Wednesday 2 November 2016

පපුවේ දැවිල්ල :Gastritis/ Heart Burn 1

    හිසේ අමාරුවට කොට්ටේ මාරු කරන අද                                  කාලේ රෝගය






 '' මොකෝ මේ පිගානේ හොදි  වෑන්ජන මොනවත් නැහැනේ. ඇයි මේ බත් විතරක් කන්නේ ?''
''මට පොඩ්ඩක් ගැස්ට්රයිටිස් වගේ..පරිස්සම් වෙන එක හොඳයිනේ..මන් මේ අල පරිප්පු ගත්තා මදැයි ''

මෑතකදී සාදයකදී ඇසුණු දෙබසක් මේ....

'' මටත් ඔය ප්රශ්නෙම තියෙනවා..මාත් මේ පරිප්පුයි බිත්තරයි  විතරයි ගත්තේ..කාල දුක් විඳින්න බැහැනේ..''
ගොඩටම වැටුණු තවත් කෙනෙකු සහයට ඇවිත්..

'' ඔව්, කාලා තමයි ඕගොල්ලන්ට දුක් විඳින්න බැරි, බීලා දුක් වින්දට කමක් නැතිව ඇති''

යුද්ධ ප්රකාශ කරන බිරින්දෑ වරියක්..

මේ සාදයේ විතරක් නොවෙයි අද මගුලකට, මල ගෙදරකට, දානයකට  හෝ කොහේ ගියත් අපට නිතර කනට වැටෙන දෙබස් බවට මේවා පත් වෙලා..

 හාස් හූස් ගාන්න මිරිස් දාල හොදි මාළු පිනි හදපු..මදි පාඩුවට කොච්චි ටිකක් තෙලට දාලා හරි හරියට කාපු.... 
දැනට දශක දෙක තුනකට කලින් කලාතුරකින්වත්  කෙනෙකුට නොතිබුණු..
ඒත් අද අහන දකින හැම දෙනාටම තියෙන..

වසර දහස් ගණනක් අපි ආහාරයට ගත්තු මිරිස්, කොච්චි, දුරු පහේ වර්ග වලට වරද පටවලා තියෙන…..

ඇත්තටම මොකක්ද මේ ගැස්ට්රයිටිස්??????

සරලව කියනවා නම් ආමාශයේ ඇතුලත පටල ආසාධනයකට නැතිනම් ප්‍රධාහයකට පත්වීම (තුවාල වීම/පිළිස්සීම වැනි) තමයි Gastritis කියලා හඳුන්වන්නේ. නමුත් ඒ ගැන හරියටම දැනගන්න නම් අපි මුලින්ම අපේ ආහාර දිරවන්නේ කොහොමද කියලා දැන ගන්න ඕනේ..


 අපි ගන්නා සියලුම ආහාර ගලනාලය (esophagus) දිගේ ගිහින් මුලින්ම වැටෙන්නේ ආහාර ජීරණ පද්ධතියේ මුලික සහ ප්රධානම  කටයුතු ආරම්භ කෙරෙන මල්ලක් වගේ තිබෙන ආමාශයට.. 

ආමාශයේදී  කෑම දිරවන්න ඕන කරන සහ මේ කෑම  වල ශරීරයට අයහපත් විෂබීජ (බැක්ටීරියා) තිබෙනවානම් ඒවා විනාශ කර දමන්න අවශ් ජීරණ යුෂ (gastric enzymes) කෑම වලට එකතු වෙනවා..

 ජීරණ යුෂ කියන්නේ අධික ආම්ලික ගති ඇති සාමාන් පරිසරයේදී හමේ ගෑවුනොත්  බොහොම බරපතල පිළිස්සුම් පවා ඇති කල හැකි රසායන වර්ග වල එකතුවක්..(Hydrochloric Acid ) ස්වභාවධර්මයේ අපූර්වත්වය විදහාපාමින් මෙතරම් සැර රසායනයකින් ස්වභාවික තත්ත්ව යටතේදී අපේ ආමාශයේ ඇතුලත ඇති සිවියට කිසිම හානියක් නොවෙන (Natural mucous barrier) ලෙසයි සකස් වී තිබෙන්නේ..

මේ ස්වභාවික තත්වය  පවත්වාගන්නට උපකාරීවන අනෙක් හේතුව තමා ශරීරයේ අම්ල සහ භෂ්ම  සමතුලනය.. අම්ල භෂ්ම සමතුලනය මනින්න බටහිර විද්යාවෙන් යොදාගන්නා මිනුම් ඒකකය හඳුන්වන්නේ Ph අගය කියලා..


එකේ සිට දාහතර දක්වා අගයකින් මැනෙන මේ මිනුම් ක්රමයේ වැදගත්ම අංකය වෙන්නේ නොම්මර 7. Ph අගය 7 වඩා අඩු නම් ආම්ලික තත්වය වැඩි ලෙසත් Ph අගය 8 වඩා වැඩිනම් භාෂ්මික තත්වය වැඩි වීමක් ලෙසත් තමයි ගණන් ගැනෙන්නේ..

අපේ රුධිරය සාමාන් ස්වභාවික තත්ත්ව තුලදී  අම්ල භෂ්ම සමතුලනය වෙලා පැවතිය යුතු  අගය Ph 7.4  මේ මට්ටමට වඩා රුධිරයේ Ph අගය අඩු වෙලා එහෙමත් නැතිනම් අපේ ශරීරයේ ආම්ලික ගතිය වැඩි වෙන්නට බලපාන හේතුන් විශාල සංක්යාවක් තිබෙනවා.

මේ හේතුන්  ශරීරයේ විවිධ අවයව වලට  වාගේම ආමාශයටත් බලපාලා ආමාශයේ අම්ල භෂ්ම සමතුලිතතාවය නැති වෙලා යන අවස්ථා ඇතිවෙනවා.. එවන් විටෙක ආමාශයේ මුලින් සඳහන් කල ස්වභාවික ආරක්ෂක පටලයට හානි (Natural mucous barrier ) වෙලා මුලින් සඳහන් කල ස්වභාවික ආරක්ෂාව නැති වෙන්න පුළුවන්..

ස්වභාවික ආරක්ෂාව නැතිවුණු අවස්තාවක් ආමාශයේ ඇතුලත පටලයේ ඇතිවන ප්රදාහය (inflammation) එහෙම නැතිනම් ආසාධනය (infection) තමයි gastritis ලෙස අද අප හඳුන්වන්නේ.

දුරු මිරිස්  වලින්ද Gastritis හැදෙන්නේ..???

කොහෙත්ම නැහැ.

පොඩි උදාහරණයක් ගම්මු..ගෙදර තියෙන කොච්චි මිරිස් කරලක්, ගම්මිරිස් හෝ මිරිස් කුඩු ටිකක්  එහෙමත් නැත්නම් හොඳට දුරු මිරිස් දාල හදපු හොදි ඩිංගක් හැන්දකට ගන්න..ඔබ තෝරා ගත් දේ ඔබේ සමේ යම් තැනක (අතේ  අල්ල හෝ පිටි අල්ල වැනි තැනක) සම නොකැඩුණු හෝ කිසිම තුවාලයක් නැති තැනක අතුලන්න...(කුඩා ළමයින් හෝ මිරිස් වලට සංවේදී අය මින් වලකින්න දිනපතා මිරිස් වර්ග භාවිතා කරන අයට පමණි )

ඔබට දැවිල්ලක්/වේදනාවක් දනුනාද? 99%ක් පවසාවි නැහැ කියා..
නමුත් මේ පර්යේෂණය ඔබ ඔබේ තුවාලයකට හෝ සමේ කැඩුණු තැනකටම කලොත් ඔබට කුමක් වේවිද? එලොව පොල් නොපෙනේවිද?..
  
  Gastritis   තිබෙන අයට මිරිස් කෑවාම සිදුවෙන්නෙත් මේ දේමයි..


ආමාශයේ ඇති අම්ල සමතුලිතතාවය නැති වී යාමට පෙර සාමාන් මට්ටමට අනෙකුත් ආහාර සමඟ එදිනෙදා මිරිස් ආහාර ගන්න අයට මිරිස් නිසා ගැස්ට්රයිටිස් හැදීම සිදු නොවන තරම්..
නමුත් වෙනත් හේතුන් මත දැනටමත් රෝගය  වැලඳී ඇති අයට නම් මිරිස් කෑවාම අමු තුවාලෙට මිරිස් ඇතුල්ලුවා වගේ එලොව පොල් පෙනීම අහන්නත් දෙයක් නැහැ..

එහෙමනම් Gastritis හැදෙන්න හේතුන් මොනවාද?

 1 බැක්ටීරියා ආසාධන.

අද ලොව Gastritis වලින් දුක්විදින රෝගීන්ගෙන් 75%කට පමණ එම රෝගය සැදෙන්නට හේතුව ලෙස සලකන්නේ Helicobacter pylori නමැති බැක්ටීරියාව මගින් ආමාශයේ පටල මත ඇති කරන ආසාධනයක් නිසා  ඇතිවන වන ආමාශයේ බිත්තිවල තුවාල (Peptic/ Gastric Ulcers) හේතුවෙන්. මේ බැක්ටීරියාව කෙනෙකුගෙන් තව කෙනෙකුට සැදෙන්නේ මල මගින් දුෂණය වුනු ආහාර හෝ ජලය පානයට ගැනීමෙන්
වගේම කෙනෙක් තව කෙනෙකුගේ තොල් සිප ගැනීමෙන්ද, ගුද මාර්ගය ආශ්රිත හෝ මුඛය සම්බන්දිත ලිංගික සංසරණය නිසාත් මේ බැක්ටීරියාව බෝවන්නට පුළුවන්.. කල් පවතින මල බද්ධය ඇති අය මේ බැක්ටීරියාව වැළඳීමේ අවධානය වැඩියි.

මෙතැනදී සිදුවන්නේමේ බැක්ටීරියාව මගින් නිපදවන විෂ මගින් ආමාශයේ අම්ල භාෂ්ම සමතුලිතතාවය අඩාල වී ස්වභාවික ප්‍රතිරෝධී ආවරණය බිඳ වැටීමෙන් ආමාශයේ බිත්ති තුවාල වීම.

අවාසනාවට මේ බැක්ටීරියාව ඇති බව සොයා ගැනීම ඉතාමත් අපහසුයි. රෝග ලක්ෂණ මතු වන්නේ ආමාශයේ තුවාල ඇති වූ පසුවයි. මේ සම්බන්ධ බටහිර ප්රතිකාර තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ

රෝග  ලක්ෂණ වන්නේ

  • ·       excessive burping - ආම වාතය (රාම තෙල්)නැතහොත් නිරන්තරයෙන් කෑම උඩට එන්නා වාගේ දැනීම
  • ·       feeling bloated බඩ  පිපුම
  • ·       nausea or vomiting වමනෙට එන ගතිය හෝ වමනය
  • ·       lack of appetite, or anorexia කෑම අරුචිය
  • ·       unexplained weight loss බර අඩුවීම
  • ·       foul breath මුඛයෙ දුර් ගන්ධය


2 වෙනත් රෝග වලට ගන්නා ඖෂධ වර්ග:
ප්රති ප්රධාහ ඖෂධ  (Anti-inflammatory medicines) සහ ස්ටිරොයිඩ් නොවන ප්රති ප්රධාහඖෂධ  (Non - steroid Anti-inflammatory medicines) උදාහරණ:  Aspirin, Ibuprofen, Diclofenac, Naproxen 

දියවැඩියාවට ගන්න Metformin වැනි ඖෂධ නිසාත් ආහාර මාර්ගයේ අභ්යන්තරය විනාශ වෙනවා..
පිළිකා ප්රතිකාර, ආර්තරයිටිස් ප්රතිකාර උදාහරණ: Methotrexane
බටහිර ඖෂධ විශාල සංක්යාවක් එකවර භාවිතා කරන අයට (poly-Pharmacy )
මෙහිදී සිදුවෙන්නෙත් මේ ඖෂධ මගින් ආමාශයේ අම්ල භෂ්ම සමතුලනය විනාශ කර ස්වභාවික ප්රතිරෝධී පටලයට හානි කිරීම.

3 මත්පැන් සහ දුම් පානය:


මත්පැන් සහ දුම් පානය මගින් ආමාශයේ අම්ල භෂ්ම සමතුලනය විනාශ කර ස්වභාවික ප්රතිරෝධී පටලයට හානි කිරීම.




4 අධික මානසික ආතතිය:

මානසික ආතතිය වැඩි වන හේතු නිසා ශරීරයේ ඇඩ්රිනලින්  හෝර්මෝනය ශ්‍රාවය වැඩි වෙනවා. හෝර්මෝන පද්ධතියේ සිදුවන අසම්තුලිතතාවය නිසා නැවතත් සිදුවන්නේ පෙර කි ආමාශයේ අම්ල භෂ්ම සමතුලනය විනාශ වී ස්වභාවික ප්රතිරෝධී පටලයට හානි වීම.

5 වෙනත් හේතු:

ඇතැම් පිළිකා තත්ත්ව, නිතර නිරාහාරව සිටීම, ශල් කර්ම, ප්රතිශක්තිකරණ අසමතුලිතතා නිසා ඇතිවන රෝග (Auto-immune Diseases)

රක්ත හීනතාවය, දියවැඩියාව, හදවත් රෝග, රුධිරනාල වල ඇතිවන රෝග, තරබාරුව වැනි කාලික රෝග  නිසා. මෙවැනි රෝගාබාධ වලදී ශයිල වලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය මදවිමෙන් රුධිරයේ ආම්ලිකතාවය වැඩිවීමත්, ඒ සමඟම ඇතිවන ආමාශයට බලපෑම මත Gastritis වල මුල් ලක්ෂණ පහල වේ. මේ රෝග සඳහා ගන්නා ඖෂධ නිසා රෝගය තව වැඩි දියුණු වේ.

පොදු රෝග ලක්ෂණ:

  • ·       Heart burn - බඩ පපුව දැවිල්ල
  • ·       excessive burping - ආම වාතය (රාම තෙල්)නැතහොත් නිරන්තරයෙන් කෑම උඩට එන්නා වාගේ දැනීම
  • ·       feeling bloated බඩ  පිපුම
  • ·       nausea or vomiting වමනෙට එන ගතිය හෝ වමනය
  • ·       lack of appetite, or anorexia කෑම අරුචිය
  • ·       unexplained weight loss බර අඩුවීම
  • ·       foul breath මුඛයෙ දුර් ගන්ධය.


රෝගය හඳුනා ගැනීම: 

බැක්ටීරියා ආසාදනය හඳුනා  ගැනීමට සිදුකරන පර්යේෂණ: 
Urea Breath Test නමින් හඳුන්වන මේ පරීක්ෂණයේදී Urea අඩංගු පෙත්තක් බිමට දී විනාඩි 40කට පසුව ප්‍රාශ්වාස වාතයේ අඩංගු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ගනනය කරනු ලැබේ. මේ සාන්ද්‍රණය අනුව බැක්ටීරියාව ඇති නැති බව හඳුනා ගත හැක.

මිට අමතරව මල පහ පරික්ෂා කර බැක්ටීරියාව හඳුනා ගන්නටත් පුළුවන්..

හොඳින් සවන් දෙන වෛද්යවරයෙකුට මනා ලෙස රෝග ඉතිහාසය සවන් දීමෙන් රෝගය අනුමාන කල හැකියි..
නමුත් රෝගය හරියටම තහවුරු කර ගැනීමට කල හැකි පර්යේෂණ දෙකක් ඇත.

1 Endoscopy : ආමාශයට කැමරාවක් යවා අංශයේ ඇතුලත ස්තරය පරික්ශා  කිරීම
2 Barium Swallow : බේරියම් ද්රාවනය බොන්නට දී අමාශය X-Ray කිරීමෙන් ආමාශයේ ඇතුලත ස්තරය පින්තුර මගින් පරික්ෂා කිරීම  



ප්රතිකාර:

1 හේතුවට ප්රතිකාර කිරීම:

උදාහරණ:

  • ·       මානසික ආතතිය වලක්වා ගැනීම
  • ·       ඖෂධ නිසා නම් ඖෂධයෙන් සිදුවන හානිය වලක්වන ඖෂධ භාවිතා කිරීම උදාහරණ: Enteric coated tablets
  • ·       අනවශ් ලෙස නිරාහාරව නොසිටීම
  • ·       දුම්බීම, මත් පැන් පානය නතර කිරීම.

2 බැක්ටීරියා ආසාධනයක් නම් සඳහා ප්රතිජීවක ඖෂධ ප්රතිකාර, මල බද්ධය  වලක්වා ගැනීම.
3 සුව වන තුරු තුවාල වලට තව දුරටත් සංවේදී මිරිස්, ඇඹුල් පලතුරු, පලතුරු යුෂ  වැනි ආහාර ගැනීමෙන් වැලකීම.
4 ප්රතිකාර ගන්නා කාලයේ කුඩා ආහාර වේල් නිතර ගැනීම
5 ආම්ලික තාවය අඩු කරන ඖෂධ උදාහරණ: PPI: Omeprasole, Ranitidine, Lanzoprazole
6 අම්ල භාශ්මියකරණය කරන ඖෂධ උදාහරණ :Gaviscon


Gastritis වලට සුව දෙන අත්  බෙහෙත් සහ හෙළ ආහාර කීපයක් :


  • ·    ·       පුහුල් මද යුෂ මි පැණි එක්කර දිනපතා උදැසන සුව වනතුරු පානයට ගැනීම
  • ·       දැල්ලාගේ බඩේ මැද  ඇති කූර දෙතුන් පලකින් නවා ඉන්පසු දෙහි ඉස්මේ පැය තුනක් පෙගේන්න තබන්න.  පසුව අවුවේ  වේලා කුඩු කර දිනපතා ග්‍රෑම් 250ක ප්‍රමාණයක් මි පැණි සහ දෙහි යුෂෙන්  මිශ්‍ර කර ආහාරයට ගන්න.

·       මුරුංගා කොළමිටක් පමණ  ඇල් වතුරෙන් අඹරා මුදවපු කිරි හෝ යෝගට් සමඟ මිශ්‍රකර හිස් බද ආහාරයට ගැනීම..
·       කෝමාරිකා මදය තේ හැඳි කීපයක් දිනපතා ආහාරයට ගන්න. කෝමාරිකා යුෂ පානය කරන්න.

කැහිපිත්තන් කොළ කොටා ඉස්ම රැයක්  තබන්න..උදේට ජෙලි ආකාරයට මිදී තිබේවි.හිස්බඩ ආහාරයට ගන්න..මලබධ්ධයටත් ඉතා ගුණයි.
·       සැවන්දරා මුල් තැම්බූ වතුර පානය කරන්න.
තේ කෝපි වෙනුවට බෙලිමල්, ඉර මුසු , රණවරා වැනි අපේ ඔසු පැන් පානය කරන්න.

  • ·      කොහිල අල ව්‍යංජනය, කොහිල කැඳ
  • ·       කර පින්චා කොළ කැඳ
  • ·       කොළ කැඳ වර්ග
  • ·       දිය බත්
  • ·       කොමඩු යුෂ, කොමඩු පළතුරක් ලෙස..
  • ·       නෙලුම් අල..නෙලුම් බත්..



  • ·       සව්  කැඳ
  • ·       මුං ඇට : කැඳ , තම්බා, පිස හෝ ඕනෑම ක්‍රමයකට.
  • ·       කෙසෙල් බඩ යුෂ හෝ ව්‍යංජනය
  • ·       දිය ලැබූ, කැකිරි, පිපිඤඤා : ඕනෑම ක්‍රමයකට: යුෂ, ව්‍යංජන, සලාද හෝ අමුවෙන්.
  • ·       තම්බුම් හොදි: ආහාර මාර්ගය පිරිසිඳු කර මල බද්ධය නැති කර ප්‍රතිකාර සඳහා ආහාර මාර්ගය පිළියෙළ  කරන ප්‍රතිකාරයක් 
  • ·       තැඹිලි කුරුම්බා
  • ·       පොල් කිරි කැඳ
  • ·       කුරක්කන්: ඕනෑම පිළියෙළ කිරීමක් ගුණයි කැඳ විශේෂයි.
  • ·       කොල්ලු උදේ ආහාරයට, ආනම
  • ·       මි කිරි , යෝගට්
  • ·       ගස්ලබු
  • ·       අලි ගැට පේර
  • ·       කෙසෙල් වර්ග (ඇඹුල් හැර )
  • ·       නිවිති, තම්පලා
  • ·       සුදුරු තැම්බූ වතුර
  • ·       ඉඟුරු ඉස්ම මි පැණි සමඟ
  • තම්බපු වට්ටකා අලුත් පොල් සමඟ උදේ ආහාරයට හෝ වට්ටක්කා ඕනෑම ආකාරයකට පිළියෙළ කර ආහාරයට ගන්න 

වලක්වන්න:

  1. ·       අධික තෙල් සහිත ආහාර. උදාහරණ: කොත්තු රොටි, වඩේ සහ ෂොට් ඊට්ස් වැනි ගැඹුරු තෙලේ බදින  ආහාර බුරියානි, ෆ්‍රයිඩ් රයිස්
  2. ·       අධික පිටි සහිත ආහාර: කේක් , බිස්කට්, සුදු පිටි ආහාර
  3. ·       අධික පැණි රස බුන්ධි වැනි ආහාර..
  4. ·       දුම් පානය
  5. ·       මස් වර්ග
  6. ·       මත්පැන්  පානය
  7. ·       නිට්ටාවට සුවවනතුරු: අනවශ්‍ය ලෙස මිරිස් දැමු ආහාර
  8. ·       ඇඹුල් ආහාර: ඇඹුල් පලතුරු, පලතුරු යුෂ 

References:


රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට

චායාරුප අන්තර්ජාලයෙන්








18 comments:

  1. මට තියෙන්නේ අමුතු කේස් එකක්

    හැදුනහම බඩ පපුව දනවා

    කටිං ඔක් ඔක් ගාලා හුලං පිටවෙනවා

    ඒත් කවදාවත් කාපු කෑමනං උගුරට එන්නේ නැ

    දිවුල් කැවොත් බිව්වොත් අනිවා හැදෙනවා

    පාං වලටත් එහෙමයි

    ඇල්කොහොල් බීපුවහම හැදෙන්නේ නැ

    ලෙඩේ තියන වෙලාවක බිව්වහම නැති වෙනවා

    සිකරට් සහ මානසික ආතතිය ඒක හරිම සම්බන්දයි , හිත කලබල වෙලාවට වැඩිපුර දුම් බොනව...හනං කුල් වෙනවා ...බඩේ ගෑස් වැඩි වෙනවා

    අනික තමයි නිදි මැරිල්ල ...නයිටක් ගැහුවා කියන්නේ ...පාන්දර හතර පහ වෙනකොට වැඩේ හරි

    එහෙම වෙලාවට බිත්තර දෙක තුනක් කාපුවහම හරි

    ආහාර ගන්න රටාව අවුල් උනහමත් හැදෙනවා

    එහෙම වෙලාවට හරක්මස් පොල්කිරි දාල උයල කෑවහම හරි යනවා

    සුදු ළුණු නරකයි , මුරුන්ගා හොදි බොහොම ගුණයි

    කංකුං නරකයි , ගොටු කොල වලත් පොඩ්ඩක් තියනවා අවුස්සන ගතියක්

    මුකුනුවැන්න නං මරු බෙහෙත ලෙඩේට

    කිරිතේ හොදයි , නිකං තේ නරකයි

    කාබනික බීම නං නරකමයි

    පුහල් ඇරුනහම අනික් සියලුම ඒවාගේ ගෙඩි ඔක්කොම එහෙමයි , විශේෂයෙන් කොමඩු

    අන්නාසි ඇරුනහම ඔක්කොම පලතුරු හොදයි

    පේර නං මරු බෙහෙත , හැබැයි බඩගිනි හැදෙනවා

    ආ තව පොඩ්ඩෙං අමතක වෙනවා , දෙහි දොඩං ටිකක් විතර නෝටියි ....වෙරලු නං චෝයි

    හොදම එක තමයි උගුරට එනකොට බෙහෙත් නෙල්ලි ගෙඩියක් හපන එක

    ගෑස්ටීක් තියන උන් කරන්ඩම නරකදේ තමයි බබල්ගම් චුන්ගම් කන එක

    ReplyDelete
    Replies
    1. අටං මලයා එයාගේ රෝග ලක්ෂණ සහ ඔහුට ගැලපෙන ප්‍රතිකාර ගැන ඉතා හොඳ විස්තරයක් පලකරලා..පළමුව බෙහෙවින්ම ස්තුතියි..

      කටින් ඕක් ඕක් ගාලා හුලන් එනවා කයන්නේ ආම වාතය නැතිනම් රාම තෙල් පිටවෙනවා කියන එකට තමයි.ගැස්ට්‍රයිටිස් වල තියෙන ඉතාම අපහසු රෝග ලක්ෂණයක්..පුහුල් ඔබට හරි ගියේ එක නැති එක හැර අනිත් කරුණු සියල්ලම ටක්කෙට හරි. පුහුල් කියන්නේ ගැස්ට්‍රයිටිස් වලට සිංහල වෙදකමේ මුලිකව කතා කෙරෙන ඖෂධයක්..බොහොම කලාතුරකින් කෙනෙකුට එය නොගැලපෙන්නේ..ඔබ ඒ ගොඩෙන් කෙනෙක් වෙන්න ඇති..

      ''හිත කූල් වෙලා බඩේ ගෑස් හැදෙන සිගරට්'' :) :)

      සිගරට් වලින් බඩේ ගෑස් හැදිල විතරක් නම් නතර වෙන්නේ නැහැ මලයෝ....

      Delete
    2. නැ නැ පුහුල් හරි යනවා . කොමඩු කැකිරි පිපිඤඤ වගේ දේවල් මගේ බඩට හරියන්නේ නැ

      Delete
    3. ඔය කොහොම කියුවත් හිත සුවපත් කරන්ඩ සිකරට් තරං දෙයක් නැ

      Delete
    4. ආ අනික තව දෙයක් කඩ කෑම කාපුවහම හැදෙනවා

      විශේෂයෙන් කොත්තු රොටි , හැබැයි ගෙදර හැදුවහම එහෙම වෙන්නේ නැ ... මොකද හේතුව මොනෝ සෝඩියම් ග්ලුටමේඩ් , කඩේ ෆ්‍රයිඩ් රයිස් වලටත් එහෙමයි , ගෙදර හදපුවහම එහෙම නැ ,

      Delete
    5. ඒ කඩයේ කෑම රසටම ලගට ගන්නත් ක්‍රමයක් තියනවා , සුදුළුණු , අමු ඉගුරු , රම්පේ , කරපිංචා , කරාඹු නැටි , එනසාල් , සීනි , ගිතෙල් ඉස්සෙල්ලාම පොල් තෙලෙං තෙම්පරාදුවට දාල ඊලගට අනික්වා දාගන්න ඒක

      අර ඇස්ට්‍රා කියන මංගල්ලේ ගන්න නරකම නරකයි , අනික තමයි බටර් උනත් ඔය ලෙඩේට හොද නැ.

      Delete
    6. මට කෙනෙක් කියුවා මයියොක්කා හොදින් තම්බලා කුඩු කරලා , අව්වේ වේලලා ආයෙත් කුඩු කරල පවුඩර් වාගේ හදාගත්තහම අජිනමොටෝ රසම එනවා කියල ..තවම කරල බලන්න බැරි උනා

      Delete
    7. පැණි කොමඩුත් බැරිද? පැණි කොමඩු අගුණ කෙනෙක් ඇහුවමයි..කමක් නැහැ පුහුල් හොඳයිනේ..හරියන කෑම ගත්තටම මදි මලයෝ..හේතුව නසන්න ඕනේ.. දන්නවනේ හේතුව නේ..ඒ නිසා හිතට සැනසුම දෙන හේතුව ගැන අපි කතා නොකර ඉමු :)

      මොනෝ සෝඩියම් ග්ලුටමෙට් කියන්නේ ''silence killer'' දන්නෙම නැහැ පිළිකාව ඇඟේ හැදෙනකන්..රස කාරක නැතිව කෑම හදන්න පුළුවන්..කම්මැලි ගෑණු රසට කෑම ටිකක් උයන්න වෙලාව ගන්නේ නැතිව ගෙදර හදන පොල් සම්බෝලෙටත් අජිනෝ මොටෝ දානවා..එකයි අපේ රටේ පිළිකාව ඔයතරම් බහුල..මේ ගමන කොත්තු වලට එරෙහිව උඩු ගන් බලා යන්න වෙලා තියෙන්නෙත් ඒකනේ..

      මයියොක්ක කුඩු වලින් වැඩේ හරි ගියොත් අපිටත් දැනුම් දෙන්න..සුදු ලුණු අමු ඉඟුරු,කරපිංචා රම්පෙ එනසාල් කියන්නේ දිව්‍යමය ඖෂධ..පොල්තෙලුත් එහෙමයි..(අවශ්‍ය ප්‍රමාණයට ගත් විට) ඔය ටික සුවඳ වගේම රසේනුත් ඉහලයි..ආයේ තවත් මොකටද මොනෝ සෝඩියම් ග්ලුටමෙට්

      Delete
  2. ගෑස්ට්‍ර්ක්වලට කරන අත් බෙහෙත් ගැන දැනන් උන්නනට මේ රෝගයට හේතු මොනවද කියලා විධිමත්ම දැන ගත්තේ මේ ලිපියෙන්. මෙය මතුවට බොහෝ පිරිසකට ප්‍රයෝජනවත් වේවි. මේ වටිනා පෙලගැස්මට රේනුකා මහත්මියට බොහොම පිං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බණ්ඩාර සහෝදරයා..හැමදාමත් වගේ මගේ ලිපිය අදත් අගය කලාට..දකින හැම පිටුවේම පෙනෙන රෝගයක් නිසා තමයි මේ ගැන ලියන්න හිතුවේ..

      Delete
  3. අටම් එක්ක තිබුණ සංවාදයත් දැනුම් සයුරක් වගේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඒක එහෙම තමයි..එකඟයි..

      Delete
  4. පූර්ණ විස්තරයක් බඩේ ගෑස් හෙවත් ගැස්ට්‍රයිටිස් ගැන.. ඇත්තටම රෝගී නිරෝගී හැමෝම දැනගත යුතුම දේ ඉතා සරලව ලිවීම ගැන බොහෝම ස්තුතිය. වඩාත්ම අගයන කොටස තමයි වැලැක්වීමට හා සුව කිරීමට ගත හැකි 'අපේ ආහාර පාන' ගැන දැනුවත් කිරීම.. මේ දැනුවත් කිරීමෙන් ලබන පින් බෙලෙන් ඔබට නිරෝගී සුව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුද්ධිනි සහෝදරිය..අපේ රටේ විශාල ප්‍රමාණයක් දුක් විඳින රෝගයක්..කවුරු හෝ එයින් සුවපත් වේවි යන බලාපොරොත්තුව තියෙන්නේ..

      Delete
  5. ගැස්ටයිටික් වලට අත්දුටු තාවකාලික බෙහෙතක් පේර ලා ගැටයක් (ඇට සුදුපාට) හපල කෙල ගිල්ලම විනාඩි 10න් සුව වෙනව.  පේර කොල 5ක් සුදුළුණු බික් 3ක් වතුර මි.ලී. 750ක තම්බල වරින් වර බීමත් හොඳ වෙනව. 

    ReplyDelete
  6. උදේ අැහැරුන ගමන් හිස් බඩට පිරිසිදු වතුර ලීටරයක් විතර බොන්න මාස 2ක 3ක්. අායේ මොකුත් ඔිනේ නැහැ. හැම වෙලාවෙම පුලුවන් තරම් වතුර බොන්න පුරුදු වෙන්න. ඒතකොට අාමාශයේ අාම්ලික ගතිය තනුක වීම නිසා ගැස්ට්‍රික් නවත්තගන්න පුලුවන්.

    ReplyDelete
  7. පාර පාර.
    උදේට පිටි බොන්නෙ නැතුව, දිය බත් කාල බත් කැද එකක් බොනෝ.. බඩට පුදුම සහනයක් එන්නේ.කියනවට දවසක් බීල බලන්න.

    ReplyDelete
  8. මට දරා ගන්න බැරි පපුවේ කැක්කුමක් හැදෙනවනේ.නෝකෝල් හොද නැද්ද ?අනේ මට reply කරන්න.මුන් ඇට කෑවමත් එනවා.කන්කුන් තෙල් දාලා කෑවමත් එනවා.ජීවිතේම එපා වෙලා ඉන්නේ.කොයි වෙලේ හැදෙයි ද කියලා බයෙන්.ගොඩක් ම හැදෙන්නෙ හවසට තමා.කොත්තු රයිස් මාස 5ට සැරයක් වත් කන්නේ නැති තරම්.බෝතල් බීම බොන්නෙම නෑ මුකුත්ම.කෝමාරිකා එක දිගට කෑවොත් මේක හොදටම හොද වෙයිද?

    ReplyDelete