Saturday 12 November 2016

දෙවන ලෝක යුද්ධය : 2nd World War

             විසි වන සියවසේ කඳුළු පටලය

පවුලේ පුංචි පුස්ථකාලයෙන් සොයා ගත්  දෙවන ලෝක යුද්ධ සමයේ විශේෂිත මතක සටහන්..සහ ඔබ නොදුටු පින්තුර..



             දෙවන ලෝක යුද්ධයේ කාල යාත්‍රාව

1939 අගෝස්තු 31

වසන්ත සමයේ අවසානයට පිපෙන කපුරු මල් සුවඳ පයින් වන්නාන්තරයේ ඉඳිකටු කොළ සිඹිමින් හමා ගියේ නුපුරුදු  තැති ගත් ස්වභාවයකින් වගේ..සිදුවන්නට යන මහා මිනිස් ඝාතයක පෙර සලකුණු දුටුවා මෙන් හේමන්තයට පෙර හමන සුලඟේ  හිරිගඬු පුබුදුවන සෝබර සීතලක්.

 ජර්මන් - පෝලන්ත දේශ සිමාවේ සිට ජර්මනිය ඇතුලට වන්නට කිලෝ මීටර 4ක් දුරින් පිහිටි ග්ලිවිස් රේඩියෝ මධ්යස්ථානය වෙත පයින් කැලය මැදින්  ගාටමින්   කුඩා රථ දෙකකින් පිටවුනු  පෝලන්ත ජාතික නිලධාරින් හත් දෙනෙක් රේඩියෝ මධ්යස්ථානය තුලට පිවිසියා..ගතවුනේ සුළු මොහොතක්..දෙපාර්ශවය ඇති වූ යම් මත ගැටීමක අවසන් ප්රතිපලය වූයේ එක ජර්මන් ජාතිකයෙකු බලාපොරොත්තු නොවූ ලෙස මියයාමෙන්..

පෝලන්තය සමඟ ගැටීමට හේතුවක් සොයමින් සිටි ජර්මන් නායක ඇඩෝල්ෆ් හිට්ලර්ට නම් මෙය ලොතරැයියක් ඇදුනා වගේ කාරණයක් වුනා..

මිලියන ගණනකට මරු කැඳවූ වසර හයක් පැතිරුණු දෙවන ලෝක යුද්ධයේ ආරම්භයයි ..


මේ සිදුවීමට දින කිහිපයකට පෙර රුසියාවේ ස්ටාලින් සමඟ හිට්ලර් ගත් චායාරුපයක්..යුද්ධයට නොයන බවට ඔහු එහිදී ප්‍රතිඥා දුන්නා..23/08/1939


යුද්ධයේ ආරම්භයත් සමඟම ලන්ඩනයේ සිටි දරුවන් පිටිසර නෑයින්  වෙත ආරක්ෂාව කරා පිටත්කර හැරිම..


1939 සැප්තැම්බර් 01:

හිට්ලර් පෝලන්තයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළා. හරියටම උදේ 06:00 පසුවන විට ලක්ෂ ඕලහමාරක් වූ ජර්මානු හමුදා දකුණු පෝලන්තයේ 8 පැත්තකින් ඇතුළු වී පෝලන්ත දුම්රිය මාර්ග පද්ධතිය විනාශ කර  සමඟ  ගුවන් හමුදාව සම්පූර්ණයෙන්ම ජර්මනිය යටතට නතු කර ගත්තා. සති දෙකක් තුල පෝලන්ත ජාතිකයින් 60,00ක් මරා දමා කොටි 2ක් තුවාල කර කොටි 7ක් ජනතාව සිර කරුවන් බවට පත් කළා..

1939 සැප්තැම්බර් 3:

බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය​, ජර්මනියට විරුද්ධව යුද්ධ ප්රකාශ කළා..


1939 සැප්තැම්බර් 17

රුසියාව ජර්මනියට සම්න්ධව පෝලන්තයට  රුසියන් දේශ සීමාව පැත්තෙන් පහර දීම ආරම්භ කළා..


 පෝලන්ත සරණාගතයින් ලන්ඩනය බලා පැමිණීම



 1939 ඔක්තෝම්බර් 12:

ජර්මනියට පහරදීමට බ්‍රිතාන්‍ය සොල්දාදුවන් 158,00ක් ප්රංශ හමුදා සමඟ එක්වීමට පිටත් කර යැවුනා.


1939 දෙසැම්බර් 17:

ජර්මානුවන්ගේ මානය බිඳවැටීම: ජර්මන් යුධ නැව  Graf Spee ජර්මන් සොල්දාදුවන් සමඟ ගිලා බැස්සවීම



1940 අප්‍රියෙල් 09

හිට්ලර් ඩෙන්මාර්කය සහ නොර්වේ ඔහුගේ අනසකට යටත් කර ගත්තා..

1940 මැයි  10

ජර්මානුවන් ලොව මුල්වරට භාවිතා කල ''Blitzkrieg'' නම් යුධ උපාය ( military tactic calculated to create psychological shock and resultant disorganization in enemy forces) භාවිතා කර බෙල්ජියම් හමුදා දුර්වල කිරීම

1940 මැයි 28

බෙල්ජියම සහ නෙදර්ලන්තය නාසි හමුදාවට යටත් විය

1940 මැයි 31

 බ්‍රිතාන්‍ය හමුදාවන්ට ප්‍රංශ​ මුහුදේදී නාසි හමුදා පන්න පන්නා පහරදීම

1940 ජුනි 11

 ඉතාලියේ මුසලෝනි හිටලර් සමඟ එක්වී  බ්‍රිතාන්‍යසහ ප්‍රංශ​ හමුදා වලට පහර දීම ආරම්භ කළා.


1940 සැප්තැම්බර් 30

 නාසි හමුදා ලන්ඩනයට බෝම්බ දැමීම ආරම්භ කළා..


නාසි හමුදා ලන්ඩනය ගිනි තැබුවා..මරණ සංක්යාව එක රැයින්  10,000ක්


මාස හයක්  පුරා ගිනි තැබීමෙන් සහ බෝම්බ දැමීමෙන් පසු ලන්ඩනය දිස් වූ අයුරු..පින්තුරය 1941 මැයි 11වෙනිදා ගනු ලැබුවකි..


1941 ජුනි 20

නාසි හමුදා රුසියාවට පහර දීම ආරම්භ කළා..


1941 දෙසැම්බර් 7

ජපානය පර්ල් වරායට බෝම්බ දැමීමත් සමඟම ඇමෙරිකාව යුද්ධයට අවතීර්ණ වීම..


1942 පෙබරවාරි 15

ජපානය සිංගප්පුරුව යටත් කර ගනී..


1942 ඔක්තෝම්බර් 30

නාසි හමුදා පළමුවරට පසු බැසීමක් රුසියාවේ El Alamein පහරදීමේදී

1943 ජනවාරි 31

Stalingrad සටනේදී ජර්මනිය පරාද වේ..


1943 ජුලි 09-18 දක්වා

දෙවන ලෝක යුද්ධයේ විශාලම දින 9යේ යුද ටැංකි ගැටුම Kursk හිදී 


1944 ජනවාරි 22

ඇමෙරිකානූ හමුදා ඉතාලියට ගොඩ බැස්ම

1944 මැයි 19

බ්‍රිතාන්‍ය හමුදා ජපානයට විරුද්ධව සටන් කිරීමට බුරුමයට පැමිණීම



 1944 ජුනි 14

හිට්ලර් රහසිගත පුපුරන අවියක් ගැන ලන්ඩනයට තර්ජනය කරයි











1944 ජුලි 31

 බ්‍රිතාන්‍ය හමුදා ජර්මානුවෝ නොර්මැන්ඩියෙන් පලවා හරි


1944 අගෝස්තු 25

බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදා පැරිසිය මුදවා ගනී


1944 අගෝස්තු 31

රුසියානු හමුදා Bucharest මුදවා ගනී


1944 ඔක්තෝම්බර් 14

බ්‍රිතාන්‍ය හමුදා  ග්‍රිසිය​ මුදවා ගනී

  
1945පෙබරවාරි  14

ජර්මනියේ Dresden නගරයට ඇමෙරිකානු බෝම්බ හෙලීමෙන් 130,000ක් මරුට

1945 මාර්තු 25

 බ්‍රිතාන්‍ය හමුදා ජර්මනියේ රයින් නදිය පසුවන තුරු ජර්මන් හමුදා පසු බස්සවයි

1945 අප්‍රියෙල් 28

ඉතාලියේ රුධිර පිපාසිත මුසලෝනි සහ ඔහුගේ අනියම් බිරිඳ ක්ලාරා වෙඩි තබා මරා මිලාන් නගරයේ කකුලෙන් එල්ලා ප්‍රදර්ශනය කෙරේ..



1945 අප්‍රියෙල් 30

රුසියානු හමුදා බර්ලිනය යටත් කරගනි.. එදිනම ලොව රුධිර ගංගාවක් කල හිට්ලර් සියදිවි නසා ගනී.



1945 මැයි 01

නාසි වද කඳවුරු ගලවා ගැනේ


1945 මැයි 13

බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ ජය සමරති

1945 ජුනි 6

රුසියාව ජර්මනියෙන් අඩක් තමන් බාරයේ රඳවා ගැනීමට තීරණය කරයි


1945 ජුනි 26

ඇමෙරිකානු සොල්දාදුවෝ ගම රට බලා ගමන් කරයි


1945අගෝස්තු 9 -14

ජපානය තවදුරටත් යටත් නොවීම නිසා හිරෝෂිමාව සහ නාගසාකි නගර වලට පරමාණු බෝම්බ හෙලේ




1945 අගෝස්තු 19

ජපානය යටත් වේ..දෙවන ලෝක යුද්ධයේ අවසානය..

ජයග්‍රහනයේ සහ පැරදුමේ වටිනාකම: මිලියන 55කට මරණය..


හිට්ලර් තවමත් ඔබේ වීරයාද ?

පොත පත ඇසුරින් සටහන සහ ජායාරුප

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට

2 comments:

  1. හිට්ලර් කියන්නේ මේ නෙදර්ලන්තෙ නම් තහනම් වචනයක් ඒ තියා ඔහුගෙම උපන් රට වෙච්චි ජර්මනියවත් ඔහුව මතක් කරනවාට කැමති නෑ. යුරෝපයේ බහුතරයක් ඔහුව දකින්නේ මානසික රෝගියෙක් හැටියට. පරාජය පිලිගන්න බැරි බෙල්හීනයයෙක් හැටියට. ලොව බොහෝ රටවල මම සැරි සරා ඇතිමුත් කිසිම රටක හිට්ලර් වන්දනා කරනවා මම දැකලා නෑ. ඒ වගේම එයා හොඳයි කියලා වාද වලට ඇවිල්ලත් නෑ එකෝම එක රටක කිහිප දෙනෙක් හැර. බෞද්ධ කියා කියාගන්න, සංස්කෘතියක් තියෙනවාය කියලා දෙසාබාන අර සකල සිරින් පිරි සිරි ලංකාවේ ජීවිතේට යුරෝපෙ තියා කතරගමවත් නොගිය ,චන්දේ ලෝකේ කොහේ තිබ්බත් දෙපැත්තට බෙදිලා වාද කරගරන්න කොට්ටාශයක් ඉන්නෙ ආං ඒ රටේ කශ්ටිය තමා ඔය නරිප්පඩයා ගොඳාය කියන්නේ. 1998 ගනන් වලදීත් මාත් එක්ක ඇරගන්න අවා ඔය වගේ එක්කෙනෙක්. මට අද වගේම මතකයි ඒ සිද්ධිය. ඒ මනුස්සයා කියනවා ෆ්බීඅයි ලු ඔය බොරු කථා හදන්නේ. මම ගිතන්නේ මාත් එක්ක වලියට ආපු ඒ මනුස්සයා දැන් පොඩි ඉස්කෝලේ.කොල්ලෝ ටිකක් අල්ලං නටවනවා. අනේ ඉතින් අරුනුත් හොඳට නටනවා බෙල්ලන්විල පෙරහැරේ ලී කෙලි නැට්ටුවෝ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔබ නම් නියමම පිළිතුර දුන්නේ..මගේ හිතවත් ජර්මන් ජාතිකයින් කීපදෙනෙක් ඉන්නවා.. ඔවුන් හිට්ලර් ගැන කතා කරන්නටවත් කැමති නැහැ..ඔවුන් යුදෙව් ජාතිකයින් නොවේ.. යුදෙව් ජාතිකයින් සමඟ ආදරයෙන් ජිවත් වුනු ඔවුන්ගේ දෙමව්පියන්ට ආච්චිලා සියලාට ඔවුන්ගේ ආදරණිය හිතවතුන් ගෑස් කාමරයේ පුච්චනවාට විරුද්ධව හඬක් නගන්න බැරි වුනා ඔවුන්ගේ පනරැකගන්න ඕන නිසා..
      .ඊයේ පෙරේදා ඉපදුනු හුජ්ජ කොල්ලෝ රටේ එහා කෙලවරටවත් නොගිහින් අන්තර්ජාලයට එබෙන්නට ඉඩ ලැබුණු පමණින් හිට්ලර් ගැන මහා මත වේද පල කරනවා..ඔහු සුදනෙක් කරනවා..

      Delete