Friday 24 June 2016

අත්තම්මාගේ අත් බෙහෙත් 2 :කිරි හොදි සහ ලුණු මිරිස



                  අත්තම්මාගේ අත් බෙහෙත් 2
    කිරි හොදි සහ ලුණු මිරිස ඖෂධයක් වූ අයුරු 

 මේ දිනවල ලන්ඩනයේ වෙසෙන අපි හැමෝම අතර නොකඩවා පැතිර යන වයිරස ආසාදනයක් තිබෙනවා. අහන හැමෝටම කැස්ස, උන, හිසරදය, සෙම්ප්රතිශ්යාව, සෙම් ගෙඩි වගේ මොනවා හරි දෙයක්. පුංචි ලෙඩක් කියා හිතුනත් එකෙත් අමාරුව දැනෙන්න හැදිලම බලන්න ඕනේ. පහුගිය දින කීපයේ මාත් මේ ආසාදනයෙන් පෙලුනා. මට මෙය බලපෑවේ දරුණු හිස රදයක් ලෙසිනුයි. ඔලුව පැලෙන්න වගේ එන හිස රදයත්, මුහුණේ සේම තද වීමත් නිසා වමනය යාමට මෙන් දැනීම සමග ආහාර අරුචිය, පිපාසය, හිස කරකැවිල්ල වගේ මෙකි නොකී සියලුම අපහසුතා. මේ වෙලාවට තමයි වෙනදාටත් වඩා ලංකාව, අම්මා, ආච්චි අම්මලා සියලු දෙනාම මතක් වෙන්නේ.


යන්තම් ඔලුව උස්ස ගන්න පුළුවන් උන ගමන් මට මතක් උණේ පුංචි කාලේ මේ වගේ අමාරුවක් හැදුනාම අම්ම හෝ ආච්චී අම්මා හද දෙන උණු උණු බතුත් සමග කිරිහොදි සහ ළුණු සම්බෝලය. මතක් වෙන කොටත් කටට කෙල ඉනෙන මේ ආහාර වේලට තියෙන ආශාව නිසා ගෙදර එක අයෙක් ලෙඩ වූ විට අනිත් අය බොරු ලෙඩ ගත් හැටි මතක් වෙනකොට දැනුත් මුනට නැගෙන්නේ සිනාවක්.


 ලංකාවේදී වගේ අසනීප උණු වෙලාවට ඔය වගේ දෙයක් හදා දෙන්න කෙනෙක් නැති නිසා අමාරුවෙන් හරි මේ ආහාරයමමම පිළියෙළ කරගෙන, අතීතයේ රස විදි හැටි මනසින් සිහිපත් කරමින් රස බලද්දී තමා මට මතක් වුනේ මේ ආහාරයේ ඇති ඖෂධිය ගුණ. පාසලේදී විද්යා විෂයන් හදාරා නැති අත්තම්මලා නිවසේ ඕනෑම කෙනෙකුට හැදෙන ඕනෑම කුඩා අසනීපයකට රසවත් ආහාරයකින් ප්රතිකාර කල හැටි කොතරම් අපුරුද?



උම්බලකඩ ස්වල්පයක් හා හොදින් දෙහි ඇඹුල් දමා රස කරන ලුණු සම්බෝලය දින කීපයක් අහාර නොගත් කෙනෙකුගේ දිවේ ඇති කාරම් ඉවත් කර රස නහර නැවත අවදි කරනවා පමණක්ම නොවෙයි.,ලුණු ගෙඩියේ ඇති බැක්ටීරියා සහ වයිරස නැසීමේ ගුනයත්, දෙහි යුෂ සහ මිරිස් කරලේ ඇති විටමින් සි බහුලතාවය සහ එහි ඇති ඛේට ග්රන්ථි උත්තේජනය කිරීමේ හැකියාවත් එනිසාම සෙම්ප්රතිශ්යා අපහසුව සෙම් ගෙඩි ආසාධන සුව කිරීමේ හැකියාවත් අත්තම්ම නොදැන සිට්යා යයි කියන්නට හැක්කේ කා හටද?



වැඩිපුර ලිපේ තිබෙන්නට ඉඩ නොහැර බාගෙට අමුවෙන් මෙන් බා ගන්නා උළුහාල්, කරපිංචා වැඩිවෙන්න දැමු කිරි හොද්ද විෂ නසන අගනා ඖෂදයක්., මේ මගින් අහාර මාර්ගයේ ඇති ආම්ලික තාවය අඩු කර, සිරුරට සිසිල් තාවයක් ඇති කරනවා පමණක් නොවෙයි එයින් මල බද්දයත් නැති කරනවා. උළුහාල් සහ කරපිංචා බැක්ටීරියා, වයිරස වලට සටන් කිරීමේ හැකියාව ශරීරයට ලබා දෙනවා. බෙරි වන්නට උයා ගත් උණු බත අඩුවෙන් විකිමටත් , පහසුවෙන් ගිලිමටත්, එමගින් ජීරණය කිරීමේ පහසුවත්, ආසාධනයට ඔරොත්තු දීමට ශරීරයට අවශ් ශක්තියත් ලබා දෙනවා.


හදිසියේ මතක් වූ මේ දිව්යමය ඔසු ආහාරයත් සමගම හා සමාන අත්තම්මගේ 'රස ඔසු' බොහොමයක් මගේ හිතට ආවා , නැවත ලිපියකින් ගැන කතා කරන තුරු, ඔබ සැමට ආයු බෝ වේවා.

රේණුකා විමලරත්න: ලන්ඩනයේ සිට
චායාරූප අන්තර්ජාලයෙන් (නම නොදන්නා ශිල්පීන්ට සියලුම 





11 comments:

  1. හරිම සතුටුයි ඔබේ අනර්ඝ ලිපි මෙලෙස බ්ලොග් එකක පළකිරීම. කාටත් වටිනා, අගනා දැනුම් රැසක් ලබාගත හැකිවේවි

    ReplyDelete
  2. හැමදාමත් ලඟින් හිඳ මා දිරිමත් කල ඔබට බොහෝ ස්තූතියි

    ReplyDelete
  3. ඔබ පටන්ගත්ත ගමන හරිම අපුරුයී. ජයමවේවා.

    ReplyDelete
  4. වැදගත් ලිපියක් අපේ අයට වැරදුන තැන මතක් කරගන්න හොදයි. බටහිර ඖෂධ සමාගම් හිතාමතාම මෙවන් වටිනාදේ අපේ සමාජයෙන් ඉවත්කර පෙත්තප්පුලා පිරිසක් බිහිකලා උඩුගම් බලා පිනීමට වෙරදරන ඔබවන් අයට අපේ ආචාරය, ජයවේවා! `

    ReplyDelete
  5. නිරෝගී අනාගත පරපුරක් බිහිකරන්නට මේ ලිපිපෙල ප්‍රයෝජනවත් වේවි.ජයම වේවා.

    ReplyDelete
  6. දිගු ගමනක් යෑමට තැබූ පළමු පියවර ගැන බොහොම සතුටුයි. ඔබට ජය !

    ReplyDelete
  7. ආත්තම්මාගේ අත් බෙහෙත් සහ අපේ දේශීය ආහර පාන නවීන විද්‍යාව හා සසදා බලන පර්යේෂණාත්මක ලිපි පෙළ ඉදිරිපත් කිරීමට ඔබ ගන්නා උත්සාහය ප්‍රසංශනීයයි. අගයකළ යුතුයි.
    ඔබගේ කාලය, මහන්සිය, ධනය පවා වැය කරමින් ඔබෙන් බිහිවන නිර්මාණ කිසිදු ලැජ්ජාවක් නැතිව කොපි කරනා හිස් මිනිසුන්ට මෙම වෙබ් අඩවිය හොද අතුල් පහරකි. දිගු ගමනක් යන්නට ශක්තිය සහ ධෛය්‍යය ලැබේවා!
    නිරතුරු අප ඔබ සමගයි. ජය.

    ReplyDelete
  8. සතුටුයි, ඔබට ජයම වේවා !

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. උඩුගම් බලා පිහිනිම අසිරැයි..ඒත් එය විශිෂ්ටයි..මන්ද එය හැමෝටම කල නොහැකියි..ඔබේ ක්‍රියාව විශිෂ්ටයි.

    ReplyDelete
  11. නියමයි. කිරි හොද්ද වැඩිපුර ලිපේ නොතියා බාගන්නේ ගොඩාක් වෙලා පොල් කිරි ලිපේ තබා හැඳි ගෑමන් එහි පොල් තෙල් සෑදීම නිසයි. එවිට කිරිහොද්දේ සීතල ගතිය නැතිවී යයි. හොඳටම පැහුනු පොල් නොගෙන මදක් පැහුනු පොල් ගන්නේනම් ටිකක් ලිපේ තැබුවාට එතරම් වරදක් නැත.

    ස්තූතියි ලිපියට...++++++++

    ReplyDelete