Thursday 27 October 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 28: අළු පුහුල්

          මේන් අහපං පුහුලෙ  වරුණේ........


   
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන  ඩෙන ඩෙන්න ඩෙනා ඩෙනෝ
ඩෙන්න ඩෙනා නාආආ ඩෙන ඩෙන
 ඩෙන්න ඩෙනා ඩෙනෝ
කොපි යකාව එලවන්නට ඩෙන්න ඩෙනා ඩෙනෝ///

හතර ලෝක ධාතුවේ මල පෙරේතයින්, කුම්භාන්ඩයින්, මල යක්කු ඉන්න තැනින් ඇවිදින් විලි ලැජ්ජාවක් නැතිව ටොපි චොකොලට් හිඟමනේ යන හැලෝවීන් දවසේ..අපි මේ සූදානම් වෙන්නේ...

ගුරුන්නාන්සේ....

 අන්තර්ජාලයට....
බ්ලොග් පිටු වලට ...
කටට - රසට , ඉවුම්-පිහුම්  මස් බැදුම්, කටලිස් පැටිස් වගේ පුළුටු බැදෙන  තැන්වලට  ..
කොළ- පොතු -මල් -බෙහෙත් හේත් තියෙන තැන්වලට අරක් අරන් ඉන්න..
කොපි යකා ...යන එනමන් නැතිවෙන්න..නන්නත්තාර වෙන්න..කියාලා..


ගුරුන්නාන්සේ....

 එහෙනම් අරුනාලෝකය කලින්..ලොකු පුහුලක් කපලා..නැටුමක් නටලා..පටන් ගත්තනම්..
කොපි යකා සන්නිය....
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන  ඩෙන ඩෙන්න ඩෙනා ඩෙනෝ
කොපි යකා එලවන්නට ඩෙන්න ඩෙනා ඩෙනෝ///


උතුම්              බුදු සරණේ ..
දෙවනුව     දහම් සරණේ....
තෙවනුව සඟුන් සරණේ ...
ඕන් අහපං  පුහුලේ වරුණේ..... 


යක්කු පෙරේතයෝ එලියට එන දවසේ තොයිලයක් නටාගෙනම  පුහුල එලියට ගෙනාවේ පුහුලට ඇති අපල දෝෂ ඉවත්කර කාගේ කාගේත් ඇස් ඇරවන්නත් එක්ක..  එදා  තොවිලෙට ගන්න අඩුම කුඩුම ලැයිස්තුවේ මුලට ලියවුනු පුහුල තොයිල නැති අද කාලේ බාගෙට හැදෙන ගෙදර බාල්කෙ එල්ලිලා..

පුහුල ගැන එතරම් අවබෝධයක් නැති අය අදටත්  ''යක්කුන්ගේ කෑමක් '' ලෙස පුහුල කෑම පිඟානෙන් අයින් කරලා.. වුනාට  මේ කතාව රස කරලා පුහුල් දෝසි කන වෙලාවට කාටවත් මතක නැහැ...පුංචි එවුන්ට යක් පෙරේත බැල්ම වැටෙයි කියා පුහුල අයින් කරන අම්මලාට  රතුපාට ඩයි දාලා එම්. ඩී. මහත්තයා ස්ට්රෝබෙරි කියලා පුහුලෙන් හදා දුන්නු ජෑම් බෝතලේ නම් බොහොම වටිනවා..කාට කාටත් අමතක වුනු, අත්තම්මාට රසබර අත් බෙහෙතක් වූ පුහුල් සන්නියයි අද නටන්න යන්නේ..


හාස් හූස් ගාල හැදෙන බඩ දැවිල්ල එහෙමත් නැතිනම් ගැස්ට්රයිටිස්  රෝගය අද නැති කෙනෙක් හොයා ගන්න නැති තරම්..මේ සඳහා අත්තම්මාට  තිබුණු විසඳුම් අතර මුල් තැන ගත්තක් තමා පුහුල..හොඳට ඉඳුණු පුහුල් මද  පොඩිකර සුදු රෙදි කඩකින් පෙරා   මීපැණි බින්දු කීපයක් එක් කල මේ අපූරු පානය පපුවේ දැවිල්ල ඇසුරු සැනකින් නසා දමනවා පමණක් නොවෙයි..දින කීපයක් එක දිගට බීමෙන් ආමාශයේ ඇති තුවාල සම්පූර්ණයෙන් සුව කල හැකි  රසවත් ඖෂධිය පානයක්

කොච්චර කෑවත් ඇඟ කෙට්ටු කරන ඌශ්නාධික සිරුරු ( high metabolic rate ) සහිත තරුණ ළමයින්ට සිරුරේ ඌශ්න ගතිය අඩු කර ඇඟ පත මහත් කර ගැනීමටත් මෙය කදිම අත්  බෙහෙතක්.. මේ පානයටම  දෙහි යුෂ බින්දු කීපයක් එක්කර බීමෙන් මල බද්ධය සුව කර  ආහාර මාර්ගයේ ලේ ගැලීම් ඇති කරන අර්ශෂ්, ගුද මාර්ගයේ ඇතිවන ගෙඩි වන සුව කරගැනීමටත් පුළුවන්..

පුංචි කාලේ වට්ටක්කා ඇට කාපු නැති දරුවෙක් අපට හොයා ගන්නම බැරි තරම්..වට්ටක්කා ඇටයට සමාන පැසුණු පුහුලේ ඇටයත් පොත්ත ඉවත් කලාම යන්තම් කිරි රසැති කන්න ආස හිතෙන ඇට වර්ගයක්..මේ ඇටය පොල්කිරට එක්කර සාදන බෙහෙත්  කැඳ පණුවන්  සඳහා කදිම ප්රතිකාරයක්.. 

විතරක් නොවෙයි මේ ඇට සහ පුහුලේ පිට පොත්ත හීනියට ලියා පොල්තෙල් සින්දන විට එකතුකර සාදන පුහුල් තෙල අද නම් වෙද  නොවන පවුල්වල අය  අසා ඇද්දැයි කියාත් සැක හිතෙන තරම්..කලාතුරකින් හිඳෙන පුහුල් තෙල හිසේ උකුණන්, ඉස්හොරි වඳ කිරීමට සමත් වන අතර ඝනකම් නිරෝගී නිල්වන් හිසකෙස් වවාගන්නට හැකි අපූර්ව බෙහෙතක්..

ආසාත්මිකතා දුරලන ගුණ ඇති පුහුල සමේ රෝග ඇති අයටත්, නිතර සෙම්ප්රතිශ්යාව ඇදුම වැනි ස්වසන පද්ධතියේ රෝග  සෑදෙන දරුවන්ටත්, දත්  එන වයසේ කුඩා දරුවන්ටත් ආහාරයට එක්කල ඖෂධිය  ව්යන්ජනයක්.. ගමේ කට්ටඩි රාළට යක්කු එලවන්නට නැතිව බැරි වුනාසේ  මුත්රා ගල් ඉවත් කිරීමට අත්තම්මාට නැතිව බැරි වුනු ආහාරයක් තමා අළු පුහුල..

දිනපතා උදෑසන පුහුල්  සහ බෙලි කොළ යුෂ එකට මිශ්රකර සාදාගත්  අඬු කෝප්ප  කාලක් පමණ පානය කිරීමෙන් දියවැඩියාව නිට්ටාවටම සුවකර ගන්නට හැකි වෙන බව අත්තම්මා කිවේ

කට කතාවෙන් පවත්වා ගෙන ප්රතිකාරයක් වන මෙය වස විස නැති ස්වභාවික ප්රතිකාරයක් නිසා අත් හදා බැලීමෙන වරදක් සිධ්ධවන එකක් නැහැ.නමුත් ඔබ දැනටමත් සඳහා ඖෂධ භාවිතා කරන්නේ නම් රුධිර සිනි ප්රමාණය එකවර අඩු වීමේ අවධානයකට ලක්විය හැකි නිසා වයිද්යවරයෙකුගේ අනු දැනුම යටතේ මිස භාවිතා කරන්න එපා. දියවැඩියාව වලක්වා ගන්නට නම් මසකට දෙතුන් වතාවක් භාවිතා කල හැකි අගනා ඖෂධයක්..

පුහුල් ගෙඩිය වගේ තිබුණු ඇඟ පත දිරායන දියවැඩියාව සමනයට ආයුර්වේදයේදි මෙන්ම දේශීය  දකමේදීත් භාවිතා කෙරුණු පුහුල රෝග නසන බලගතු පෝෂක පදාර්ථයන් සංකලනයක් ලෙසයි බටහිර පෝෂක වේදීන් හඳුන්වන්නේ..

විධ්යාත්මක විශ්ලේෂණයන්ට අනුව ඉතා අඩු කැලරි ප්රමාණයක් අඩංගු පුහුල විටමින් , සි, බි වර්ගයේ විවීධ ප්රභේධ, යකඩ සින්ක් වැනි ලෝහ අයන වර්ග, පොටෑ සියම්, කැල්සියම්, සෝඩියම් වැනි ලවන වර්ග වලින් පොහොසත් එළවළුවක්.. යකුන් පෙරේතයන් පවා එලවා දමන්නට පුහුලට හැකියාව ලැබී ඇත්තේ සමහර විට මේ ගුණ වලින් ලැබුණු අපූර්ව ශක්තිය නිසා වෙන්නටත් පුළුවන්..


ආයුර්වේධයේදී  පුහුල් කෙට්ටුව මට්ටු කිරීමටපුරුෂයින්ගේ ප්රජනන ශක්තිය වර්ධනය කිරීමට, ප්රෝස්ටේට් ග්රන්තියේ සහ මුඛයේ පිළිකා නැසීමට, පණු රෝග, ආමාශගත රෝග, ආහාර මාර්ගයේ සහ මුත්රා මාර්ගයේ රෝග සඳහා ප්රතිකාර ලෙස යෝධාගෙන තිබෙනවා. දේශීය එදකමේදී සර්ප විෂ, වස විශ සරිරගතවිම, ප්රති ශක්තිය වර්ධනය කිරීම, කාලික රෝග, දියවැඩියාව, හදවත් රෝග වැනි මෙකි නොකී රෝග සමූහයකට සුව සැදීමට අදටත් යොදා ගැනෙනවා..

පුහුල් හොරා කරෙන් දැනෙන්නා  සේ දැන් දැන් අපෙන්සොරා  ගත් බොහෝ ශිල්ප සාශ්ත් ඖෂධ අපටම විකුණන  බටහිර පර්යේෂකයින් පුහුල ගැන දක්වන අදහස්  සොයා බැලීමත්  වැදගත්..

විටමින් සි ඇතුළු බොහෝ  ප්රති ඔක්සිකාරක ඇති බවට පර්යේෂණ වලින් ඔප්පු කර ඇති පුහුලේ, පිළිකා රෝග වලකන, දියවැඩියාව වැලක්වීමට,සිරුරේ ප්‍රතිශක්තිය වැඩවීම  සහ හදවත් සෞක්යය පවත්වා ගැනීමට විශ්ව කර්ම ගුණ ඇති බවයි ඔවුන්ගේ මතය..

පිළිකා රෝග ප්රතිකාර වලින් පසුව  ඇතිවන අධික සිරුර ක්ෂය වීමට සහ පෝෂණ හිඟය වැලක්වීමට ප්රතිකාරයක් ලෙස පුහුල් යොදා ගන්නටයි ඔවුන්ගේ ලක ලෑස්තිය..

ආසියාවට ආවේනික වුනු පුහුල් අද වන විට යුරෝපය, ඇමෙරිකාව , ඔස්ට්රේලියාව වැනි වූ ලොව අනෙකුත් මහද්වීප කරා සංක්රමණය වී ඇත්තේ එහි ඇති සුවිසල් ඖෂධිය සහ පෝෂක ගුණ ගැන දැනුම ලොව පුරා ව්යාප්ත වීමත් සමඟම..
යක්කු පෙරේතයින්  සම්බන්ධ සම්ප්‍රදායික  විශ්වාස සහ වතාවත් සඳහා පුහුල භාවිතා කරන එකම රට ලංකාව නොවේ..ලක්ෂ්මි වන්දනාව ඇතුළු විවධ දෙවි වරුන් පුදන්නටත්, වගා බිම් වලට ඇතිවන යක්ෂ ප්රේත දෝෂ  විනාශ වලින් ගැලවෙන්නටත් පුහුල් සහ කපුරු පහන් භාවිතා කර විවිධ  පුද පූජා කිරීම ඉන්දියාවේ පැවැත්වෙනවා..


යක්කු පෙරේතයින්ට ලං වන්නට බැරි වන ලෙස ශරීර සෞක්යය නැංවීමට රසවත්ව පුහුල අත්තම්මාගේ අතින් බත්පිඟානට  එක් වුනු අයුරුත් හරිම අපූරුයි.. පැණි සිනි දමා දෝසි ලෙස වරෙක රස කැවිල්ලක් වුනු පුහුල් තවත් වරෙක ග්රීෂ්ම කාලයේ පිපාසය නිවන රසවත් පානයක් වුනා

පොල් දුඹුරු වන්නට බැද මිරිසට ඉදෙන අළු පුහුල් මාළුව වුව, අමු පොල්,අබ, සුදු ළූණු  සහ හාල් අඹරා සෑදෙන අළු පුහුල් කිරි මාළුව යන දෙකම බත් මරන්නට හැකි අදටත් අමතක නැති රසවත් ව්යංජන..


අද වන විට ලෝකයේ විවිධ සූප වේදීන්ගේ ආදරය දිනා ඇති පුහුල් තරු පහේ හෝටලයකදී වුව රසවත් සුප් වර්ග, සලාද, ව්යංජන හෝ අතුරුපස ලෙස ලබා ගැනීමට පුළුවන්..

තොවිල් පලේදී පිලිහුඩු ආහාරයක් ලෙස සැලකෙන, එමෙන්ම ඇස් වහ- කට වහ , යක් පෙරේත බැල්ම ඉවත් කර ශාන්තිය සදන්නට යොදා ගන්නා පුහුල ඉන් ඔබ්බට ගෙන ගොස් එහි  ඇති ඖෂධිය සහ ආහාරමය ගුණ භාවිතයටත්  ඔබේ අවධානය යොමු වේවා..පුහුලෙන් ඔබට ශාන්තියක්ම වේවා.. ආවඩා සියලු දෝශාන්ධකාර නැතිවී ආයු බෝ වේවා!!!!!!

රේණුකා විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්




1 comment:

  1. පුහුල් ගැන මෙතරම් විස්තර සහිත ලිපියක් මේ වනතෙක් කියවා තිබුනේ නැහැ. දිය කෑමක් කියා වැඩි සැලකිල්ලක් නැති පුහුලේ අගය කාටත් දැනේවා

    ReplyDelete