Sunday 16 October 2016

බතට රස- දෙල් සැරද ? ඔබ බයද? Bread Fruit

                    අරුම පුදුම දෙලේ  බලේ




අපේ රටේ බළල් පැටවුන්ට ඇති ආදරය ක්ෂණික නූඩ්ල්ස් හැදෙන වේගයෙන් ඉහල ගිහින්ලු..අපේ කට්ටියගේ සත්ව කරුණාව වැඩි වෙලා හෙම නොවෙයි..ටෙලි නාට් ලෝකයට අලුතින්ම එකතු වුනු ''බළල් තරුව'' සරණ නිසාවෙන්..බළල් පැටවූ කීවාම මට මතක් වුනේ බෙන්තර ගඟ..

නාන්න, ඔරු පදින්න යන්න  නෙවෙයි..අර කතාවක් තියෙනවනේ බෙන්තර ගඟෙන් මෙහාට ඇස් ඇරපු නැති බළල් පැටියෙක්  වත් ගෙනෙන්න එපා කියලා..මොකද කියනවනම් බෙන්තර ගඟෙන් එහා පැත්තේ අය තරමට සැරයිලු. කොච්චර සැරද කියනවනම් කට්ටියට බල මාලුයි දෙලුයි දෙකම එක පාර කෑවත් සැර දැනෙන්නේ නැහැලු..

එහෙම කියපු අත්තම්මා දීග  ගිහින් හිටියෙත් බෙන්තර ගගෙන් එහා පැත්තටමයි..පරම්පරාවක් පන්නලා මිණිපිරී දිග ගියෙත් බෙන්තර ගගෙන් එහා පැත්තටමයි..ගැමුණු කුමාරයට යුද්ද කරන්නයි,කෑම කන්නයි දෙකම උගන්වලා 'අප-රැකි' පලාතට.. හින්දදෝ මන්දා අත්තම්මට වගේම මිනිපිරිටත් ඔය බලමාලු-දෙල් සැර තරම් අදාළ නැහැ.. 


සැර වැඩි දෙලේ  සැර බාල කරලා ගුණ විතරක් අදාළ කර ගැනීමේ අපූරු හැකියාවක් අත්තම්මාට තිබුනා .. අත්  බෙහෙතක් ලෙස භාවිතා නොවුනත්, දෙලේ ගුණ හඳුනාගෙන එය නැණවත්ව පරිහරණයට අත්තම්මාගේ තිබු හැකියාව ඔබ සමඟ බෙදා ගන්නයි මේ සූදානම.

කොතරම් සැරයි කිවත් රසය නිසා දෙලට  ඇතිවන ඇල්ම තහනම් පෙමට ලොල් වූවාක් මෙන්යයි කිවොත් නිවැරදියි. ඇබ්බැහිවීම තවත් වැඩි වන ලෙස   රසවත්ව දෙල් සැකසීමට අත්තම්මාට තිබුනේ අපූරු හැකියාවක්.



අමු පොල් සහ කොච්චි සම්බෝලයක් සමඟ රසවත් උදේ ආහාරයක් වුනු දෙල් තවත් විටෙක කිරට මාළුවක් වී හෝ සුදුලූනු ගම්මිරිස් ඇඹරූ පොල් සමඟ මැල්ලුමක් වී දහවල් බත සැරසුණා.

 ඉදුණු දෙල් තෙලේ බැදී තේ වෙලාවට සැපයෙන රස කැවිල්ලක් සැකසුනු අතර වාරයේදී වැඩිවන දෙල් අව්වේ වේලි  අවාරයේදී ගන්නට  දුම් මැස්සේ මුට්ටියක තැන්පත් වුනා.  

ගත වෙහෙසා දහදිය හෙලා වැඩ කල ගොවියාට ගෙනගිය කයිදම් බතේද , සාංඝික හෝ දේව දානයටද වාරයේදී දෙල් වැරදුනේ නැති තරම්.

දෙල් වල ඇති ගුණ ප්රමාණය ඔබ ඇත්ත වශයෙන්ම දන්නවා නම් ගෙවත්තේ දෙල් කඩයට විකුණා අර්තාපල් මිලදී නොගනීවි. ප්රධාන වශයෙන් ශක්තිය සපයන කාබෝහයිඩ්රේට් අඩංගු වුවද සෝයා වලටත් වඩා ප්රෝටීන් වැඩි පුර අඩංගු  පොටැසියම්,සෝඩියම්,කැල්සියම්,කොපර් වැනි තවත් ලවන  වර්ග රාශියක්ද , විටමින් ,සි, සහ කේ අඩංගු දෙල් පවුලකට අවශ් සියලුම පෝෂක ද්රව් සපයා දෙන ආහාරයක්. දෙල් කෝප්පයක ඇති පොටෑසියම් ප්රමාණය කෙසෙල් ගෙඩි තුනක ඇති පොටෑසියම් ප්රමාණයට සමාන වනවා


කොස් වලටත් වඩා ශාකමය තන්තුන්අඩංගු දෙල් අහාර මාර්ගයේදී කොලෙස්ටරෝල් රුධිරයට අවශෝෂණය කිරීම වලක්වා රුධිර පීඩනය පාලනය කරන අතරම, අන්තර වල ඇතිවන පිළිකා වලක්වා ගැනීමට උපකාරි වෙනවා.

පොටෑසියම් හර්ද ස්පන්දනය සාමාන් පරිදි පවත්වාගෙන රුධිර පීඩනය සාමාන් ලෙස පවත්වා ගැනීමට වෙනත් ආකාරයකින්  බලපාන නිසා දෙල් ඔබේ හදවත රැක බලා ගැනීමට දායක වන අගනා ආහාරයක්.


විටමින් සහ ලවන වර්ග බහුල දෙල් ශරීරයේ රෝග වලට ඔරොත්තුදීමේ ප්රතිශක්තිය වර්ධනය කරනවා. අහාර මනා ලෙස දිරවීමේ හැකියාවක් ඇති දෙල් ජීරණ මාර්ගයෙන් වැඩිපුර ඇති සිනි රුධිරයට අවශෝෂණය කර ගැනීම වැළකීමෙන් දියවැඩියාව පාලනය කිරීමට/වැලක්වීමට හැකි ආහාරයක්.



සෝයා  වලටත් වඩා ඇමයිනෝ අම්ල (ප්රෝටීන ) අඩංගු වනවා මෙන්ම මුහුදු මාළුන්ගෙන් අපට ලැබෙන ඔමේගාසහ 6 යන මේධ වර්ග බහුලව අඩංගු දෙල් මස් මාළු නොකන  අයට අවශ් සියලු පෝෂක ලබා දෙන අමිල එළවළුවක්. සම ආරක්ෂා කරන ප්රති ධුලකයක් ලෙස ක්රියා කරමින් සම ආවරණය කර හිරු රශ්නයෙන් සමට වන හානිය වලකා ඉක්මනින් සම ප්රතිසංස්කරණය කරන්නත් දෙල් වලට පුළුවන්.

ඔමේගා 3 සහ 6 මේධ වර්ග හිසකෙස් වලට ඉතා හිත කරයි. මේ හේතුව නිසා  හිස කෙස් වර්ධනය පවත්වා ගෙන හිස් කබලේ ඇති සිබම් ශ්රාවය පවත්වා ගැනීම නිසා ඉස්සොරි වලක්වා ගැනීමටත්, හිසකෙස් ප්රතිසංස්කරණය කිර්මටත් දෙල්  උදව් වෙනවා.

පැසිපික් දුපත් වල මුල් සම්භවය ඇතැයි පවසන දෙල් ලොව පුරා බොහෝ ජාතින්ට ශක්තිය ආහාර සපයන මහත් ගුණ ඇති ආහාරයක්. ලොව පුරා දෙල් වර්ග සියයකට අධික ප්රමාණයක් ඇති බව කියවෙනවා. වසර තුන්දාහකට පමණ පෙර සිට භාවිතා වුනු බවට ශාක්ෂි ඇති දෙල් වල ජන්ම භූමිය ලෙස සැලකෙන්නේ නිව් ගිනීයා දේශයයි


දේශ ගවේෂකන්  ඔස්සේ පැසිපික් සාගරය හරහා ලොව පුරා පැතිරුණු බවට විශ්වාස කෙරෙන දෙල් අප්රිකානු රටවලදී ආහාරයට ගැනෙන්නේ අපට බත් මෙන් ප්රධාන වශයෙන් ශක්තිය සැපයෙන ආහාරයක් ලෙසින්. ඔවුන් දෙල් ලිපේ පුළුස්සා, පිටි කර හෝ  බෙරි  වන්නට තම්බා හෝ එළවලු සමඟ ස්ටු ආකාරයට පිලියෙලකර ආහාරයට ගන්නේ අපට වඩා වෙනස්ම ආකාරයන්ට.

ගෝලීයකරණයත් සමඟ යුරෝපය සහ ඇමෙරිකාව වැනි රටවල සුදු ජාතින් දක්වා විහි දුනු මේ අනර්ග ආහාරය ඔවුන් ආහාරයට ගන්නේ බාබකිව් ක්රමයට හෝ උදුනේ පුළුස්ස ගැනීමෙන්.


ලංකාවට දෙල් මුලින්ම හඳුන්වා දී ඇත්තේ පෘතුග්රීසි පාලනය කාලේ..නමුත් අපිට ඇති ආදරේට එහෙම නොවෙයි. එහි ඇති සැර මගින් සිංහලයාගේ ශක්තිය දුර්වල කිරීමේ උපක්රමයක් ලෙස..නමුත් ලන්දෙසියාට වඩා වේද හෙද කමින් ඉතා ඉදිරියෙන් සිටි අපේ  අත්ත මුත්තලා දෙලේ සැර පොලෙන් මකා දමා දෙලේ ශක්තිය උපයෝගී කරන්  උන්ට ආපහු බැට දෙන්ට සමත් උනාලු..අද වගේ බටහිරෙන් ගේන හැම බෝලයක්ම ගෙඩිය පිටින් නොගිලපු ඔවුන් දෙල් බෝලෙන් උන්ටම බැට  දීපු හැටි ..ලන්දේසින් ගෙනත් හිටවපු මුල්ම දෙල් පැලයේ ශාකාවක් ගාල්ල කොටුව උසාවිය ළඟ අදටත් තිබෙන බවයි කියවෙන්නේ..


දෙල් සැරද ?


මෙතරම් ගුණ දායි දෙල් අපේ රටේ බොහෝ දෙනෙකු ආහාරයට නොගන්නේ එහි ඇති උෂ්ණාධික බව ගැන කියමින්. විද්යාත්මක වශයෙන් දෙල් වල මෙවනි විසක් ඇති බව සොයා ගත බවට  පොත් පත් වල සඳහන් වෙන්නේ නැහැ

රසායනාගාර පර්යේෂණ සැම එකකින්ම විදහා දක්වන්නේ එහි ඇති ගුණ පමණයි. ඔවුන් පවසන්නේ ඕනෑම ආහාරයකට ආසාත්මික තා ඇතිවන අයුරින් දෙල් වලටත් ඉඳහිට කෙනෙක් ආසාත්මිකතා පෙන්විය හැකි බවයි. උදාහරණයක් ලෙස පෙනිසිලින් ආසාත්මිකතාවය, කලාතුරකින් කෙනෙකු දකිනවා වගේ දෙල් ආසාත්මිකතාවය කෙනෙකුට ඇති වන්න පුළුවන්.

ලවන වර්ග ශරීරයට අවශ් ප්රමාණයට වඩා වැඩි පුර ලැබුණු විට ශරීරයෙන් පිටවන ශ්රාවයන් ඔස්සේ වැඩිපුර ලවන පිට කර හැරීමේ ස්වභාවික ක්රියාවලියක් තිබෙනවා..මේ විධියට වැඩි පුර ලවන වර්ග පිට වෙන්නේ කඳුළු, මුත්රා, කෙල, සොටු වගේ ක්රම වලින්.. 

විතරක් නෙමෙයි මේ ලවන අධික කම  නිසා ඇතැම් විට ශ්රාවයන් පිටවන සුමට පටල වෙහෙසට   පත් වෙනවා (mucus membrane irritation). දෙල්  හෝ එවන් ලෝහ ලවන අධික  ආහාර වර්ග ගැනීමෙන් පසු ඇස් වලින් කබ පිටවීම, මුත්රා දැවිල්ල වැනි ඌෂ්නාධික යයි සම්මත ලක්ෂණ මතු වන්නේමේ නිසයි 

නමුත් ශරීරය ශෝධනය  කිරීම පහසු වන ආහාරයක් මේ සමඟ එකට ගැනීමෙන් මේ තත්වය සමතුලනය කරගෙන ගුණ පමණක් ශරීරයට ඇතුළුකර ගන්නට පුළුවන්උදාහරණයකට කතුරුමුරුන්ගා, සාරන, නිවිති තම්පලා වගේ කොළ එළවළුවක් ගන්න පුළුවන්. 

අපේ අත්තම්මලා මේ ප්රශ්නයට පිළියම් යෙදුවේ කෙසේදැයි බැලීම වැදගත්. තහංචි නැතිව සැරමකා රස ගුණ මතු කරගෙන අසල්වැසියන්  සමඟ  දෙල් බෙදා හදාගෙන කෑ අයුරුයි මේ.

තැම්බූ දෙල් - අමු පොල් සහ දෙහි සහ අමුමිරිස් දැමු ලුණුමිරිසක් සමඟ : අමු පොල් ශරීරයේ ආම්ලික භාවය නැතිකරන අතර විටමින් සි අධික අමුමිරිස් සහ දෙහි මෙන්ම පොල් මගින්  ශරීරය ධුලකහරණයට ලක් කරනවා. බටහිර විද්යාවෙන් තවමත් සොයාගෙන නැති ධුලක දෙල් වල ඇතිනම් මේ එකමුතුවෙන් ශරීරය නිවී සැනසි දෙල් වල ඇති ගුණ පමණක් අපට ලැබෙනවා.




දෙල් කිරට උයන්න. ලිපෙන් බාගන්නට පෙර නිවිති කොළ අහුරක් එකතු කරන්න. දෙල් මාළුවෙ රස මැවේවී. වස මැරේවි.



දෙල් පොල් දමා මලවන්න - පොල්මල්ලුමේ ඇති තුනපහ සහ පොල් වලින් සැර නැතිවේවි.

දෙල් උයනදාට ආහාර වෙලා  සැර නැසෙන ආහාර සමග සම බර කර ගන්න.

උදාහරණ: කැකුළු බත්, දෙල් මාළුව, හාල් මැස්සන් බැඳුම, කතුරුමුරුන්ගා මැල්ලුම/සම්බෝලය, කරවිල/පතෝල වැනි හින්දා ගත් එළවළුවක්. බලන්න රස ගුණ අගේට ගැලපි සැර නැතිවෙන හැටි.



දෙල් මලවා, මාළු මිරිසට පිස එළවලු කිරට උයන්න. මැල්ලුමක්/සම්බෝලයක් එක කරන්න. කොළ වර්ගය කැමති ලෙස වෙනස් කරන්න. ගොටුකොල,මුකුණුවැන්න, තෙබු, තුඹ දළු, රණවරා කොළ වගේ දෙයක්

අතුරුපසට සැර  නැසෙන දෙයක් එක කරන්න. මි කිරි , ගස් ලබු, දෙළුම්, කොමඩු වගේ දෙයක්.

දවල් ආහාරයට් දෙල් ගත්තානම් නින්දට පෙර ඇඟ  නිවෙන ඔසු පැන් වර්ගයක් පානය කරන්න, බෙලි මල්, රණවරා, පොල්පලා වගේ දෙයක්.


 ඔන්න ඔහොමයි අත්තම්මලා දෙලේ සැර බස්සලා දෙලේ බලේ පෙන්නුවේ.


රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්



4 comments: