අද කාලේ ආබාධ වලක්වා ගනිමු

"අල්ලපු ගෙදර කොල්ලා බස් හෝල්ට් එකේ හිටියා. එකෙක් මලත් වගක් නැතිව ඌ තනි කකුලෙන් ලයිට් කණුවට හේත්තු වෙලා අතේ තියෙන ගඩොල් බාගේ දිහා බලන් හිටියා..හරියටම කොකා බෙල්ල නමාගෙන මාලු බාන්න ඉන්නවා වගේ..හප්පච්චියේ ඕකගේ බෙල්ලට හෙට අනිද්දා පත්තු බදින්න වෙනවා."

" කොලර් එකක් දාන්නේ කොහොමද?"
"බෙල්ලේ අමාරුවට දන්නා බෙහෙත් කියනවද ?"
අවංකවම අද වන විට බාල මහලු වෙනසක් නැතිව හැම කෙනෙකුම පරිඝනක සහ ජංගම දුරකථන වලට ඇබ්බැහි වෙලා තිබෙන්නේ..
“Internet Addiction Disorder” ලෙස හඳුන්වන මේ රෝගයේ ප්‍රධාන සංකුලතාවය ලෙස හඳුන්වන්නේ බෙල්ලේ සහ උරහිසේ මාංශ පේශි එක ඉරියව්වක පැවතීම නිසා ඇති වන මාංශ පේශි හැකිලී කෙටි වීම. මේ රෝගය ආරම්භ වන්නේ ගෙලේ ඇතිවන වේදනාවකින් වුවත් නිසි පිළියම් නොදක්වුවොත් පසු කාලීනව උරහිස ගල් වීම වැනි භයානක රෝග තත්ත්ව දක්වා දරුනු වෙන්නට පුළුවන්.
නමුත් නිසි කාලයේදී හඳුනා ගත්
විට මේ රෝගය වලක්වා ගැනීම පහසුයි.. ඒ ගෙල සහ උරහිසට සරල ව්‍යායාම කීපයක් කිරීමෙන්..කොලරයක් භාවිතා කිරීමෙන් ගෙල සහ උරහිසට තව දුරටත් ව්‍යායාම අඩු වීමෙන්
ලෙඩේ දුර දිග යන්නටත් පුළුවන්..

ගෙලේ වේදනාවක් දැනටම ඇති නම් වෛද්‍යවරයෙකු ගොස් මුලින් රෝග විනිශ්චයක් කර ගන්න. රෝගයට හේතුව ඉහත කි කාරනා නම් පහත ඇති ව්‍යායාම උපකාරී වේවි..
රෝග විනිශ්චය නොදැන ගෙලේ ආබාධ වලට හිතුමතේ ප්‍රතිකාර කිරීම ඉතා අවධානම් බව කරුණාවෙන් සලකන්න. මොලයට යැවෙන සියලු රුධිර නාල සහ ඔබේ ස්නායු පද්ධතියේ මුලික ගමන් උමඟ පිහිටා තිබෙන්නේ බෙල්ලේ.. ගෙලට අනවශ්‍ය ගැටළුවක් වුනොත් එය ඔබේ මුළු ජිවිතයටම බලපාන්න පුළුවන්..
පරිඝනකය භාවිතා කරද්දී හැම විටම කෙලින් ඉඳ ගන්න උරහිස් පස්සට දමා පිට කොන්ද කෙලින් වන ලෙස..ටයිප් කරද්දී කි බෝඩ් එක තමන්ගේ උසට
අනුව ගැලපෙන ලෙස
ඉරියව් කර ගන්න....ඉදිරියට නැමී බරවී, උරහිස් ඉදිරියට හකුළුවා ටයිප් කිරීමෙන් වලකින්න. හැමවිටම පරිඝනක තිරය ඔබේ ඇස් මට්ටමට එන ලෙස පරිඝනක අසුන හෝ මේසය අනුරුප කරන්න.
රැකියාව කරන අතරදී හැම පැයකටම වරක් කොම්පියුටර් එකෙන් නැගිට රවුමක් ඇවිදින්න..අත් උරහිස් සහ ගෙල
කරකවන්න..අඩු ගානේ වැසිකිලියට වත් යන්න..බෙල්ල දෙපැත්තට හරවන්න..බෙල්ල..උඩට යටට නමන්න. කාර්යාලයේ ඇති
වෙනත් දෙයක් කරන්න..
පහත ඇති ව්‍යායාම නිවසේදී මෙන්ම කාර්යාලයේදී පරිඝනකය භාවිතා කරන අතර තුර නිතර කිරීම පුරුද්දක්
කර ගන්න..
දැනටත් ඔබේ ගෙලේ පේශි හැකිලී වේදනාවෙන් සිටි නම් වරකට 10 වරක් වන සේ දවසට 2-3 වතාවක් කිරීමෙන් නැවත පේශි සාමාන්‍ය මට්ටමට ගැනීමට පුළුවන්.
දැනටත් ඔබේ ගෙලේ පේශි හැකිලී වේදනාවෙන් සිටි නම් වරකට 10 වරක් වන සේ දවසට 2-3 වතාවක් කිරීමෙන් නැවත පේශි සාමාන්‍ය මට්ටමට ගැනීමට පුළුවන්.
1.කඳ කෙලින් තබා, අත් දෙක ශරීරයට සමාන්තරව පහලට දමා
උරහිස් දෙක පිට මැදට අකුලුවා තත්පර 5ක් ඉන්න. නැවත සෙමෙන් උරහිස් මුල් ඉරියව්වට ගේන්න.

3. ඉහත ව්‍යායාමය වම දකුණ මාරු කර කරන්න.

5 ඉහත ව්‍යායාමය වම දකුණ මාරු කර කරන්න
6. බිත්තියක් දෙස බලා කෙලින් සිට ගන්න අත්
දෙක දෙපැත්තට සිරුරට
සමාන්තරව සිටින සේ..ශරීරය නොසොල්වා ගෙල
පමණක් සෙමෙන් පොලව දෙසට හරවන්න. තත්පර 4කට පසුව නැවත සෙමෙන් මුල් ඉරියව්වට හරවන්න..


9. කඳ කෙලින් තබා ඉදිරිය බලාගෙන සෙමෙන් නිකට පපුව දෙසට ගෙනෙන්න, තත්පර පහකට පසු මුල්
ඉරියව්වට ගෙනෙන්න..
10. කඳ කෙලින් තබා බෙල්ල මුවෙක් මෙන් ඉදිරියට අදින්න තත්පර පහකින් මුල් ඉරියව්වට ගෙනෙන්න.. මේ ලෙසට පසු පසටත් අදින්න..තත්පර පහකට පසු මුල් ඉරියව්වට ගෙනෙන්න
රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
මේකනම් අද කාලෙ කාටත් වටිනව. මේ කියන විදියෙ රැකියා නොකළත් වැරදි ඉරියව් වලින් පරිගණක, ෆෝන් භාවිතය කා අතිනුත් වෙනව
ReplyDeleteඅනිවාර්යෙන්..හැමෝටම අවධානය කොම්පියුටරයට නිසා සිදුවෙන දෙයක්..ඉදිරියට වලක්වා ගන්න උදව් වෙයි කියා සිතනවා...
Deleteස්තුතියි තවත්ප්‍රතිකා කියන්න
ReplyDelete