දියවැඩියාව ඇති ලඟම නෑයෙක් සමඟ දුරකථන සංවාදයක යෙදුන මං අනිත් තොරතුරු අතරේ හිමිං රෝගය ගැනත් විස්තර දැන ගන්න පොඩිපහේ උත්සාහයක යෙදුනා..
මෙන්න ලැබුණු උත්තරේ
''ආ ඔක්කොම හරි නංගි දැන් නොම්මරේ පහල තියෙන්නේ ඉස්සර 200ට වැඩිනේ දැන් 130-150 අතර…
මොකද්ද මේ දියවැඩියා නොම්මරේ?
ශරීර කුඩුවට ලේ වල තියෙන සිනි ටික දිරවා ගන්න බැරිව සිනි ලේ වල එකතු විමනේ දියවැඩියාව හැදිලා කියන්නේ. මේ ගැන විස්තර මුල් ලිපි කියවලා (දියවැඩියාව 1, 2, 3, 4)දැනගන්න පුළුවන්.
දියවැඩියාව නැති නිරෝගී කෙනෙකු
කෑමට පෙර
70-100 mg/dL අතර
කෑමෙන් පැය 2කට පසු
140 mg/dL ට අඩු
දියවැඩියාව ඇති කෙනෙකුට බෙහෙත් නියම කිරීමෙන් පසු පවත්වා ගන්නට බලාපොරොත්තුවන සිනි නොම්මරේ:
ළමා දියවැඩියාව (Type 1 Diabetes)
උදෑසන අවධිවන විට සහ කෑමට පෙර
70-120 mg/dL අතර
කෑමෙන් පසු
90-160 mg/dL අතර
ළමා දියවැඩියාව හැදුනු වැඩිහිටියෙකු (Adult with Type 1)
උදෑසන අවධිවන විට
90-120 mg/dL අතර
කෑමෙන් පැය
එකහමාරකට පසුව 90-160 mg/dL අතර
වැඩිහිටි දියවැඩියාව (Type 2 Diabetes)
කෑමට පෙර
70-120 mg/dL අතර
කෑමෙන් පැය 2 කට
පසු
150 mg/dL ට අඩු
ගර්භනී දියවැඩියාව (Gestational Diabetes)
නිරාහාරව සිටීමෙන් පසු 95 mg/dL ට අඩු
කෑමෙන් පැය 2 කට
පසු
115 mg/dL ට අඩු
එතකොට කෙටිකාලින සංකුලතා කියන්නේ මොකක්ද?
ඔය වගුව තම තමන්ට
අදාළ කරගෙන බැලුවාම දැනගන්න පුළුවන්නේ බෙහෙත් ගන්නා අතරේ ''පොතේ හැටියට'' තමන්ගේ සිනි නොම්මරේ තියාගන්න ඕනේ කොතනද කියලා..
ඒත් ඉතින් පොතේ හැටියට වැඩ කරන එක එතරම් ලේසි වැඩක් නෙමෙයි..එදිනෙදා
ජීවිතයේදී වෙන ක්‍රියාකාරිත්වයන් අනුව ඔය නොම්මරේ පොතේ කියන ගානට වඩා අඩු වැඩි වීම්
වෙනවා..
ඒ වගේ අම්බානක අඩු වීමක් හෝ අම්බානක වැඩිවීමක් ක්ෂණිකව ඇති වීම නිසා බොඩි සිස්ටම්
එක අංජබජල් වීම තමයි මේ කෙටිකාලින සංකුලතා කියන්නේ....
වර්ග දෙකකට සංකුලතා ඇතිවෙන්න පුළුවන්
1 සිනි නොම්මරේ ජෙට් එකක නැගලා අහස උසට නැගීම නොහොත් Hyperglycemia
2 සිනි නොම්මරේ ෆ්ලැට් වෙන්නම පහල බැසීම නොහොත් Hypoglycemia
පුංචි උදාහරණයක් විධියට ඇඟේ බර අඩු කරගන්න ඩයට් කරන්න පටන් ගත්ත කෙනෙක් ගම්මු..ඉතින්
මේ හාදයට ඔය වැඩේ පටන් ගත්ත වෙලේ ඉඳන් වෙන දෙයක් පෙන්නේ නැහැ..යන යන තැන පේන්නේ කෑම
.. මතක් වෙන්නේ කෑම හිත මෙල්ල කරගන්න හරිම අමාරුයි..ඉතින් දවසෙන් දෙකෙන් වැඩේ අල්ලලා
දානවා..
බොහෝම තද ආත්ම ශක්තියක් තියෙන කෙනෙකුට
විතරයි වැඩේ මගදී අබිලික් නොවී අල්ලං යන්න
පුළුවන්..
දැන් දියවැඩියාව හැදුනාම කෙනෙකුට වෙන්නේ මේ පනිෂ්මන්ට් එක ජිවිත කාලය පුරාම
විඳිනවා වගේ වැඩක්.
කොහේ හරි තියෙන පාටි කඩා වැටෙනවා..හැමදාම මොකක් හරි කෑමක්..ඉතිං
අර පොතේ හැටියට ''වැඩ කිරීම'' කෙසේ වෙතත් පොත ජනේලෙන් එලියට විසිකරලා පාටිය භුක්ති විඳීම වෙනවා..
එහෙම නැතිනම්
අද විතරයි කියලා ටොපි 10-15ක් නැත්නම් කේක් ගෙඩියකින් බාගයකට විතර තනියම වග කියනවා..
අන්න ඒ වගේ වෙලාවක සිනි වැඩි වෙලා සිස්ටම් එක අප්සට් යාම තමයි Hypeglycaemia කියන්නේ.
වෙනත් හේතු
1 මානසික ආතතිය (Stress)
2 හෙම්බිරිස්සාව උන වගේ වෙනත් ලෙඩක් හැදීම (Infection)
3 එකවරකට ගන්න කෑම
ප්‍රමාණය වැඩිවීම සහ අනවශ්‍ය අතුරු කෑම (Large meals and snacking)
4 අවශ්‍ය පමණට ව්‍යායාම නොගැනීම ( Lack of Exercises)
5 අධික උණුසුම සහ විජලනය (Hot weather and dehydration)
6 වෙනත් රෝගවලට ගන්නා ඖෂධ (Steroids)
7 දිනපතා ගැනීමට නියමිත් බෙහෙත් වෙලා මග හැරීම (Missed medication doses)
හඳුනා ගන්නා ආකාරය
1 පට්ටම තිබහ (Increased Thirst)
2 දිවකට වේලීම (Dry Mouth)
3 හෝගාලා චු බර (Increased urination)
4 සීන් එක බොඳ වීම
(Burred Vision)
5 මොලේ කචල් ගතිය (Confusion)
මේ ලක්ෂණ නිතර ඇතිවන
බව ඔබටම දැනුනානම් කල යුතු දේ..
1 වැඩිපුර ජලය පානය: විජලනය වැළකේ..(Plenty of sugar free
drinks)
2 ව්‍යායාම වැඩි කිරීම (Increase Exercises)
3 ආහාර රටාවේ වෙනස් කම් කිරීම : කුඩා ආහාර වේල් , අතිරේක ආහාර
නතර කිරීම (Change diet: small portions, no snacks)
4 වෛද්‍යවරයා හමුවී ඉන්සියුලින් /ඖෂධ මාත්‍රාව වෙනස් කිරීම
(Adjust medication doses)
වැඩේ භයානක බව දැනගන්නේ කොහොමද?
මේ ලක්ෂණ ඇතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි.
2 බඩේ රිදුම (Abdominal Pain)
3 හුස්ම ගැනීමේ වෙනස්කම් (Rapid Breathing)
4 හිසරදය, තොල් සම වියලීම වැනි විජලනයේ ලක්ෂණ (signs of Dehydration :Dry skin, Headache)
5 සිහි මද ගතිය (Lack of Concentration)
සිනි නොම්මරේ තාවකාලිකව
පහල බැසීම Hypoglycemia
උදාහරණයකට දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක් සිරිපාද කන්ද නගින්න
ගියා කියමුකෝ..දැන් ඉතින් මේ හාදයා බෙහෙත් එහෙම බිලා සිනි මට්ටම පොතේ ගානට හදාගෙන තමයි
වැඩේට බහින්නේ. නමුත් එකපාර ලොකු ව්‍යායාමයක් කිරීම නිසා දැන් මේ උන්දැගේ ශරීර කුඩුවේ
සිනි ෆ්ලැට් වෙන්නම බහිනවා..මෙන්න මේ වගේ වෙලාවක තමයි තාවකාලිකව සිනි මට්ටම පහලට යන
Hypoglycemia කියන තත්වය ඇති වෙන්නේ..
මිට අමතරව අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙත් ගැනීම, බෙහෙත් ගැනීමෙන්
පසු ආහාර නොගැනීම, අම්බානකට බිම..ඒ කියන්නේ වතුර නෙමෙයි ඇල්කොහොල්
යන හේතු හින්දත් Hypoglycemia ඇති වෙනවා.
දියවැඩියාව තියෙන කෙනෙකුට සිනි අඩුවීම එයාටම දැනගන්න පුළුවන්
ලක්ෂණ වෙන්නේ අම්බානක බඩගිනි වීම, වෙව්ලීම , දාඩිය දැමීම වගේ ලක්ෂණ වලින්.
වැඩේ භයානක විධියට අඩු වෙලා නම් වෙව්ලීම, දාඩිය දැමීම වැඩි
වෙලා සිහි මද ගතිය ඇති වෙන්න පුළුවන්..සිහි නැතිවෙලා සිහි මුර්ජාවිම මට්ටමට යාම අන්තිම
භයානක තත්වය.
හදිසි ප්‍රතිකාර මොනවද?
මුල් ලක්ෂණ ඇති වුන වහාම තැනේ හැටියට
තිබෙන ඕනෑම පැණිරස බිමක්..ඔරෙන්ජ්බාර්ලි, ක්‍රීම්සෝඩා .ෆැන්ටා කොකා කෝලා වගේ දෙයක්
වුනත් කමක් නැහැ..වැඩිපුර සිනි දාපු තේ එකක් ..ග්ලුකෝස් හැන්දක් වගේ දෙයක් දෙන්න පුළුවන්..
ඊළඟට පිෂ්ඨය තියෙන සෙමෙන් දිරවන ආහාරයක්..කෙසෙල් ගෙඩියක්,
පාන් පෙති දෙකක්, ඒ නැතිනම් බත් වුනත් කමක් නැහැ..
සිහිනැති මට්ටමේ නම් කෑම බිම දෙන්න උත්සාහ කරන්න එපා වහාම
රෝහලකට ගෙන යන්න .
මීළඟ කොටස: දියවැඩියාවට දෙන ඖෂධ සහ ඒවායේ සංකුලතා හඳුනා ගනිමු
මුල් ලිපි මෙතනින් බලන්න
දියවැඩියාව1
දියවැඩියාව2
දියවැඩියාව3
මුල් ලිපි මෙතනින් බලන්න
දියවැඩියාව1
දියවැඩියාව2
දියවැඩියාව3
ලිපි මාලාව ගැන:
අද වන විට ලොව පුරා වෙසෙන ඇස්තමේන්තුගත දියවැඩියා රෝගීන් ගණන මිලියන 415කි. ඒ අනුව ලෝක ජනගහනයෙන් 11කින් එක් අයකු දියවැඩියාවෙන් පෙලේ. මින් වැඩිම ප්රමාණයක් රෝගීන් අයත්වන්නේ ඉන්දියාව ඇතුළු දකුණු දිග ආසියාවටයි.
තුන්වන ලෝකයේ අධ්යාපනය සහ ආර්ථික මට්ටමින් පහල රට වල ශීග්රයෙන් පැතිර යන, සුව කල නොහැකි දියවැඩියාව, ලංකාව වැනි අකුරු හැකියාව වැඩි රටක පැතිර යන්නේ ඒ පිළිබඳව නිසි අධ්යාපනයක් නැතිකම, ආහාර රටාව සහ ව්යායාම මද කම නිසාවෙන්.
2011සංගණන වාර්තාවන්ට අනුව දකුණු ආසියාවේ දියවැඩියාව වැඩිම රටවල් අතරින් තුන් වන රට බවට පත්ව ඇත්තේ ලංකාවයි. මේ වාර්තාවට අනුව 2011 දී දියවැඩියා ලංකාවේ ජාතික ප්‍රවනතාවය 7.8%කි.
වසර 5කට පසුව ඊයේ පෙරේදා මාදුටු වාර්තාවකින් කියවෙන්නේ ලංකාවේ වැඩිහිටියන් හය දෙනෙකුන් එක් අයෙකු එනම් 16.6%ක් අද වන විට දියවැඩියාවෙන් පෙලෙන බවයි. හෙට දින ඔබ වෙත මරු ගෙන එන දියවැඩියා රෝගය වලක්වා ගැනීමට හෝ රෝග පාලනය කිරීමට ඒ වෙනුවෙන් ඔබ දැනුවත් කිරීමේ ලිපි මාලාවයි මේ.
රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
(Qualified Diabetic Nurse Specialist: Masters level:
Buckinghamshire New University: London)
(චායාරූප අන්තර්ජාලයෙන් )
References:
International Diabetes Federation
World Health Organization
American Diabetes Association
Diabetes UK

























