Sunday 3 July 2016

ගඩා ගෙඩියක් ගැන : රඹුටන්

                      ගඩා ගෙඩියක් ගැන 
    
                                රඹුටන්



මේ දවස් වල මුණු පොතේ ජනප්රියම සෙල්ෆිය තමා මේ කහ පාට රතුපාට වලු අල්ලගෙන පින්තූර දාන එක. අපිට කින්ඩියට වගේ මේ සෙල්පි දාන එවුන් ''කොටියම කාපිය'' කියල හිතාගෙන ඇස් වහගෙන ලයික් දාන්නේ  ඉතින් අර අචාරශිලිකමද මොකද්ද කියන එක පවත්වාගෙන යන්නත් එපැය. තියෙන නොසන්ඩාල කමට   ඔය අරක මේක හිතන්න එපා.. මන් කිවේ ඔය ''මල්වානේ පැණි රඹුටන්'' වලු ගැන මිසක් වෙන අහවල් එකක් නෙමෙයිඅපිට ඉතින් කොයින්ද පූසෝ  බල මාළු? බල මාළු කිවම මතක් වුනේ.. බල මාළු කෑවත් රඹුටන් කෑවත් අපේ කට්ටියට එකම සන්තානිය තමා වෙන්නේ.. පහුවදා උදේට ඇස් රතු කරගෙන .. කබ  පෙරාගෙන .. එහෙනම් ඔය රඹුටන් කන්න කලින් මේකත් ඩිංගක් කියවල හිටියනං ..


මේ දවස් වල කොළඹ ඇතුළුව බොහෝ මහා මාර්ග දෙපස අලංකාර දර්ශනයක් තමා මේ රඹුටන් වෙළඳාම. මොනතරම් උෂ්නාධික  වුවත් රඹුටන් ළඟ නතර නොවෙන කෙනෙක් නැති තරම්.. රඹුටන් වල ඇති අසම සම ඇබ්බැහි වෙන රසය නිසා. අපි දන්නා තරමින් නම් රඹුටන් කියන්නේ බොහෝ උෂ්ණාධික පළතුරක්. නිසා එදාත් අදත් දරුවන්ට  රඹුටන් දෙන්නට දෙමව්පියන් බොහෝ මැලි  බවක් දක්වනවා. උෂ්ණාධික බව කියා අප පහසුවෙන් හඳුන්වන්නේ  ආහාරයට ගැනීමෙන් පසු ඇස් වලින් කබ පිටවීම, මුත්රා දැවිල්ල, උගුර ආසාධන වගේ ලක්ෂණ. බොහෝ විට මේ ලක්ෂණ ඇති වුනාම අපේ වැඩිහිටියන් කියන්නේ හොඳට නාගන්න කියලා. නෑමෙන් පසු මේ ලකුණු බොහෝදුරට අඩුවෙන බවත් ඔබ අප සියලු දෙනාම දන්නා කරුණක්.


බටහිර පර්යේෂකයෝ අද වන තුරු රඹුටන් වලින් ශරීරයේ සිදුවන ඌශ්න විපර්යාසයන්ට  හේතු සොයාගෙන නැහැ. ඔවුන්ගේ පර්යේෂණ වලට අනුව රඹුටන් විටමින් සි ඉතා අධික පළතුරක්. රඹුටන් ග්රෑම්  100ක් ආහාරයට ගැනීමෙන් දිනකට අවශ් විටමින් සි වලින් 66%ක් ලැබෙනවා. විටමින් සි අධිකව ශරීරයට ලැබුණු විට ශරීරයේ ඇති අනවශ් ලවන වර්ග, යකඩ වර්ග සහ ධූලක එක්වරම ශරීරයෙන් සෝදා හැරීමක් සිදු වෙනවා. ඔවුන්ට අනුව වැඩිපුර ආහාරයට ගත් විට පසුවදා සිරුරේ සිදුවන විපර්යාසයන්ට හේතුව එයයි.

අපේ සිංහල වේදකමේ මෙන්ම ආයුර්වේදයේත් ශරීරයේ ඌශ්ණය වැඩි වීම සහ මගින් ඇතිවන ප්‍රතිපල ගැන බොහෝ විස්තර සහිතව කියවෙනවා. ශිල්ප වල කියවෙන උෂ්ණය ගැන බටහිර වෛද් විද්යාවට කිසිම අවබෝධයක් නැහැ. ඔවුන් කියන්න දන්නේ රසායනාගාරයේ  විදුරු බටයකට දමා අන්වික්ෂයකට අහුවෙන දේවල් පමණයි. මගේ මේ ලිපි වලදී ඔවුන්ගේ මේ බට පරීක්ෂණ ප්රතිපල කියන්න සිදු වෙලා තියෙන්නේ අපේ බොහෝ අය යමක් පිළිගන්නේ එහෙම කිවොත් විතරක් නිසායි.



රඹුටන් වල ගුණ නම් ඉතාම ඉහලයි. විටමින් සි පමණක් නොවෙයි තවත් බොහෝ විටමින් වර්ග, යකඩ, කැල්සියම් , පොස්පරස් මෙන්ම බොහෝ ආහාරවල සොයාගත නොහැකි සිරුරට අත්යාවශ් කොපර් රඹුටන් වල තිබෙනවා. කොපර් මදිවීම නිසා පසුකාලීනව ඇතිවිය හැකි නිරක්තියරුධිර නාල පිපිරිම, හන්දිපත් රුදා සහ නිතර ආසාධන වලට ගොදුරු වීම ශ්‍රි ලංකාව ඇතුළු රඹුටන් බහුලව වැඩෙන බොහෝ රටවල වයස්ගත උඩවියට නැත්තේ වසරකට වරක් යහමින් කොපර් රබුටන්  මගින් ලැබෙන නිසා වන්නට පුළුවන්.


 කොපර් අඩන්ගුකම නිසා රඹුටන් හිසකෙස් වර්ධනය සහ නිරෝගිව පවත්වා ගැනීමට අතිශයින් ඉවහල් වන පළතුරක්. නිරක්තිය වැලැක්වීම, අස්ථි ශක්තිමත් කිරීම, සමේ සෞක්යය පවත්වා ගැනීම, වකුගඩු පිරිසිඳු කිරීම සිරුර ප්රබෝධමත් කිරීම, රුධිර ශයිල පවත්වා ගැනීම, කොලෙස්ටරෝල් සහ රුධිරගත සිනි මට්ටම අඩු කිරීම, විජලනය වැලැක්වීම, පිළිකා වැලැක්වීම  වැනි බොහෝ ප්‍රතිලාභ සිරුරට ලබාදෙන පළතුරක් ලෙසයි බටහිර ලෝකය රඹුටන් හඳුන්වාදෙන්නේ. පිරිමින්ගේ ශුක්‍රානු වර්ධනය කර ගැනීමටත්, සෞක්යමත් ලිංගික දිවියක් පවත්වා ගන්නටත්  රඹුටන් ආසියාතිකයින්ට වසරකට වරක් ලැබෙන ඉන්ධනයක් වාගෙ කිවොත් නිවරදියි.

රඹුටන් ලෙල්ලේ පලයටත් වඩා ගුණ ඇති බව පවසන රසායනාගාර පරීක්ෂකයන් ලෙල්ලේ ඇති ''Gallic Acid'' නම්  ප්‍රති ඔක්සිකාරකය  නිසා එය පිළිකා ප්‍රතිකාරයක් ලෙස භාවිතා කිරීම සදහා  විවිධ අත්හදා බැලීම් කරනවා. ලෙල්ලේ  ඇති සංකීර්ණ  රසායනික සාන්ද්‍රන  හේතුවෙන් ඖෂධිය, රූපලාවන්‍ය , පෝෂක කටයුතුතීන්ත නිපදවීම වැනි බොහෝ කටයුතු වලට නුදුරු අනාගතයේදීම යොදා ගැනීමට බලා පොරොත්තු වෙනවා. අපතේ යවන රඹුටන් ඇටය කොලෙස්ටරෝල් අඩු කිරීමට හැකි වටිනා බෙහෙතකට හරවා ගැනීමටත් මේ පරීක්ෂණ මෙහෙයවෙනවා.


රඹුටන් වල භූගෝලීය සම්භවය අයත් වන්නේ මැලේශියාව සහ ඉන්දුනීසියාවටයි.  ලොකු වියදමකින් තොරව බොහෝ ආර්ථික පලදායිතා ලබා ගත හැකි වගාවක් නිසා වගා කරුවන් අතර  රබුටන් බොහෝ  ජනප්‍රියයි. ලංකාවේ එතරම් බහුලව සිදු නොවුනද වෙනත් රටවල රඹුටන් ටින් කිරීමෙන් සහ යුෂ සකස් කිරීමෙන් විශාල වශයෙන් ලාභ ලබනවා. මේ කාලයේදී අපටත් රඹුටන් ලන්ඩනයෙන්  ලබාගත හැකි නමුත් ඒවායේ මිල ඉතා  අධිකයි අලංකාර ලෙස පැකට් කල ගෙඩි 6ක් £2.99 (SLR  600.00) පමණ වෙනවා.


අපි කුඩා වුන් සන්ධියේ නම් අම්ම අප්පච්චිලා කොතරම් වසන් කරන්නට හැදුවත් රඹුටන් වලින් අප ඈත් කර තබන්නට බැරි වුනා. එදා මල්වානේ පමණක් නොව හැම ගෙවත්තකම රඹුටන් ගස් කීපයක් සරුවට වැවුණු නිසා. අත්තම්මා නම් කිවේ ඌශ්න  නම්  තමා  ඔන්න ඔහේ කාපුදෙන් රඹුටන් හැමදාම හැදෙන එකක්යැ කියයි දිනවල  සව් කැඳ , රණවරා බෙලිමල් වැනි ඔසු පැන්  වර්ගයක් හෝ කතුරුමුරුන්ගා වැනි සැර නිවන යමක්  දිනපතා වේලට එක්කර මේ සැර නිවා දමා කොයි කාගේත් සෞක්යය පවත්වා ගන්නට ඇය බුද්ධිමත් වූවා


අවසාන වශයෙන් කියන්නට ඇත්තේ රඹුටන් සෙල්ෆි දාන උදවිය හොදවයින් ආනමාලු ගෙඩියකුත් ගිලලම නිදා ගත්තනම් හොඳයි කියලා.  අපි ගිලපු කෙල වලට බඩේ අමාරුවක් හෙට හැදෙනවාමයි. ආනමාලු කියන්නේ බඩේ අමාරුවට කදිම බෙහෙතක් .. ගැන පසුව  කතා කරමු එහෙනම්..

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පීන්ට සියලු හිමිකම් අයිතියි)







3 comments:

  1. අපි පොඩිම කාලෙ ඉඳන් අපේ ගෙදර රඹුටන් ගස් කීපයක් තිබුනා .පාසල් නොයන දවසට උදේ පාන්දර පටන්ගන්න රඹුටන් කෑම ඉවරවෙන්නෙ නිදාගන්න කිට්ටුව .බත් වේලත් හිමීට මගහරිනවා ,රඹුටන් වලට ඉඩ ඕන නිසා . නිතරම බඩගෙඩි රඹුටන් පැණි වලින් පිරිලා , ඇවිදිනකොට හෙල්ලෙනවත් ඇහෙනව .තදම පැණිරස එක එපාවෙනකොට ඇඹුල් රඹුටන් කනවා .වෙලාවකට උගුර ලඟටම පිරුනු රඹුටන් පැනිනිසා දැනුන අපහසුව මිස වෙන ආබාධයක් නම් වෙලා නෑ.කොහොම උනත් හොඳ පෝශ්‍ය්ජනක පලතුරක් අපි කාල තියෙනබව දැනගත්තෙ මේ ලිපියෙන් . බොහොම ස්තූතියි රේණුකා මහත්මිය.

    ReplyDelete
  2. රඹුටන් ගැන දැනගෙන හිටියේ ගිනියම් බවක් විතරයි. කොච්චර ගිනියම් වුනත් නොකා නම් ඉන්නේ නැහැ.

    ReplyDelete
  3. ස් තුතියි නොදැන සිටි ගොඩක් දේ දැනගත් තා..

    ReplyDelete