Tuesday 11 April 2017

පිළිකා මරුවා ඔබේ ගෙට ගොඩවෙන හැටි....Modern day life style and its contribution for Cancer

    ''කිසා ගෝතමියනි..පිළිකාවකින් නොමල 
      ගෙයකින් අබ මිටක් ගෙන එන්න ''



එදා මල දරුවාට පන ඉල්ලු   කිසා  ගෝතමියට තථාගතයන් වහන්සේ වදාළේ නොමල ගෙදරකින් අබ මිටක් රැගෙන එන ලෙස.. අද දවසේ තථාගතයන් වහන්සේ වැඩ සිටියානම් මහරගම පිළිකා රෝහල අසල හඬා වැටෙන මවුවරුනට වදාරන්නේ ''පිළිකාවකින් නොමල ගෙදරකින්'' අබ මිටක් ගෙන එන්නටයි..අද වන විට පිළිකාව එතරම්ම සුලභයිරට විසාලාවක් වන තරමට පිළිකාව පැතිර ගිහින්..

පිළිකාව මෙතරම්ම සුලභ ඇයි ?

දැනට අඩ  සිය වසකට පමණ පෙර  බොහෝ කලාතුරකින් අසන්නට ලැබුණු මේ රෝගය අද වන විට මෙතරම්ම බහුල වී ඇත්තේ මිනිසාගේම නොසැලකිල්ල සහ ආත්මාර්ථකාමිත්වය නිසා..ගෝලීයකරණය යන මායාවට හසුවී අපේ ජාන වලට සහ ජිවන රටාවට නොගැලපෙන ආහාර සහ චර්යා රටාවකට පෙළඹිලා. නොගැලපෙන  ආහාර රටාව පිළිකා වලට ප්‍රධානම හේතුවක්..

මේ අවධානය දුම්බීම, ඕසොන ස්ථරයේ විනාශ වීම නිසා සුර්යාගේ අහිතකර කිරන වලින් ආරක්ෂාවක් නැතිවීම, ව්‍යායාම නැති කම, මානසික ආතතිය වැනි කරුණු නිසා තවත් වැඩි වෙනවා..

නිසා අද උපදින්න කලින්ම දරුවන්ගේ සිරුරේ පිළිකා ශයිල ඇතිවන තරමට ගැටලුව දුර දිග ගිහින්..

පිළිකාවක් ඇති වෙන්නේ කොහොමද?


බටහිර වෛද්‍ය  විද්‍යාවට  අනුව පිළිකාවක් හැදෙන්නේ ශරීරයේ මුලික රසායනිකය  වන DNA ව්‍යුහයට  හානි පැමිණීම නිසා. ලෝකයේ එක් එක්  මහද්වීප වල මිනිසුන්ගේ DNA 
ව්‍යුහ සකස් වී තිබෙන්නේ ඒ ඒ රටවල දේශ ගුණ, ආහාර සහ  ජිවන රටාවට අනුකුලව. ඒ  අනුව තමන්ට උපතින් ලැබෙන ජාන වලට හුරු පුරුදු  ජිවන සහ  ආහාර රටාව වෙනස් වීමෙන් සිරුරේ ශයිල  කාලයක් තිස්සේ ආබාධ වීම (cell defects)  නිසා නිසා පසුකාලීනව  පිළිකා සයිල බවට හැරෙනවා. 


උදාහරණයක් ලෙස ආසියාවේ ජාන ඇති අපේ රටේ මිනිසුන් බටහිර ආහාර සහ ජිවන රටාවට නැඹුරු වීම ගන්න පුළුවන්. අපේ ජාන සැකසිලා තිබෙන්නේ මුහුදු මාළු සහ එළවලු පලා සහිත සමබල ආහාර වේලකට. නමුත් බටහිර ආහාරය මස් සහ සත්ව අහාර නිෂ්පාදන (කිරි, බටර්, චීස්) ප්‍රධාන කරගත් එකක්. 

පිළිකාව ආරට යන්න පුලුවන්ද?

පියයුරු පිළිකාව, ප්‍රොස්ටේට් ග්‍රන්ථියේ පිළිකා, ලේ පිළිකා වැනි ඇතැම් පිළිකා වර්ග පවුලේ අම්ම තාත්තට තිබුනා නම් ඔවුන්ගේ  ආබාධිත DNA උපතින්ම දරුවන්ට ලැබී පිළිකා හැදීමේ 3% පමණ සම්භාවිතාවයක් තිබෙනවා

අය අනිකුත් සාධක වර්ධනය නොවන පරිධි ජිවන රටාවෙන් වලකා ගත හැකි දේ අනුගමනය කිරීමෙන් මේ අවධානයෙන් ගැලවෙන්න පුළුවන්. ලංකාවේ දත්ත ක්‍රමානුකුලව සිදු නොවෙන නිසා ප්‍රමාණය නිට්ටාවටම කියන්න අමාරුයි.

දැනට වසර 30-40කට පෙර කාලයට වඩා අද අපේ රටේ පිළිකා වැඩි වෙන්න හේතුව කුමක්ද?

මුලිකම හේතුව ලෙස මං දකින්නේ අපේ ආහාර රටාවේ ඇති වී ඇති වෙනස්කම්

කොත්තු  සංස්කෘතිය....

කෙටියෙන් කිවොත් අද අපට තිබෙන්නේ කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් සංස්කෘතියක්.. මේ ආහාර දෙකම අපේ දේවල් නොවේ. එකක් චීනෙන් සම්ප්‍රේෂණය වෙලා.කොත්තු නම් කොහෙන් ආව වසංගතයක්ද   කියා  හිතා ගන්න බැහැ..

මේ දෙකේම තිබෙන්නේ තෙල්, වේගයෙන් දිරවන සුදු පිටි/සුදු සහල්, දුෂිත මස් වර්ග  සහ මොනෝ සෝඩියම් ග්ලුටමෙට් (අජිනමොටෝ) කියන රස කාරක ලුණු වර්ගය. මේ රස කාරකය පිළිකා කාරකයක් වගේම හිසරදය, හදවත් රෝග, අධික තරබාරුව ඇතිකරන ශරීරයට අනවශ්‍ය ලුණු වර්ගයක්.

අජිනමොටෝ- අපිට මොටෝ 

දියුණුවන රටවල මේ ලුණු වර්ගය භාවිතයෙන් තහනම් කරලා තිබෙන්නේ. නමුත් ආහාර පාලනයක් / ප්‍රමිතියක් නැති අපේ රටේ හැම මාවතේම අජිනමොටෝ කඩ වැහි වැහලා. මේ ලුණු වර්ගයේ ඇති ඇබ්බැහි වීම නිසා එක වරක් ආහාරයට ගන්න දරුවෙකුට සාමාන්‍ය ගෙදර දොරේ හදන කෑමක් කවා ගන්න අමාරුයි.. 

අද වන විට අම්මලා පහසුවට සතියකට දවසක් දෙකක් මේ වස දරුවන්ට කවන්න පුරුදු වෙලා..මේ විධියට වැඩෙන කුඩා ළමයින් තරුණ වයස වන විට පිළිකා හැදීමේ අධි සම්භාවිතාවයක සිටින්නේ.

පිළිකාවට අත වනන සකස් කල මස්..

ඊළඟට අපේ අම්මලා දැන් රූපවාහිනියෙන් ඔවුන්ගේ මොලවලට ඔබ්බන සොසේජස්, නගට්ස් වර්ග, මීට් බෝල් වගේ සකස්කළ මස් වර්ග ළමයින්ට දෙන්න පුරුදු වෙලා..වෙළඳ දැන්වීම වලින් පෙන්වන්නේ මේ ආහාර නැතිනම් ළමයින්ට කන්න වෙන දෙයක් නැහැ වගේ

සකස් කල මස් අද වන විට ලෝක සෞක්‍ය සංවිධානය මගින් ''පිළිකා කාරක ආහාරයක්’’ ලෙස භාවිතයට නුසුදුසු ආහාර ගොන්න යටතේ වර්ගීකරණය කර තිබෙන්නේ

සකස් කල මස් වර්ග කල් තබා ගැනීම සඳහා එකතු කරන සෝඩියම්  නයිට්‍රයිට් තාපයට අල්ලා පිසීමේදී අන්තර වල පිළිකා ඇති කරන ''නයිට්‍රොසොමින්'' කියන රසායනය බවට පත් වෙනවා. ඉතින් නිතර ආහාරයට ගැනීම නිසා මේ රසායන වලින් කාලයත් සමඟ ක්‍රමයෙන් ශයිල  ව්‍යුහය වෙනස් කරමින් පිළිකා බවට පත් වීමේ අවධානම තිබෙනවා.

නිල් - කහ- රතු පාට උපන්දින කේක් ගෙඩියේ සැඟවුණු පිළිකා මාරයා....

දැන් ඉන්න දරුවන්ට හැමදාමත් කොහේ හෝ උපන්දින සාදයන්. අන්තිම පිටිසර ගමේ පවා ළදරු පාසලේ ළමයින්ගේ උපන්දිනයට අම්මලා කේක්, පාට පාට රසකැවිලි  ගෙනියන්න පුරුදු වෙලා.. ඇත්තටම මින් මා අදහස් කරන්නේ නැහැ  නැහැ දරුවන්ගේ උපන්දිනය සමරන්න එපා කියලා..නමුත් කනගාටුව දරුවන්ට දෙන මේ ආහාර වල ඇති පිළිකා කාරක ගැන දෙමව්පියන්ට අංශුමාත්‍ර අවබෝධයක්වත් නැති කම



කේක් වර්ග, ජෙලි, අයිස්ක්‍රීම්, බුන්ධි, පාට පාට බිම වර්ග ,ටොපි වර්ග යනාධි මෙකි නොකී සියලු ආහාර වර්ග වලට එකතු කරන කෘත්‍රිම වර්ණ කාරක නිපදවන්නේ බොරතෙල් පිරිපහදුවේදී අතුරුපලයක් ලෙස නිපදවෙන ප්ලාස්ටික් වලට සමාන විස රසායනයක් යොදා ගනිමින්.

නිල් , කහරතු, කොළ වශයෙන් මෙම වර්ණ නිපදවෙන ආකාරය  අනුව වර්ණයෙන් විව්ධාකාර පිළිකා හැදෙන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවන්ට නැතිවම බැරි රතු වර්ණකයේ ප්‍රසිද්ධ පිළිකා කාරකයක්  වන බෙන්සීන්  අඩංගු වෙනවා. නිල්පාට වර්ණක වලින් මොලයේ සහ මුත්‍රාශයේ පිළිකා, රතු පාටින් තයිරොයිඩ් ග්‍රන්තියේ පිළිකා යනාදී වශයෙන් විවධ පාට වලින් හැදෙන පිළිකා පවා මේ වන විට හඳුනාගෙන තිබෙනවා

යුරෝපයේ ඇතැම් රටවල මේ හේතුව නිසා ආහාර වර්ණක භාවිතය සම්පුර්ණයෙන්ම තහනම්..නමුත් මුලින් කි ලෙසට අපේ රටේ ප්‍රමිතියක් නැහැ..පාලනයක් නැහැ.. නිසා දරුවන්ට නිරතුරුවම පිළිකා කාරක කැවෙනවා.



ඉක්මනට හදන ජීවිතය කොට කරන ආහාර.. 

ගෝලීයකරණය නිසා අපට ලැබුණු ඊළඟ මාරයා තමයි මේ ක්ෂණික නූඩ්ල්ස්  සහ සමාන වෙනත් ක්ෂණික ආහාර වර්ග

ඒවායේ කල් පැවැත්මට එකතු කරන විවිධ රසායන වර්ග නිසා වාගේම සමඟ එන රස කාරක පැකට්ටුවේ ඇති මුලින් සඳහන් කල මොනෝ සෝඩියම් ග්ලුටමෙට් අඩංගුයි

සෝයා ගැන- සොයා බලන්...

 අද අප ආහාරයට ගන්නා සෝයා නිෂ්පාදන  (සොයා මිට් ) සාමාන්‍ය ජනතාව සිතා ඉන්නේ සොයා බෝංචි ශාකයේ  නිෂ්පාදනයක් ලෙස හැදෙන ප්‍රෝටීන අඩංගු ශාකමය වටිනා ආහාරයක් ලෙස. 

නමුත් ඇත්තටම සෝයා නිෂ්පාදන වල තව දුරටත් සෝයා ශාකයේ කිසිවක් අඩංගු වන්නේ නැහැ. මුල් කාලයේදී සොයා තෙල් නිෂ්පාදනයෙන් පසු ඉතුරු වෙන පුන්නක්කු වලට සමාන අතුරු පලයෙන් නිපදවුණු සෝයා නිෂ්පාදන අද වන විට කපු පුළුන් ඇට සහ තිරිඟු පිටි වලින් පවා නිපදවෙනවා. 

කෘත්‍රිමව සෝයා  ප්‍රෝටීන ඇතුළු කර අධික උෂ්ණත්වයට ලක්වෙන විවීධ පියවර වලින් පසුව ආහාරයට එකතු වෙන TVP පෝෂණීය වශයෙන් ගුණයක් නැති හිස්  ආහාරයක්. දියුණු රටවල මෙම සොයා අතුරු පලය අනුමත කරන්නේ සත්ව ආහාර සඳහායි. 

අර බට්ටා -මේ බට්ටා කියමින් රුපාවාහිනි වෙළඳ දැන්වීමට රැවටී නිවසට එන මේ හිස් ආහාර  රස කාරක පැකට්ටුවක් සමඟ  පිළිකා මාරයා ඔබ වෙත ලඟා කරනු හැර ගෙනදෙන  වෙන යම් වාසියක් නැහැ..

කෘමිරසායන, රසායන පොහොර

තව දුරටත්  විමසා බැලුවොත් අප ගන්නා එළවලු පලතුරු වර්ග වුනත් අද වන විට කෘමිරසායන, රසායන පොහොර වැනි දේවලින් දුෂණය වෙලා තිබෙන්නේ.. කාලයක් මේ දේවල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ  ශයිල පලුදු වෙනවා.. 

ඩයි දැමු හොද්ද 

අම්මලා කම්මැලි කමට කඩෙන් ගන්නා තුනපහ , මිරිස් කුඩු වර්ග වලත් වැඩි වශයෙන් අඩංගු වෙන්නේ ආහාර වර්ණක සහ පිළිකා කාරක රසායනයන්

ෆෝමලීන් කරවල..

අද වෙළඳ පොලේ තිබෙන කරවල වර්ග වල පවා වස විස අඩංගුයි. ලුණු දමා අව්වේ වියලීම වෙනුවට මෘත ශරීරාගාර රසායන දමා කරවල සකස් කිරීම ජයටම කෙරෙන ව්‍යාපාරයක්.

තරබාරුවේ පිළිකා අවධානම..

ඉහතින් කියන ලද මේධ අධික ආහාර වර්ග නිසා ශරීරයේ බර වැඩිවීම වේගයෙන් සිදු වෙනවා. අද පවතින ජිවන රටාවේ ළමයින්, වැඩිහිටියන් දෙගොල්ලන්ටම ව්යායාමයන් නැහැ. වැඩි පුර මේධය ශරීරයේ තැන්පත් වීමෙන් තමයි තරබාරුව ඇති වෙන්නේ


සිරුරේ එකතුවන  මේධ ස්තරය   මගින් ශරීරයේ අනවශ්‍ය ලෙස හෝමෝන නිපදවීමක් කෙරෙනවා.. කාන්තාවන්ගේ සිදුවෙන මේ හෝමෝන වෙනස්කම් නිසා පියයුරු පිළිකා, ධිම්භ කෝෂ පිළිකා මෙන්ම පිරිමින්ගේ වෘෂණ කෝෂ සහ ප්‍රොස්ටේට් පිළිකා හැදෙන්න මේ හෝමෝන අසමතුලිතතාවය හේතු වෙන්න පුළුවන්

අදවන විට පිළිකා රෝගීන්ගෙන් 20න්  එක්  දෙනෙකුට පිළිකාවට හේතුව තරබාරුව බව පැවසෙනවා.


ශිෂ්‍යත්වෙන් ජයගනිමු..

එකිනෙකා පරදන තරඟය නිසා හැම කෙනෙක්ම අධික මානසික ආතතියකින් ජීවත්වන්නේ. පහේ පන්තියේ දරුවාගේ සිට සරසවි මට්ටමේ සිසුවා දක්වා ළමා පරපුර අධ්‍යාපන ක්‍රමය නිසා ආතතියට ලක් වෙලා..

තරබාරුවේදී වගේම මානසික ආතතියේදීත් හෝමෝන වල අසමතුලිතතා ඇතිවී එය පසුකාලීනව පිළිකා ඇතිවීමට හේතු වෙන්න පුළුවන්

එච්චරද?

අපොයි නැහැ...තව බොහොමයක් තියෙනවා..

හුණු දුම්කොළ සමඟ  බුලත් හැපීම, අධික දුම්පානය සහ මත්පැන් පිළිකා සඳහා හේතුවන අනිකුත් අයහපත් ජිවන චර්යා ගොඩට වැටෙනවා.  

මිට අමතරව නාගරික පරිසර වල රථ වාහන පාලනයක් නැති නිසා වායු ගෝලයට එක් වන විෂ දුම් වර්ග ආශ්වාසයෙන් පෙනහළු පිළිකා ඇති වෙනවා.

කෙටියෙන් කිවොත් පිළිකා කාරක හතර වටෙන් අවි අමෝරාගෙන ඉන්නේ ඔබේ පවුලේ අය ගිල ගැනීමට ...

මේ ගැටළුවට පිළියම කුමක්ද?

මේ ගැටලුව දෙස තාවකාලික සහ දීර්ඝ කාලින  වශයෙන් දෙයාකාරයකින් විසඳුම් සොයන්න වෙලා තියෙන්නේ..
ඇත්තෙන්ම මා මෙය දකින්නේ සෞක්යමය, සාමාජිය සහ ආර්ථික ගැටළුවක් වශයෙන්

පවුලක බිරිඳ හෝ ස්වාමියා තරුණ වයසේදී පිළිකාවකින් මිය යාම හෝ ආබාධිත වීම පවුලට පමණක් නොවෙයි රටක් වශයෙන් ආර්ථිකමය මාරු පහරක්.
නිසා මේ ගැටලුවට ජාතික මට්ටමේ පිළියම් අවශ්යයි. විශේෂයෙන් ආහාර ප්‍රමිතිකරණය සඳහා නිසි නීති රෙගුලාසි පමණක් නොවෙයි ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කෙරෙන යාන්ත්‍රණයක් අවශ්‍යයි.


ජනතාව දැනුවත් කිරීමේ ජාතික ව්‍යාපාරයක් සෞක්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය, හෙද, වින්නඹු  සහ අනිකුත් සෞක්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල හරහා මෙන්ම පාසල් මට්ටමෙන් ගුරුවරුන් හරහා දරුවන්ට මේ පණිවිඩය යැවිය යුතුයි.

තාවකාලික විසඳුම ලෙස මා දකින්නේ අද දවසේ තවමත් පිළිකාවට භාජනය වී නැති පිරිස මේ භයානක අවධානයෙන් ගලවා ගැනීම. මේ සඳහා මුලිකත්වය ගන්නට පුළුවන් පවුලේ අම්මලාටයි. උදාහරණයක් ලෙස ඉහතින් සඳහන් කල පිළිකා කාරක ආහාර වලින් තමන්ගේ පවුලේ අය සම්පුර්ණයෙන්ම  වලක්වා ගැනීම.

දෙවනුව එළවලු පලතුරු සහිත සමබල ආහාර වේලකට පවුලේ අය පුරුදු කරවීම. අපේ හෙළ ආහාරය  බොහොම සමබල- සම බර ආහාර වේලක්ආසියාවේ ඉන්දියාව වැනි වෙනත් රටවල බත් කෑමට ගත්තත් ඔවුන් පුරුදු වෙලා තිබෙන්නේ බත් සමඟ කුමක් හෝ එක ව්යන්ජනයක් ආහාරයට ගැනීම  නමුත් අපේ ආහාර වේල එළවලු, මාළු/කරවල, පලා වර්ගයක්, එළවළුවක් දෙකක් සහිත ආහාර  වේලක්. මේ සඳහා මුදල් ගෙවා කුකරි පන්ති යන්න අවශ්‍ය නැහැ. යන්තම් හොද්දක් බතක් උයා ගන්නට පුළුවන් වීම ප්‍රමාණවත්.

අපේ ක්‍රමයටපිළියෙළ කෙරෙන සමබල ආහාර වේලක  ප්‍රති ඔක්සිකාරක  අඩංගු වෙනවා.. ප්‍රතිඔක්සිකාරක   කියන්නේ ශරීරයේ ධුලක ශෝදාහරණයට උදව්වෙන නැවුම් එළවලු පලතුරු වැනි ශාකමය  ආහාර වලින් ශරීරයට ලැබෙන ශයිල විකුර්තිතා පලුදු වීම් වලකන රසායන වලටවිටමින් වර්ග සහ ෆ්ලෙවනොයිඩ වර්ග ගැනෙන්නේ ප්‍රති ඔක්සිකාරක  ඝනයට. නිරන්තරයෙන් පලුදු වන ශයිල යලි ප්‍රතිසංස්කරණය වීම නිසා පිළිකා වැළකීමේ හැකියාව ඉහල යනවා.



වස විස නැති ආහාර එළවලු පලතුරු තෝරා ගැනීමට කාන්තාවන්ට දැනුම තිබීමත් වැදගත්. අදටත් පොළවල් වලින් ගම වලින් ගෙනෙන රසායන නොදැමූ එළවලු පලතුරු සොයා ගන්නට බැරි කමක් නැහැ

පනුවන් මෝස්තර දැමු පලා වර්ග කියන්නේ කෘමි නාශක රහිතයි කියන එක. කරවිල වම්බටු ගෙඩියක පණුවෙක් හිටියට කෘමි නාශක වලින් තරමේ අවැඩක් වෙන්නේ නැහැ. වගේ දේවල් සොයා ගන්න බැරි නම් එලවලු පලා වර්ග විනාකිරේ පොඟවා ගලායන යන ජලයෙන් සේදීමෙන් වස විස යම් තරමකට ඉවත් කර ගන්න පුළුවන්.


ගුල්ලෝ නොගහන හාල්, පරිප්පු, මුං ඇට කියන්නේ කෘමි බිත්තර විනාශ කිරීමට විස දුම් වර්ග ගැසූ ධාන්‍ය වර්ග. ඒවා හත් අට වතාවක්වත් සෝදා ගන්න. පවුලට අවශ්‍ය තුනපහ ටික නිවසේ සෝදා වේලා කුඩු කර ගෙන තමන්ම සකස් කර ගැනීමට පුරුදු වෙන්න.

තමන්ගේ වට පිටෙන් සොයා ගතහැකි පලා වර්ග භාවිතයට ගන්න. අව්වේ වියලු කරවල වර්ග තෝරා ගැනීම, වාරයේදී බහුල ආහාර වර්ග නිවසේදීම කල් තබා ගැනීමේ ක්‍රම ඉගෙන ගැනීම අනිකුත් කරුණු.

දරුවන්ට දිනකට පැයක්  දෙකක්වත් නිදහසේ එළිමහනේ දුව පැන සෙල්ලම් කිරීමට අවස්තාව දෙන්න. හැකිනම් තරඟයෙන් ඉවත් වී තමන්ට ඇති ලෙස ජීවිතය සකස් කර ගන්න..

දිගු කාලින විසඳුම් ලෙස මා දකින්නේ නැවත අතීතයේ තිබු අපේ ආහාර රටාවට  සහ ජිවන චර්යාවට හැඩ ගැසීම. සඳහා මුලින් කි ලෙස රාජ්‍ය මට්ටමේ සැලසුමක් අවශ්‍යයි. 



නමුත්   මට්ටමට එනතුරු නිකන් බලා නොහිඳ පෞද්ගලිකව තමන්ගේ පවුලේ ගැලවුම වෙනුවෙන්  කල හැකි දේ එමටයි. තමන්ගේ ගෙවත්තේ තමන්ට අවශ්‍ය පලතුරු එළවලු වවා ගැනීම සරල උදාහරණයකට ගන්න පුළුවන්... 

පාසල් අධ්‍යාපනයට ඇතුලත් කර පිළිකා කාරක ආහාර ගැන ළමයින්ට කුඩා කාලයේ සිටම අවබෝධයක් දීම  දිගු කාලින වැඩ පිළිවෙලට අඩංගු කල හැකි දේ..

දේශීය වී වගාව මේ වන විට යලි  ආරම්භ වී තිබෙනවා. එය සුබ ලකුණක්. දේශීය වී කියන්නේ ජාතියම නිරෝගී කල හැකි ප්‍රතිඔක්සිකාරක බහුල රසායන පොහොර අවශ්‍ය නැති ඖෂධයක්

එදා ලඳු කැලෑ වල තිබු හිඹුටු, දං, බෝවිටියා වැනි  පලවැල ප්‍රතිඔක්සිකාරක බහුල ඖෂධිය ආහාර. යලි වවා ගත හැකි නම් ජාතියක් නිරෝගී කල හැකි තවත් ක්‍රමයක් .



රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට 
චායාරූප අන්තර්ජාලයෙන් 







10 comments:

  1. බිය ජනක ඛේද වාචකයකට මුළු රටම ගොදුරු වෙමින් තිබෙන සමයක මේ ලිපියෙන් ඉටුවන මෙහෙවර කුඩා වුනත් එය අති විශාල පින් කමක් රේණුකාට ස්තුතියි

    ReplyDelete
  2. මා පියයුරු පිළිකාවකට ගොදුරු වී ශල්‍ය කර්මය කිමෝ ප්‍ර‍තිකාර හා විකිරණ ප්‍ර‍ිකාර සියල්ල අවසන් කර සුවය ලබා සිටිනවා මා විඳි දුක් කරදර තවත් අයෙකුට විඳීමට නොලැබේවා යන්න මගේ පැතුමයි එය ඉටු කිරීමට ඔබතුමියගේ ලිපිය බෙහෙවින්ම ඉවහල් වනවා ඔබතුමියට බොහෝම පින්.

    ReplyDelete
  3. Very important article ..
    Bless you ..!

    ReplyDelete
  4. ඉතා වැදගත් ලිපියක්...
    සිතුතියි...

    ReplyDelete
  5. ගොඩක් වටින ලිපියක්

    ReplyDelete