Wednesday 22 June 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 1 : පොල්පලා

             අත්තම්මාගේ අත් බෙහෙත් 1

                              
                            පොල්පලා


 ආගන්තුක සත්කාරයට ලාංකිකයන් හා සමවන වෙනත් පිරිසක් ලොව තවත් ඇතැයි මා නම් නොසිතමි. එදා අප තුල තිබු බොහෝ වටිනාකම් ගෝලීයකරණයත් සමග වේගයෙන් අතුරුදහන් වෙමින් පැවතුනද අපේ අත්තම්මලාගෙන් උගත් මේ උසස් ගුණය නම් තවමත් අප තුල යම් තරමකින් ඉතුරු වී තිබීම සතුටට කාරණයකි. අප වෙසෙන මේ එක්සත් රාජධානිය වගේ රටකදී අපේ කෙනෙකුගේ නිවසකදී හැර පිපාසයට දිය බිඳක් වත් මුදල් නොගෙවා ලබා ගත නොහැකියි.


අද අපි අමුත්තෙකුට සංග්රහ කරන්නේ සිසිල් බිම වීදුරුවක්, කිරි තේ කෝප්පයක්, කේක්, බිස්කට් වගේ දෙයකින්. අසුව දශකයට එහානම් මේ සත්කාරය කෙරුනේ බුලත් විටකින්, රසබර හැලපයක් වන්ඩු ආප්පයක් වගේ කැවිල්ලක් වගේම කිතුල් හකුරු කැබැල්ලක් සමඟ පිළිගන්වන තේ කහට කෝප්පයක් නැතිනම් ඔසුපැන් කෝප්පයකින්. අද මා විස්තර කරන්නට යන්නේ ඔසුපැන් ලෙසත් වාගේම ඉතා රසවත් ව්යන්ජනයක් ලෙසත් අත්තම්මා නිරතුරුව පිළියෙළ කල 'පොල්පලා' නම් දිව්යමය ඖෂධයේ වර්ණනාවයි.


පොල්පලා වල වකුගඩු හා මුත්රා රෝග සුව කිරීමේ ඇති විශේෂ ගුණය දැන සිටි වැඩිහිටි කාන්තාවන් මනාලියක් නිවසට කැන්දාගෙන පැමිණි විට ඇයට මහත් ආදරයක් පෙන්වමින් පොල්පලා පානයක් සාදා දීමේ පුරුද්දක් එදා පැවතුනා.


මේ අවස්ථාවල ඔවුන්ගේ මුහුණු වල තිබු මනමාල හිනාවේ යටි අරුත තේරුම් ගැනීමට මට හැකිවුවේ මා හෙද විද්යාලයේදී වකුගඩු හා සම්බන්ද රෝගාබාධ පිළිබඳව ඉගෙන ගනිද්දියි. ව්යංගාර්ථයෙන් ඉඟි බිඟි පාමින් මේ උපක්රමය යොදා ගත්තේ විවාහ වූ අලුත කතුන්ට සෑදෙන මධුසමයේ වකුගඩු ආසාධනය (honeymoonpyelitis) වලක්වා ගැනීමටයි. මුත්රා ආසාධනයන් පමණක් නොවෙයි මුත්රා ගල් ඇති අයටත් එම ගල් ඉවත් කිරීම පහසු කරවීම සඳහා අත්තම්මා පොල්පලා විවිධ ආකාරයට සකස් කර යොදා ගත්තා




ගොනුස්සකුපත්තැයකු දෂ්ඨ කල විට විෂ නසන්නට නිතර භාවිතා කල අත් බෙහෙතක් තමයි පොල්පලා කැඳඑය ඉතාම රසවත් පානයක් පමණක් නෙමෙයිකුස පිරෙන ආහාරයක්පොඩි කාලේ අපට බඩේ ගායක් සෑදුනු විට 'පණු අමාරුවට' යයි කියා පොල්පලා රසවත් ලෙස පිස දෙන්නත් අත්තම්මා අමතක කලේ නැහැ. සෙංගමාලය (කහ උන /hepatitis ) සැදුනු රෝගීන්ටත් අත්තම්මා පොල් පලා කැඳ හෝ ඔසු පැන් ලෙස පිළයෙල කර දුන්නා. පාචනය සැදුනු විට දියර ලබා දිය යුතු බව දැන සිටි අත්තම්මා කාලයේදී රෝගියා විජලනය වීමෙන් වලක්වා ගන්නට යොදා ගත් විවිධ ඔසු පැන් අතර පොල්පලා ප්රධාන තැනක් ගත්තා.


අද කාලයේ මෙන් පැනඩෝල් පෙත්තට සියලු වේදනා කැක්කුම් බාර දී බලා නොසිටි යුගයේ බොහෝ වේදනා වලට කල පිලියමක් තමයි බෙහෙත් පොට්ටනි වලින් තැවීම සහ තෙල් ගෑම. පොල්පලා වන්ඩුවේ කොටා වාෂ්පයෙන් තම්බා උණුසුමෙන් පොට්ටනියක තබා තැවීමෙන් කොන්ද කැක්කුම් අඩු කර ගැනීම අපේ සිංහල වේද මහත්වරුන් සහ අත්තම්මලා කාලයේ බහුලව කර තිබෙනවා.




පොල්පලා වල මුල් නිජබිම ලෙස හැදින්වෙන්නේ අප්රිකා මහා ද්වීපය වුවත් මේ අගනා පැලෑටිය ආසියාව පුරාමත්, ඔස්ට්රේල්යාවෙත් සරුවට වැවෙනවා. මෙහි ඇත්තේ පුදුමාකාර එකිනෙකට වෙන්කර හදුනාගත නොහැකි ගුණ ගණනාවක්. බොහෝ සංස්කෘතීන් වල වසර දහස් ගණනාවක් වකුගඩු සහ මුත්රා රෝග වලට ප්රතිකාරයක් ලෙස පොල්පලා භාවිතා කර ඇත්තේ එහි අඩංගු වකුගඩු වල පෙරීමේ ගුණය වැඩි කර ශරීරයෙන් දියර ඉවත්කරමින් (diuretic ) මුත්රා මාර්ගය පිරිසිදු කිරීමේ හැකියාවත්, ක්ෂුද්ර ජීවි විනාශ කිරීමේ හැකියාවත් නිසයි. පොල්පලා වල ඇති ප්රති පරපෝෂිත (anti parasite) ගුණය නිසා කුඩා දරුවන්ගේ පණු අමාරු වලට සහ තයිෆොයිඩ් උණට ප්රතිකාරයක් ලෙසත්, මැලේරියාව රෝගය අවම කර ගැනීමටත් පුළුවන්. හිසරදයට පොල්පලා ප්රත්යක්ෂ ඖෂධයක් වන අතර ගොනෝරියා නමැති සමාජ රෝගය සමනය කිරීමටත් බහුලව යොදා ගන්නවා.

රසායනාගාර පර්යේෂණ වලින් තහවුරු කර ඇති අන්දමට පොල්පලා වලට එකිනෙකට විරුද්ධ විශාල පරාසයක ස්ක්ෂුද්ර ජිවින්ට විරුද්ධව (anti microbial) ක්රියාත්මක කරන්නට පුළුවන්. මේ අතරට ස්ටෆිලොකොකස්, ක්ලේබ්සියෙල්ලා, කෝලයි,ශිගේල්ලා ඇතුළු බොහෝ බැක්ටීරියාවන්ද, කැන්ඩිඩා වැනි දිලිර වර්ගද අයත්. භාෂ්මික ගුන ඇති පොල්පලා ආම්ලික භාවය නැති කිරීමටත්, ශරීරය සිසිල් කිරීමටත් උපකාරී වන අතර එහි ඇති හිස්ටමින් වලට විරුද්ධ රසායන නිසා (anti histamine) ආසාත්මිකතා වලක්වා ගන්නත් පුළුවන්. රුධිර ගත සිනි සහ මෙධ්ය අඩු කිරීමේ හැකියාව නිසා නිතර භාවිතයෙන් දියවැඩියාව සහ හර්ද රෝග වලක්වා ගැනීමටත් පුළුවන්. මිට අමතරව පිළිකා ශයිල විනාශ කිරීමේ හැකියාවක්ද, ශරීරයට ප්රතිශක්තිය ලබාදීමේ හැකියාවත්, අක්මා පටල ප්රතිසංස්කරණය කිරීමටත් මහගු හැකියාවක් පොල්පලා වල තිබෙනවා.





















ලොව පුරා රසායනාගාර පර්යේෂණවලට නිරන්තරයෙන් බඳුන් වන මේ පුදුමාකාර පැලෑටිය දිනපතා පර්යේෂකයන් පුදුමයට පත් කරවන්නේ මෙහි ඇති වෙන්කර හදුනාගන්නටබැරි අසමාන ගුණ ප්රමාණය නිසයි. ඇමෙරිකානු ඖෂධක පර්යේෂණ ආයතනය පවසන්නේ පොල්පලා ශාකයේ විවිධ කොටස් වල ඇති ජිව රසායන විවධත්වය නිසා මේ ගුණ ලැබෙන බවයි. අපේ ඇති වාසනාවකට මේ රසායන වල ඇතී සංකීර්ණ ව්යුහ නිසා අද වන තුරුම මේ ගුණ වෙන් වශයෙන් ගෙන බටහිර ඌරුවට පෙත්තක් හෝ කරලක් නිපදවන්නට මේ ඇමෙරිකානු පර්යේෂකයන්ට බැරි වී තිබෙනවා. බැරි වෙලාවත් ඔවුන් එය කරන්නට සමත් වුවහොත් මොන හෝ උපක්රමයකින් පොල්පලා ශාකය අප වැනි තුන් වැනි ලෝකයේ රටවලින් වඳ කර දමා ඔවුන්ගේ ගොවිපල වල වවාගත් පොල්පලා මගින් නිපදවන පෙති කරල් අපට ගිලින්නට සලස්වනු නිසැකයි.


















අත්තම්මාට නැතිවම බැරි වුනු පොල්පලා කාලේ අපේ මිදුල්වල තැනක් නොතැනක් නැතිව පහසුවෙන් වැවුනා. මේ කුඩා පැළෑටියේ මහඟු ගුණ දැන සිටි ඇය පවුලේ අයට වෙහෙසක් නොදැනෙන සේ එය විව්ධාකාරයෙන් ආහාරයට එක්කරන්නට දක්ෂ වුවා. මල් හටගන්නට පෙර ලපටි පොල්පලා පැලය කව්පි අහුරක් හෝ කොස් ඇට දමා හිදෙන්නට අත්තම්මා රසවත් ව්යංජනයක් ලෙස සාදාගත්තා. නොමේරූ පොල්පලා කොළ රතුළුණු, උම්බලකඩ, දෙහි පොල් දමා දමා අමුවට රසවත් සම්බෝලයක් ලෙස හෝ මැල්ලුමටද පිළියෙළ කර ගත හැකියි. කලවම් පලා මැල්ලුමේ රස ගුණ වැඩි කර ගැනීමටත් පොල්පලා කදිම එකතුවක්.



අවුරුද්දට අඩු අලුතින් ඝන ආහාර ගන්නා ළදරුවන්ට පොල්පලා දළු රතුළුණු, පොල්කිරිදමා පිසූ විට කදිම මුල් ආහාරයක් සපයනවා. දිරවීමට ඇති පහසුව සහ අනිකුත් ගුණ නිසා ළදරුවාගේ නිරෝගී බව වර්ධනය කර අනිකුත් ආහාර ගැනීමට හැකි ලෙස ආහාර මාර්ගය සුදානම් කිරීමට මේ අගනා ඖෂධය හේතු වෙනවා.


පොල්කිරි සහ සහල්මිටක් දමා කොළ යුෂ වලින් සාදා ගන්නා පොල්පලා කැඳ ඉතාම රසවත් උදේ ආහාරයට ආදේශකයක්. වියලා හෝ අමුවෙන් පොල්පලා ශාකයේ සියලුම කොටස් තම්බා පෙරා ගන්නා ඔසුපැන පිපාසය නිවාලන, දහසක් ගුණ ඇති රසවත් පානයක්.




එදා මෙන් විශාල ගෙවතු නැති, කාර්ය බහුල ජිවිත් ගෙවන අද පරම්පරාවට අත්තම්ම අද හිටියානම් දෙන පණිවිඩයත් සමගින් අදට සමු ගන්නම්. පණිවිඩය නම් ගෙවත්තක් නැතිනම් කුඩා මල් පෝච්චියක හෝ පොල්පලා ගස් දෙක තුනක් වවා ගන්න. එය ඔබේ නිරෝගී භාවය පවත්වා ගැනීමට කදිම උපක්කරයක් වේවි. අත්තම්මගේ රසවත් අත් බෙහෙතකින් නැවත හමුවන තුරු ඔබ සැමට ආයු බෝ වේවා

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන්(නම නොදත් ශිල්පීන්ට සියලු ගෞරවය පුද කෙරේ)

7 comments:

  1. හරිම සතුටුයි අනර්ඝ දැනුම් සම්භාරයක් එකතු කල ලිපි පෙළ මේ විදියට දකින්න ලැබීම. කාටත් වැදගත් මේ ලිපිවලින් හැමටම හොඳ ආකල්ප දියුණුවක්ද ඇතිකර ගත හැකිය.

    ReplyDelete
    Replies
    1. බොහෝ තුති සොයුරිය දිරි ගැන්වීමට.

      Delete
  2. අපේ ගෙවත්තේ වැවෙන දිව්‍යම ඔෘෂධ ගැන දැනුවත් කිරීමට ගන්නා උත්සාහය අනර්ඝයි..බොහො පින්

    ReplyDelete
  3. This is just outstanding...i was searching for these info for ages..you are doing a great work.keep up.

    ReplyDelete
  4. Thank u very much for ur valuable letters.go ahead..Budusaranai!

    ReplyDelete
  5. ඉතා ප්‍රයෝජනවත්

    ReplyDelete
  6. වටිනා ලිපියක්. ස්තුතියි ඔබේ වෙහෙසට.

    ReplyDelete