Thursday 5 January 2017

කිරිබත් (Traditional Sri Lankan Milk Rice)

                          සුබ නව වසරක් වේවා!!!!


            ලුණුමිරිස් සමඟ කිරිබත් කෑල්ලක් කමුද?




අන්තර්ජාලයෙන් දුක සැප බෙදා ගන්න ඔබ  සැම හා එක්ව  නව වසරේ හා හා පුරා එකට එකතුවෙලා හෙළ කුල සිරිතට අනුව කිරිබත් කෑල්ලක් කන්නයි මේ සුදානම..

යහමින් කිරි දා ඇති නමුත්  නිදන්නට නොව  අවධිවී සිටින්නට හැකි, සැරට ළුණු මිරිස් දැමු කට්ට සම්බෝලයක්  සමඟයි මේ කිරිබත ඔබ වෙත එන්නේ.



හෙළ සංස්කෘතියේ ඕනෑම මංගල  කටයුත්තක් ආරම්භ කිරීමට පෙර කිරිබතක් ඉවීම සාමාන්‍ය සිරිතක්.. අද වන විට තේරුමක් නොදැන පුරුද්දට සිදුකලත් බෞද්ධයා මේ සිරිත ආරම්භ කලේ සුජාතාවගේ කිරි පිඬු දානය මුලික කරගෙන..බුද්ධත්වය තරම් මංගල කාරනාවක් මුළු තුන් ලොවෙහිම ඇතිද? නිවන් අවබෝධයට කිරිබත උදව් වුවා සේ සුබ කටයුතු සර්ව සම්පුර්ණයෙන් සාර්ථක වීමට සංකේතයක් ලෙසයි හෙළ සිරිතට කිරිබත එක්  වුනේ.. 

කිරිබතේ   ඉතිහාසය නම් ඊටත් වඩා බොහෝ දුර දිග ගිය එකකි..බෞද්ධ ඉතිහාසයේ කියවෙන පරිදි පස් වග මහනුන්ගෙන් කොණ්ඩඤ්ඤ හිමි දම් සක් පැවතුම් සුත්‍රය අසා මුලින්ම සෝවාන් පලයට පැමිණෙන්නේ විපස්සී බුදුන්ට ගිතෙල්, මී පැණි, හකුරු යොදා ඇල්සහල් කිරිබතක් පිදීමේ මහා පින්කමේ ආනුභාවයෙනි.


සැරියුත් හිමියන්ට කිරිබතක් පුදා ඉතිරිය ආහාරයට ගැනීමට කාන්තාවකට දොළදුකක් පහළවීම තවත් එබඳු උදාහරණයකි.

බෞද්ධ සංස්කෘතියේ පමණක් නොව හින්දු ආගමානුකුලවද කිරිබතට හිමි වන්නේ සුවිශේෂී තැනකි. විවාහ උත්සවයකදී මගුල් පෝරුව  මත කිරිබත් අතුරා නව යුවලට සෞභාග්‍යය  පැතීම, දරුවන්ට මුලින්ම ඝන ආහාර දීමේදී, අධ්‍යාපන කටයුතු වලදී ඝන දෙවියන්, ලක්ශ්මිය  පිදීමට  කිරිබතක් පිසීම වරදින්නේ නැත. තෛපොංගල් උත්සවයේදීද කිරිබතට හිමි වන්නේ මුල් තැනකි.

සුජාතාවගේ කිරිබත පිළියෙළ වුයේ එළකිරෙන්  වූවත් අද වන විට අප භුක්ති විඳින කිරිබත පිළියෙළ වන්නේ පොල් කිරෙනි. මේ වෙනස සිදු වුයේ කුමන කාල වකවානුවක දැයි නිට්ටාවට නොදනිතත් අනුමාන කල හැකි හේතු  කීපයකි

ආහාර අඩු කාල වලදී පෝෂණ අවශ්‍යතා පිණිස කිරි ඉතිරි කර වෙනුවට පොල් කිරි යොදා ගැනීම එක අනුමානයකි. පොල් කිරේ ඇති අධික ගුණ හඳුනා ගැනීම නිසා පොල් කිරට කාලීනව මාරු වීම අනෙකකි. සත්ව නිෂ්පාදන එක්කර නොගෙන කිරිබත පිසීමට නැඹුරු වීම තවත් කරුණකි.

අතීත කරුණු කාරනා කෙසේ වූවත් අද වන විට  වඩා වැදගත් වන්නේ වත්මනේ මංගල කාරනා නොව  පහසු උදේ ආහාරයක් බවට පරිවර්තනය වී ඇති කිරිබතේ ගුණ අගුණ සහ යෝග්‍යතාවය සලකා බැලීමයි..

අසුව දශකයට පෙර නම්  සුබ කටයුත්තකදී හැර නිතර කිරිබත් ගෙදර දොරේ ඉදුණු බවට  මගේ මතකයක් නැත.. අවස්ථා වලදී ප්‍රයෝජනයට ගැනුනේ අස්වනු නෙලා ගැනීමෙන් පසු සුබ  මොහොතක පිසීම පිණිස වෙන්කර තැබූ විශේෂිත සහල් මුට්ටියකින් ගනු ලබන සහල් වලිනි.


තම තමන්ගේ කැමැත්ත පරිදි රතු/රෝස/සුදු හෝ මිශ්‍ර  කැකුළු සහල් වලට වැඩිපුර ජලය සහ ලුණු එකතු කර බෙරි  වන්නට පිස ගැනීම කිරිබත පිළියෙළ කිරීමේ මුල් අදියරයි

මේ පියවරේදී බතේ  ලුණු කැඳ වල අඩංගු සියලු පෝෂක කොටස්  එකතු වන අතර ඉන් ඔබ්බට ඇත්තේ වැඩි පුර පිෂ්ඨය පමණි

බෙරි වන්නට පිසූ සහල් බාල, මහලු, රෝගී ආදී සියලු දෙනාට පහසුවෙන් ජීරණය කර ගත හැකි ආහාරයකි. ලුණු කැඳ  ලවන අධික මානසික ඒකාග්‍රතාවය  සහ  සමේ තෙතමනය  පවත්වා ගත හැකි, බල බද්ධය පාචනය ආදී බොහෝ රෝග වලට ප්‍රතිකාරාමය බොහෝ රුප්ලාවන්‍ය ගුණ සහිත පෝෂණීය ආහාරයකි

මීළඟ පියවරේදී සිදුවන්නේ උකු  පොල්කිරි අවශ්‍ය පමණ එක්කර මද ගින්නේ සුළු වෙලාවක් පිස දියර ගතිය අඩු වූ වහා වට්ටියක පැතලි කර කැබලි වලට කපා ගැනීමයි. බටහිර මාෆියාවකට හසුවී පසු ගිය කාලේ අසාධාරණයකට ලක්ව තිබු පොල් නිෂ්පාදන යලි නැවතත් කල එලි බසිමින් සිටි. අද වන විට ලොව පවතින සෞක්‍යමත් ආහාර අතර මුල් තැනක් පොල්තෙල් සහ පොල් කිරි වලට ලැබී ඇති නිසා..



වසර සිය ගනනක් තෙල් ඇතුළු පොල් නිෂ්පාදන භාවිතයේ යෙදුනු හෙළයා නම් පොලේ බලේ හොඳින් දැනගෙන සිටි අතර පොල් කෑමට බිය නොවිය. පොලේ ඇති ඖෂධිය සහ පෝෂණීය ගුණ පොත් ගණනාවක් ලිවිය හැකි මුත් මෙහිදී පොල් එකතු කිරීමෙන් අපේ කිරිබතට ලැබෙන පෝෂණ ගුණ පමණක් සුළුවෙන් විමසා බලමු..


පොල්
කිරෙන් කිරිබතට ලැබෙන අපුර්ව රසයට අමතරව අපට ලැබෙන වාසි රැසකි. සංතෘප්ත මේධය බහුලව ඇතත් පොල් වල ඇති lauric acid නම් මේධ අම්ල නිසා කොලෙස්ටරෝල් ඉහල දැමීම වෙනුවට එහි  ඇති සංතෘප්ත මේධය ශක්තිය ලෙස යොදවා කොලෙස්ටරෝල් අඩු කර හදවත් රෝග අඩු කිරීමේ අසාමාන්‍ය බලයක් පොල් වල ඇත. ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීමේ බලයක් (Anti-microbial effect) ඇති පොලේ අඩංගු අධික ලවන වලින් ලැබෙන වාසි බොහොමයකි.



 උදාහරණයක් ලෙස පොටෑසියම්මැග්නීසියම් වැනි ලවන වල බහුල බව නිසා මාංශ  පේශි වල සහ මානසික  ආතතිය නැති කිරීම, රුධිර සංසරණයට උදව් කිරීමෙන් රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීම ගත හැක

මාංශ පේශිවලට ඇති සෞක්‍යමත් බව නිසා එදිනෙදා වෙහෙස වී වැඩ කරන අයගේ පේශි ඉක්මනින් අලුත් වැඩියා කිරීම, විජලනය වැලැක්වීම, මල බද්ධය වැලැක්වීම, ආහාර මාර්ගයේ සෞක්‍ය පවත්වා ගැනීම, ප්‍රතිඔක්සිකාරකයක් සේ ක්‍රියා කර ශරීරයේ ඇති ධුලක ඉවත් කිරීම ආදී වශයෙන් මෙකි නොකී ඖෂධිය සහ පෝෂණීය ප්‍රතිලාභ අපමණක් පොල් කිරෙන් කිරිබතට එකතු වේ..


පිසෙන විටම අධි පෝෂණීය කිරිබත සාමාන්‍යයෙන් ආහාරයට ගැනෙන්නේ ළූණු, මිරිස්/කොච්චි, සහ දෙහි යුෂ පදමට දැමු කට්ට සම්බෝලයක් හෝ ලුණු මිරිසක් සමඟය

තන්තු බහුල ආහාරයක් වන ළුෑණුවල විටමින් සහ සි විශාල වශයෙනුත් ඊට අමතරව යකඩ, කැල්සියම්, සෝඩියම් සහ පොටසියම් යන ලවන වර්ගත් අඩංගුයි. නුතන විද්යා පර්යේෂකයන් පවසන පරිධි ළුෑණු  වල අධි පරාසයක පැතිරුණු ක්‍ෂුද්‍රජීවින්  නාශක (anti-microbial effect) හැකියාවක් තිබෙනවා

ළුෑණු ආහාරයට ගැනීමෙන්  වයිරස,බැක්ටීරියා පමණක් නොවෙයි දිලිර ආසාධනත් වලක්වන්න පුළුවන්. සෙම්ප්‍රතිශ්‍යා, උන, උගුරේ ආසාධන,සෙම් ගෙඩි ඇතිවිට නොවරදවා හදා දෙන දෙයක් තමයි ලුණු මිරිස.. 

එයින් දිවේ කාරම් ගැලවිලා, ඛේට ග්‍රන්ථි උත්තේජනය වෙලා ආහාර රුචිය ඇති වෙනවා පමණක්ම නොවෙයි ආහාර දිරවිමත්, අවශෝෂනයත්  පහසු වෙනවා

දෙහි වල ගුණ මේ සියල්ල අභිභවා යන තරම්. ඇමෙරිකානු දියවැඩියා සංගමයට අනුව දෙහි වල බහුලව ඇති දියරමය තන්තු (සොලුයුබල් ෆයිබර්) අහාර මාර්ගයේදී සිනි අවශෝෂණය කිරීම ක්‍රමවත් කර දියවැඩියා අවධානය අඩු කරන අතරම රුධිර නාල වල මේධය තැන්පත් වීම වැළක්වීමෙන් හදවත් රෝගත් වළක්වනවා.


විටමින් සි අධික භාවය නිසා දෙහි මුඛයේ, තොල වල සහ විදුරු මසේ රෝග වලට ප්‍රතිකාරකයක් ලෙසත් මුඛ සෞක්‍යය පවත්වා ගැනීමට ඉවහල් වෙනවා.

දෙහි යුෂ වල ඇති ස්වාභාවික තෙල් සමේ තෙතමනය රැක  ගැනීමටත්, සමේ රෝග වලින් වලක්වා ගැනීමටත් උපකාරී වෙනවා

එපමණක් නොවෙයි ආම්ලික ශක්තිය මගින් ජීරණ පද්ධතියේදී ආහාර කුඩා කොටස් වලට බිඳ දමා, ජීරණ යුෂ (එන්සයිම) ශ්‍රාවයවීම උත්තේජනය කර ආහාර ජිරනය කිරීම ඉක්මන් කරවන අතර අජිරණයකදී එමගින්ම ආහාර මාර්ගයේ ඇති බැක්ටීරියා ඉක්මනින්ම ආහාර මාර්ගයෙන් ඉවත් කිරීමටකටයුතු සලස්වනවා පමණක් නොවේ   මේ හේතුව නිසාම මල බද්ධය වැලක්විමක්ද සිදු කරනවා

කොච්චි සහ මිරිස් වලත් මේ හා සමාන ගුණ බොහොමයක් අඩංගු වෙනවා


මේ අනුව බලන කල ලුණු මිරිස/කට්ට සම්බෝලය  කිරිබත නිසි ලෙස  දිරවා අවශෝෂණය පහසු කෙරෙන, ආහාර රුචිය වඩවා තුලින් කම්මැලි බව නිදි මත ඇති වීම වලක්වන රස -ගුණ  සමතුලනය වන සිරුර පුබුදුවන  අපූරු සංකලනයක්. රසායනාගාර තුල  විදුරු බට පර්යේෂණ රහිතව මේ පිළිබඳව අපේ මුතුන් මිත්තන්ට  තිබු හසල දැනුම ඊටත් වඩා ආශ්චර්‍ය්‍යයක් නොවෙයිද?



සම්ප්‍රදායට හැදෙන කිරිබතට අනුව වෙනස් ලෙස හැදෙන කිරිබත් වර්ගද බොහොමයකි.

ඇතැම් පළාත් වල පොල් පැණි මලවා හදන 
ඉඹුල් කිරිබත් මින් එකකි

ගුණ පිරි මුං  ඇට කිරිබත ඖෂධිය කිරි බත් ඝනයට වැටේ

ආයුර්වේදයේදී සහ දේශීය වෙදකමේදී බෙහෙතට හැදෙන කිරි බත් වර්ගද බොහොමයකි. සැරියුත් මහා රහතන් වහන්සේට සෑදුනු උදර වේදනාවකදී සිහි වූ ගිහි කල එතුමන්ගේ මෑණියන් සකසා දුන් බෙහෙත් කිරිබත මෙයට කදිම උදාහරණයකි

ගැහැණු දරුවෙකු වැඩි විය පැමිණි විට මල්වර වේදනා පහසු කර ආර්තව රුධිරය පිටවීම පහසු කිරීම පිණිස යොදා ගන්නා කිරිබත් තැවුම තවත්  උදාහරණයකි.

අවුරුදු පලාපල අනුව පිසෙන තල, ගිතෙල් මිශ්‍ර කිරිබතද, හාවා සහ නරියා පිසූ ලබූ කිරිබතද මෙවැනිම අගනා උදාහරණයන්ය.





මෙතරම් රස-ගුණ පිරි කිරිබත ''නිදිමත හැදෙන  ආහාරයක්'' ලෙස අපහාසයට පත්වීම සලකා බැලිය යුතු තවත් කරුණකි. කාලාණුරුපිව අද වන විට කිරිබත ලුණු මිරිස සමඟ ආහාරයට ගැනීම අඩු වී වෙනුවට පැණිරස ආදේශන පැමිණීම මෙයට  හේතුවක් විය හැකියි

දෙහි සහ  ළූණු  වලින් ලැබෙන විටමින් සි වලින් ශරීරයට ලැබෙන නැවුම් බව වෙනුවට පැණිරස හකුරු, පැණි, සිනි වැනි සංකලනයක් ගැනීමෙන් රුධිරයේ  සිනි සංයුතිය තාවකාලිකව   වැඩි වී  මත්  බවක් සහ නිදි මත අලස බවක් ඇති වීමේ සම්භාවිතාවක් ඇත.


කිරිබත රස නිසා වැඩි පුර ආහාරයට ගැනීම වැළක්වීම අපහසු ආහාරයකි

කිරිබත නොවේ ඕනෑම ආහාරයක් අධික ප්‍රමාණයකින් ගැනීමෙන් පසු ජීර්ණ පද්ධතිය වෙත දිරවීමේ කාර්‍යයට වැඩි රුධිර සැපයුමක් වීමෙන් මොලයට රුධිරය යම් අඩු වීමකින් නිදි මත ගතියක් ඇති වීම  සාමාන්‍ය කරුණකි

නිවන සොයා යන ගමනේ  සිදුහත් තාපසතුමා සුජාතාවගේ  කිරිබත කුඩා පිඬු  49ක් සාදා වැලඳුවේ   බුද්ධත්වයෙන් සති හතක් ගත වන තුරු ආහාරමය අවශ්‍යතාවය උදෙසාය. නමුත් අපි අද පුරුදු වී සිටින්නේ තඩි කිරිබත් පිඟානක් බුක්ති විඳ පැය 4-5කදී ඊළඟ ආහාර වේල  ගැනීමටයි. නිදිමතට හේතුව ගැන තවත් කවර කාරනාද?



කිරිබත ගිල දමා රූපවාහිනිය ඉදිරිපිට වාඩිලෑම හෝ සල්ලාපයේ යෙදීමට අපේ මුතුන් මිත්තන්ට කාලය නොතිබිණි..සුබ දවසේ සුබ කටයුත්තේ ගත සිත වෙහෙසා කටයුතු කල ඔවුන්ට කම්මැලි වන්නට කාලය නොතිබුණි.. කාලය තිබුනත් අද මෙන් නිවෙස් වල නිතර ආවට ගියාට කිරිබත් ඉදුනේ නැත. එනිසා ඉඳහිට දවසක් විවේක ගත්තද ඉන් ඔවුන්ට සෞක්‍යමය අවාසියක් සිදු වුනේ නැත..



ජාතික ආහාරය වන කිරිබතේ ඇති වැරැද්දක් නැත..ඇත්තේ අපේ පැවතුම් වල වැරද්දක්මය..අද වන විට බොහෝ රෝග වලට හේතු වී ඇත්තේ අපේ ඇවතුම් පැවතුම් වල වැරදිමය..

කිරිබතට වරද නොපටවා ඔබේ ආහාරමය ඇවතුම් පැවතුම් නිවැරදි කර ගැනීමට දෙනෙත් හැරෙන නව වසරක් පතමින් අදට නවතිමි.

රේණුකා  විමලරත්න : ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන්



13 comments:

  1. මගේ ආසම කෑමක් ගැන මේ ගුණ විග්‍රහය ගැන අප්‍රමාණ සතුට..!අපේ අම්ම හැම පළවෙනිදකටම හැකිනම් කිරිබත් ඉව්ව. ඒ පුරුද්ද අරන් මාත් මාසෙකට දවසක්නම් හදනවමයි. මටනම් මොනව එක්ක කෑවත් නිදිමතත් නෑ.. එපා වෙන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයත් අර නරිය වගේ ලබූ කිරිබත් එකට වැඩේ දෙයි නේ ?????

      Delete
  2. කිරි බත් කියුවද ???? මගෙත් ප්‍රියතම දෙයක්. නරියට වෙච්ච දේ නම් තාම වෙලා නෑ. මම බබා හම්බ වෙන්න හිටපු මාස 9 ම කෑවනෙ කිරිබත්.��

    ReplyDelete
    Replies
    1. වැරද්දක් වුනේ නැහැනේ නේ? අනික ඉතින් ඒ කාලෙට නිදා ගන්න එකට සමාවකුත් තියෙනවනේ..

      Delete
  3. If you add a little bit of crushed garlic to the rice you wan't feel sleepy. There wan't be a change of taste due to garlic though .try it

    ReplyDelete
    Replies
    1. ඒ ගැන අහලා තිබෙනවා..නමුත් පුරුද්ද ඇති කර ගැනීම තමයි අපහසු..ස්තුතියි වටිනා දැනුවත් කිරීමට..

      Delete
  4. මගේ ආසම කෑම. ඊයෙත් බඩ පැලෙන්න කෑවා.

    ReplyDelete
    Replies
    1. බඩ පැලෙන්න කාලා නිදා ගත්තද? :D :D

      Delete
  5. බොහෝම ස්තූතියි මේ වටිනා තොරතුරු ටිකට....
    හෙළයන්ට පොල් කියන්නේ බොහෝම සමීප දෙයක්. පොල් ගසෙන් වගේම ගෙඩියන් ගන්නා ප්‍රයෝජනත් බොහොමයි.
    මේ මං පොල් ගැන ලියපු ළිපිය...

    http://adahasawakashaya.blogspot.com/2016/08/blog-post.html

    ReplyDelete
    Replies
    1. පොල් කියන්නේ වටිනා ඖෂධයක්..එහෙව් පොලෙන් හදන කිරිබතේ වැරද්දක් වෙන්න බැහැනේ නේද? පොල් ගැන බොහෝ තොරතුරු අන් අය සමඟ බෙදා ගෙන ඇති ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා...

      Delete
    2. කොහෙත්ම නෑ( අර නිදිමත ගතිය ඇරෙන්න :) ). පොල් වල ඖෂධීය ගුණය පිළිබඳව විවාදයක් නෑ. නමුත් නිවැරදිව පොල් තෝරාගැනීමේ විශාල අඩුපාඩුවක් සමාජයේ තියනව. ඒ පාරම්පරික දැනුම සමාජයෙන් අතුරුදහන් වෙමිනුයි යන්නෙ. ඉතින් ඒ ටික බෙදාගන්න හිතුවා.තවත් මේ වගේ දැනුම සොයාගන්න උත්සහ කරමු. ස්තූතියි ඔබගේ මේ උත්සාහයට.

      Delete
    3. ඔබ සමඟ 100%කම එකඟයි ඒ වාගේම ඔබට බොහොම ස්තුතියි මේ දිරි ගැන්වීමට

      Delete
  6. dan lankawe tv advertiesments dakkama godak dukai.spicy mun kiribath with know chicken cubes!!!!!!! lankawe minissunta glutamic acid flavor ekata pissu watila inne

    ReplyDelete