Monday, 27 June 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 14 : රතු ළූණු

          අත්තම්මාගේ අත් බෙහෙත් 14

                         රතු ළූණු

රතු මාමා මා කුඩා කාලයේ මට හිටි වීර වරයෙකි. ඔහු විරුවෙකු වුවේ බොහෝ දුර සිටි නෑදෑයන්ගෙන් ලියුම් අපට අරන් නිසායි. රතු මාමා අපේ ගමේ පියුම් මාමයි. නෑදෑ කමක් නැති පියුම් මාමාට අත්තම්මා කිවේ රතු පුතා කියායි. රතු මාමා ඉඳහිට අපේ මහ ගෙදරට ලියුමක් ගෙනා විට කහට කෝප්පයක් බොන්නට අත්තම්මා කරන ආරාධනාව පිලි නොගත්තත්, අවේලාවේ ගමේ ගෙදරකට ගෙනෙන "ටෙලිග්රෑම්" පණිවිඩයක් භාර දුන් පසුව නම් මදකට නතරවන්නට ඉඩ හදා ගත් බව මට මතකය.මෙවන් මොහොතක මා ඔහුගේ මුහුණ දෙස බලන්නේ පාරෙන් එහා රාලහාමි මාමලාගේ ගෙදර අලුතින් පැටව් ගැසූ රත්තිගෙයි රතු මාමාගෙයි ඇති සමාන කම සොයා ගැනීමටය.

 රත්ති දුඹුරු පාටට පෙනුණු මට රතු මාමා පෙනුනේ අන් අයට වඩා යන්තම් පැහැපත්ව මිස රතු පාටට නොවේ. අත්තම්මලා කාලේ සම පැහැපත් අය හැදින්වුයේ රතු පුතා, රතු දුව වැනි නම් වලිනි. සුදු පුතා කියා කියූ කට්ට කළු කොල්ලෙකුත් දිනවල අපේ ගමේ හිටි බව මට මතකය. අත්තම්මේ සුදු පුතාගේ දත් නම් සුදුයි යැයි පවසමින් උඩ පැන පැන හිනා වෙන අපත් සමඟ එක්ව අත්තම්මා යන්තම් හිනා වුනත් අත්තම්මා හඩන්නේ නම් කාටත් හොරා මුළුතැන් ගෙදරදීය. අද මා ඔබ වෙත ගෙන එන්නේ මුළුතැන් ගෙයි අත්තම්මා හැඬවූ විස්මිත ගුණ ඇති රතුළුණු විස්තරයයි.



කොයිතරම් ඇඩෙව්වත් අත්තම්මට නැතුවම බැරි උණු දෙයක් තමයි රතුළුණු. අසුව දශකයට පෙර අපේ මුළුතැන් ගෙවල් වල යහමින් පාවිච්චි කරන්න අපිට රතුළුණු තිබුනා. අත්තම්ම කිව්වේ අපිට රතුළුණු ආවේ යාපනයේ ඉන්න දමිළ නෑයන්ගෙන් කියලයි. මාතෘකාවෙන් පිට ගියත්මේ කතාව පහදලා දෙන්න ඕනේ. තුන් සිංහලයම නෑදෑයෝ කියලා වික්ටර් රත්නායක මහත්තය කියන්න කලින් කිව්වේ අපේ අත්තම්මයි. ඇය අපට කියා දුන් විධියට තුන් සිංහලය කියන්නේ අපේ රට ප්රධාන වශයෙන් බෙදා තිබු රුහුණු, මායා, පිහිටි කියන භූගෝලීය ප්රදේශ තුන. ඉතින් පළාත් වල ජිවත් වන සිංහල ,දමිළ , මුස්ලිම් සියළුම ජාතින් ගැන තමා මේ තුන් සිංහලයේ නෑයෝ කිව්වේ.
කාලේ මිනිස්සු බොහොම සමගියෙන් ජිවත් වුනේ. අවාසනාවන්ත යුද්ධය පටන් ගත්තාට පසුව අපට යාපනයෙන් රතු ලුණු එන නැවතුණා. ඊට පස්සේ තමයි ඉන්දියාවෙන් බොම්බේ ළුණු ගෙන්නුවේ. අත්තම්මා කවදාවත් බි ලුණු වලට කැමති වුනේ නැහැඊට හේතුව රතුළුණු වලින් කල අත් බෙහෙත් වල ගුණ මේ ලොකු ළුණු ගෙඩියෙන් ගන්නට බැරි බවක් ඇය විස්වාශ කිරීමයි.

අපේ
පලාතට විදුලි බලය ලැබුණේ මා පාසලේ තුන් වන පංතියද පසු කල පසුවයි. විදුලිය ලැබෙන්නට පෙර සන්ධ්යා කාලය පවුලේ සියලු දෙනා එක්වී විනෝදයෙන් ගෙවුනු ඉතාමත්ම සුන්දර කාලය ලෙස අදටත් මට සිතෙයි. කට්ටිය සල්ලාපයේ යෙදෙන අතරේ අපි කුඩා බෝතල් වලට කනා මැදිරියන් අල්ලා ඔවුන්ගෙන් එලිය ගන්නට ගත් බොළඳ වෑයම සිහිවී අදටත් මට සිනා පහල වෙයි. මේ සෙල්ලම ලෙල්ලම වන්නේ අපෙන් එකෙකුට කනාමැදිරියෙක් දෂ්ඨ කල විටයි.




ඉතා විෂ දල ඇති කනාමැදිරියා දෂ්ඨ කල විට වරු ගනනක් අඬන්නට තරම් වේදනාවක්ද ඇතිවෙයි. මේ විෂට රතුළුණු ඉතා හොඳ ඇත බෙහෙතක්. රතුළුණු ගෙඩියක් දෙකට කපා දල වැදුණු තැන අතුල්ලා ප්රථමාධාර දීමෙන් පසුව රතුළුණුතලා දෙහි පෙත්තක් සමග තබා ගැට ගැසීමෙන් සියලු විස නසා වැඩේ දුර දිග යන්නට නොදී වලක්වා ගන්නට පුළුවන්.


 පංච කල්යාණයෙන් එකක් වන කේශ කල්යාණය පවත්වා ගන්නට අත්තම්මා නිවසේ සින්දන පොල්තෙල් අවසානයේ පෙරා ගැනීමට මොහොතකට පෙර රතුළුණු අහුරක් හීනියට කපා, කිකිරිදිය සමග එක්කරන්නේ මේ වර්ග දෙක තුනෙහිම ඇති හිස කෙස් වර්ධනය කර පවත්වා ගැනීමේ හැකියාව ඇය දැන සිටි නිසායි. අතේ ඇඟිලි කරු අතර පැතිරෙන ඉන්නන් වඳ කරන්නත් කාලේ අත්තම්මලා රතුළුණු රෑ නින්දට යන්නට පෙර ආසාධනය ඇති තැන වල අතුල්ලාගෙන තිබෙනවා. නහුතෙට නගින අත්තලා මුත්තලාට කාලේ අත්තම්මලා හදා දුන්න රස කෑමක් තමයි හරි හරියට රතුළුණු දමා හදපු කොහිල කැඳ. අර්ශෂ් රෝගයට කරන මේ අත් බෙතේදී කොහිල නිසා මල බද්ධය නැති කරලා රතුළුණු මගින් ගෙඩි පුපුරා ලේ ගැලීම වලක්වන බවයි අත්තම්මා කිව්වේ.
කලින් ලිපියකදිත් මා සඳහන් කල විධියට සෙම්ප්රතිශ්යා, උන, උගුරේ ආසාධන,සෙම් ගෙඩි ඇතිවිට නොවරදවා හදා දෙන දෙයක් තමයි ලුණු සම්බෝලය. එයින් දිවේ කාරම් ගැලවිලා, ඛේට ග්රන්ථි උත්තේජනය වෙලා ආහාර රුචිය ඇති වෙනවා පමණක්ම නොවෙයි රෝගය බොහෝ දුරට සමනයත් වෙනවා.

අපේ මහ ගෙදර වත්තේ ඈත කෙලවරට වෙන්න එක පැත්තක සම්පුර්ණයෙන්ම බිම පුරා පැතිරිලා තිබුණු වැල් වර්ගයක් මට මේ වෙලාවේ සිහි වෙනවා. තද කොළ පාට බුලත් කොලයේ හැඩය ඇති ඉතා සැර සුවඳක් තිබු මේ වැල් වර්ගය තමා තිප්පිලි. සුදු පාට කුඩා මලක් හැදී පසුව ගම්මිරිස් කරලකට හුරු කුඩා කරලක් තමයි මේ වැලේ ආවේ.අත්තම්මා මේ කරල් අව්වේ වේලා තබා ගන්නවා.තද බල කැස්සක් ඇති විටෙක මේ තිප්පිලි,කොත්තමල්ලි,කටුවැල්බටු සමඟ රතුළුණු එකට දමා සාදා ගන්නා කසාය කැස්ස නිට්ටාවට හොඳ කරන බෙහෙතක්. මේ කසායේ තිත්ත නම් මට ජිවිතයේ කිසි දිනෙක අමතක නොවෙන අමිහිරි මතකයක්. මිට අමතරව සිංහල වෙද මහත්වරු රතුළුණු පුරුෂයින්ගේ ලිංගික බෙල හිනතාවය නැතිකිරිමටත්,පුරුෂ ශක්තිය වර්ධනය කර ගැනීමටත් භාවිතා කර තිබෙනවා.

ලොව වටා සියලුම සූපවේදීන්ට නැතිවම බැරි විශාල පරාසයක විහිද ඇති විවිධාකාර ලුණු අතර රතුළුණු තවත් එක් විශේෂයක් පමණයි. අත්තම්මාට රතුලුණු විශේෂ වුවාට පර්යේෂකන් කියන්නේ මේ සියලුම වර්ගවල තිබෙන ඖෂධිය සහ පෝෂක ගුණ එක හා සමානයි කියලයි.

තන්තු බහුල ආහාරයක් වන ළුනුවල විටමින් සහ සි විශාල වශයෙනුත් ඊට අමතරව යකඩ, කැල්සියම්, සෝඩියම් සහ පොටසියම් යන ලවන වර්ගත් අඩංගුයි. ලුණු වල අඩංගු සල්ෆ වර්ගයේ රසායනිකයක් (propanethiol X Oxide ) ඇසේ ගැටුණු විට එය ඇසේ ඇති ජලය සමග ප්රතික්රියා කිරීමෙන් ඇස තුල සල්ෆියුරික් අම්ලය (sulphuric acid) සෑදීමෙන් තමයි ඇස පිළිස්සෙන සුළු වේදනාවක් ඇතිවී කඳුළු ගලමින් අත්තම්මාව කුස්සියේ හඩවන්නේ. ලුනුවලට විශේෂිත ගඳ ලැබෙන්නෙත් මේ රසායනිකය නිසාමයි.

නුතන විද්යා පර්යේෂකයන් පවසන පරිධි ළුණු වල අධි පරාසයක පැතිරුණු ක්ෂුද් ජීවි නාශක (anti-microbial effect)හැකියාවක් තිබෙනවා. මගින් වයිරස,බැක්ටීරියා පමණක් නොවෙයි දිලිර ආසාධනත් වලක්වන්න පුළුවන්. අත්තම්මා ලේ ගැලීම නතර කරන්න භාවිතා කලාට මේ අය නම් කියන්නේ රුධිරය කැටි ගැසීම අඩු කරලා ගැඹුරු ශිරා වල රුධිර කැටි ගැසීම වලක්වා ගැනීමටත්, හදවත් රෝග වලක්වා ගන්නත් පුළුවන් කියලයි.


ඉන්සුයුලින් ශරාවය කිරීම වැඩි කිරීමත්, නිපදවන ඉන්සියුලින් වල ගුණාත්මක බව වැඩි කිරීමත් නිසා දිය වැඩියා රෝගීන්ටත් ඉතා ගුනයිලු. ලුණු නිතර භාවිතා කිරීම නිසා ගුද මාර්ගයේ සහ අන්ත් වල පිළිකා වලක්වා ගන්නට හැකි බවකුත් ඔවුන් පවසනවා.. ලුණු වල ඇති ශයිල ප්රධාහය නැති කිරීමේ හැකියාව (anti-inflammatory effect)පර්යේෂකයින්ට කලින් අත්තම්මා දැන හිටි නිසා තමයි කණාමැදිරි විසට භාවිතා කලේ කියලයි මට කියන්න තියෙන්නේ.


ළුණු වල ඉතිහාස කතාවත් ළුණු වාගේම ඉතා රසවත්. ළුණු වල භූගෝලීය සම්භවය ලෙස හඳුනාගෙන තිබෙන්නේ මධ්යම ආසියාවේ අද ඉරානය, පාකිස්තානය ඇති ප්රදේශ. චීනයේ වසර 5000කට පෙර පවා සඳහන් වී ඇති ළුණු පිළිබඳව ඉන්දියාවේ පුරාතන වේද ග්රන්ථ වලත් ලියවී තිබෙනවා




ක්රි..3500 පෙර පුරාන ඊජිප්තුවේ වන්දනාමාන කටයුතු වලට ළුණු භාවිතා කර තිබෙනවා. එපමණක් නොවෙයි ඔවුන් අද 'මමී' ලෙස අප දකින මල සිරුරු ළුණුත් සමඟ පිරමිඩ තුල තැන්පත් කර ඇත්තේ ළුණු වල ඇති විශ්මිත බලයක් නිසා ඔවුන්ට නැවතත් පන ලැබේවි යන අපේක්ශාවෙන්ලු. ග්රීක ඉතිහාසයේ ඔලිම්පික් තරඟ වලට පෙර ක්රීඩකයන් ළුණු රාත්තල් කීපයක් අනුභව කර, ළුණු යුෂ පානය කර,ශරීරයේ ළුණු තවරා ගත්තේ තරග කාලය අතර තුර ජවය සහ ශක්තිය පවත්වා ගන්නලු.


රස රහස් සැඟවුණු ළුණු පිළිබඳව අලගිය මුලගිය තැන් මෙතරම් දුරට අත්තම්මා නොදැන සිටියාට ඇය එහි ඇති සියලුම ගුණ එදිනෙදා ජිවිතයට යොදාගන්නට දැනගත් ආකාරයත් සැඟවුණු රහසක්ම නොවෙයිද? අත්තම්මාගේ ආහාර වල රස මැවූ දෑ අතර රතුළුණු වලට හිමිවුයේ කෙබඳු තැනක්දැයි මින් පෙර මගේ ලිපිකියවූ ඔබට නැවත මතක්කර දිය යුතු නැහැ

උම්බලකඩ දමා තෙලට සාදා ගන්නා ලුණු කොළ බැඳුමත්, ලුණු මල් ව්යන්ජනයත් අත්තම්මා සෑදු බත් පිඟානේ දිවය රස මැවූ කදිම ආහාර. මඟුලට මරණයට නැතිව බැරි සිනි සම්බෝලයත්, බැදපු හාල් මැස්සන් සහ කරපිංචා සමග එක්වන ළුණු බැඳුමත් අද තරු පහේ හෝටලයේ සිට ලොකු කුඩා සියලු අවන්හල්වල අනිවාර්ය අංගයක් වුවත් කිසිවක් මට නම් අපේ අත්තම්මා පිස ගත් විට දැනුණු රසය අහලකටවත් නොඑන බවත් කනගාටුවෙන් වුව නොකියාම බැරිය
ගොටුකොල සලාදය, ළුණු සම්බෝලය, හොද්ද,ව්යංජන රස කරණ මේ රසවත් එළවලුව ඔබේ සිරුරටත් දිව් ඖෂධයක් වේවායි පතමින් අදට සමු ගනිමි. නැවත මෙවැන්නකින් හමුවන තුරු ඔබ සැමට ආයු බෝ වේවා!
රස රහස් සැඟවුණු ළුණු පිළිබඳව අලගිය මුලගිය තැන් මෙතරම් දුරට අත්තම්මා නොදැන සිටියාට ඇය එහි ඇති සියලුම ගුණ එදිනෙදා ජිවිතයට යොදාගන්නට දැනගත් ආකාරයත් සැඟවුණු රහසක්ම නොවෙයිද







  රේණුකාවිමලරත්න : ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන් (සියලු ගෞරව නම නොදත් ශිල්පීන්ට හිමිවේ)




4 comments:

  1. රතුළූණු ගැන වටිනා තොරතුරු රැසක්. බොහොම ආසාවෙන් කිවේවා. බොහොම ස්තුතියි ඔබතුමියට. දෙඹුරුන්, බඹරුන්, මී මැස්සන් වැනී කෘමින් දෂ්ඨකළ විට ගැමියන් විසින් ක්ෂණිව සිදුකරන ප්‍රතිකාරයක් තමයි රතුළූණු ගෙඩියත් පොඩිකරලා දෂ්ඨකළ තැන අතුල්ලන එක. ස්වසන පද්ධතියේ පවතින ආසාත්මිකතාවයන් නිසා නිතර කිවිසුම් යනවා නම් රතුළූණු 50g පමණ පොතු ඉවත්කර සිහින්ව ලියලා කුඩා භාජනයකට දාලා ලූණු වැහෙන්න මී පැණි දාලා තියලා උදේ හිස්බඩ කෑමට ගන්න. ඉතිරි වන මීපැනි ටිකත් බොන්න අමතක කරන්න එපා. බඩේ දැවිල්ල වගේ ආවොත් ඊට ගැලපෙන දෙයක් පානය කරන්න.

    ReplyDelete
    Replies
    1. වටිනා කියන තවත් අත් බේතක් මේ කොමෙන්ටුවෙන් එක් කර තිබෙනවා..ස්තුතියි ඔබට

      Delete
  2. ඉස්සර කඩියෙක් කෑවමත් රතුළුනු කෑල්ලක් අතුල්ලනවා. ලූනු වලට විෂ උරාගන්නවා කියල තමයි කියන්නේ. අච්චාරුවේ වැඩිම හොඳ කොටසත් රතුළුණු නෙ.. නොදන්නා ළුණු ගුණ ගොඩක් දැනගත්තා මේ ලිපියෙන්

    ReplyDelete
  3. මේ ලිපියේ මන් කණාමදිරියා ගැන කීවා වගේ ඔව් කඩි ,දිමි, වැනි භෝ විෂ කෘමීන්ට තක්කෙට හරි යන බෙහෙතක් තමා ස්තුතියි බුද්ධිනි

    ReplyDelete