ශිත රටක සාදය උණුසුම් කල
හවායි දුපතේ ආහාර
"කිරි හොද්දක් කැටි නොගැසි හදාගන්න, තැම්බුම් හොද්දට පහේ ටික දාගන්න, රස ගුණ රැදෙන්න පොලොස් ඇඹුලක් හදා ගන්න පුළුවන් ගෑනියෙකුට ලෝකේ ඕනෙම කෑමක් හදන්න පුළුවන් ..
"
අත්තම්මාගේ මේ කියමන මොන තරම් ඇත්තද කියලා හිතුනේ ලෝකේ හැම රටකම මිනිස්සු ජිවත්වන නගරයක ජීවිතය පටන් ගත්තට පස්සේ..
ආහාර පිළියෙළ කිරීම කලාවක් ලෙස හැඳින්වුනත් ලෝකේ පුරාම ආහාර වල තිබෙන්නේ ආහාරවල රස සහ අලංකාරය මතුකරන කලාවක් පමණයි. නමුත් රස, පෙනුම වගේම ආහාරයක පෝෂණීය සහ ඖෂධිය ගුණ මතුකර පවුල නිරෝගී කිරීමේ හෙළ ආහාර කලාව දන්නා කෙනෙකුට නම් ලොව ඕනෑම රටක ආහාර පිළියෙළ කිරීමට අවශ්‍ය වන්නේ කැපවීම සහ උනන්දුව පමණයි..

දරුවෙකුගේ උපන්දින සාදයක්, දානයක්, මිතුරු හමුවක් සඳහාකෑම වේලක් පිළියෙළ කිරීම අභියෝගයක් වුනු ගෘහනියන්ට හද්ද ගොඩේ කුස්සියෙන් බිහිවුණු හැඳිමිටේ නුවන භාවිතා කර ඕනෙම විධියකට සාදයක් සුදානම් කරන්නට පුළුවන් බව ඔප්පු කර පෙන්වූ අවස්තාවක් ගැනයි මේ සටහන.
‘'චුටී මේ ලිප ඩිංගක් බලහන් කෙල්ලේ..''

''චුටිට විභාගෙනෙ අම්මේ මන් බලන්නං '' මා ගලවා ගන්නට ඉදිරිපත් වෙන අලුත ගෙනා මනමාලිය නොහොත් මගේ පොඩි නැන්දා ..
''ඔය මොන විභාග පාස් කරලා මොන රට රාජ්ජේ ගියත් මිනිහටයි ළමයින්ටයි උයලා කන්න දෙන්න ගෑනු ළමයෙක් ඉගෙන ගෙන ඉන්න ඕනේ..ඒකි කලාවේ..''

අත්තම්මාගේ මේ නිතිය අපේ පවුලේ සියලු ගැහැණු ළමයින් සාම්ප්‍රදායික ඉවුම් පිහුම් පමණක් නොව පසු කාලීනව නවීන තාලයේ ආහාර කේක් වර්ග ඇතුළු සියලු මුළුතැන් ගෙයි ශිල්පයන්ගෙන් දක්ෂතා සම්පන්න කරවීමට පසුබිම සකස් කල රාජ අණ යයි හැඳින්වීමටද පුළුවන..

සාදයකදී, දානයකදී හෝ ඕනෑම අවස්ථාවකදී ගෘහනියකට තිබිය යුතු මුලිකම දක්ෂතාවය එය අතේ හැටි මුදලට අලංකාර ලෙස සැලසුම් කිරීමයි. ආරාධිතයන් ගණන, කෑම වේල , සැරසිලි සියල්ල සකස් වෙන්නේ ඒ මතයි..
ලෝක සිතියමේ හවායි දුපත තිබෙන තැන හැර වෙන කිසිවක් දැන නොසිටි මා ජිවිතයේ ලද ලොකුම අභියෝගය මේ යයි කිවාත් එය නිවැරදියි.
පවුලේ උදවිය පාටි සංවිධාන කමිටු 2කට බෙදුණි..
1 සැරසිලි අංශය - උපන්දින හිමිකාරියන් දෙදෙනා සහ පියතුමා /මාමා (සාමාජිකයින් 3යි)
2 හවායි කෑම වේල සංවිධානය කිරීම මවු පාර්ශ්වය (සාමාජිකයින් 1යි)
‘’කේටරින් කරමු..අම්ම දන්නේ නැහැනේ හවායි කෑම හදන්න..අම්මට හරි ලේසියි..’’
ලන්ඩනය පුරාවට සොයා සාදයක් සඳහා හවායි කෑම සපයන සේවා සොයා ගත හැකි වුයේ එකම එකකි..
පිඟානට මෙච්චරයි..මෙනු
එක මේවා, මේවා සහ මේවා.....
මිල ගණන් විමසු මා ක්ලාන්ත වී පාටි සිහිනය බිමට කඩන් වැටෙන්නට පටන් ගත්තේ මේ මොහොතේදීය..16 වෙනි උපන්
දිනයෙන් පසු මුළු පවුලම මහපාරේ නිදන්නට සුදානම් නම් මිස මේ පාටිය සැබෑ කරගන්නට වෙන ක්‍රමයක් නැත..
හිත ඇතිනම් පත කුඩාද කියලා ජීවිතේට නොදැකපු හවායි කෑම ගුගල්
මාමාගෙන් සොයාගෙන මුලින් පින්තුර බලා පස්සේ රෙසිපි එකක් දෙකක් අත් හදා බලන්න ''හැඳි
මිටේ නුවණ '' පහල වුනේ මෙන්න මේ වෙලාවෙලු..
පැසිපික් සාගරය ආශ්‍රිත දුපත් දහසක පමණ ආහාර වර්ග මිශ්‍ර වුනු
ආහාර රටාවක් තමයි හවායි රටට උරුම වෙලා තියෙන්නේ..අමු ද්‍රව්‍ය වශයෙන් ගන්න බොහෝ දේවල්
ඝර්ම කලාපිය දේශගුණයක් සහිත අපේ රටේ ආහාර වලට සමානයි.
අන්නාසි, පොල්, මුහුදු මාළු,
බතල වැනි අපට පුරුදු ආහාර බොහොමයක් ඔවුන් භාවිතා කරනවා . සංචාරකයින් පදිංචි වීම නිසා
පිලිපීන, චීන, ජපාන, කොරියානු, පෘතුගාල් , ස්පාඤඤ වැනි රටවල ආහාර වර්ග සමඟ සම්මිශ්‍රවීමක්ද
ඔවුන්ගේ ආහාර රටාවේ දකින්න පුළුවන්..
මුලික ආහාර වර්ග අතර ඔවුනටම ආවේනික බත් වර්ග, නුඩ්ල්ස් වර්ග සහ විශේෂිත මස් වර්ග පිළියෙළ කිරීම් තිබෙනවා. ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය බොහොමයක්
ලන්ඩනයේ ඇති චීන වෙළඳ සැල් වලින් ලබා ගැනීමට හැකි වීම මේ අත්හදා බැලීම් වලට බෙහෙවින් උපකාරී වුනා..
හතරදෙනෙකුට එක වේලකට සෑහෙන ලෙස අමුද්‍රව්‍ය මිලට ගැනීමෙන් නිවසේ කෙරුණු විවිධ ආහාර වර්ග අත්හදා බැලීම් එක දිගට මාසයක් සිදු වීමෙන් පසුව මේ ආහාර පිළියෙළ කිරීම, ඒ සඳහා යන වියදම, ගතවන කාලය සහ අවශ්‍ය ප්‍රමාණ ගැන මනා අවබෝධයක් ලබා ගන්නට මට පුළුවන් වුනා..
හතරදෙනෙකුට එක වේලකට සෑහෙන ලෙස අමුද්‍රව්‍ය මිලට ගැනීමෙන් නිවසේ කෙරුණු විවිධ ආහාර වර්ග අත්හදා බැලීම් එක දිගට මාසයක් සිදු වීමෙන් පසුව මේ ආහාර පිළියෙළ කිරීම, ඒ සඳහා යන වියදම, ගතවන කාලය සහ අවශ්‍ය ප්‍රමාණ ගැන මනා අවබෝධයක් ලබා ගන්නට මට පුළුවන් වුනා..
මේ තමා 250 දෙනෙකුට අධික අමුත්තන් සහභාගී වූ සියල්ල මගේ අතින්ම
සැකසුනු හවායි උපන්දින සාදයේ අවසාන ප්‍රථිපලය. කේටරින් සේවය හරහා 10 දෙනෙකුගේ කෑම පිඟන් වලට යන වියදමින් 250-300 අතර පිරිසකට ඒ කෑමම
සහ ඊට අමතරව වෙනත් බොහෝ ආහාර වර්ග අලංකාරව
මේසයට ආවේ මෙන්න මේ විධියට..
පිළිගැනීමේ බීම (Welcome Drink)
ෆ්රුට් පංච් ( Fruit Punch)
පිළිගැනීමේ බීම ලෙස විවිධ වර්ග වල පලතුරු යුෂ, ඉඟුරු බියර් මිශ්‍රකර සකස් කර ගන්නා පලතුරු බීම වර්ගයකි. අඹ, අන්නාසි, ස්ට්‍රෝබෙරි භාවිතා කළා. සාමාන්‍යයෙන් මෙයට රම් වැනි මධ්‍යසාරයක් එක් කලද ඒ වෙනුවට පොල් වලින් සකසන මධ්‍යසාර රහිත ''කොකනට් පිනකොලාඩෝ'' භාවිතා කළා.
පෙර කෑම වර්ග
හවායන් මෝස්තරයේ උදුනේ පිලිස්සු කකුළුවෝ (Hawaiian Style Oven Baked Crabs)
මුලින්ම කකුළුවාගේ මදය ඉවත්කර විශේෂිත සෝස් වර්ගයක පැය කීපයක් (තලතෙල්, සෝයා සෝස්, සුදු
ළූණු කොළ, ගම්මිරිස්, අබ කුඩු, සුදුලූනු, ලුණු )පෙගෙන්න හරින්න. කකුළු කට්ට පිරිසිඳු
කර වතුරේ තම්බා ගන්න . දැන් සෙන්ටිග්‍රේඩ් අංශක 150 උෂ්ණත්වයට විනාඩි 15 පමණ පුළුස්සා ගත් කකුළුවා
නැවත කටුව තුලට ඔබන්න. කෙසෙල් කොලයක් මත අතුරා ලෙමන් පෙති, කොත්තමල්ලි කොළ, ක්‍රැබ් ස්ටික්ස්,
කහපාට චෙරි තක්කාලි වලින් සරසා ගන්න..
හවායි මෝස්තරයේ මුහුදු මාළු කෙබාබ් (Hawaiian Style Sea Food Kebab)
ෆිෂ් සෝස්, දෙහි යුෂ, සහ ගම්මිරිස් වල පෙගෙන්නට හැර පසුව
නොගැඹුරු ඔලිව් තෙලේ තාච්චියේ ඉක්මනින් එහා
මෙහා කර ගත් ලොකු ඉස්සෝ, කැමති වර්ණයක චෙරිතක්කාලි, දැල්ලෝ මුදු (ඉස්සෝ ලෙසටම සකස් කර), ක්‍රැබ් ස්ටික්ස් එකට අමුණා අන්නාසි
බාගයක රඳවන්න
ටෙරියකි හරක් මස් කෙබාබ් (Teriyaki Beef Kebab)
සෝයි සෝස්, බල්සලාමික් විනාකිරි සහ දුඹුරු සිනි මිශ්‍රණයක පෙගෙන්නට හැර පසුව නොගැඹුරු ඔලිව් තෙලේ තාච්චියේ ඉක්මනින් එහා මෙහා පෙරලා බැද ගත් හරක් මස් හතරැස්
කොටු , කැමති වර්ණයක චෙරි තක්කාලි , අන්නාසි
කොටු ..
චීන එළවලු රෝල් (Vegetable Spring Rolls)

අඹ සල්සා (Mango Salsa)
බාගෙට පැසුණු අඹ, චෙරි තක්කාලි , කොත්තමල්ලි කොළ, රතු ළූණු, සයිඩර් විනාකිරි, සිනි, දෙහි යුෂ..පිළිගැන්වීම අන්නාසි පළුවක් තුල
හවායි මෝස්තරයේ තිලාපියා උදුනේ පිළිස්සුම (Hawaiian Style Baked Thilapia)
සම්පුර්ණ මාළුවා බඩවල් ඉවත්කර කොටු කපා වුස්ටර් සෝස්,
ලෙමන් යුෂ, ගම්මිරිස්, කෑලි මිරිස්, පැප්රිකා මිරිස් කුඩු, දුඹුරු සිනි මිශ්‍රණයක ඔබා පසුව රන්වන් පැහැය එනතුරු උදුනේ පිස
උදුනෙන් ඉවත ගැනීමට පෙර තල ඇට මතුපිටින් ඉසින්න ..
කෙසෙල් කොළ මත අතුරා ළූණු කොළ, ලෙමන් පෙති, තක්කාලි
වලින් සරසන්න..අඹ සල්සා සමඟ පිළිගන්වන්න
බතල උඳුනේ බැදුම (Baked Sweet Potatoes)
හවායි දුපත් වල බතල අතිශයින්ම ජනප්‍රිය ආහාරයක්.නමුත් අප ආහාරයට ගන්නා ලෙසට නොවේ..ලෙල්ල පිටින් කැමති හැඩයට කපන බතල ලුණු, ගම්මිරිස් සහ ඔලිව්තෙල්/පොල්තෙල් ඉස උඳුනේ පුළුස්සා ගැනීම..
ප්‍රධාන ආහාරය (Main Meal)
තලතෙල් බත් බැදුම (Sesame Fried Rice)
තලතෙලෙන් බැදෙන ෆ්රයිඩ් රයිස් වර්ගයක්..ළූණු, සුදුලූනු, ඉඟුරු , බිත්තර කැරට් සහ ලීක්ස් අඩංගුයි.
හවායි එළවලු සලාදය (Hawaiian Style Vegetable Salad)
පිපිඤඤා, කැරට් , වර්ග කීපයක සලාද කොළ .කැමති පිළිවෙලට අතුරා චෙඩාර් චීස් උඩින් ඉස , සිනි, මයෝනිස් , දෙහි යුෂ, සහ ගම්මිරිස් එකට කලවම් කර ඉස ගන්න
හවායි මිශ්‍ර එළවලු ව්යංජනය (Hawaiian Style Mixed Vegetable Curry)

සයිමින් නුඩ්ල්ස් (Hawaiian Saimin Noodles)
ටෙරියාකි සෝස්, ඔයිස්ටර් සෝස් සහ අන්නාසි යුෂ , සේසමි ඔයිල් සමඟ කැරට් ලීක්ස් එක්කර සකස් කර ගනී
ටෙරියකි හරක් මස් (Teriyaki Beef)

දුම් ගැසූ ඌරු මස් (Kalua Pork)
ඉතාමත් සුළු අමුද්‍රව්‍ය ප්‍රමානයක් නමුත් සංකීර්ණ සකස් කිරීමක්..මිලට ගැනීමට හැකි දියර දුම් (liquid smoke ), මුදු ලුණු සහ ගම්මිරිස් පමණයි අවශ්‍ය වන්නේ..පසුව කැමති නම් සෝස් වර්ග එක්කර වෙනස් කර පිස ගැනීමට පුළුවන්. හවායි දුපතේ අතිශයින්ම ජනප්‍රිය ඔවුන්ගේම ආහාරයක්. සෝයි සෝස් සහ වෙනත් හවායි සෝස් වර්ග එකතු කර බතට ගැලපෙන සේ දෙවනු පිස ගැනීම කළා
අතුරුපස (Desserts)
පලතුරු කෙබාබ් (Fruit Kebab)
කැමති වර්ගයක පලතුරු විවධ වර්ණ වලින් එකට අමුණන්න..
රස ගුණ ලස්සන සේරම එකතු වෙන්න..ඉදිරිපත් කිරීම කොමඩු පළුවක දවටා
රස ගුණ ලස්සන සේරම එකතු වෙන්න..ඉදිරිපත් කිරීම කොමඩු පළුවක දවටා
පලතුරු සලාදය (Fruit Salad)
කොටු කැපු පලතුරු. විවිධ වර්ණ වලින්..(කෙසෙල් නොදමන්න) මේ මොනරා කැපුනේ උපන්දිනය
හිමිකාරියගේ පියතුමා විසිනි.
හිමිකාරියගේ පියතුමා විසිනි.
බුකෝ පැන්ඩන් (Buko Pandan)

මේස සැරසිල්ල (Table Decoration)
මේ ආහාර වලට විශාල වශයෙන් අන්නාසි භාවිතා කරන්න සිදු වුනා..ඉතින් අන්නාසි ගෙඩියේ ඉවත දමන කොටසින් මගේ අදහසකට සැකසුනු මේස සැරසිල්ල මේ තියෙන්නේ.. කෘත්‍රිම අරලිය මලක් ..ස්වභාවික ඒවා අපට නැති නිසා ..හවායි දුපතේ අරලිය සහ සපත්තු මල් සංචාරකයින් ඇද ගැනීමට යොදා ගන්නවා.
පසුබිම් අලංකරණය (Buffet Table Back Ground)
මේ සඳහා යොදා ගත්තේ අපේ රටේ වගේම හවායි දුපතේ බහුල අන්නාසි, ගස් ලබු, කුරුම්බා, දෙළුම් වැනි තැන තැන අපිළිවෙලට ඇතිරූ පලතුරු සහ එළවලු.. බුෆේ මේසය කෙසෙල් කොළ අතුරා
උපන්දින කේක් ගෙඩිය.. (Birthday Cake)
මුදලට මිලදී ගැනුණු සාදයේ එකම අංගය...කඳ කුමරුන්ට මෙන් අත් දොලසක් තිබුනේ නම් මෙතරන්ම අලංකාරයට නොවුනත් එය පිළියෙළ වන්නේද මා අතිනි..
දෙවන කේක්
ගෙඩිය..
ආදරණිය
මිතුරියකගෙන් ලද උපන්දින තෑග්ගකි.සංගීත කාරියක වූ ඇයට ගැලපෙන වීනාවක්..
සම්පුර්ණ ඉදිරිපත් කිරීමෙන් ඔබට දෙන්නට අවශ්‍ය වු පණිවිඩය..
පවුලක ජය හෝ පැරදුම රෝගී නිරෝගී බව සියල්ල පවතින්නේ කම්මැලි නැති ගෘහණියකගේකරමත..අවශ්‍ය තැනට අවශ්‍ය නුවන යොදන්නට හැකි නම් ඇයට කල නොහැකි දෙයක් නැහැ..
රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප :ප්‍රනීත් හෙට්ටිආරච්චි (Praneeth Photography London)
Aloha.. ha.. ha.. Excellent...
ReplyDeleteAloha Aloha
Deleteනියමයි. ලොකු පාටියකට බය නැතිව අත තියලා නේද?
ReplyDeleteඅනිවාර්යෙන්
Deleteහවායන් කෑම ..... ඉස්තුතියි කියුවා... මගෙ ලඟ තියෙනවා හවයන් ස්ලිපර්ස් �� අයුබෝ වේවා ��
ReplyDeleteහදමු එහෙනම් අපටත් එක්කම..ජයවේවා
Deleteෂා... මරුනෙ
ReplyDeleteස්තුතියි..
Deletelooks good ..!!
ReplyDeleteThank You
DeleteHamadama oyage blog eka rasawidinawa. Thanks akka godak adahas ekathukara gaththa.quantities nam hitha ganna baha 250 kata nisa
ReplyDeleteමුලින් පොඩ්ඩක් හදන්න ගෙදර අයට අවශ්‍ය පමණ..මේ රෙසිපි ඔක්කොම ගුගල් කරලා හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ ලොකු ප්‍රමාණයකට ඒක වැඩිකරලා ගන්න ඕනේ..හතර වරක්, පස් වරක් චක්කරේ තමා අවශ්‍ය..
Deleteඉවීම මගෙත් විනෝදාංශවලින් එකක්. නමුත් 250 දෙනෙකුට ඔබ තනියම හදපු දේවල් දැක්කම ඇඟ හිරිවැටුනා. keep it up. ජයවේවා!!
ReplyDeleteහා හා තනියම කොහෙද මෙච්චර උයන්නේ? මම හෙඩ් ශෙෆ්... ටීම් එකක් හිටිය සේරම මම කියන කියන දේ කරන්න ..අත් උදව් දීලා වැඩේ ලස්සනට ගෙනියන්න
Deleteමාත් උයනවා විනෝදාංශයක් විදිහට...you tube එකේ එහෙම තියන recepies ට්‍රයි කරනවා....හැබැයි ඒවා මං විතරයි කන්නේ....මට නම් රසයි...වෙලාවකට කොරියන් යාළුවොන්ටත් දෙනවා....ඒගොල්ලෝ හරි ආසයි මන් උයන ඒවා කන්න.......
ReplyDeleteඒත් මේ ඉවිල්ල නම් රාජකීය ඉවිල්ලක් වගේ.....මරු.....මාර look එකක් තියෙන්නේ garnishing වල.....සුබපැතුම්....
මරේ මාරු
ReplyDelete