කාටත් අමතක වෙලා තියෙන, කිසි දවසක වටිනාකමක් දුන් බවට මතකයක් නැති , පුංචි එවුන් නම් ආදරය කරන අපූරු
කුඩා පළතුරක් ගැනයි අද මන් ඔබට මතක් කර දෙන්න යන්නේ.. පෙර පාසල් යන කාලේ ගණන් කරන්න ලෙගෝ බ්ලොක්ස් ,ප්ලාස්ටික් නොම්මර අකුරු නොතිබුණු කාලේ ඒ වගේ අභ්යාස වලට යොදා ගත්තේ පරිසරයෙන් හම්බවුනු සරල ස්වභාවික දේවල්..මදටිය ඇට , ඔලිඳ ඇට, සියඹලා, එරබදු, මැයි මල් ඇට වගේ දේවල්..එත් නැත්නම් වත්තේ පිටියේ කඩන අහුලන පලතුරු එළවලු..
එත් නැත්නම් අම්මලා පොලට ගියාම ගෙනෙන හුන්ඩු ගානට මනින පුංචි පුංචි පලතුරු වර්ග..නෙල්ලි, දන්, ඇඹුල් පේර ..ඊළඟට ''ගල් සියඹලා'' වගේ දේවල්..ඒ අතරිනුත් මන් අදටත් ප්රිය කරන පළතුරක් වෙන පුංචි පහේ ''ගල් සියඹලා'' ගැන පුංචි පහේ විස්තරයක් මේ...
ගල් සියඹලා වලට මේ නම ලැබුනේ කුමක් නිසාද කියල හරියටම නොදන්නා නමුත් අත්තම්මගේ මතය වුනේ ගල් තියෙන දිඹුලාගල, මොනරාගල වැනි දිස්ත්රික්ක වල වැඩියෙන් වැවෙන නිසා මේ නම වැටුනා කියලයි..අත්තම්මත් එක්ක තර්ක කල මන් කිව්වේ පෙනුම පුංචි ගලක් වගේ නිසා මේ නම වැටුන කියලයි..අප්රියෙල් සිට අගෝස්තු මාසය දක්වා කාලයේ හන ගෝනිවල පුරවලා
පොලට එන මේ රසවත් පලතුර හුන්ඩුවක් සත 25කට වගේ ගන්න හැත්තෑව දශකයේ අග කාලයේදී හැකිවුනා .
ඇඹුල් රස සහ පැණි රස මිශ්ර ගල් සියඹලා වල තිබෙන්නේ බොහෝ විට ඇබ්බැහි වන රසයක්.එකක් කෑ විට තව 10ක් කන්න හිතෙන සියඹලා වාගේම කුඩා දුඹුරු පැහැති
ඇටයක් ඇති මේ පලතුරු ගසේ
කඳෙන් වටිනා ලි බඩු හදන්නට පුළුවන්ලු..
අද වෙනතුරුත් පළතුරක් ලෙස වගා නොකෙරෙන ගල් සියඹලා අස්වැන්න නෙලා ගැනීමේදී මිනිසුන් කරන දරුණු හානියත්, දැවයට ඇති ඉල්ලීම නිසාත් කැලෑ පාලුවන්ගේ බැල්ම වැටිමෙනුත්
වඳවීමේ තර්ජනයකට මුහුණ පා තිබෙනවා..
මේ අපුරු
පලතුරු ගහේ නිජබිම ලෙස සැලකෙන්නේ අප්රිකාවේ ඝානා, නයිජීරියාව සහ සියරා ලියොන් යන රටවල්. පසුකාලීනව ආසියාවට සංක්රමණය වූවත් මේ වනවිට ආසියාවේ වැඩි වශයෙන් පැතිරී පවතින්නේ ලංකාව සහ මැලේශියාව යන රටවල් දෙකේ.
විටමින් ඒ,සි, රයිබෝෆ්ලෙවින්, නයසින් සහ මැග්නීසියම්, කැල්සියම්, පොස්පරස්, පොටසියම්, යකඩ, සෝඩියම් වැනි ලවන වර්ග වලින් පොහොසත් ගල් සියඹලා අධි පරාසයක පැතිරුණු ප්රති ඔක්සිකාරක ප්රමාණයකට හිමිකම් කියන නිසා බටහිර පර්යේෂකයින් හඳුන්වන්නේ ''පරමාණු බෝම්බයක්'' ලෙසින්..
ඊට හේතුව ඉතා කුඩා පලතුරකින් ලබා ගත හැකි ප්රති ලාභ ප්රමාණය අති මහත් නිසා..බටහිර ඖෂධ
විද්යාවේ ප්රතිජීවක, වේදනා නාසක, ආසාධන ප්රතිරෝධී
ඖෂධ (Non - steroid anti-inflammatory
medication ) නිපදවීමට උදව්කරගන්නා limonene, geraniol, safrole,
cinnamic acid, methyl salicylate, pyrazine and alkyl- thiazole නමැති ප්රභල ඖෂධිය රසායනිකයන් මේ කුඩා සල් සියඹලා ගෙඩියේ ස්වභාවිකව තැන්පත් වී තිබෙනවා..
කුඩා දරුවන්ට වාරයේදී ඇතිවෙන්නට ගල් සියඹලා කෑමට
දීමෙන් ලබා ගත හැකි ඖෂධිය ප්රති ලාභ ඔබ විස්මයට පත් කරාවි.
රුධිර සංසරණ පද්ධතියේ සෞක්යය පවත්වාගෙන අධි රුධිර පීඩනය නැති කිරීමට ඇති සමර්ථ තාවය නිසා අද කාලයේ තරබාරුවෙන් පෙලෙන කුඩා දරුවන්ට මේ පලතුර බොහෝ හිතකරයි. ඇදුම සහ ස්වසන පද්ධතියේ රෝග වලින් පෙලෙන දරුවන්ටත් ගල්සියඹලා ගුණැති පළතුරක්.
පලතුරට අමතරව ගල් සියඹලා ශාකයේ විවධ කොටස්
දේශීය වෙදකමේදී භාවිතා කර තිබෙනවා.. විශේෂයෙන්ම පලතුරටත් වඩා ගල් සියඹලා කොළ ඖෂධිය වටිනාකමින් ඉහලයි. නිතර දෙවේලේ අහන්නට ලැබෙන බඩේ දැවිල්ලට /ආමාශයික තුවාල (gastritis) ගල් සියඹලා කොළ තැම්බූ වතුර අපූරු ඖෂධයක්.
මේ පානය මුත්රා දැවිල්ල අඩු කිරීමටත් මුත්රා ආසාධන වලට ප්රතිකාරයක් ලෙසත් භාවිතා කල හැකියි. මිට අමතරව මේ පානය සෙංගමාලය සුව කිරීමටත්, රුධිර සිනි මට්ටම පහල දැමීමටත් යොදා ගැනෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ට හැදෙන දියවැඩියාවට ගල් සියඹලා කොළ පානය ගුණ වන්නේ එහි ඇති ඉන්සියුලින් වලට සමාන ක්‍රියාකාරිත්වය නිසා.
රසායනාගාර පර්යේෂණ දත්ත
වලට අනුව ගල් සියඹලා කොළ යුෂ මගින් ගුදයේ ඇතිවන වේදනාකාරී
ගෙඩි (piles) සුව කිරීමටත්, මැලේරියා පරපෝෂිතයා
රුධිරය තුලදී විනාශ කිරීමටත්
පුළුවන්.
වටපිටාවේ ගල් සියඹලා ගසක් ඇත්නම් මෙන්න ඔබට සුබ ආරංචියක්.. දත් සුද්ධ කිරීමට තව දුරටත් මුදල් වැය කරන්න එපා. ගල් සියඹලා කොටුවකින් දත් මදින්න..
(බෝඹු කොටුවක් මෙන් පිළියෙළ කර) දත් මැලියම් ඉවත් වී, දත් සහ විදුරු මසේ සෞක්යය රැකේවි.
ගල් සියඹලා ගසේ පොත්ත තම්බා බිමෙන් ආර්තව වේදනා සුවකර ගැනීමටත්, පාචනය රෝගය සුව කිරීම සහ එහිදී ශරීරයෙන් ඉවත්වන ලවන වර්ග නැවත ලබාදී සජලනය පවත්වා ගැනීමටත් පුළුවන්.
මිට අමතරව ගල් සියඹලා පලතුරු ආහාරයට ගැනීමෙන්
මව්කිරි වර්ධනය කිරීමටත් , තුවාල සුවය ඉක්මන් කිරීමටත්, මුඛයේ සහ
තොල්වල ඇතිවන වන තුවාල (scurvy disease) වලක්වා ගැනීමටත් හැකිවන බව පර්යේෂණ වලින් පෙන්වා දී තිබෙනවා.
අපිනම් නිකන්ම කටට දාලා දියවෙන්න යවන ගල් සියඹලා ගෙඩිය පිටරටවලදී ඖෂධ නිෂ්පාදනයට පමණක් නොවෙයි බොහෝ රසවත් අතුරුපස නිපදවන්නටත් යොදා ගන්නවා.. ගල් සියඹලා කේක්, බිම, අයිස්ක්රීම් වගේ විවිධාකාර ලෙසට. ඒ විතරක් නෙමෙයි වාරයේදී වැඩිපුර හැදෙන ගෙඩි ඇට ඇරලා කරීම් එකක් වගේ හදලා අවාරයේදී විවිධ කෑම බිම නිෂ්පාදනයටත් යොදා ගන්නවා..
කොහොමද පුංචි ගල් සියඹලා ගෙඩියේ තියෙන චන්ඩිකම ?? විටමින් බෝම්බයක් කියලා හිතාගෙන අදින් පස්සේ කොහේ දැක්කත් ළමයින්ට කන්න ගෙදරට ගෙන
එන්න..රසවත් ගල් සියඹලා...
රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප: අන්තර්ජාලයෙන් සහ ඔසු පැල හඳුනා ගනිමු සමූහයෙන්
Apuru vistharayak...
ReplyDeleteබේත් නම් මන්ද, ගල්සියඹලා ගෝනියක් දුන්නොත් පැය දෙක තුනක් යන්න කලින් ඉවර කරලා දෙන්නම් කිසි අඩුපාඩුවක් නැතුව! හි හි හි
ReplyDeleteI don't know the English name
ReplyDeleteහරි වටිනවා තෙරුවන් සරණයි .
ReplyDeleteවටින ලිපියක්
ReplyDelete