Monday, 24 April 2017

මැටි කළයේ වතුරේ රස -ගුණ (Health Benefits of Clay Pot Water)

                 ටිකිරි ටිකිරි ටිකිරි ලියා

                                    කළෙත් අරන් ලිඳට ගියා....

''හප්පේ මෙහෙමත් ගිරිස්මයක්..'' 

එහෙම කියලා ටිකිරි එයාගේ හිසට ඉහලින් කැරකෙන පංකාව දිහා බැලුවා..ඒකෙන් එන්නෙත් රත් වෙච්ච හුළඟක්..ඊටත් වඩා ඉන්න බැහැ තිබහ.. 

ටිකිරි අත් මල්ලෙන් ගෙදරින් ගෙනාව විදුරු වතුර බෝතලයේ  ඇල් මැරිච්ච වතුර ඩිංගකින්  තොල කට තෙමා  ගත්තා..

ටිකිරිට මතක් වුනේ පුංචි කාලේ ගමේ ගෙදර මැටි කළේ  වතුරේ ඇති නැවුම් රස සහ සිසිල....

ටිකිරි පුංචි කාලේ වැස්ස වෙලාවට  ජනෙල් කූරු වල එල්ලිලා පොද වැස්සට පොළවෙන් දුම් පිටවන හැටි බලා ඉන්න හරි ආසයි.. වෙලාවට පොළවෙන් මතුවන සුවඳ වගේ තමයි  කුස්සියේ මැටි කළයේ  වතුර වල රස ටිකිරිට දැනුනේ..


අද ළමයි වගේ ටිකිරිලා ගමේ ඉස්කෝලෙට ප්ලාස්ටික් බෝතල් වල වතුර අරගෙන ගියේ නැහැ ..විවේක කාලෙදී පාසල් ලිඳෙන් එකෙක් මාරුවට එකෙක් වතුර ඇදලා දෑතට වක්කරණ, ඇඳුම් තෙමාගෙන බීපු වතුර සිසිලෙන්  අඩු නැතත් ටිකිරිට ගෙදර කළේ වතුර තරම් රස වුනේ නැහැ..

ටිකිරි දැනන්  හිටියා ඒකට හේතුව...කළයේ සිදුරු සහිත මැට්ට මගින් එයට එක්  කරන ජලයෙන් යම් පරිමාවක් උරා ගන්නවා.. මගින් කළේ පිටත බිත්තියේ  තෙත් මතුපිට ස්ථරයක් පවත්වා ගන්නවා. හින්දා  පිටත පරිසරයේ උෂ්ණත්වය කළය තුලට ඇතුළු නොවී වාෂ්ප කර  කළය ඇතුලත ඇති ජලයේ සිසිලස  පවත්වා ගන්න මැටි කළය සමත්වෙනවා



වීතරක් නොවෙයි  ඇතුලත ජලයේ ඇති උෂ්ණත්වය යම් ප්‍රමාණයකට  ඉවත් කර සෞම්‍ය සිසිලකට පත් කරන්නත් මේ සරල නියාමය උපකාරී වෙනවා...දවසේ ඕනෑම වෙලාවක ටිකිරිලාගේ කළේ හෝ ගුරුලේත්තුවේ  වතුර සිසිල් වුනේ ඔන්න ඔහොම..අද වන විට විද්වතුන්ගේ  මතය  ජලය ගබඩා කල හැකි වඩාත්ම සෞක්‍යමත් විධිය  ටිකිරාලේගේ මේ ගොඩේ මැටි කළේ සහ ගුරුලේත්තුව බව...

මැටි කළයේ වතුර ගුණ බව  ටිකිරි දැනන් හිටියට බව සහසුද්ධෙන්ම දැන  ගත්තේ මෑතකදී ටිකිරි කියවපු විද්යා පර්යේෂණ වාර්තාවකින්.. වාර්තාවේ කියවෙන්නේ මෙන්න මෙහෙමලු..


ශරීරයේ
පැවැත්මට අවශ්‍ය   යකඩ, කොපර්, මැග්නීසියම් , කැල්සියම්, ෆ්ලෝරයිඩ් වැනී අත්‍යාවශ්‍ය  ලවණ ගබඩා වී පවතින්නේ පොලවේ..අපට පස් කන්නට බැරි වුනත් ශාක මගින් අවශෝෂණය කර ගැනීමෙන් පසුව එළවලු, පලතුරු, කොළ එළවලු වර්ග හරහා මේ ලවණ වර්ග අපේ ශරීරයට ලැබෙනවා. ඊට අමතරව ළිං ජලයෙනුත් යම් පමණකට මේ ලවන ශරීරයට ලැබුනා

අවශ්‍ය   පමණ මේ ලවන ශරීරයට  නොලැබීම  විවිධ   රෝග සඳහා හේතු වෙනවා.

ළිං  ජලය කළයක ගබඩා කලාම කළයේ ඇති මැට්ටෙනුත්  ශරීරයට අත්‍යාවශ්‍ය ලවන එහි ගබඩා කල ජලයට එකතු වුනාලු. විතරක් නෙමෙයි ළිං ජලයේ යම් අහිතකර ලෝහ ලවණ සහ බැර ලෝහ ඇති විටදී   ඒවා මැටි බිත්තියට අවශෝෂණය කර ගෙන  වතුර ශරීරයට හිතකර ලෙස සැකසිමකුත් ටිකිරිගේ කළෙන් සිදු වෙලා තිබෙනවා..

අද තරමට සෞක්‍ය  පහසුකම් සහ තාක්ෂනය නොදියුණු යුගයක  රෝග අඩු වන්නට මැටි කළයේ වතුර උපකාරී වුනේ ඔන්න ඔය විධියටලු..



බෝතලයට ගෙනාව ඇල්  මැරුන වතුර පානය කරන ටිකිරිට කාර්යාලයේ ඇගේ යාළුවො ඔච්චම් කරනවා..


''උඹ නම් මහා ගොඩේ.. ශීතලට වතුර බොන්න ෆ්රිජ් එකක් තියෙද්දී කිසි ගතියක් නැති  ඇල්  මැරිච්ච වතුර බොන්නේ...''

එහෙම කියන කුමුදුමලීගේ කටහඬ නිතරම ගොරෝසු වෙලා..නිතර කැස්ස..උගුරේ වේදනා..ගතියට වතුර බොන කුමුදුමලී නිතරම ලෙඩින්..

ශීතකරණ ජලයේ උෂ්ණත්වය පවතින්නේ සෙන්ටිග්‍රේඩ්  3-5ත් අතර මට්ටමේ. අධි උණුසුමේ සිට එකවර මෙතරම් සිසිලකට උෂ්ණත්වය වෙනස් වීම මුඛයේ සහ ගලනාලයේ සියුම් පටල වලට උසුලා ගැනීමට අපහසුයි.. අඩු කාලයකින් සිදුවන උෂ්ණත්ව වෙනස මේ ශෛල මතුපිට බිඳ වැටීමට හේතු වීමෙන් පසු කාලිනව රස හඳුනා ගැනීමේ වෙනස්කම් හෝ උගුරේ සහ ගලනාලයේ  රෝගාබාධ ඇති වීමට  ඉඩ තිබෙනවා..

උදාහරණයකට උතුරන ජලය වීදුරුවකට දැමු විට වීදුරුව පුපුරා යාම ගන්න පුළුවන්. නැතිනම් ශිත කාලයේ උෂ්ණත්වය අඩු වීම නිසා බටහිර රටවල ජල නල පුපුරා යාම ගන්නත් පුළුවන්..

ටිකිරිලාගේ ගමේ ගෙදර කළේ වතුරත් සීතලයි..නමුත් හරිම සෞම් සීතලක්..ගබඩා කර පැය  කීපයකින් ස්වභාවිකව මැටි කළයේ  ජලය  සෙන්ටිග්‍රේඩ් අංශක 10 පමණ සිරුරට හිතකර සෞම්‍ය උෂ්ණත්වයකට පත් වෙනවා. නිසා මැටි කළයේ හෝ ගුරුලේත්තුවේ ජලයෙන්  මේ   අනවශ්‍ය සෞක්‍ය   ගැටළු වල අවධානය ඇති වෙන්නේ නැහැ...  විදුලි බලය අනවශ්‍ය නිසා  නිසා මුදල් පසුම්බියටත් හිතකරයි.

පානිය ජලය ලබාගන්නා ස්ථානය අනුව ජලයේ ඇති ආම්ලික බවේ වෙනස් කම් වෙන්නත් පුළුවන්. ජලය ලබා ගන්නා පොලවේ ඇති අධි  ආම්ලික ලවණ  මේ සඳහා උදාහරණයකට ගන්න පුළුවන්. ආම්ලික ජලය සිරුරේ අම්ල භාෂ්ම සමතුලිතතාවය බිඳ වැටීමට හේතු වෙනවා. මෙය විවිධ රෝගාබාධයන්ට හේතු වෙන කරුණක්

නිදසුන් ලෙස  අමාශයේ  අම්ල භෂ්ම සමතුලිත භාවය බිඳ වැටීමෙන් ඇතිවන ගැස්ට්‍රයිටිස් රෝගය හඳුන්වන්න පුළුවන්

ගබඩා කරන පානිය ජලයේ ආම්ලික බව නසන භාශ්මිකරන ගුණයක්  මැටි කළයේ අඩංගුයි..ටිකිරි කුඩා කාලයේ කවදාවත් මේවගේ ලෙඩ රෝග අහන්න දකින්න නොලැබුණේ  මේ හින්දා වෙන්න ඇති කියලයි ටිකිරි නම් හිතන්නේ..


 මැටි කළයක් භාවිතයේදී ඇති අවාසි ලෙස ගැනීමට වෙන්නේ පහසුවෙන් බිඳී යාම නිසා නිතර අලුතින් මිලට ගැනීමට වීම. නමුත් පාරිසරික සහ සෞක්‍යමය වාසි සලකා බලන විට කුඩා අවාසිය නොගැනීය හැකි තරම්. පොලවේ මැට්ටෙන් සැදුනු මැටි කළය පහසුවෙන් නැවත මැටි බවට පත් වුනත් එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් බෑගයක් දිරා යාමට වසර 450ක් පමණත්බෝතලයක් දිරා යාමට වසර 1000 ක් පමණ කාලයකුත් ගතවිය හැකි  බව ගණන් බලා තිබෙනවා.

මැටි බඳුනක ඇති අනෙක් අවාසිය එමඟින් කුඩා ප්‍රතිශතයකින්  අවම හානිකර මට්ටමේ බැක්ටීරියා ජලයට එකතු වීමේ හැකියාවයි. නමුත් මෙය අවාසියක් ලෙස නොගැනිය යුත්තේ එය ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට හේතු වන නිසා. නිතර සෝදා පිරිසිඳුව  පවත්වා ගැනීමෙන් මේ හානිය අවම කර ප්‍රතිශක්තිය වඩවා ගැනීමට අතීතයේ ගෘහනියන් සමත් වුනා..


කාලේ ටිකිරිගේ අත්තම්මා  සතියකට දෙතුන් වතාවක් කපා ගත් පොල් ලෙල්ළකින් කළයේ  පතුල මැද සෝදා,එය අව්වේ වියලා පසුව දර ලිපේ අඟුරු උඩ මුනින් නවා පැය  ගානක් පතුල පිලිස්සෙන්න හරිනවා.   නිසා කළේ වතුර හැමදාටම ''නැවුම් රසයෙන්''  සිසිලෙන් සහ පිරිසිඳු බවෙන් ඉහලව පැවතුනා. වතුර බීපු ටිකිරිලාගේ ගමේ කාටත් අද වගේ ලොවෙත් නැති ලෙඩ රෝග තිබුනෙත් නැහැ...


ආපහු හැරිලා අතීතෙට යන්න තියෙන හේතු කාරනා නිමක් නැහැ.. ලිඳ වටකර සිටි කබරගොයාවත්..කකුල කාපු දියබරියාවත්  පිළිකා මාරයා තරම් භයානක නැති බව ටිකිරිට මතක් වුනා.. ටිකිරිලියාට කළෙත්  අරන් නැවත ලිඳට යන්නට කාලය පැමිණිලා....


අද වන විට පානිය ජලය ගබඩා කිරීමට යොදා ගන්නා ප්ලාස්ටික්, ඇලුමිනියම් භාජන වලින් පිළිකා වලට අත වනනවා.. විතරක් නෙමෙයි නගරබද නල ජලයේ අඩංගු ක්ලෝරීන් නිසාත් විවීධ සෞක්‍ය ගැටළු ඇති වෙනවා.. ගැටළු බොහොමයක් මැටි බඳුනක ජලය ගබඩා කිරීමෙන් අවම කර ගැනීමට පුළුවන්.. ගැන වැඩි විස්තර ඊළඟ ලිපි වලින් කතා කරමු.

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට 
චායාරූප අන්තර්ජාලයෙන් 


1 comment:

  1. හැමදාමත් ඔබේ ලිපි කියවන නිහඬ රසිකාවියක්.ඔබේ මේ සත්කාර්යය ඉතා අගෙයි.ඔබට හැකිනම් මෙහි දිගුවක් ලෙස filters ගැනත් ලිවිය හැකි නම් අගෙයි.

    ReplyDelete