සමඟ
කොහොල්ලෑ ඔම්ලට්
කාලින අවශ්‍යතා අනුව දේශීය ආහාර වල රස ගුණ මතුකර පෙන්වීම අත්තම්මා සැලකුවේ සමාජ යුතුකමක් ලෙස..හුදී ජන පහන් සංවේගය උදෙසා පාඨකයින්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ රසඤතාවයට ගැලපෙන පරිදි රසවත් දේවල ගුණ පහදා දීම මිනිපිරියගේ යුතුකම ලෙසයි මා විශ්වාස කරන්නේ..


කිරිදෙන මවටත්, ගත වෙහෙසන ගොවියාටත්
කොස් නොවරද්දන්නට අත්තම්මා වගබලාගත්
නමුත් ඒ කාලේ අපේ වත්තේ කොස් කොළ වල රස බැලුවේ
නම් හන්දියේ නානාගේ එළු යුවල සහ පාරෙන් එහා පැත්තේ රාලහාමි මාමලාගේ මි හරක් පට්ටියේ සාමාජිකයින් පමණි.
විවේක ඇති දිනෙක කුස්සියේ ගොම පොලවේ මිටි බංකුව
මත හිඳ රත්කර ගත් කොහොල්ලෑ ගුලියකින් පිපිරූ කළ, හට්ටි, මුට්ටි පිරියම් කරන අතර දිනෙක අත්තම්මා කි යමක් යලි මගේ මතකයට නැගේ.
එදා ඇය සඳහන් කලේ
කොස් ඵලය පමණක් නොව කොස් කොළ මෙන්ම කොහොල්ලෑද ආහාරයට ගැනීමට හැකි බවයි. මේ කතා බහෙන් කීප දිනකට පසු මගේ බලවත් ඉල්ලීම මත කොස් කොළ රසවත්ව දවල් බත් පතට
එක්වුණා . නමුත් ඒ මැල්ලුම් ආකාරයට නොව
රසවත් පපඩමක හැඩය ගෙනය.
ඉන්පසු බොහෝ වරක් නැවත නැවතත් රස බලා ඇති කොස් කොළ පපඩම සාදා ගැනීම ඉතා පහසුයි.


පවතින ඉන්සියුලින් වල ගුණාත්මක බව වර්ධනය කර ගැනීමටත්, අග්න්‍යාසය ඉන්සියුලින් නිපදවීමට උත්තේජනය කිරීමටත් ඇති මේ හැකියාව කොස් පලයේ පමණක් නොව කොස් කොලයේත් ඇති බවක් ඔවුන් පවසනවා.

සෝදා පිරිසිඳු කර ගත් අමු කොස් කොළ සිහින්ව ලියා උනුවතුරේ දමා පෙරා බිමට ගන්න. සිනි, කිරි අවශ්‍ය නැත. දියවැඩියා රෝගීන්ට බොහෝ ප්‍රතිපලදායකයි.

කොස්කොල වල රුධිරගත සිනි අඩු කිරීමේ හැකියාව තහවුරු වන බවට ඇති අනිකුත් සාධකය නම් දකුණු ඉන්දියාවේ නිතර ප්‍රධාන ආහාරයට ඉඩ්ලි එකතු කෙරෙන පවුල් වල දියවැඩියාව බහුල නොවීම.
අමු කොස්කොල ගොටුවක දමා වාෂ්පයෙන් තම්බා ගන්නා
ඉඩ්ලි වලට කොස් කොලයේ සියලු ගුණත් අපුර්ව සුවඳක් සහ රසයක් ලැබෙන බවත් කියවෙනවා.
මේ සියලු සාධක සලකා බලන විට
කොස්කොල මැල්ලුමට එක්කර ගැනීම කාලින අවශ්‍යතාවයක් බව නැවත නැවතත් පැහැදිලි වෙනවා.
තවදුරටත් කොස්කොලයේ ගුණ සොයා ගිය මට දැන ගන්නට ලැබුනේ කොස් කොලය ආයුර්වේදයේත්, දේශීය වෙදකමේත් උන රෝගයට, සමේ ආසාදන, ගෙඩි, වන සහ කල්ගත වුනු දියවැඩියා තුවාල සුවයට භාවිතා කල බවක්. අමු කොස් කොලය පොල් තෙල් පහනේ
රත් කර තැවීමෙන් ගෙඩි මෝදු වීම සහ සුව වීම ඉක්මන් කර ගැනීමටත් හැකිලු.

අත්තම්මාගෙන් අසා
ඇති නමුත් කොහොල්ලෑ ආහාරයට ගනු මා කෙදිනක වත් දැක
නැත. නමුත් මේ බව සනාත කරන ලිපියක් සිළුමිණ පත්‍රයේ පලවිය. කතුවරයකුගේ නම සඳහන් නොවූ ඒ ලිපියෙන් උපුටා ගත් කොහොල්ලෑ බැදුම නුදුරු අනාගතයේදී ප්‍රයෝජනවත් විය හැකි නිසා සත් භාවයෙන්
සකස් කර ගන්නා අයුරු පහතින් දක්වමි.
කොහොල්ලෑ බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය:
- පිරිසුදුවට ගත් කොහොල්ලෑ ස්වල්පයක්
- රතුලූනු ගෙඩි 10
- උම්බලකඩ මේස හැඳි 2
- අමු මිරිස් කරල් 5
- කැකුළු හාල් මිටක්
- රම්පෙ කරපිංචා
- ගම්මිරිස් තේ හැඳි 1/2
- අවශ්‍ය පමණ පොල්තෙල්

සාදන ක‍්‍රමය:
අමු කොහොල්ලෑ සහ සහල් එකට දමා ගලේ හොඳින් අඹරන්න. අනතුරුව ඉහත ද්‍රව්‍ය සියල්ල එක්කර ඔම්ලට් මෙන් බැද ගන්න.
ළඟ ලඟම එන ආහාර හිඟයට බොහෝ ප්‍රයෝජනවත් විය හැකි රසවත් තණකොළ මැල්ලුමක් සමඟ මිළඟ ලිපියෙන්
හමුවන තුරු ඔබ සැමට ආයු වඩ්ඩන්තු සබ්බදා!
රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙනි.
මට කෙනෙක් කීවා .එයා පොඩිකාලෙ දවස් හත අට නොකඩවා වහිනවලු .තාත්තා ළමයි ගැන බැලුවෙම නැතිලු. එයාලගෙ අම්මා කුල්ලක් ඉහලාගෙන දුවලා ගිහින් කොස්ගහේ පාතින් තියෙන අහුවෙච්ච ගෙඩි කඩාගෙන එනවලු .ඒව හීනියට ලියලා හදපු මැල්ලුම විතරක් කාලා දවස් ගතකලාලු.රට එළවලු එන්න කලින් කොස් දලුත් බත් පතට එකතුවෙන්න ඇති .අපේ අම්මා කෑමක් හදනවා ගොටු පිට්ටු කියලා. පොල් සහ පැණි එකට දාලා මලවලා ඒකට පිටි දාලා අනනව . ඉන් පස්සෙ කොස්කොල ගොටු හදලා ඉරටුකෑලි ගහනවා. පිටි මිශ්‍රනය ගොටු වලට පුරවලා වන්ඩුවෙ තම්බනවා.
ReplyDeleteදැන් දැන් කාලීන අවශ්‍යතාවයක් වේගෙන එන කොස්කොල සහ කොහොල්ලැ කෑමට ගන්න හැටි කීවට ස්තූතියි.
බලාගෙන යනකොට කොස්ගහේ කඳ සහ පොත්ත හැරෙන්න සියල්ල කන්න පුළුවන් ඒ නිසා ඔබ කිව විධියට පවුලක් සාගතයෙන් මිදී දිවි රැක ගැනීම අරුමයක් නොවෙයි..ස්තුතියි නිමලවංශ මහත්මයා
Deleteඔබතුමියගෙ මෙම ලිපි අපිට ගොඩක් වටිනවා. මම හැම ලිපියක්ම වගෙ මම කියවනවා. ඒකෙන් ඇත්තටම ගොඩක් දැනුම ලැබෙනවා . ඇත්තටම ගොඩක් ස්තුතියි මේ කරන සේවයට.
ReplyDeleteඔබට බොහෝම ස්තුතියි ලිපි අගය කිරීමට සහ නිබඳව සියල්ල කියවීමට...
Deleteහොඳම ටික..
ReplyDelete//රේණුකා විමලරත්න - ලන්ඩනයේ සිට//
සිරිලංකන් අලුත් උන්ට ලන්ඩනේ ඉදන්ම බත් ගස ගැන කියල දෙන්න උනා නේ??
ජය වේවා කිව්වා !!
එකනේ කියන්නේ..කොයි දේත් වටිනාකම දැනෙන්න දුර රටකට යන්නම ඕනේ..ස්තුතියි සෑම්
Deleteඔබේ ලිපිය බොහෝ අගය කරනවා. එයට තව නිවැරදි කිරීමක් අවශ්‍යයි. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා බත් වෙනුවට කොස් කොළ කන්න කීවේ නෑ. ඔබේ ලිපියේ සේම එම දේශණයේ අන්තර්ගත වුනේත් ආහාර විවිධත්වය වැඩි කිරීම පිළිබඳවයි. එත් මාධ්‍ය එය වාර්තා කලේ ඉදිරියේදී ඇති වන සහල් හිගය පිළිබඳ කියූ කතාව සමග ආහාර විවිධත්වය වැඩි කිරීම ට පෙන්වූ උදාහරණ පමණත් එක් කිරීමක් ලෙසටයි. ප්‍රේක්ෂකයන් මුලා කිරීම කලේ මාධ්‍ය විසිනුයි. ගෙවත්ත ශක්තිමත් කිරීම, එළවළු පරිභෝජනය වැඩි කිරීම, විකල්ප භෝග හා නියගයට මුහුණදිය යුතු ආකාර ගැන සඳහන් කළ දේ මාධ්‍යයෙන් වාර්තා කලේ නෑ. මේ කතාවේ සැබෑම තත්වය දැනගන්න පහත විඩියෝ මගින් පුළුවන්
ReplyDeletehttps://www.facebook.com/krushifm.lk/videos/1574391835922251/
https://www.facebook.com/697800940269593/videos/1167046236678392/
https://www.facebook.com/697800940269593/videos/1175594909156858/
කන්ද කෙන්ද කරන අපේ මාධ්‍ය..කාක් පිහාට්ට කාක්කෝ හත් දෙනා කලාලු..රත්තරන් අශ්වයෝ මවපු මාධ්‍ය කාරයන්ට ඕවත් වැඩද? ස්තුතියි ඔබට
Deleteපනාමල් කියන්නෙ මොනවද?
ReplyDelete