Monday 1 May 2017

නල ජලයේ අවධානම හඳුනා ගනිමු !!! (Health risks of chlorinated water)

         කලගෙඩි නැටුමට කලගෙඩි ලෙලවති
            නල වතුරෙන් සැනහෙන දරුවෝ.....


ලස්සන වෙන්න කවුරුත් කැමතියි..විශේෂයෙන්ම ගෑනු ළමයි..පංච කල්‍යාණයෙන්  එකක් වන කේශ කල්‍යාණය  රැක ගැනීම අද කාලේ නල වතුරෙන් සැනහෙන ගෑනු ළමයින්ට ඇති ලොකුම ගැටළුවක්..

''කොණ්ඩය යනවට  බෙහෙත් තියෙනවද?'' මේ අපට නිතර අසන්නට ලැබෙන ගැටළුවක්.

ඕනෑම ගැටලුවක හේතුවට පිළියම් නොදා පලය වලක්වන්න බැහැ.  කොණ්ඩය යාමත් වගේ. අද වන විට කොණ්ඩය නොවැඩෙන්න ආහාරයේ පෝෂණ කොටස් අඩු වීම, සමබල ආහාරයක් නොගැනීම, හිස කෙස් සඳහා භාවිතා කරන නිෂ්පාදන වල ගුණාත්මක බව අඩු වීම වැනි  බොහෝ හේතු තිබෙනවා..  

නමුත් අතරින් ඉදිරියටම එන ක්ලෝරීන් වැනි සමට අහිතකර රසායනවලට නිරන්තරයෙන්ම ගොදුරු වීම කාටත් අමතක වෙලා

ජලය මගින් බෝවෙන කොලරාව, තයිපොයිඩ් උණ, අතීසාරය වැනි රෝග වලින් ආරක්ෂාවට ක්ලෝරීන් යොදා ජලය පිරිසිදු කිරීම ආරම්භ වුනේ 19 වන සියවසේ අග භාගයේ බටහිරෙන්

නවීන විද්‍යාවෙන් සොයා ගන්නා බොහෝ දේ ඉතා කෙටි කාලෙකින් වෙනස් වන නමුත් සියවසකට අධික කාලයකදී අදටත් ක්ලෝරීන් පානිය ජලය ආරක්ෂිත මට්ටමට පිරිසිඳු කිරීමට පෙරමුණෙන් සිටින රසායනය. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින තුන් වන ලෝකයේ අප වැනි රටවලට ක්ලෝරීන් නැතිවම බැහැ

නගරබදව භාවිතා වෙන නල  ජලය පානයට සුදුසු මට්ටමට පිරිසිඳු කෙරෙන්නේ ක්ලෝරීන් මගින් බව අප කවුරුත්  දන්නා දෙයක්. ජලතටාක වලට  එක්  කෙරෙන ක්ලෝරීන්   Hypochlorus සහ Hydrochloric අම්ල බවට පත්ව  හානිකර  බැක්ටීරියා වෛරස සහ වෙනත් ජීවින් විනාශ කර බිමට සුදුසු මට්ටමට පිරිසිඳු කරනවා. නමුත් එපමණකින්ම මේ ජලය මිනිසාට භාවිතය සඳහා සුදුසුද


ක්ලෝරීන්
පරිහරණයේ අතුරු ආබාධ සහ  දිගු කාලින සෞක්‍ය ගැටළු මේ වන විට ලොව සෞක්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වෙලා තිබෙනවා.

ලෝක සෞක්‍ය  සංවිධානයේ නීති රෙගුලාසි අනුව ක්ලොරිනිකරණය කල ජලයේ තිබිය යුතු උපරිම ක්ලෝරීන් සාන්ද්‍රණය  ජලය ලීටරයකට මිලිග්‍රෑම්  0.5 ක් පමණයි

මේ අනුමත මට්ටමේදී වතුරේ ක්ලෝරීන් රස හෝ ගඳ දැනෙන්නේ නැහැ

නෑමෙන් පසු කෙස් වල ක්ලෝරීන් ගඳ, ඇස් දැවිල්ල, ඇස් රතුවීම හෝ සම වියලීම, කැසීම වැනි ලක්ෂණ ඇති වන්නේ නම් ඊට හේතුව සම්මත පරිමාණයට වඩා ජලයට ක්ලෝරීන් එකතු වී  ජලයේ ආම්ලික බව වැඩි වීමයි.



ශරීරයේ
සාමාන්‍ය පැවැත්මට ක්ලෝරීන් සුළු ප්‍රමාණයක් අවශ්‍ය වුනත් පමණට වඩා වැඩි වීම සිරුරට හානිකරයි. දැනට පවතින දත්ත අනුව සම්මත ප්‍රමාණය  ක්ලෝරීන් එකතු කල ජලය  දිගු කාලයක් භාවිතයෙන් පිළිකා ඇතිවීමේ ප්‍රවනතාවය  ක්ලෝරීන් වතුර නොබොන කෙනෙකුට වඩා 93%කින් ඉහලයි. සම්මත මට්ටම ඉක්මවන බවට දෘශ්‍යමය සාධක (ක්ලෝරීන් ගඳ/රස) ඇති රටවල වලදී මේ අවධානය ඊටත් වඩා
 ඉහලයි.


බැලු බැල්මට අපට හිතෙන්නේ ක්ලෝරීන් අපේ සිරුරට ඇතුළු වෙන්නේ බොන වතුරෙන් කියලා. නමුත්  ආහාර පාන, පිරිසිඳු කිරීමේදී  සමතුලට උරා ගැනීමෙන් සහ නාන  කාමරයේදී වාෂ්පවූ වායුවක් ලෙසින් පෙනහළු වලින් පවා ක්ලෝරීන් ශරීරයට ඇතුළු වෙනවා.

සිරුරට ඇතුලුවෙන ක්ලෝරීන් කාලයත් සමඟ සෙමෙන් ශරීරය ධුලක තත්වයකට පත් කරනවා (increases production of free radicals).
 ක්ලෝරීන් අතුරුපල නිසා  ඇතිවන මේ පිලිකාකාරාක ධුලක එක්තරා මට්ටමකට සිරුරේ ඉහළයාමෙන් පසු සෛල විකුර්තිතා ඇති කර පිළිකා අවධානය ඉහල දමනවා.

බෙල්ජියම් වෛද්‍ය කණ්ඩායමක්  මේ සම්බන්ධව කල පර්යේෂණයකදී ක්ලෝරීන් ධුලකයක් වන Trichloramines නම් රසායනය සිරුර තුලදී දහඩිය  සහ මුත්රා සමඟ ප්‍රතික්‍රියා කර  සමේ සහ මුත්‍රාශයේ ශෛල විනාශ කිරීම හඳුනාගෙන තිබෙනවා
Trichloramines මගින් වන පෙනහළු වල බිත්ති විනාශය ස්වසන රෝග බහුල වීමට තවත් එක හේතුවක් ලෙසත්  මේ කණ්ඩායම හඳුන්වනවා.

විශේෂයෙන් අධි ප්‍රමාණ  වලින් ක්ලෝරීන් වලට නිරාවරණය වන දරුවන්ට මේ නිසාම  ඇදුම  සහ විවිධ ස්වසන රෝග ඇතිවන බවයි  ඔවුන් පෙන්වා දෙන්නේ.


අද
වන විට ලොව පුරා එක්සිමා වර්ගයේ සමේ රෝග සහ ආසාත්මිකතා බහුල වීමට ඇති හේතු අතර තවෙකක් ලෙසත්  අධි ක්ලොරිනිකරණය වූ ජලය භාවිතය හැඳින්වෙනවා.

මුලින් සඳහන් කල කොණ්ඩය නොවැඩීම හෝ ගැලවී යාම අයත් වෙන්නෙත් මේ සමේ රෝග කාන්ඩයටමයි. ක්ලෝරීන් නිසා සමේ ඇතිවන මේ ගැටළු වල අතුරු පලයක් ලෙස කාන්තාවන්ගේ සම ඉක්මනින් රැලි වැටීම සහ වයසට යාමත් සිද්ධ වෙනවා

අවාසනාවට ක්ලෝරීන් වල අවාසිය කාන්තාවන්ට කොන්ඩේ යාමට  වඩා බොහෝ දුරට පැතිරෙනවා. උතුරු ඇමෙරිකාවේ Hartford Connecticut  ආයතනය කල පර්යේෂණයකදී පියයුරු පිළිකා සහිත කාන්තාවන්ගේ පියයුරු පටක වල ඇති ක්ලෝරීන් ප්‍රමාණ පිළිකා නැති කාන්තාවන්ගේ පියයුරු පටක වල ඇති ක්ලෝරීන් ප්‍රමාණයට වඩා  50%-60% දක්වා වැඩි බව සොයා ගෙන තිබෙනවා. අනුව  ඔවුන් පියයුරු පිළිකා බහුල වීමට තවත් එක්  හේතුවක් ලෙස එදිනෙදා භාවිතා වන ජලයේ ඇති ක්ලෝරීන් නම් කරනවා.

එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජුවන් ජැකොලා (Prof. Juoni Jaakkola) ඇතුළු කණ්ඩායමක් විසින් එදිනෙදා භාවිතාවන ජලයේ  ක්ලෝරීන් වල බලපෑම ගැන කල පර්යේෂණයකින් හෙළිවන්නේ ක්ලෝරීන් ධුලක මවු කුස තුල සිටින දරුවාගේ හදවතේ සහ මොලයේ සෛල වල විකුර්ථිතා ඇති කිරීමේ සම්භාවිතාවය ඉහල දමන බව

මිට අමතරව  හදවත් සහ බහුල කාලික රෝග ඇතිකරන උත්ප්‍රේරකයක් ලෙසත් ජලයේ ඇති ක්ලෝරීන් නම් කෙරෙනවා.

අලුත්ම වාර්තා අනුව ක්ලෝරීන් ධුලකතාවයට වැඩිපුරම ගොදුරු වන්නේ නාගරික පරිසරයේ නාන කාමර භාවිතා කරන්නන්. නගරයේ කරාම වලින් ගලන  වතුර සාමාන්‍ය මට්ටමට වඩා උණුසුම්. මේ උනුසුමේදී සමේ සිදුරු විවර වෙලා සම තුලින් ක්ලෝරීන් උරා ගැනීම වැඩි වෙනවා. ඊළඟට නාන කාමරයේ හැදෙන වාෂ්පය ආඝ්‍රාණය කරන විට පෙනහළු තුලින් උරා ගෙන කෙලින්ම රුධිරයට ක්ලෝරීන් එකතු වෙනවා.

පිහිනුම් තටාක නිතර භාවිතා කරන්නන්ගේ මේ අවධානය ඊටත් වඩා වැඩියි.


නිසි අවබෝධයක් ඇත්නම් ගැටළු මෙතරම් දුර දිග යන්න නොදී ක්ලෝරීන් ධුලකතාවය වලක්වා ගැනීමත් ඉතා පහසුයි..

ක්ලෝරීන් ජලයෙන් ඉවත් කිරීමට ඇති පහසුම ක්‍රමය අඟුරු (කාබන්) හරහා වතුර පෙරා ගැනීම. අද වන විට වෙළඳ පලේ කාබන් පෙරහන් මිලට ගැනීමට තිබෙනවා.
ක්ලෝරීන් වතුර භාවිතයට පෙර අපේ පැරැන්නන් භාවිතා කල වැලි සහ අඟුරු තට්ටුවක් හරහා පානිය ජලය පෙරා ගැනීමේදී (දිය අඹරාව) වුනෙත් මේ සංසිද්ධියමයි

පසුගිය ලිපියේ කතා කල ටිකිරිලාගේ අත්තම්මා  කළය  පිරිසිඳු කර ගත් ක්‍රමය මතකද? එහිදී කළය මුනින් අතට ලිපේ නවා දුම් ගැස්සවීමේදී කලේ මැටි බිත්තියට කාබන් එකතු කිරීමක් වෙනවා. කළයට ක්ලෝරීන් වතුර දැම්මොත් කලේ බිත්තියෙන් ක්ලෝරීන් උරාගෙන වතුර බොන්න සුදුසු මට්ටමට පිළියෙළ කර ගන්න පුළුවන්.


රත්තරන් මාළුවෝ ඇතිකරන ගෙවල් වල මාළු ටැංකිය පිරිසිඳු කිරීම දැකලා තියෙනවද? සුරතල් මාළුන්ට ක්ලෝරීන් වතුර අපට වඩා බොහෝ විසයි. හින්දයි මාළුන්ට දාන වතුරට පිරිසිඳුකාරක පෙති එකතු එකතු කරන්නේ. සියුම් සමක් තියෙන පුංචි බබාලටත් මේ ගැටලුවම තියෙනවා

ක්ලෝරීන් ඉවත් කරගැනීමේ අලුත්ම සහ රසවත් විධිය තමයි වතුරට විටමින් සී එකතු කිරීම. විටමින් සි ග්‍රෑම් එකක පෙත්තකින් වතුර ගැලුම් 100ක් (ලීටර 378.5) පිරිසිඳු කර ගන්න පුළුවන්

දරුවන් නාවන සෝදන බේසමට විටමින් සි එකතුකර විනාඩි 15කින් පමණ වතුර භාවිතයට සුදුසු මට්ටමට ගන්න පුළුවන්.

ඊළඟ පහසුම ක්‍රමය තමයි වතුර උතුරුවා නිවා පාවිච්චි කිරීම. උතුරවපු වතුර මැටි බඳුනක ගබඩා කලොත් ඊටත් වඩා හොඳයි. වතුර උතුරවන විට ක්ලෝරීන් වාෂ්ප වී ඉවත් වෙනවා

පානිය ජලයට දෙහි බිංදු කීපයක් එකතු කිරීමෙන් බොන වතුරේ ඇති ක්ලෝරීන් පහසුවෙන් ඉවත්කර ගන්න පුළුවන්. නමුත් දෙහි බිංදුව  ක්‍රියාත්මක වෙන්න අඩු ගානේ විනාඩි 10 ක්වත් ගතවෙන බව මතක තබා ගත යුතුයි.



ගෙදර දොරේ වෙනත් කටයුතු සඳහා භාවිතා කරන නල ජලය භාජනයක දමා ඉර එළියේ තැබිමෙනුත් ක්ලෝරීන් ඉවත් කරන්න පුළුවන්



හිරු එළියේ ඇති U V කිරණ මගින් chloromine ආම්ලිකත්වය නැතිකර සෞක්‍යමත් භාෂ්මික තත්වයට පත් කරනවා..

මෙතරම් පහසුවෙන් ඉවත්කර ගත හැකි ක්ලෝරීන් නිසා ඔබේ ජිවිතයට හා  සෞක්‍යයට එල්ල වී ඇති තර්ජන වලින් තවදුරටත් දුක් විඳීමට අවශ්‍යද? නාගරික ඔබට සිතන්නට යමක්...

References:
1.The Hidden Danger of Chlorine in our Bath Water. http://ezinearticles.com/?The‐Hidden‐Danger‐Of‐Chlorine‐ In‐Our‐Bath‐Water&id=71857. Andie Klein.
2. Dangers of Chlorine. http://curezone.com/art/read.asp?ID=21&db=3&CO=7. Jerry Smith.
3. Dangers of Chlorine? http://www.drweil.com/drw/u/id/QAA361110. Dr. Andrew Weil


රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට 
චායාරූප අන්තර්ජාලයෙන් 







5 comments:

  1. Water filter bavithaya sudusuda?

    ReplyDelete
  2. සුපුරුදු ලෙස කාලින වටිනා ලිපියක්. බලපෑම, එහි අනුහස් හා අවාසි වගේම කළහැකි දේ අඩංගු ඉතා සාර්ථක දැනුවත් කිරීමක්.
    කෙතරම්නම් දිනවල ක්ලෝරීන් සුවඳ දැනෙන තරම් ප්‍රබල ජලය අපිට ලැබෙනවද? indoor swimming pool ගැන කතාකරල වැඩක් නැහැ. ඇතින් යනකොට ක්ලෝරීන් සුවඳ හා රස්නේ. මේ වෙනකල් මමනම් ඒවායේ හොඳ නරක ගැන විද්‍යාත්මක දැනුම සහිත ලිපි දැකල තිබුනේ නැහැ. පර්යේෂණ පත්‍රිකා දකින්නේ කොයිතරම අඩු සංඛ්‍යාවක්ද? ඒවා කියවා කරන මේ දැනුවත් කිරිම් කෙතරම් අගය කලත් මදි

    ReplyDelete
  3. මට නං ක්ලෝරීන් වතුර බිව්වට තිබහ යන්නෙත ්නැ

    ReplyDelete
  4. ඉතාමත් වටිනා ලිපියක්. අපි නම් ක්ලොරීන් වතුර බොන්නේ නෑ. ඒත් ක්ලොරීන් මෙතරම් හානිකරයි කියලා හෝ එම හානිකර බව පහසුවෙන් මඟහරවා ගත හැකි බව ගැන දැනගෙන තිබුනේ නෑ. බොහොම ස්තුතියි ඔබතුමියට.

    ReplyDelete
  5. තාක්ෂනය කොයි තරම් දියුනු උනත් අපි අත්නොහැරිය යුතු පැරනි පුරැදු කොයි තරම් නම් තියෙනවද. ඒ එකින් එක හිමිහිමින් අපිට අමතක වෙලා ගිහින්. ස්තූතියි රේණුකා.

    ReplyDelete