Friday 24 June 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 3 :තැම්බුම් හොද්ද

අත්තම්මාගේ අත් බෙහෙත් 3

තැම්බුම් හොද්ද



ගෙදර කෙනෙකුට හැදෙන ඕනෑම රෝගයකට සරිලන 'කෝකටත් තෛලය' බඳු අත්තම්මාගේ අපුරු පානය '' තැම්බුම් හොද්ද'' ගැනයි අද මම ඔයාලට කියන්න යන්නේ. මුළුතැන් ගෙයි සුලබ කුළුබඩු එකතුවක් නිසි පදමට යොදා සාදා ගන්නා මේ පානයේ රසවත් බව හා ගුණවත් බව එය රස බැලුවො මිස අන් අය නම් නොදනිති. අපේ පළාතේ තැම්බුම් හොද්ද ලෙස හැඳින්වූ මෙම පානය තව පළාත් වල මිරිස් හොද්ද නමින් හදුන්වන අතර, දෙමල සහ මුස්ලිම් නිවෙස්වල 'රසම්' යන නමින්ද හදුන්වනවා.
 
 
සියඹලා ගුලියක්, සුදු ලුණු අහුරක්රතු ලුණු බික් කීපයක්, ගම්මිරිස්, සුදුරු, කොත්තමල්ලි, උළුහාල්, කරපිංචා, කුරුඳු කැබැල්ලක් සහ ලුණු ස්වල්පයක් දමා උකුවන තුරු මද ගින්නේ පිස ගන්නා මේ ඖෂධිය පානය ඉදි ගෙන එන විට එහි සුවඳටම අහාර රුචිය ඇති කිරීමට සමත් වෙනවාමේ පානයේ ඇති විද්යාත්මක ගුණ විශ්ලේෂණය කර බැලු කල අප දුටු පළමු වෛද් විශ්ෂාංග වරිය අත්තම්මා නොවේදැයි ඔබටම සිතේවි.


සියඹලා යනු ද්විත්ව ගුණ සහිත අපුරු ඖෂධයක්. සියඹලා වලට මල බද්දය ඇති කෙනෙකුගේ උදරයෙදී මල බුරුල් කිරීමටත්, දියර සහිත මල ඇති කෙනෙකුගේ මල ඝන කිරීමටත් අපුරු හැකියාවක් තිබෙනවා. සුදු ළුණු නම් දෙව්ලොවින් වැඩි අපුරු බෙහෙතක් ලෙස හදුන්වා දීමට හැකියි. සුදු ලුණු වල පිළිකා නැති කිරීම, පිත අඩු කිරීම, ශරීරයේ වාතය ඉවත් කිරීම, මල බද්ධය නැති කිරීම, විෂ නැසීම, රුධිරගත කොලෙස්ටරෝල් අඩු කිරීම, ගැඹුරු ශිරා වල රුධිරය කැටි ගැසීම වැලැක්වීම, රුධිර සිනි පාලනය, බැක්ටීරියා සහ වයිරස වලට ඔරොත්තු දෙන ප්රතිශක්තිය ඇති කිරීම, වේදනා නාශක ගුණ සහ තවත් බොහෝ ගුණ අඩංගු වෙනවා.



පොදුවේ ගත් කල රතු ළුණු, ගම්මිරිස්, සුරු කොත්තමල්ලි, කරපිංචා වල විස නැසීමේ හැකියාව, මල බද්ධය නැති කිරීම, බැක්ටීරියා වෛරස වලට ඔරොත්තු දීමේ ශක්තිය, වේදනා නාශක ශක්තිය, ශරීරය සිසිල් කිරීමේ හැකියාව මෙන්ම උදරයේ වේදනා නැති කිරීමේ හැකියාවන් තිබෙනවා. මේ සියලුම කුළුබඩු වල ඊට ආවේනික මිහිරි සුවඳක් ඇති අතර මේ සියල්ල එකතු වූ 'තම්බුම් හොද්දේ' ඇත්තේ අපුරුම සුවඳක්.



මල බද්ධය එක වේලකින්ම නැති කරන තම්බුම් හොද්ද, අජිරණයකදී ඇතිවන දියරමය මල පහ ඝන කර උදරයේ ඇති වේදනාව නැති කර දමනවා. දරු ප්රසුතියකින් පසු මවකට මුලින්ම දෙන අහාරයේ තම්බුම් හොද්ද අනිවාර්යයි. එමගින් ප්රසුතියේදී ඇති වූ ශරිරික් වේදනා සහ වෙහෙස මග ඇරිමත්, තුවාල සුව වීම ඉක්මන් කිරීමත්, ගර්භාශයේ ඇති දරු උපතට සම්බන්ද පටක ඉවත් කර දැමීම සිදු කර, මල බද්ධය වලක්වා ආහාර රුචිය ඇති කරනවා. මල්වර වූ යුවතියකට ලබා දෙන ප්රථම ආහාරය වන මෙය උදර වේදනාව නැති කර ඔසප් වීම පහසු කරවනවා.



කතරගම වැනි දුර ගමනක් ගොස් ගෙදර එන අයට මග තොටදී ගත් ආහාර අජිරනයන්ගෙන් පහසුව ලබා ගැනීමටත්, දුර ගමන් එක තැන ඉඳගෙන ගමන් කිරීමෙන් ඇති විය හැකි දෙපා වල රුධිර කැටි ගැසීම වලක්වා ගැනීමටත්, ගමනේ වෙහෙස වේදනා අඩු කර ගැනීමටත් මේ පානය උදව් වෙනවා. ශරීරයේ ඕනෑම තැනක සිදු කරන ශල් කර්මයකට, ඇට බිදීමකට පසුව වේදනා නාශකයක් සහ තුවාල සනීප වන තුරු මල බද්දය නැති කර කරන තම්බුම් හොද්ද බඩ පිපුම, වමනය වැනි අවස්ථාවලදීත් යොදා ගන්නවා. මේ ඖෂධ මිශ්රණයේ ඇති ලවන අධික බව විජලනය වැලක්විමටත් උදව් වෙනවා.

මේ සියල්ලම නැතත් අපේ ආත්තම්මලා කිසිම හේතුවක් නැතිවත් ඉඳහිට තම්බුම් හොද්දක් හදා සමග බත් ටිකක් කන්නේ මේ ඖෂධය ගැන ඔවුන්ට තිබු හසල දැනුම නිසා විය නොහැකිද?

නිවැරදිව  තැම්බුම් හොද්දක් සාදා ගනිමු:

අවශ්‍ය ද්‍රව්‍ය:

ලොකු නෙල්ලි ගෙඩි 2ක් තරමේ සියඹලා ගුලියක් : ඇට සහ පොතු ඉවත්කර පේස්ට් එකක් මෙන් සාදා ගන්න
සුදුළුණු ගෙඩි 2ක් (බික් 16ක් පමණ) : පොතු හරින්න
ගම්මිරිස් ඇට තේ හැඳි 2ක්
රතුළුණු ගෙඩි 5ක් : සිහින්ව ලියාගන්න
අඟල් 2 පමණ කුරුඳු පොතු කැබැල්ලක්
උළුහාල් තේ හැඳි 2ක්
කරපිංචා අහුරක්
කොත්තමල්ලි ඇට මේස හැඳි 2ක්
සුදුරු ඇට තේ හැඳි 2ක්
මහදුරු ඇට තේ හැඳි 2ක්
ලුණු රස අනුව

සාදන ක්‍රමය:


කොත්තමල්ලි, සුදුරු සහ මහදුරු වංගෙඩියේ කෑලි සිටින සේ කොටාගන්න, පසුව පිරිසිඳු රෙදිකඩක පොට්ටනියක් හදා ගන්න. මේ පොට්ටනිය අනිකුත් සියලුම ද්රව් සහ අවශ් පමණ ලුණු සමඟ එනමල් හෝ මැටි භාජනයකට දමන්න. වතුර කෝප්ප 7ක් දාන්න. මද ගින්දරේ කෝප්ප දෙකක් පමණ වන තුරු හින්දවන්න. පොට්ටනිය ඉවත්කර අනිකුත් පහේ සමඟම පිළිගන්වන්න. පානයේ ඇති ගම්මිරිස් සහ උළුහාල් ඇට හැර අනිකුත් සියල්ල ආහාරයට ගැනීමෙන් තැම්බුම් හොද්දේ ඇති ගුණ ලබා ගත හැක.


රේණුකා විමලරත්න :ලන්ඩනයේ සිට


චායාරූප අන්තර්ජාලයෙන් (සියලුම ගෞරවය නම නොදත් ශිල්පීන්ට හිමිවේ)


5 comments:

  1. හොඳ බ්ලොග් එකක් ... දිගටම අප්ඩේට් කරන්න ... අපේ බ්ලොග් එක දිහාත් ඇවිත් යන්න
    menakaya.blogspot.com
    yanhella.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, නිවාඩුවකට ආවොත් මේනකයාගේ ගමට ගොඩවෙලා ගමේ ඔක්කෝටම කේලම කියලම තමයි යන්නේ..එතකොට හීනෙන් නෙමෙයි හැබැහිනුත් කොසු පොලු අරන් කට්ටිය පස්සෙන් එලවාවී ;)

      Delete
  2. මේ ලිපියෙනුත් ඉගෙනගත් කරුණු බොහෝයි. මේ තැම්බුම් හොද්දට අපේ පැත්තෙනම් මුරුංග පොතු කෑල්ලකුත් දැම්මනම් තමයි තවත් හොඳ කියල තමයි කියන්නෙ.

    බොහෝම ස්තූතියි ලිපියට.....+++++++++++

    ReplyDelete
  3. ඔබට බොහොම ස්තුතියි මේ දිරි ගැන්වීමට. පලාතෙන් පලාතට වෙනස් දේවල් එක කිරීමෙන් තව අමතර ගුණ එකතු කරනවා..මගේ නැන්දම්මා අමු මිරිස් කරලක් එකතු කලා .. දරු ප්‍රසුතියකින් පසු කෑම පිරිය ඇති කරන්න යන්තම් සැරක් ඕනේ කියලා ඇය කිව්වේ..මුරුංගා පොතු බොහෝ ඖෂධිය ගුණ සහිතයි. නිටාවටම යෝධ ගුණ එක වෙනවා ඇති..

    ReplyDelete
  4. නියමයි නිතර අපේ අම්මා හදල දෙන තැම්බුම් හොද්ද මතක් උනා.

    ReplyDelete