Sunday 26 June 2016

තුනපහ 1 : පූර්විකාව

       තුන් දොස් නිවන්නට - තුනපහ සහ කුළුබඩු

                                 පූර්විකාව



තුන් වේල කුස පුරවා ගැනීම විනා වෙන යමක් හිතන්නට නොහැකි අද සහ හෙට පරම්පරාවටත් නැතිවම බැරි, අපේ කාලයේ තුන් සරණේ කියමින් අත්තම්මලා පිළියෙළ කල ''තුන් දොස් නසන - තුන පහ'' පහදා දෙන්නට තුන් සිත පහදවා යන ගමනේ ආරම්භයයි මේ.

තුනපහ
සොයා මා ගිය අතීත සංචාරයේදී උගත් පරිදි තුනපහ පිණිස ගන්නා කුළුබඩු වර්ග අප පරිහරණය කිරීම වසර දහස් ගණනාවක් ඔබ්බට පැතිර යයි


මේ කුළුබඩු ගැන මහා වංශයේ පවා සදහන්ව ඇතැයි පැවසේ. නමුත් ගැන වැඩි විස්තර මා කතා නොකරන්නේ වත්මන් පරපුර මහා වංශය සින්ඩරෙල්ලා හෝ හිමකුමරිය වැනි සුරංගනා කතාවකට උපමා කරන්නට තරම් ඔලමොට්ටල නිසාත්, මා දැන ගත්තේ උපුටා ගැනීම් වලින් මිස මගේ දෑසින් කියවා නොවන නිසාත්ය.



ලංකාවේ
ඇති භූ විද්යාත්මක පිහිටීමේ සහ අසාමාන් දේශගුණ වටිනාකම අප නොදැන සිටියත් තුන් කල්හිම දැනගත් විදේශිකයෝ පුරාතනයේ සිටම අපේ රටවෙත විවිධාකාරයෙන් සංක්රමණය කිරීම නිසා කාලානුරුපව මේ කුළුබඩු වලට විවිධ රටවල සම්භවයන් සහ චාරිත් එක්වී ඇති බව නොඅනුමානයි. පරාක්රම බාහු රජතුමාගේ කාලයේ මධ්යදරණි දේශ දක්වා සිදුවූ කෘෂිකාර්මික භාණ්ඩ හුවමාරුව සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳව සටහන්වී ඇති සෙල්ලිපි මේ බවට කදිම උදාහරණයන්. 1850දී හෙන්රි චාල්ස් නම් සුදු ජාතික කතෘ වරයා ලියා ඇති '' සිලෝන් ඇන්ඩ් සිංහලීස්' (Ceylon and Cingalese by Sir Henry Charles 1850 ) නම් කෘතියෙත් අපේ කුළුබඩු පිළිබඳව සඳහන් වෙනවා.




තුනපහ වලට එනම යෙදුනේ කෙසේදැයි පිළිබඳව පවතින්නේද විව්ධාකාර මතය. දකුණු පළාතට උරුමකම් කියු මගේ නැන්දම්මාගෙන් මා අසා පරිදි 'තුන ' යනු ඇට වර්ග තුන වන අතර 'පහ' යනු සුවඳ වර්ග පහය. ඇයට අනුව ඇට වර්ග තුන වන්නේ කොත්තමල්ලි, සුදුරු , සහ මහදුරුයි. සුවඳ වර්ග පහ නම් කුරුඳු, කහ, එනසාල්, කරන්දමුන්ගු සහ කරපිංචා

අවිස්සාවේල්ල කළු අග්ගල ගමේ උපන් කොළඹ ජිවත් වුනු මගේ අත්තම්මා තුන පහ ලෙස යොදාගත්තෙත් මේ කුළුබඩු සමුහයමයි. මේ පිලිබදව ඇය පැවසු ලෙසට නම් තුන යනු 'සියලු රෝග දුරු කරන' (වලක්වන) දුරු වර්ග තුනයි. පහ යනු 'සියලු රෝග පහකරණ ' (සුව කරන) යන අදහසින් යොදාගන්නා කුරුඳු, කහ, එනසාල්, කරන්දමුන්ගු සහ කරපිංචා පස් වර්ගයයි.







ලංකාවේ විවිධ පළාත්වල මේසඳහා ගම්මිරිස්,අබ, කුරුඳු  වැනි වෙනත් කුළුබඩු යොදා ගන්නා බවත් මා අසා තිබෙනවා. මේ පිළිබඳව මට ඇත්තේ අසා ගත් දැනුමක් පමණයි. ඔබ දන්නා යම් අදහසක් ඇත්නම් සංවාදයට ලක් කරන්න.ඉන් අප හැම දෙනාටම අලුත් යමක් ඉගෙන ගන්නට පුළුවන් වේවි. බැදපු තුනපහ වලට නම් මේ කුළුබඩු තුන සහ පහට වඩා හාල් ඇට ,අමු පොල්,රම්පෙ,වියලි මිරිස්,අබ,ගම්මිරිස් දමා ගන්නවා.




තුන්දොස් කිපීමෙන් හටගන්නා විවධ රෝග වලට තුනපහ සඳහා ගන්නා කුළුබඩු ඖෂධිය ගුණ දෙන බව අසා,කියවා සහ අත්දැක තිබෙනවා. තුන් දොස් ආයුර්වේදයේත්, අපේ සිංහල වෙද කමේත් හඳුන්වන්නේ වාත,පිත සහ සෙම  නරක් වීමෙන් සැදෙන විවධ රෝගයන්. මේ පිළිබඳව කුළුබඩු ගැන කතා කිරීමේදී වෙන් වෙන් වශයෙන් දීර්ඝව සාකච්චා කිරීමයි වඩා හොඳ.




සිංහල වෙදකම විෂයක් ලෙස හදාරා නැතත් ගැන මා තුල ඇත්තේ මහත් ආදරයක් සහ නොසැලෙන විශ්වාසයක්‌. ගහ කොළ සහ පිළිබඳව විද්යාත්මක විශ්ලේෂණ කරන්නට කුඩා කල සිට තිබු ආසාව සහ එදා අත්තම්මලා කල කි දෑ මහත් කුතුහලයකින් බලා සිට ධාරණය කරගත් දැනුමෙනුත්, යම් තරමකට පොත් පත් කියවිමෙනුත් ලබා ගත් දැනුම ඔබ සමඟ බෙදා හදා ගන්නවා මිසක් ඉන් ඔබ්බට යමක් මා දන්නේ නැති බවත් මෙහිදී කිව යුතුයි.

මා අසා ඇති අනුකුත් තුන් දෝෂය නම් ඇස වහ -කට වහ - හෝ වහ දෝෂයි. තුනපහට ගන්නා කුළු බඩු තුන් හතර වර්ගයක්, තුන්මං හන්දියකින් පස් තුන් මිටක්, කෙස් ගස් තුන හතරක්,නිය තුන් කොටසක්, මිරිස් කරල් තුන හතරක් කබලේ පුළුස්සා, රෝගියාගේ කෙල තුන් පිඩක් ගසාගෙන,හිස වටේ තුන් වරක් කරකවා කෙරෙන කෙම් ශාස්ත්රය ඊට ගුණ බවකුයි කියවෙන්නේ. කුළුබඩු විස්තර රැගෙන් දෙතුන් දොහකින් හමුවන තුරු ජය සහ සතුට!!

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට

චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදත් ශිල්පීන්ට සම්පූර්ණ ගෞරවය හිමිවේ)









1 comment:

  1. It is interesting the way people prepare these curry powders ( roasted and row). Ingredients were varied according to the region as well. Same way culinary usage if quite interesting. How our grandmother selected the exact curry powder to give real taste without destroying the original flavour of vegetable is an another knowledge. Though it is healthy and fragrance still we are not adding them to the each vegi. How they combine them to give such a beautiful curry. How she decided that? It is really interesting. When taking Kithul sap they use some herbs and spices as well. applying Coriander seeds ground mix with bee honey can remove any deeply wounded by thorns.

    ReplyDelete