Monday 24 October 2016

රුව වඩන හෙළ ඔසු 2 (beauty Secrets)

             සීගිරි ළඳුන්ගේ රූ වැඩවූ රහස්
පංච කල්යාණය ගැන අද කාලයේ බොහෝ දෙනෙකු නොදන්නා බවකුයි මට නම් හැඟෙන්නේ. දික්ව වැඩුනු නිල්වන් කෙස් කලඹ, පැහැපත් නිරෝගී සම, මනාව පිහිටි ස්වේත වර්ණ දත් දෙපල, ශරීරයේ අංග වලට සරිලන සේ සැකසුනු මාංශ පේශි සහ වයසට වඩා තරුණ පෙනුමක් තිබීම තමා මේ පංච කල්යාණය ලෙස එදා හැඳින්වුයේ.

අද වගේ රුපලාවන්යගාරයට ඇතුළුවී ක්ෂණිකව පංච කල්යාණය මුදලට ලබා ගන්නට හැකියාවක් එදා ළඳුන්ට තිබුනේ නැහැ. එසේ වුවත් දහස් ගණනින් මුදල් ගෙවා උදේට උලා හවසට ඉවත්කර ගැනීමට නොව, කල්යාණය දිගටම පවත්වා ගත හැකි බොහෝ වටිනා රුපලාවන්ය ක්රම අත්තම්මලා දැන සිටියා.
 අද දවසේත් බොහෝ ගෙවතුවලින් සොයාගත හැකි, පංච කල්යානය වඩවන, එදා සීගිරි ලලනාවන් සුන්දර කල එදා සීගිරි ලලනාවන් සුන්දර කල රූ රහස් වට්ටෝරු දෙවන කොටසයි  අද අත් බෙහෙත් තුලින් ඔබ වෙත ගෙන එන්නේ.

සඳුන් 
චර්ම කල්යාණය වඩවන්නට සඳුන් තරම් වෙන යමක් මෙලොව ඇද්දැයි සැකයි. සමේ තෙතමනය පවත්වා ගැනීමට, ප්රභාවත් වර්ණයක් ලබාදීමට, ලප කැළැල් මැකීමට, සමේ රෝග නැති කරීමට, වයසට වඩා තරුණ පෙනුමක් පවත්වා ගැනීමට, සම රැලි වැටීම වැලැක්වීමට, සිගිරි ලලනාවන් සේ සුන්දර වන්නට සඳුන් යොදා ගන්න.

මසකට වරක් දෙවරක් සඳුන් කුඩු රෝස වතුරෙන් දියකර මුනේ ගලවා වියලෙන තුරු තබන්න, සිසිල් දියෙන් සොදා හරින්න. සමේ දිදුලන වර්ණයක් ඇතිවේවි.
සතියකට වරක් සඳුන් කුඩු පොල්තෙලෙන් මිශ්ර කර මුහුණේ ගල්වා මද වෙලාවකින් උණු දියෙන් සෝදා හරින්න. සුර්ය තාපයෙන් පිළිස්සුනු සම ප්රතිසංස්කරණය වේවි.
සඳුන් කුඩු, අමු කහ පිරිසිඳු කුරුඳු තෙලෙන් එකට මිශ්ර කර කුරුලැ සහ වෙනත් මුනේ ඇතිවන ගෙඩි වර්ග මත තබන්න. කුරුලැ ඉක්මනින් සුව වේවි කැළැල් නොතබාම.
සඳුන් කුඩු, පිපින්නා යුෂ, දෙහි යුෂ, මුදවපු කිරි සහ තක්කාලි ගෙඩියක යුෂ එක්කර මුණු වැස්මක් (face mask ) සාදාගන්න. වෙහෙස දුරු කර සමට නවමු පෙනුමක් ලැබේවි.
සඳුන් තෙල් හැකිනම් දිනපතා හෝ සමේ සහ හිසකේ වල ගල්වන්න. දිදුලන සමක් සහ දිගු නිල්වන් කෙස් කළඹක් ලැබේවි

දෙහි

දෙහි වල ගුණ නම් අනන්තයි. මිට පෙර අත් බෙහෙත් ලිපියක ගැන සඳහන් කර ඇති. පංච කල්යාණයේ දන්ත කල්යාණය, ආයු කල්යාණය, චර්ම කල්යාණය වැඩීමට සතියකට වරක්වත් වත් දෙහි යුෂ වීදුරුවක් පානය කරන්න.


·       සමේ ලප කැළැල්, කුරුලෑ ඉවත් කිරීමට සතියකට දෙතුන් වරක් දෙහි යුෂ පිරිසිඳු රෙදි කඩකින් මුහුණේ ගල්වා පැයකින් පමණ සෝදාහරින්න.
·       වේලාගත් දෙළුම් ලෙල්ල කුඩු කර දෙහි යුෂෙන් මිශ් කර සතියකට වරම් මුහුණේ ගලවා පැය භාගයක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න
·       මුහුණේ කළු ලප ඉවත් කිරීමට තුරුවා නිවා ගත එල කිරි වලට දෙහි යුෂ මිශ් කර දින තුනකට වරක් මුහුණේ ගල්වා සිසිල් ජලයෙන් සෝදා හරින්න

·       පවස නිවන්න දෙහි බොන්න, සිරුර අභ්යන්තරය සෝදා හරණය කර, සම නිරෝගී කර තරුණ බව රැක දෙයි

කෝමාරිකා 



චර්ම කල්යාණය, කේශ කල්යාණය සහ වයක් කල්යාණය පවත්වා ගන්නට දෙව්ලොවින් මෙලොවට පැමිණි තවත් ඖෂධයක්.
 කෝමාරිකා වල ඇති ගුණ ලියා නිම කරන්නටත් බැරි තරම්. සමේ ඇති ලප කල මැකීමට, හිරු රස්මියෙන් සම ආරකෂා කිරීමට, සමේ තෙතමනය පවත්වා ගැනීමට, හිසකේ වර්ධනයට, සමේ රෝග වැලක්වීමට ඇති හැකියාවයි රූප ලාවන්යයේදී යොදා ගැනෙන්නේ.

ශරීරයේ බර අඩු කිරීමට ඇති හැකියාව නිසා මාංශ කල්යාණය පවත්වා සිහින් සිරුරක් පවත්වා ගන්නටත් කෝමාරිකා උදව් වෙනවා.

කෝමාරිකා මදය, පිරිසිඳු පොල්තෙල්, බත් කැඳ එකට එක්කර මුණු ආවරණයක් සාදාගන්න. වියලුනු පසු සිසිල් වතුරෙන් සෝදා හරින්න.
කෝමාරිකා මදය මීපැණි සහ වතුර කෝප්පයක් සමඟ මිශ්රකර පානයක් ලෙස සාදාගෙන සතියකට වරක් දෙවරක් භාවිතා කරන්න 

කෝමාරිකා මදය සතියකට වරක් දෙවරක් මුහුණේ ආලේප කරන්න
කෝමාරිකා මදය දෙහි යුෂ සමඟ මිශ්ර කර කුරුලැ ලප මත ආලේප කරන්න.
සතියකට වරක් කෝමාරිකා මදය පොල්තෙල් සමඟ මිශ්ර කර හිස්කබලේ ගල්වා රැයක් තබා උදැසන සෝදා හරින්න. නිරෝගී කෙස් කලඹක් ලැබේවි
 රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට 
චායාරූප අන්තර්ජාලයෙන්











1 comment: