

නගර බද සිටින බොහෝ දෙනා කෙසෙල් බඩය ගැන අසා තිබෙනවාද කියන එකත් සැකයක්. සොබා දහම සමඟ ජිවත් වුනු අත්තම්මලාගේ කාලයේ නම් පොල් ගස, කොස් ගස වාගේම කෙසෙල් ගසෙනුත් ගත් ප්‍රයෝජන නිමක් නැති තරම්. වැසි කාලයට ඇද
වැටෙන කෙසෙල් කඳ
පමණක් නොවෙයි, කෙසෙල් කැන කපා ඉවතට ගත්
පසු ඉවතලන කෙසෙල් කඳ නිවෙස් කීපයකට රස ආහාරයක් සැපයුවා පමණක් නොවෙයි, අහල පහල ජිවත්වන උදවියගේ ලෙඩ රෝග බොහොමයකට අනර්ග ඖෂධයක් වූවා.
අද කාලේ මිනිස්සුන්ට බොහොම ලොකු ගැටළුවක් වෙලා තිබෙන කෙසෙල් කඳක් වගේ කඳ බඩ මහත්වීම, ඒ වගේම කඳ බඩ මහත නෝනා මහත්තුරුන්ට හැදෙන දියවැඩියාව සහ රුධිර පීඩනය අඩු කර ගැනීමට බොහොම යස ඖෂධයක් තමා මේ කෙසෙල් බඩය. කෙසෙල් බඩේ වංගෙඩියේ
කොටලා අරන් එලකිරිත් එක්ක රත් කරලා මීපැණි හෝ සිනි ඩිංගක් එක්ක හිස් බඩ
බිව්වාම ලේ නහර වල තියෙන තෙල් මන්ද දියකරලා ගිහින් රුධිර පීඩනය, දියවැඩියාව වගේම තරබාරුව අඩු කරන්න පුළුවන් වෙන බවයි අත්තම්මා කිව්වේ. මුත්‍රා ගල් ඇති අයට කෙහෙල්මලෙන් තියෙන තල්ලුව මන් මිට පෙර කෙහෙල් මල් ලිපියෙන් කතා කලානේ.
ඒ වගේම මුත්‍රා ගල් වලට
අත්තම්මා කල තවත් අත් බෙහෙතක්
තමා කෙසෙල් බඩේ කොටලා ඉඟුරු ඉස්ම සහ කරදමුංගු කුඩු ඩිංගක්
කිතුල් හකුරු එක්ක මිශ්‍රකරලා කන්නට දීම. කළු ගල් මෙලෙක් කරලා අවුකන පිළිම වහන්සේ
නෙලූ හෙළ පරපුරේ අත්තම්මලාට මුත්‍රා ගල මෙලෙක් කරන එක මහා කජ්ජක් වුනේ නැහැ. කෙහෙල් බඩේ ඒ වෙනුවෙන් භාවිතා කල දහසක් ඖෂධ අතරින් තවත් එකක් පමණයි.
බඩ දරු අම්මලාට කෙසෙල් ගසෙන් තියෙන ගුණ නම් කියලා නිම කරන්න බැරි තරම්. කෙසෙල් ගෙඩිය, කෙහෙල් මල වාගේම කෙසෙල් බඩෙන් ඔවුන්ට එදා
කල සාත්තු අප්‍රමානයි. බඩ
දරු අම්මලාට නිතර සෑදෙන කෙන්ඩා පෙරලීම, සුදයාම අධික වීම සහ මුත්‍රා ආසාධන වලට අත්තම්මට නම් මතක් වුනේ කෙසෙල් බඩය. විශේෂයෙන්ම දරුවා ලැබෙන්න ඔන්න මෙන්න ඉන්න අම්මලාට දරුවා පහතට එන්නට පහසු වෙන්නත්, මල බද්ධය වලක්වා ගන්නටත් කෙසෙල් බඩෙන් ලැබෙන අප්‍රමාන උදව් නිසා .

මේ එක්කම මගේ මතකයට එන්නේ අද කාලේ බොහෝ අය විඳවන ආමාශ තුවාල (gastritis). එදානම් අපට එවැනි රෝග අසන්නට ලැබුනේ බොහොම කලාතුරකින්. ඒ අපේ ආහාර වේලේ තිබුණු සමතුලනයේ පෝෂක ගුණ තුලනය පමණක් නොව ඖෂධිය ගුණ තුලනය මෙන්ම ආම්ලික භාෂ්මික , ඌශ්න ශිතගුණ තුලනය නිසා වන්නට ඇති. මසකට දෙතුන් වතාවක්වත් අපේ ආහාරයට එක්වුණු කෙසෙල් බඩයේ ශරීරයේ ආම්ලික තාවය නසන්නට ඇති ගුණය හඳුනාගෙන සිටි අත්තම්මා ආමාශයික වන ඇති අයට නොවරදවා සකස් කර දුන් ආහාරයන් අතර කෙසෙල් බඩයටත් ප්‍රධාන තැනක් ලැබුනා. කෙසෙල් බඩේ ඇති ශරීරය සිසිල් කිරීමේ හැකියාව මනාලෙස දැන සිටි අත්තම්මා, උෂ්ණාධික ශරීර ඇති පවුලේ උදවියටත් අසල් වැසියන්ටත් කිවේ ඉඳලා
හිටලාවත් කෙහෙල් බොඩයක් කාලා බලාපල්ලා ළමයිනේ කියලයි.
සිංහල බෙහෙතේදී කෙසෙල් බඩේ මුත්‍රාශයේ සහ වකුගඩු
ගල් ඉවත් කිරීම, මුත්‍රා ආසාදන , පිළිස්සුම් තුවාල , ආහාර මාර්ගයේ ඇතිවන ආමාශයික තුවාල ඇතුළු විවිධ ආබාද , මල බද්ධය, අධි රුධිර පීඩනය , නින්ද නොයාම ,මානසික ආබාධ
ඇතුළු බොහෝ රෝග සුවයට භාවිතා කර තිබෙනවා. ආයුර්ව්දයේදී ශරීරයේ බර අඩු කිරීමටත් රුව රැක
ගැනීමේ ප්‍රතිකාර වලටත්, ශරීර අභ්‍යන්තර ධූලක ඉවත් කර ශරීරය පිරිසිඳු කිරීමෙන් සහ සිසිල් කිරීමෙන් මනා නින්දක් සහ නැවුම් බවක්
ලබා ගැනීමටත්
කෙසෙල් බඩේ යොදා ප්‍රතිකාර කරන බව කියවෙනවා.
කෙසෙල් බඩයේ ඇති පෝෂක ගුණ විග්‍රහයේ කියවෙන පරිදි කෙසෙල් බඩ ග්‍රෑම්
100කටම ඇත්තේ කැලරි 13ක් වැනි කුඩා කැලරි ප්‍රමාණයක්. එනිසා තමයි ශරීරයේ බර අඩුකර ගැනීමට උපකාරී වන්නේ. කෙසෙල් බඩයේ ඇති ඇති අධික තන්තු ප්‍රමාණය, කැල්සියම්, පොටෑසියම් වැනි ලවන වර්ග
සහ විටමින් බි 6, ඒ
සහ සි ඉන් ලැබෙන ගුණාංග වලට හේතුව වන්නේ. විටමින් බි 6 හිමොග්ලොබින් නිපදවීමට සහ ඉන්සියුලින් ශ්‍රාවය කිරීමට උදව්
වන නිසා තමයි එදා අත්තම්මලා රසායන දැනුම නොමැතිව කලත් ඒ
ප්‍රතිකාර වලින් ප්‍රත්යක්ෂ ගුණ ලැබී ඇත්තේ.


බටහිරෙන් ඔප්පු නොකලොත් බුදු දහම පවා විස්වාස නොකරන ඔල මොට්ටල අද පරපුරට ඒත්තු ගැන්වීමට තොරතුරු සොයාගොස්
ලියන්නට සිදු වූවා මිස,
ජිවිත අත්
දැකීමෙන් මේ දේවල් දැන සිටි
අපේ වැඩිහිටියන්ටත්, ඔවුන්ගේ දැනුම ගැන ප්‍රශ්නාර්ථ නොතිබුන අපේ පරම්පරාවටත්
මේ ගුණ බට පර්යේෂණ වලින් ඔප්පු කරන්නට අවශ්‍ය වුනේ නැහැ.
එදා අත්තම්මලා අපතේ නොයවා පවුලේ
සුව සැදීමටත් රස මැවීමටත් යොදාගත් කෙසෙල් බඩය
ගැන ලොව අනෙක් රටවල මතය කුමක්දැයි දැන ගැනීමත් රසවත් කරුණක්. අපේ අසල්වැසි රටේ අදටත් නිතර කෙසෙල් බඩේ සූප වේධයේදීත්, ප්‍රතිකාර ලෙස ආයුර්වෙදයේත් බහුලව භාවිතා කරනවා.

දකුණු සහ නැගෙනහිර ආසියානු සම්භවයක් ඇතිබවට
ක්‍රි.පූ. 1000ට වඩා ඉපැරණි අතීතයේ පොතපත වලින් සාධක සහිතව කියවි ඇති
කෙසෙල්, අප්‍රිකානු සහ දකුණු ඇමෙරිකානු රටවලට ආවේනික බවටද
විවිධ මත පවතිනවා.
1800 අග බාගය
වෙනතුරු කෙසෙල් යනු මොනවාදැයිවත් නොදැන සිටි යුරෝපීයයන් සහ උතුරු
ඇමෙරිකානුවන් අද කෙසෙල් ගෙඩියේ
පමණක් නොවෙයි කෙසෙල් බඩයේ වටිනාකම පවා හඳුනාගෙන එය ඔවුන්ගේ ආහාරයට එක් කර ගැනීමට විවිධ ක්‍රම සොයනවා. එහි ප්‍රතිපලයක් ලෙස තමා පිටි කරන ලද කෙසෙල් බඩ අද වෙළඳ පොලෙන් ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ. උදේ ආහාරයට යෝගට් කෝප්පයකට කෙසෙල් බඩ පිටි හැඳි දෙකතුනක් එක්කිරීමෙන් ප්‍රබෝධමත් දවසක් සහ නිරෝගී දිවියක් ගත කල හැකි බව තමා අද ඔවුන් පවසන්නේ.
ඖෂධයක් වූවත් අපහසුවකින් තොරව නිසි අනුපාන දමා පානයට ගැනීමට හැකි කෙසෙල් බඩය එදාට වඩා පහසුවෙන් ජුස් සාදන විදුලි යන්ත්‍රානුසාරයෙන් සාදා ගැනීමේ හැකියාව ඇතත් නොමිලේ සාදා ගත හැකි මේ දිව්‍ය ඖෂධ අද පරපුරේ අය නොදැන සිටීම මහත් අවාසනාවක්.

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන් ( නම නොදත් ශිල්පීන්ට සියලු ගෞරව හිමි වේ)
රස මසවුලක පොහොසත්කම කියා දුන්නට තුති
ReplyDeleteපොහොසත් එළවළුවක් කසල ගොඩට නොයවන්නට මේ ලිපිය උපකාරී වෙයි කියා පතනවා. මගේ ලිපි හැමදාමත් කියවන ඔබට බොහෝ තුති.
Delete🙏🙏🙏
DeleteOnama kesel gahaka kesel bada uyanna ganna puluwanda?
ReplyDeleteමා දන්නා තරමින් ඕනෑම කෙසෙල් ගසක බඩ ආහාරයට ගත හැකියි. නමුත් ආනමාලු බඩේ තිත්ත යයි කියා උයන්නේ නැහැ. වැඩියෙන් ගුණ යයි සැලකෙන්නේ අළු කෙසෙල් බඩේ. අළු කෙසෙල් බඩේ සර්ප විෂ බෙහෙත් වලට යොදාගන්නවා.
Deletepregnent ayata hodama kesel bada wargaya kiyala dennako.
Deleteමේ ලිපියේ ලියා තියෙන්නේ පොදුවේ සියලු අප ආහාරයට ගන්නා කෙසෙල් ගසේ බඩ වල ගුණ විස්තරයක්. ආනමාලු තිත්තයි කියා භාවිතයට ගැනීම අඩුයි..ඇඹුල් කෙසෙල් වගේම බඩයත් සිතල වැඩියි කියා වැස්ස කාලයට ආහාරයට ගන්නේ නැහැ.. අනෙක් කොයිවත් කෑමට ගන්නවා..අළු කෙසෙල් තමා බෙහෙවින් ජනප්‍රිය..සහ ගුණෙන් වැඩි බව කියවෙන්නේ...
Deleteඔයාගේ නමත් එක්කම උපුටා ගත්තාට කමක් නැ නේද
ReplyDeleteහරිම වටිනා විස්තරයක් . බොහොම ස්තූතියි .
ReplyDelete