

කටු අනෝදා කොළ 10ක් පමණ වතුර දමා හිදෙන්න තම්බා ගන්නා තේ ඔප්පයක ප්‍රමාණයේ සාරය මසකට දෙතුන් වතාවක් පානය කිරීමෙන් පිළිකා ඇතුළු බොහෝ රෝග වලින් වැලකි සිටිය හැකි බව කියවෙනවා.


වේදනාකාරී ගවුට් (Gout ) රෝගය උග්‍ර වනඅවස්ථා වලදී මෙන්ම Rheumatoid Arthritis රෝගයට  ඉහත සඳහන් ප්‍රතිකාරය දවසට දෙපාරක් දින කීපයක් භාවිතා කිරීමෙන් රෝග ලක්ෂණ අඩු කර ගැනීමට පුළුවන්. වේදනා නාශක ගුණ කොලයේ බහුලව ඇති නිසා සන්ධි ප්‍රධාහ සහ  නිදන්ගත කොන්දේ වේදනා වලටද මේ ප්‍රතිකාරය භාවිතා කරන්නට පුළුවන්.

කටු අනෝදා කොළ සිහින්ව ඇල්දියෙන් අඹරා එක්සිමා (ECZEMA ) වැනි ආසාත්මික හේතුන් මත ඇතිවන සමේ රෝග මත ආලේප කිරීමෙන් කැසීම වලක්වා ගැනීම මෙන්ම ආසාත්මිකතාවය  අඩු කර ගැනීමටත් හැකි බව පැවසෙනවා.මිට අමතරව කටු අනෝදා කොළ සාරයේ රුධිරගත සිනි අඩු කිරීමට සහ රුධිර පීඩනය අඩු කිරීමෙන් හදවත් රෝග වලක්වා ගැනීමේ හැකියාවක්ද පවතිනවා

හිසකෙස් වලට ගුණැති කටු අනෝදා කොළ ඇල්දියෙන් අඹරා හිසේ ගැල්වීමෙන් උකුණන් සහ හිස්හොරි වඳ කර , අකලට හිසකෙස් ගැලවීම වලක්වා නිරෝගිමත් කෙස් කළඹක් පවත්වා ගන්නටත් පුළුවන්.

අපට වටින්නේ නැතිවාට කටු අනෝදා වල අගය බටහිර ජාතිකයින් හොඳින් වටහාගෙන ඇත. තමන්ගේ වටපිටාවෙන් සොයා ගත නොහැකි මේ ඖෂධය වියලු පත්‍ර , වියලා කුඩු කරන ලද පත්‍ර, පෙති, කරල් වශයෙන් හෝ මදය පාප්පයක් ලෙස සකසා (Frozen Pulp)අධි ශීතකරණ තුල තබා ගෙන පරිහරණයට ගැනීමට අද වෙන විට ඔවුන් පෙළඹිලා.

මේසා ගුණ ඇති කටු අනෝදා අද වන විට අපේ ගෙවතු වලින් අතුරුදහන්වීම කනගාටුවට කරුණකි. පළතුරක් වශයෙන් පමණක් නොව පවස නිවන බිමක් හෝ වෙනත් රසවත් අතුරුපස සඳහා යොදා ගනිමින් ඕනෑම වයසක කෙනෙකුගේ ආහාරයට කටු අනෝදා පහසුවෙන් එකතු කල හැක. එතරම් ඉඩක් නොයන මේ පලතුරු ගස මතු පරපුරේ ඉරණම   වෙනස් කල හැකි විශ්මකර්ම ඖෂධයකි... 

කටු අනෝදා රැක ගැනීමේ සටනට එක්වන්න..ඔබත් අදම ගෙවත්තේ කටු අනෝදා පැලයක් සිටුවන්න..

References:

රේණුකා විමලරත්න :ලන්ඩනයේ සිට 
චායාරුප අන්තර්ජාලයෙන්


16 comments:

  1. එක එක මිනිස්සු කන්න පෙරේත කෑම තියෙනවනේ. මේ මම පෙරේතම කෑමක් සහ බීමක්.

    ReplyDelete
    Replies
    1. සියලු රෝග නිවාරණයි එහෙනම්..දිගටම කන්න පවුලේ අයටත් දෙන්න..දරුවන්ට විශේෂයෙන්...

      Delete
  2. අපේ මිනිස්සු හොඳ ආහාර පාන වලින් ඈත් වෙලා ලෙඩ රෝග බදාගෙන... ;(

    ReplyDelete
    Replies
    1. අපේ අහාර වලින් වෙන්වුණු නිසා ලෙඩ රෝග අපව බාධා ගත්තා යයි කිවාත් හරි..ගෝලීයකරණය කියා හැම දෙයක්ම අපට ගැලපෙන්නේ නැහැ..ඒ ඒ මහද්වීප වල මිනිසාගේ ආහාර රටාව සහ ඒ දේශගුණයට, ජිවන රටාවට අනුකුලව තමා මිනිසාගේ ජාන විකසනය වෙලා තියෙන්නේ. වෙනත් අහාර රටාවකට පරිවර්තනය වන විට එය උසුලා ගැනීමට නොහැකිව ස්වභාවිකව ශරීරයේ ඇතිවන වෙනස්කම් නැතිනම් විරුද්ධතාවය ලෙස තමයි මා දකින්නේ. ආසියානු රටක මිනිසුන්ට බටහිර ශිත රටවලට අනුගාමි අධික තෙල් සහිත ආහාර සහ මස් අහාරය ගැලපෙන්නේ නැහැ.

      ඒ වගේම ස්වභාව ධර්මය මේ වැනි පලතුරු වටපිටාවේ සකසා දී ඇත්තේ ඒ පරිසරයේ අයගේ පැවැත්ම සඳහා...ඒ දේවල් නැති වුනාම පැවැත්ම බිඳ වැටෙනවා.

      Delete
  3. Very Educational Article ..

    Keep it up.. God bless you..!

    ReplyDelete
  4. ස්තුතියි .හොඳ ලිපියක් .

    ReplyDelete
  5. අනෝදා බිමක් පානය කරමින්ම මම කියෙවුවෙමි ආයිබෝ වේවා


    ReplyDelete
    Replies
    1. අපට නම් සොයා ගන්න නැහැ මෙහෙ..ආයේ ලංකාවටම යන්න වෙනවා :( රස වාගේම ගුණත් ලැබේවා කියා පතනවා..

      Delete
    2. Rubicon guanabana juice....එංගලන්තේ නම් ඇත. ලීටරය පවුමයි.

      Delete
  6. මේ අගනා සටහනට එක් දෙයක් එකතු කිරීමට මට පුළුවන.
    මගේ ඥාති සොහොයුරෙක් කොළඹ මහ රෝහලේ 41 වන වාට්ටුවට ඇතුළත් කළා. දැනට මාස දෙකකට පමණ පෙර. ඔවුන් ඔහුට ලැයිස්තුවක් දී තිබුණා. එහි නො ගත යුතු සහ ගත යුතු ගණ හා දියර ආහාර ගැන සඳහන් කර තිබුණා.
    හැකි තරම් ලබා දිය යුතු ආහාරවලට අනෝදා අන්තර්ගත වෙලා තිබුණා. දැන් රෝගය ගැන කියන්නම්. වකුගඩුවේ ගල්. වකුගඩුවේ හැදෙන ගල් (Calcium oxalate) දියකර හරින්නට අනෝදාවලට පුළුවන් බව දැනගත්තේ එදා.

    ReplyDelete
    Replies
    1. මුත්‍රාශයේ සහ වකුගඩු ගල් ඉවත් කිරිමට කටු අනෝදා අගනා ඖෂධයක් බව දන සිටි නමුත් මුල් ලිපියෙන් එය ගිලිහුනා.. ඔබගේ වටිනා කොමෙන්ටුවෙන් පසු ඒ බව ලිපියට ඇතුල් කර සංස්කරණය කළා..ස්තුතියි

      Delete
  7. Have heard that this is not good for phlegm, cold.please adsdse.Tks.

    ReplyDelete
  8. ඖෂධ මාෆියාවට අනුබල දෙන පිළිකා මර්ධන ව්‍යාපාර .. ඕක තමයි දැන් ලෝකේ ඇත්ත.. මිනිස්සු මේවයේ ගුණ දැනගෙන පිළිකා වැළඳීම අඩුවෙයි කියල හිතුනොත් මොනවා හරි බොරු research වලට කෝටි ගණන වියදම් කරලා මිනිසුන්ගේ ඔලුවට දායි වෙන ලෙඩකට හොඳ නැහැ කියල.

    ReplyDelete
  9. වටිනා මෙහෙවරක් ඔබට ස්තුතියි

    ReplyDelete