අපි නොදන්න ෆැෂන්......
කෑම බිම ඇඳුම් පැළඳුම් සේරම
ෆැෂන් එකට යන ‘මොඩ් වෙලා මෝඩ
වෙලා’ තියෙන අබුද්දස්ස කාලෙනේ අද වෙන කොට අපි ජිවත් වෙන්නේ..
ඒ වුනාට අපේ
අත්තම්මා නම් කෝපි කාලෙත් මුළුතැන් ගෙයි ෆැෂන් කරන්න හපන් කම් පෑ ගෘහනියක්..
ෆැෂන් කැමති නෝනලාට මහත්තුරුන්ට ෆැෂන් එකට ජිවත් වෙන්න, හවුස් ඔෆ් ෆැෂන් යන්න නිරෝගී කම පවත්වා ගැනීම හරිම වැදගත්..මේ ලිපියෙන් දිග හැරෙන්නේ ඒ සඳහා උදව් වෙන පැෂන් කොලයේ
(වැල් දොඩම් කොළයේ) විසිතුරු
කතාන්දරයයි.
පැෂන් කි වහාම හැමෝටම මතක් වෙන්නේ වැල් දොඩම්
පලතුර..ඒ වැල් දොඩමේ ඇති අපූරු රස සහ අනන්ත ගුණ නිසා..නමුත් වැල් දොඩම් කොලයේ
ගුණ සිටින්නේ ඊට වඩා
බොහෝ ඉදිරියෙන්.
වැටට නැතිනම් අඹ පුවක් වගේ ගහකට එතිලා උඩට ගිය පැෂන් වැලක් තිබුනේ නැති ගෙවත්තක් දැනට දශක තුන හතරකට කලින් සොයා ගැනීමට නැති තරම්.
මේ හැම වැලකම වගේ පල හට ගැනීම සිදු නොවුනත් දවස් තුන්සිය හැට පහේම සරු සාරෙට කොළ නම් වරදින්නේ නැහැ.. නැති පලදාවකට අඬමින් නොයිඳ තියෙන කොලෙන් පවුලේම සෞක්‍යය රැක ගැනීමට එදා මවු වරුන්ගේ තිබු දැනුම නම් හරිම අපූරුයි.
ඇති නැති පරතරයක් නැතිව හැම නිවෙසකම සමබල ආහාර වේලක් සැදුනු කාලෙක කොලපාට පලා මැල්ලුම ආහාර වේලේ නොවැරැදුණු
අංගයක්. ගණනය කල නොහැකි තරමට පලා වර්ග තමුන්ගේ වටපිටාවෙන් සොයා ගැනීමට තිබු අපූරු හැකියාව නිසාම පලා මැල්ලුමක්/සම්බෝලයක් සැදීම ගෘහනියකට අති විශාල කාර්යයක් වුනෙත් නැහැ.
කලවම් පලා හෝ තනිවම මැල්ලුමට නැතහොත් ලපටි කොළ සම්බෝලයට හැදීමෙන් ආහාර වේලට ලබා දිය හැකි රසය පමණක් නොව එහි ඇති ගුණ ගැනත් ඔවුන්ට මනා දැනුමක් තිබුනා යයි කිවොත් මා නිවැරදියි.
අදවන විට බොහෝ ශාරීරික රෝග වලට හේතුව ලෙස පවසන්නේ පවතින සමාජ ආර්ථික රටාව නිසා මනසට ඇතිවන විඳගත නොහැකි ආතතියයි. විශේෂයෙන්ම සමාජයේ මධ්‍යම සහ ඉහල පන්ති වල සාමාජිකයින්ට මේ ආතතිය අන් අයට සාපේක්ෂව වැඩි බවකුත් සොයා ගෙන තිබෙනවා.
මේ හේතුව නිසා වැඩි දෙනෙකු
නින්ද නොයාම, ඉක්මනින් කේන්ති යාම, මානසික අතෘප්තිකර ස්වභාවය (Anxiety) සහ මානසික බිඳවැටීම (Depression) වැනි ප්‍රසිද්ධියේ සාකච්චා නොකෙරෙන සෞක්යමය ගැටළු වලින් පිඩා විඳිනවා.
මෙවන් වටපිටාවක දිවි ගෙවන්නන්ට පැෂන් කොළ දිව්‍ය ඖෂධයක් වන්නේ එහි ඇති නින්ද යාම උත්තේජනය සහ මානසික සහනය (Sedation ආණ්ඩ Calming Effects) ලබා දීමේ
ඇති හැකියාව නිසා.

පැෂන් කොලයේ ඇති ප්‍රධානම ගුණාංගය ලෙස කියවෙන්නේ රුධිර පීඩනය සහ රුධිරගත කොලෙස්ටරෝල් ස්වභාවිකව අඩු කිරීමේ හැකියාවයි. මේ සමඟ කරට කර යන වසංගතයක් හා සමාන දියවැඩියාව වැළක්වීමේ හැකියාවෙන්ද පැෂන් කොලය සිටින්නේ ඉදිරියෙන්. අඩුගනනේ සතියකට වතාවක්වත්
පැෂන් කොළ ආහාරයට එකතු කර ගැනීමෙන් මේ රෝග
දෙකෙන්ම වැලකි සිටීමට ඔබට හැකි වේවි.
රසායනාගාර පර්යේෂණ වලට අනුව පැෂන් කොලයේ විසල් පරාසයක විහිදුනු බැක්ටීරියා වයිරස මර්ධනය කිරීමේ හැකියාවක් තිබෙනවා.. එදිනෙදා ජීවිතයේදී හැදෙන සෙම්ප්‍රතිශ්‍යා කැස්ස රෝගයට හේතුකරවන ක්ෂුද්‍රජිවින්ගේ සිට කොලරාව වැනි භයානක ආසාධන වාගේම ''සුපර් බග්'' ලෙස හැඳින්වෙන මෙතිසිලින් රෙසිස්ටන්ට් (MRSA) බැක්ටීරියාවට එරෙහි වීම දක්වා දිගු පරාසයක මේ හැකියාව පැතිරෙනවා.

කිසා ගෝතමිය දරුවා සුවකරන්නට බෙහෙතක් සොයන කල්හි තථාගතයන් වහන්සේ ඇයගේ මනස සුව කරනු වස්ඇයට
උපදෙස් දුන්නේ නොමල ගෙයකින් අබ අහුරක් රැගෙන එන්නටයි.
තථාගතයන් වහන්සේ අද ජීවමානව වැඩ සිටියේ නම් දරුවන් නැතිවී හඬා
වැටෙන මවු වරුනට ''පිළිකාවකින් නොමල ගෙදරකින්'' අබ ඇට ගෙනෙන්නට නියම කරන බව නම් නිසැකයි. පිළිකාව අද වන විට එතරම්ම බහුල රෝගයකි. පැෂන් ශාක නිස්සරණයේ ඇති අනෙක් ප්‍රධාන ගුණාංගය නම් පිළිකා රෝගය වැලක්වීමට එහි ඇති හැකියාවයි.
ඇස් පෙනීම නිරෝගිව පවත්වා ගැනීමට කොළ සහ කහ පාට ආහාර වල ඇති වැදගත්කම බොහෝ දෙනෙක් දනිතත් ඒ සඳහා විශේෂිත හැකියාවක් පැෂන් කොලයට ඇති බව ඔබ දැන
සිටියාද?

සාමාන්‍ය ජීවිතයේදී දිනපතා ආහාරයට පැෂන් කොළ එකතු කර ගැනීමෙන් අපට ලබා ගත හැකි සෞක්යමය ප්රතිලාභ අපමණයි.

නැවුම්ව ගෙවත්තේ නෙලා ගන්නා, පෝෂණ ගුණ විනාශ නොවූ
පැෂන් කොලයේ අගය අපට නොදැනෙන කාලයක මේ නැඹුරුව මා දකින්නේ නම් දෛවයේ සරදමක් ලෙසින්.
References :
රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්
වටිනා ලිපියක්, ගම් වල දුර්මතයක් තියෙනවා පැෂන් කොළ කෑවහම පිළිකා හැදෙනවා කියලා ..
ReplyDeleteපට්ට බොරුවක්..අපේ මිනිස්සු පැෂන් කොළ කාලා රුධිර පීඩනය අඩු කර ගත්තාම බෙහෙත් කාරයින්ට පාඩුයි..ඒ නිසා යන බොරු ප්‍රචාර..
Deleteඔව්. පසුගිය දිනක ඉරිදා දිවයින පත්තරේ ලිපියකින් ආයුර්වේද වෛද්‍යතුමියක් ද පවසා සිටියේ පැෂන් කොළ වල පිළිකා වර්ධන හැකියාවක් ඇති බවයි. කරුණාකර මේ පිළිබඳව ඇත්ත නැත්ත සොයලා දෙන්න.
ReplyDeleteපැෂන් ෆ්රුට් කොලයේ පිළිකා කාරක ඇති බවට එතුමිය කල ප්‍රකාශය සහිත පුවත්පත පලවූ දිනය හෝ එය අඩංගු ලින්ක් එක එවන්න පුලුවන්ද? ඒ වගේම ඒ කවුද කියා දන ගැනීමටත් කැමතියි. මේ වනතුරු මා කියවා ඇති සියලුම පර්යේෂණ ලිපි වලින් කියවෙන්නේ එහි ඇති පිළිකා නැති කිරීමේ හැකියාව ගැනයි.. මන් කැමතියි ඔය කියන වෛද්‍යවරිය අමතා ඇය මේ ගැන පවසන්නේ මොන පදනම යටතේද යන්න දැන ගැනීමට. මගෙන් වැරදීමක් වී ඇති නම් ලිපිය වෙනස් කිරීමට පැකිලෙන්නේද නැහැ.. අපි හැමෝගෙම අරමුණ මිනිසුන්ට නිවැරදි දේ පහදා දීම.
Deleteපැශන් වැලක් අපේ ගෙදර තිබුනා. සම්බෝලයක් හෝ මැල්ලුමක් හැදෙනවා. අපිත් හරියට කොළ වර්ග කෑවා. අද කන්න තියෙන්නේ ගෝවා මැල්ලුම් විතරයි :D
ReplyDeleteඅහනකොට දුකයි දැන් වෙලා තියෙන දේ ගැන..ඉතින් දැන්වත් එකක් වවා ගමු
DeleteOba thumiyage lipi pela itha Anargai !
ReplyDeleteBohoma "PIN"
මම නොකරපු දෙයක් නෑ පැෂන් වැලක් වවාගන්න. ඉත්තෑවොයි වඳුරොයි මගේ වැල් විනාශ කරනවා. ..
ReplyDeleteSupiri lipiya , thawaduratath liyanna bohoma sthithi
ReplyDeleteThanks very much for giving us the knowledge.
ReplyDeleteපැෂන් පලතුර ගැන පවතින විවිධ අදහස් අතර sathya කුමක්ද
ReplyDeleteමෙය සිදු වූයේ මීට වසර 20 කට පමණ පෙරය. මම කුවේට්හි වැඩ කරමින් සිටියෙමි. මගේ මිතුරාගේ මව අධි රුධිර පීඩනයෙන් අසනීප විය. ඔහු ශ්‍රී ලංකාවෙන් පැෂන් පලතුරු කොළ ගෙන ආ අතර එය ඔහුගේ මවගේ අසනීප සුව කිරීමට උපකාරී විය.
ReplyDelete