කයිදම් බතේ වර්ණනාව
බොහෝ
කලකට පසු අස්වනු නෙලා
ගොඩ ගෙනවිත් සෞභාග්යය සමරන සිංහල
අවුරුදු කාලයේ ගමරට බලා යන්නට
මෙවර සිංහල අවුරුද්දේදී අපට භාග්යය
ලැබුණි. හදවතේ ඇඳි අවුරුදු සිතුවම්
සමඟ ලක්බිමට ගොඩ බැසී අපගේ
ඒ සිහින සිතුවම් තෙමි වියකි යන්නට
ගත වූයේ දින දෙක
තුනකටත් වඩා අඩු කාලයක්..
පුරුදු ලෙස ගමේ ගොවිතැන්
බත් කටයුතු කෙරෙතත් එය කෙතරම් යාන්ත්රික වී ඒ
හා සබැඳුනු වත් පිළිවෙත් අපෙන්
ඇත්වී ගිහින්ද..
පොලව
කෙටිමෙන් ආරම්භ වන ගොවිතැන් වැඩ
ඉන් අනතුරුව මැඩවීම, වී ඉසීම, අඩු
තැන් වල පැල ඉන්දවිම
දක්වා කාලයද, අස්වනු නෙලා ගෙට ගන්නා
කාලයද ගම්මානයේ
සියලු දෙනාටම ඉතාමත් කාර්ය බහුල කාලයකි. මේ
කාර්යයන් සියල්ල සිදුවන්නේ සාමුහිකව මිස තනි තනිව
නොවේ. සියල්ලෝම එක සේ කය
වෙහෙසා වැඩ කෙරෙන කාලයක්
වුව ඒ ගැන මැසිවිලි
කීමක් කාගෙන් වත් සිදුවන්නේ නැත.

වෙහෙසකර
වූ ගොවිතැන් වැඩ කටයුතු වෙහෙසක්
නැතුවා සේ කරගෙන යාමට
කුඹුරේ කමතේ සිදුවන රසවත්
සිදුවීම් මනා උපකාරයක් වුවත්,
ඊටත් වඩා උපකාරී වන්නේ
ගෙවිලියන් රසවත් ලෙස සාදන කයිදම්
බතයි. විවිද පලාත් වල වෑදම් බත,
ඇඹුල වැනි නම් වලින්
හඳුන්වන, කුඹුරු නියරේ හෝ ඒ අවට
ගස් සෙවනක වාඩි වී කෙසෙල්
කොලයට හෝ නෙලුම් කොලයට
බෙදා ආහාරයට ගන්නා දිවා ආහාරයේ ඇත්තේ
දිව්යමය රසයක්.
කයිදම් බත තරමට සම
බර - සම බල ආහාරයක්
මා මින් පෙර වෙන
කොහේදී හෝ අත්දැක රස
විඳ නැතැයි කිවොත් නිවැරදියි. මේ ලිපියෙන් මා
විස්තර කිරීමට යන්නේ කයිදම් බතේ පෝෂණ ගුණ
සම බර කර ගැනීමට
එදා අපේ ගෙවිලියන්ට තිබු
හැකියාව ගැනයි.


මේ ව්යංජන වර්ග
අතර කොස්, දෙල් හෝ ගමේ
වැඩෙන අල වර්ගයක්, ලුණු
මිරිසක්, අමු පොල්, කොළ
වර්ගයක්, ගමේ ගොඩේ බහුල
එළවලු වර්ග දෙකක් පමණ,
කරවල හෝ මාළු වර්ගයක්
සමඟ ඇතැම් විට ධාන්ය වර්ගයකුත්
ඇතුල් වෙනවා. විශේෂත්වය වන්නේ මේ සියල්ල තමන්ගේ
වට පිටාවෙන් සොයා ගන්නා දෑ
වීමයි.
කොස්,
දෙල්, මයියොක්කා වැනි අල වර්ග
වල අඩංගු වන්නේ ඉක්මනින් දිරවන පිෂ්ඨය. ඒ නිසා බතෙන්
සපයන ශක්තියට අමතරව කය වෙහෙසීමට හදිසියේ
අවශ්ය වන ශක්තිය මේ
වර්ග වලින් සපයා පිෂ්ඨ සමබර
තාවයක් ඇති කෙරෙනවා.
මේ
සමඟ ආහාරයට ගන්නා අමු පොල් සහ
ලුණුමිරිස ශරීරයේ වෙහෙස මග හැර ක්ෂණික
නැවුම් බවක් ලබා දී
වෙහෙස අමතක කරවා ශරීරය
උත්තේජනය කරන අතරම ආහාර
රුචිය වඩවනවා.

විටමින් බහුල නිසා කය
වෙහෙසා වැඩ කරන්නන්ගේ ගෙවුණු
පටක ඉක්මනින් අලුත් වැඩියා කර ඔවුන්ගේ වකුගඩු,
හදවත් නිරෝගිව තැබීමටත් ඒවා ඉවහල් වෙනවා.
කරවිල, දියලබු වැනි අපේ බොහෝ
එළවලු වල ඇති පොදු
ගුණාංගයක් තමා පරපෝෂිත ආසාධන
වැළක්වීමේ හැකියාව. දවස පුරා මඩ
වතුරේ නිරුවත් දෙපා ගැටෙන ගොවි
මහතුන්ට සම විද ඇතුළුවන
පරපෝෂිත ආසාදන (මැලේරියාව, පණු ආසාදන) වලක්වා
ගැනීමට හැකි ප්රතිශක්තිය ලබා
දීමට ප්රවේශමින් වෑදමට තෝරාගත් මේ එළවලු වර්ග
උපකාරී වුනා.
කොළ
වර්ග බැලුවොත් ඒවාත් අනිවාර්යයෙන් ගමේ එදා දිනයේ
පහසුවෙන් සොයා ගත හැකි
වර්ගයක්. ගොටුකොල, මුකුනුවැන්නා, තෙබු කොළ, කොහිල,
මඩුදලු, සාරන, නිවිති, කන්කුන් වැනි දෙයක් ගැලපෙන
සේ පිසීමෙන්, මලවිමෙන් හෝ සම්බෝලයක් ලෙස
එක්කිරීමට එදා ගෙවිලියෝ දක්ෂ
වුවා. මේ සියලුම වර්ග
යකඩ, විටමින් අධික පලාවර්ග. ගුණ
නම් ලියා ඉවර කරන්නටත්
අපහසුයි. මල බධ්ධය වලක්වා,
අහාර මාර්ගය පිරිසිදු කර ශරීරය සුවසේ
පවත්වා ගැනීමට කොළ වර්ග වල
ඇති හැකියාව හරිම අපූරුයි.
බොහෝ
කොළවර්ග වල ඇති ප්රධාහය
වැළක්වීමේ හැකියාව වෙහෙස වී වැඩ කරන්නන්ගේ
හන්දිපත් අමාරු මැඩලීමට උපකාර වෙනවා. එපමණක් නොවෙයි පසු දින නැවතත්
පහසුවෙන් වැඩ කිරීමටත් සුව
නින්දකටත් උපකාරවනවා.කය වෙහෙසා කුඹුරේ
වැඩ කල තමන්ගේ ස්වාමියන්ට
, පියවරුන්ට සහ පුතුන්ට මේ
ගුණ අඩු නැතිව ලබා
දෙන්නට ඇඹුල සැකසු ගෙවිලියන්
දැන සිටියා.



අප පසුකර ගිය
එක ගම්මානයක් ගොයම්
නෙලන අවස්තාවක් දුටිමි..සුනාමිය හෝ භූතයා
නමැති මහා පරිමාන යන්ත්රයකින් පැය
දෙක තුනකදී අක්කර
ගණනාවකදී ගොයම් කපා
සුලන් කර අස්වැන්න මලු කර අවසන්
කරයි..කාලයේ වෙනසත් සමඟ ගොවි ජනතාවට මේ වෙනස සමඟ
වෙනස් වීමට සිදුවීම ගැන තර්කයක් නැත..
නමුත් කණ්ඩායම් හැඟීම,සමගිය,නායකත්වය,බෙදා හදා ගැනීම
ප්රගුණ කල නෙලුම් කවියෙන්ගොයම් පෑගිල්ලෙන් තුන් සරණය
සිහිකළ..අපේ සුන්දර ගම අපට අහිමිව ඇත..කයිදම් බතේ
රස අද අතීත
සිතුවක් පමණක්ව ඇත..
චායාරූප අන්තර්ජාලයෙනි
ගොයම හා බැදී අපූරු සංස්කෘතියක් අපට හිමි උනත් අද අපි බහුජාතික බුවල්ලන්ගේ ප්‍රචාරක දැන්වීම් ඔස්සේ ගොස් ,අප දරුවන්ට වස විස කවන්නෙමු,,කමතක ඇබුලක මිහිරියාව අද ඔවුනට අහිමිය.දේශීය සහල වැළලී ගොසින්ය.පිදුරු කන්නා සේ අප වෙළද පොලේ ඇති කෘමිනාශක යෙදු සහල් ගෙනවිත් කෘමිනාශක යෙදු එළවලු සමහ කන්නෙමු,,,ඉන්පසු සැදෙන ලෙඩ සොයාගන්නට ජිවක වේද දුරු තුමන් ආවත් බැරිය... කෘෂිකර්මාන්තයේ අනාගතය කෙබදු වේද??
ReplyDeleteසිතන්නට යමක් ඔබ සතුය.... හද පිරි ස්තුතිය රේණුකා සොහොයුරියට ,,,,දුරු කතර සිට සයිබ' අවකාශයේ ,ඉතාමත් මහන්සියෙන් මනස්කාන්ත ,,,, වටිනා ලිපි සකසනවාට........
බොහොම ස්තුතියි ..
ReplyDeleteFantastic. ...thank you!
ReplyDeleteස්තුතියි
ReplyDeleteDont you think that it is very unfair to expect others to lead traditional lifestyle while you are living in a western country? Why didnt you stay here and contribute to protect our traditions and culture?
ReplyDelete